කවදාවත් ප්‍රසිද්දිය අඩු වෙන්නෙ නැති මාතෘකාවක්නෙ හැරී පොටර් කියන්නෙ. ඉතින් මම මේ ලිපියෙන් මම කියන්න යන්නෙ හැරී පොටර් හැමතිස්සෙම Voldemort ගෙන් බේරුනේ කොහොමද කියන එක ගැන. ඒක ගැන කතා කරන්න නම් මුලින්ම අපිට යන්න වෙනවා ලිලී සහ ජේම්ස් මැරුනු දවසට.
![]() |
Lily's Death |
ඉතින් ඊට අවුරුදු 10 කට පස්සෙ තමයි හැරීට තමන්ගෙ පළවෙනි Hogwarts year එකේ Prof.Quirrel හරහා Voldemort ව ආපහු මුණ ගැහෙන්නෙ. එතනදි හැරීගෙ ඇගට අත තියපු Prof. Quirrel ට හොදටම හානිවෙනවා. එහෙම වෙන්නෙ ලිලී හැරීට දුන්නු Love Protection එක නිසා. එතනින් හැරී ඒ විදියට බේරෙනවා.
![]() |
Prof. Quirrel |
ඒත් හැරීගෙ දෙවෙනි අවුරුද්දෙ Chamber එක ඇතුලෙදි නම් වෙන්නෙ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. Voldemort තමන්ගෙ ආත්මය හැංගුව තවත් දෙයක් තමා Tom Riddle ගේ දිනපොත. ඒ දිනපොතේ තිබ්බ Voldemort ගෙ ආත්මය තමයි හැරීට Chamber එක ඇතුලෙදි හම්බෙන්නෙ. ජිනී හිටියෙ මැරෙනගමන්. ඒකෙන් Voldemort ශක්තිමත් වෙන ගමන් හිටියේ. ඒත් හැරී බැසිලිස්ක් දළෙන් ඇනලා දිනපොත විනාශ කල නිසා හැරීට ඒ වෙලාවෙ බේරෙන්න පුලුවන් උනා.
![]() |
Tom Riddle Diary |
ඊළගට හැරීට Voldemort හම්බෙන්නෙ එයාගෙ 4 වෙනි අවුරුද්දෙ. Triwizard Tournement එකට හැරීව illegal විදියට තේරීමත්, හැරීව Tom Riddle ගෙ සොහොන ගාවට ගෙන්නගන්න එකත් Voldemort ගෙ ප්ලෑන් එකක් උනා. ඉතින් එතනදි Voldemort හැරීගෙ ලේ භාවිතා කරගෙන ආයෙත් බොඩි එක හදාගන්නවා. හැරීගෙ ලේ ගත්ත නිසා එයාට හැරීව ස්පර්ශ කරන්න පුලුවන් වෙනවා. ඊට පස්සෙ ඒ දෙන්නගෙ Dual එකක් යනවා. එතනදි Voldemort ගෙ යශ්ටියයි හැරීගෙ යශ්ටියයි සහෝදර යශ්ටි නිසා Voldemort ගහපු Killing Curse එක තමන්ගෙ සහෝදර යශ්ටියට යවන්න යශ්ටිය විරුද්ද උනා. ඒතකොට යශ්ටි දෙක Priori Incatatem වෙලා Voldemort ගෙ යශ්ටියෙම මරපු අයගෙ ආත්ම එතන මතුවුනා. ජේම්ස්ගෙයි ලිලීගෙයි ආත්මයනුත් එතනට ආවා. එයාල තත්පර කිහිපයකට Voldemort ව Block කරල හැරීට පැනල යන්න කාලය අරන් දුන්නා. එතනදිත් හැරී බේරුනා.
![]() |
Triwizard Tournement |
ආයෙත් හැරීට Voldemort ව හම්බෙන්නෙ එයාගෙ පස් වෙනි අවුරුද්දෙ Ministry of Magic එකේදි. එතනදි නම් හැරීව බේරගන්න ඩම්බල්ඩෝර් එතනට එනවා. Voldemort හැරීගෙ හිතට ඇතුල් වෙන්න බැලුවත් හිත වහගන්න හැරීට පුලුවන් වෙනවා. ඒත් හය වෙනි අවුරුද්දෙ Voldemort වෙනම ප්ලෑන් එකකට ගිහින් Dumbledore ව මරන්න ප්ලෑන් කරනවා. Snape Dumbledore ව මැරුවට පස්සෙ තමයි හැරීට තදටම දැනෙන්න ගන්නෙ Voldemort ව මේ ලෝකෙන් අයින් කරල දාන්න ඕනෙ කියන එක.
![]() |
Death of Dumbledore |
ඊටපස්සෙ හැරීව Privet Drive වලින් ගෙනියන අතරතුරදි තමයි Voldemort ව ආයෙත් මූනට මූන හම්බෙන්නෙ. ඒතනදි Wand සම්බන්ද ප්‍රශ්නයක් නිසා Voldemort පාවිච්චි කරපු Lucius Malfoy ගෙ Wand එක කැඩිලා Voldemort පරාද වෙනවා. එතනදිත් හැරී බේරෙනවා.
