ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.) මෙවර Venice Film Festival එක සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) Venice Film Festival එකේ ඊයේ දවස ඇතුළත වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.
![]() |
| Official Poster for the 78 th VFF |
දවස් 11 ක් පුරාවට පැවති 78 වෙනි Venice Film Festival එක ඊයේ තිබ්බ Venice Competition එකත් එක්ක ඉවරවුණා. මේ දවස් 11 ඇතුළත ප්‍රීමියර් කරපු ෆිල්ම්ස් 92 අතරින් විවිධ කැටගරීස් යටතේ සම්මාන ලබාදීම මේ Competition එකේදී සිදුකරනවා. කම්පෙටිෂන් එකේ winners ලා තෝරන Jury Board එකට Parasite ඩිරෙක්ට් කරපු Bong Joon Ho සහ Nomadland සහ ඉස්සරහට එන Eternals ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Chloe Zhao එකතු වෙලා හිටියා.
![]() |
| Jury Board for the 78 th Venice Film Festival's Competition |
![]() |
| Happening winning the Golden Lion |
මෙවර පැවති Venice Competetion එකේ හොඳම ෆිල්ම් එක වෙනුවෙන් පිරිනමන Golden Lion සම්මානය හම්බවුණේ French ෆිල්ම් එකක් වෙන Audrey Diwan විසින් ඩිරෙක්ට් කරපු Happening ෆිල්ම් එකටයි. ඇක්සිඩන්ට්ලි ප්‍රෙග්නන්ට් වෙන තරුණියක් සමාජයේ මුහුණ දෙන ගැටළු විශේෂයෙන් එයාව slut කෙනෙක් විදිහට සලකන සහ රිලෙටිව්ස් ලා දොස් කියන විදිහ සහ abortion(ගබ්සා) ගැන ඉතා සංවේදීව සහ ගැඹුරුව කතා කරනවා.
![]() |
| Happening |
ඔය උඩ තියෙන්නේ Happening ෆිල්ම් එකේ still එකක්. හරිම පවර්ෆුල් මීනින් එකක් සහ මාර විදිහට හිතට වදින ෆීලින් එකක් තමයි ඔය still එක දකිනකොට එන්නේ. සමාජයට එකතු වෙන්න ට්‍රයි කරත් සමාජය තමාව නොසලකා හරින විදිහ තමා still එකෙන් පෙන්නන්නේ. බැක්ග්‍රවුන්ඩ් එකේ කට්ටිය හිනාවෙලා ඩාන්ස් කරද්දි තනියම sad smiling ෆේස් එකක් එක්ක හුදකලාව දරුණුවටම පෙන්වන එක්ස්ප්රෙෂන්ස් එක්ක ඉන්න චරිතයක් විදිහට තමා අපිට පේන්නේ. ෆිල්ම් එකේ කන්සෙප්ට් එකත් එක්ක අපි ඔයාලා වයසේ ඉන්න හැම කෙනෙක්ම බලන්න ඕන ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. විශේෂයෙන් ගෑනු ළමයි එහෙම. 2019 VFF එක දිනපු ෆිල්ම් එක වෙන Joker ඔස්කාර් වල සම්මාන දෙකක් ගත්තා. 2020 VFF එක දිනපු Nomadland හොඳම ෆිල්ම් එක වෙනුවෙන් ඔස්කාර් ගත්තා. ඉතින් බොහෝදුරට ලබන අවුරුද්දේ තියෙන ඔස්කාර් එකේ සම්මානයක් හෝ කිහිපයල් ගන්න අනිවාර්යෙන් මේ ෆිල්ම් එකට පුළුවන් වෙයි.
![]() |
| Penelope Cruz winning the best actress |
ඒ වගේම මෙවර වැනීස් කම්පෙටිෂන් එකේ හොඳම නිළිය සඳහා වෙන සම්මානය Parallel Mothers වෙනුවෙන් Penelope Cruz ලබාගත් අතර හොඳම ඩිරෙක්ටර් සඳහා වන සම්මානය The Power of the Dog වෙනුවෙන් Jane Campion දිනාගනු ලැබුවා. කම්පෙටිෂන් එකේ විනර්ස් ලගේ සම්පූර්ණ ලිස්ට් එක පහළින් බලාගන්න පුළුවන්.
COMPETITION
Golden Lion for Best Film: “Happening,” Audrey Diwan
Grand Jury Prize: “The Hand of God,” Paolo Sorrentino
Best Director: “The Power of the Dog,” Jane Campion
Best Actress: “Parallel Mothers,” Penélope Cruz
Best Actor: “On the Job: The Missing 8,” John Arcilla
Best Screenplay: “The Lost Daughter,” Maggie Gyllenhaal
Special Jury Prize: “Il Buco,” Michelangelo Frammartino
Marcello Mastroianni Award for Best Young Actor: “The Hand of God,” Filippo Scotti
ORIZZONTI AWARDS
Best Film: “Pilgrims,” Laurynas Bareisa
Best Director: “Full Time,” Eric Gravel
Special Jury Prize: “El Gran Movimiento,” Kiro Russo
Best Actress: “Full Time,” Laure Calamy
Best Actor: “White Building,” Piseth Chhun
Best Screenplay: “107 Mothers,” Ivan Ostrochovský, Peter Kerekes
Best Short Film: “Los Huesos,” Cristóbal León, Joaquín Cociña
LUIGI DE LAURENTIIS AWARD
Best First Feature: “Imaculat,” Monica Stan, George Chiper-Lillemark
VENICE VR EXPANDED AWARDS
Grand Jury Prize for Best VR Work: “Goliath: Playing With Reality,” Barry Gene Murphy, May Abdalla
Best VR Experience: “Le Bal de Paris de Blanca Li,” Blanca Li
Best VR Story: “End of Night,” David Adler
ORIZZONTI EXTRA
Armani Beauty Audience Award: “The Blind Man Who Did Not Want to See Titanic,” Teemu Nikki
![]() |
( Source - La Biennale di Venezia )







දවස් 11ම විස්තර ටික කියෙව්වා... ගොඩක් දේවල් දැනගත්තා... ගැම්මක් තමයි ටිම්කිරි කොම්ලෝ 🙊❤🔥
ReplyDelete