Army Of Thieves
හැමෝම ආමි ඔෆ් ද ඩෙඩ් එක බැලුවනේ... මේ ආමි ඔෆ් ද ඩෙඩ් ආරම්භය එක්ක සැක් සහ නෙට්ෆ්ලික්ස් එක එකතු වෙලා අලුත් සිනෙමැටික් යුනිවර්ස් එකක් හදනවා කියලත් ඔයාලා දන්නවනේ මේ වෙනකොට... ඒ යුනිවර්ස් එකේ ෆිල්ම් එකක් ඇනිමේටඩ් සීරීස් එකක් සහ එනවා කියලා දැනටම ඔයාලා අපි හැමෝම දන්නවනේ... ඔන්න ඊයෙ (25) ඒ එන ෆිල්ම් එකේ ඔෆීශියල් ටීසර් ට්‍රේලර් එක ආවා... මේ ඒ ෆිලුම ගැන ටිකක් කතා කරන්න යන්නේ...
මේකෙ නම ආමි ඔෆ් තීව්ස්... එන දවසක් නම් තාම නෑ, හැබැයි මේ අවුරුද්දෙම එයි නත්තල් වලට කලින්... මේකෙ ඇවිල්ලා අපි බලපු ආමි ඔෆ් ද ඩෙඩ් එකට අවුරුදු 6කට කලින් සිදුවීම් තියෙන්නෙ... මේකෙ ආතල්ම කතාව ඒක නෙවෙයි, මේකෙ ප්‍රධාන චරිතෙ වෙන ලුඩ්විග් ඩීටර් නලුවා ඉන්නේ... නම මතියාස් ශ්වැගූෆර් (Matthias Schweighöfer - ජර්මන් නමක්, මතායස් කියලත් කියනවා සාමාන්යෙන්) මම මතියාස් කියලා කියන්නම් ඉස්සරහට... මේ ප්‍රධාන නළු මතියාස් තමයි මේ ආමි ඔෆ් තීවස් ෆිලුමෙ අධ්‍යක්ශක... පට්ට නෙහ්?
තාම අවුරුදු 40යි... පෙනුමත් පොඩි එකෙක් වගේ... හැබැයි සැකාලා එක්ක එහෙම වැඩ කරන්නෙ... ඒ කියන්නෙ මේකෙ චරිත සැකාගෙ, කතාව ලියන්නෙ සැකා තව කෙනෙක් එක්ක, නම ශේ හැට්න්. ෆිලුම නිශ්පාදනය කරන්නෙ සැක් සහ වයිෆ් ඩෙබෝරා ස්නයිඩර් සහ තව කීප දෙනෙක් එක්ක... ශේ හැට්න් කියන්නෙත් මරු වැඩ්ඩෙක්. අවුරුදු 27යි, ජෝන් වික් 3 සහ ආමි ඔෆ් ද ඩෙඩ් එකෙත් ස්ක්‍රිප්ට් ලියන්ඩ ශේ දායක වෙලා තියෙනවා...
අපි හොඳටම දන්න කෙනෙකුත් ඉන්නවා මේකේ කාස්ට් එකේ, නතාලි එමානුවෙල් ඊට අමතරව අපේ මාතියාස් එක්ක Guz Khan, Ruby O. Fee, Stuart Martin, Jonathan Cohen, Noemie Nakai සහ Peter Simonischek යන අය ඉන්නේ...
මේකේ මියුසික් කර්න්නෙත් සුපිරිම ඩෑල් එකක්... ස්නයිඩර් කට් එකේ මියුසික් කරපු ජන්කි XL මතකනෙ...
මේකේ පෝස්ටර් තුනක් සහ තව ෆොටෝස් 4ක් සැක් එලියට දාලා තිබුනා මේ තියෙන්නෙ ඒවා...
![]() |
| (Image -Zack Snyder Twitter) |
![]() |
| (Image -Zack Snyder Twitter) |
![]() |
| (Image -Zack Snyder Twitter) |
![]() |
| (Image -Zack Snyder Twitter) |
![]() |
| (Image -Zack Snyder Twitter) |
ඉතින් මෙච්චර කාලෙකට සැක් අත ගහපු වැඩක් අව්ල් වෙලා නෑ... බලමු මේ සුපිරිය ආවම කොහොමද බඩු කියලා... පහලින් තියෙනවා ආපු ටීසර් ට්‍රේලර් එක... ට්‍රේලර් එකේ දැක්ක දේවල් ගැන වෙනම බ්‍රේක්ඩවුන් එකක් මං අරන් එන්නම් ඉක්මනින්ම...
(Source - Wikipedia සහ Zack Snyder Twitter)