දැන් තමයි මේ ලිපිය ලියන්නම හේතු වෙච්ච වැදගත්ම කොටසට අපි යන්නේ. ඒ හැරී කොහොමද Forbidden Forest එකේදි බේරුනේ කියන එක. මේක ගැන ගොඩක් අය කියන දෙයක් තමයි හැරී Master of Death වීම කියන එක. ඒත් ඒක තාම JK Rowling අනුමත් නොකරපු ෆෑන් තියරියක් විතරයි. මොකද එයා එතනට යන්නෙ Ressurection Srone එක අතඇරලා. ඒ වගේම තවත් ෆෑන් තියරියක් තමා Voldemort, Snape, Harry, Dumbledore කියන අය සහෝදරයො තුන් දෙනාගෙ කතාවෙ චරිත වලට සමානයි කියන එක. Voldemort Anitoch ටත් Snape Cadmius ටත් Harry Ignotus ටත් සමානයි කියන එක. එතකොට මරණය වෙන්නෙ Dumbledore. ඒකත් ෆෑන් තියරියක් විතරයි. ඒත් ඇත්තටම මෙතනදි මොකද උනේ?
![]() |
Forbidden Forest |
හැරීගෙ අම්ම ලිලී මැරෙද්දි හැරීට Love Protection එකක් ලැබුනනේ. ඉතින් ඒක තියෙන්නෙ හැරීගෙ ලේ වලටම කා වැදිල. ඒක තවත් ශක්තිමත් වෙන්න තමයි Dumbledore හැරීව පෙටූනියා ගාව අවුරුදු 17 වෙනකන් තියල තිබ්බෙ. පෙටූනියාට ලිලීගෙ ලේ තියෙන නිසා හැරීගෙ Protection එක තවත් ශක්තිමත් උනා. මේක අවුරුදු 17 දි නැති වෙන්න තිබ්බත් Tom Riddle ගෙ සොහොන ලග වෙච්ච සිද්දිය නිසා ඒ කියන්නෙ Voldemort හැරීගෙ ලේ ගත්ත නිසා හැරීගෙ ලේ වල තිබුනු ඒ ආරක්ෂාව Voldemort ලේ වලටත් ආවා. ඒකෙන් Voldemort හැරීව ස්පර්ශ කරන්න පුලුවන් උනත් නොදැනුවත්වම උනේ හැරීගෙ ආරක්ෂාව ශක්තිමත් වෙන එක. ඒ වගේ ආරක්ශාවක් වෙන කෙනෙක් ට ගියාව ඒ කෙනා මැරෙනකන් ඒ ආරක්ශාව තියෙනවා. ඒ කියන්නෙ Voldemort මැරෙනකන් හැරීට ඒ ආරක්ශාව නැති වෙන්නෙ නෑ. ඉතින් මේ නිසා කිලින් කර්ස් එක හැරීට වැදුනු ගමන් හැරී මැරුනේ නෑ එයා ගියා මරණයත් ජීවිතයත් අතර තියෙන Limbo එකට. ඒක තියෙන්නෙ ඔලුව ඇතුලේ. ඒක තැනක් නෙවෙ ඔලුව ඇතුලේ සිද්දවෙන දෙයක්. තව දෙයක් තමයි Limbo එකේ තියෙන තැන Kingscross වෙන එක. ඒක එහෙම වෙන්නෙ හැරී කාලයක් මගල් ජීවිතයක් ගත කරල මායාකාරි ජීවිතයට ඇතුලු වෙච්ච තැන එතන නිසා. ඒකත් හරියට දේවල් දෙකක් අතර තැනක්. ජීවිතයත් මරණයත් අතර වගේ.
![]() |
Limbo in Harry Potter |
(Limbo එක ගැන කතා කරද්දි නම් මෙහෙමයි මේක Inception කතාවෙ එන Limbo එකත් එක්ක නම් පටලවගන්න එපා🙏 ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් තියරි දෙකක්.✌)
![]() |
Limbo in Inception |
ඉතින් මේ Limbo එක ඇතුලෙදි Dumbledore ව හැරීට මුණගැහෙනවා. හැරී ඩම්බල්ඩෝර් එක්ක කතා කරල සේරම ප්‍රශ්න නිරාකරණය කරගන්නවා. මේ Limbo එකේදි හැරීට තෝරාගැනීමක් තිබුනා. ජීවිතයද මරණයද කියලා. තමන්ගෙ අම්ම ජීවිතයම කැප කරල දුන්නු ආරක්ෂාව නිසාත් Voldemort තවමත් ජීවතුන් අතර නිසාත් හැරී ජීවිතය තෝරගන්නවා.
ඉතින් ඔන්න ඔය විදියට තමයි හැරී හැමවෙලාවේම බේරුනේ. ගොඩක් වෙලාවලදි උදව් එහෙමත් හම්බුනා.
👏
ReplyDelete