හොලිවුඩයේ අළුත්ම විස්තර


Breaking Bad නිර්මාණය කරපු Vince Gilligan Sony TV සමඟ අවුරුදු 4 ක ගිවිසුමක් අත්සන් කරයි

Vince Gilligan

Studio එකක් එක්ක TV Show නිර්මාණකරුවෙක් ඇතිකරගෙන තියෙන වැඩිම කාලයක ongoing පාට්නර්ශිප් එක Sony Pictures Television සහ Vince Gilligan අතර ඇති කරගෙන තියෙනවා. ඒ අවුරුදු 4 ක ගිවිසුමක්. Vince Gilligan තමයි Breaking Bad යුනිවර්ස් එක නිර්මාණය කරලා තියෙන්නේ. Emmy සම්මාන ලබාගත්තු Breaking Bad ,ඒකේ prequel එක වෙන Better Call Saul සහ sequel එකක් වෙන El Camino:A Breaking Bad Movie Vince Gilligan ගේ Breaking Bad යුනිවර්ස් එකට අයිති වෙනවා. Vince Gilligan මේ ගැන කියලා තියෙන්නේ එයාට Sony TV සමඟ වැඩ කරන්න ලැබීම ඉතා සතුටක් සහ පහසුවක් කියලා. ඒ අනුව අපිට ඉස්සරහට Vince Gilligan ගෙන් Sony Tv හරහා Breaking Bad වගේ තවත් හොඳ ප්‍රොජෙක්ට්ස් බලාගන්න පුළුවන් වේවි.

(Source - Deadline)

Peacemaker සීරීස් එකේ රූගතකිරීම් අවසන්


John Cena as Peacemaker

James Gunn ගේ Suicide Squad ෆිල්ම් එකේ spin off සීරීස් එකක් වෙන John Cena ගේ කැරැක්ටර් එක වෙන Peacemaker සීරීස් එකේ රූගත කිරීම් අවසන් කරලා තියෙනවා. ශූටින් වලට දවස් 131 ක් ගිහින් තියෙනවා. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නෙත් James Gunn මයි. එයා මේ ගැන කියලා තියෙන ට්විටර් පණිවිඩයට අනුව James Gunn Peacemaker සීරීස් එකක් හදන්න HBO Max එකට යෝජනා කරලා තියෙන්නේ මාස 11 ක ට කලින්. ඒ වගේම මේ සීරිස් එකේ එපිසෝඩ් 8 ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි සීසන් එකේ. ඒ වගේම James Gunn ශූටින් වලට එකතු වුණ කාස්ට් එකට සහ කෲ එකට ස්තූති කරලත් තියෙනවා. ඒ ට්වීට් එක පහළින් බලාගන්න පුළුවන්.


Andy Serkis What If? තුළින් නැවතත් MCU එකට

Andy Serkis as Ulysses Klaue


MCU එකේ ඇනිමේටඩ් ඇන්තොලොජි සීරිස් එකක් වෙන What If තුළින් Andy Serkis ගේ චරිතය වෙන Ulysses Klaue නැවතත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම Ulysses Klaue හඬකවන්නේ Andy Serkis මයි. What If? කියන්නේ MCU වල විශේෂ අවස්ථා වෙනත් විදිහට සිදුවුණොත් MCU එක කොහොම වෙයි ද කියලා පෙන්නන ඇන්තොලොජි ඇනිමේටඩ් සීරීස් එකක්. මේක තමයි Chadwick Boseman(Black Panther) එයාගේ ජීවිතයේ අවසන් වරට දායකත්වය දුන්නු ප්‍රොජෙක්ට් එක. ඊට අමතරව Chris Hemsworth,Karen Gillian,Michale Jordan,Samuel L Jackson සහ Tom Hiddleston වගේ විශාල MCU කාස්ට් එකක් මේකට සම්බන්ධ වෙනවා. Andy Serkis ගේ Ulysses Klaue කියන්නේ Avengers:Age of Ultron හරහා MCU එකට ආපු minor villain කෙනෙක්. මේ ගැන සඳහන් කරලා Ander Serkis දාලා තිබ්බ Instagram පෝස්ට් එක පහළින් තියෙනවා.


Netflix එකට නිෂ්පාදනය වෙන අළුත්ම ත්‍රිලර් ෆිල්ම් එක Windfall

Jason Segal,Lily Collins and Jesse Plemons


Netflix ආයතනය විසින් Charlie McDowell ඩිරෙක්ට් කරන Jason Segal,Lily Collins සහ Jesse Plemons කාස්ට් කරන Windfall ෆිල්ම් එක මිලදී අරන් තියෙනවා. මේක ත්‍රිලර් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක වැකේෂන් එකකට ගිහින් ආයේ ගෙදර එන තරුණ කපල් එකක් එයාලගේ ගෙදර හොරකමක් සිදුවෙලා කියලා දැනගත්තට පස්සේ වෙන සිදුවීම් මාලාවක් ඇසුරින් නිෂ්පාදනය කරලා තියෙනවා.

(Source - Deadline)

Jupiter's Legacy නිර්මාණය කරපු Mark Miller ගේ ඊළඟ සීරීස් එක King of Spies

King of Spies


Netflix ආයතනය සමඟ Jupiter's Legacy නිර්මාණය කරපු Mark Miller එයාගේ ඊළඟ සීරිස් එක වෙන King of Spies සීරීස් එකත් Netflix සමඟ නිර්මාණය කරන්න පටන් අරන් තියෙනවා. King of Spies සීරීස් එකත් ඒකේ Graphic Novel එක බේස් කරගෙන නිර්මාණය වෙන සීරිස් එකක්. මේ කතාව බ්‍රිතාන්‍යයේ රිටයර්ඩ් සීක්‍රට් ඒජන්ට් කෙනෙක් වෙන Sir Roland King වටා ගෙතෙනවා. Sir Roland King බ්‍රිතාන්‍යයේ හොඳම සීක්‍රට් ඒජන්ට් විදිහට තමයි කතාවේ සඳහන් වෙන්නේ. රිටයර්ඩ් වුණාට පස්සේ ඇතිවුණ Brain Tumor එක නිසා එයා දැන ගන්නවා එයාට තව ජීවත් වෙන්නේ තියෙන්නේ මාස 6 ක් විතරයි. කතාව යන්නේ එයාගේ රාජකාරි කාලයේ එයා සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදිහට රට වෙනුවෙන් කරපු අසාධාරණ වැඩ නැවත හරි ගස්සන එක ගැනයි.

(Source - Deadline)








Post a Comment (0)
Previous Post Next Post