ලෙයින් උපන් කානේජ් | Carnages' Comic Background

 Marvel: Infinity #01

ලෝකෙ දරුණුම මිනීමරුවෙකුට ලේ පිපාසාවෙන් ඉන්න සිම්බියෝට් කෙනෙක්ගෙ බලය හම්බුනොත් මොනවා වෙයිද?

සාදරෙන් පිළිගන්නව හැමෝම මේ තමයි පේජ් එකේ වැටෙන පලවෙනි Marvel: Infinity ලිපිය. මේ දවස්වල හැමෝම කතාබහවෙන චරිතයක් ගැන තමයි අද ලිපිය අරන් ආවෙ. ඒ තමයි මාවල් කොමික් වල ඉන්න දරුණුම චරිතයක් වෙන Carnage ගැන. 

කානේජ් ගැන බලන්න කලින් අපිට ක්ලීටස් කැසිඩි ගැන බලන්න වෙනවා මොකද කානේජ්හෙ ඔරිජින් එක එක්ක සෑහෙන ලොකු සම්බන්දයක් තියෙන කෙනෙක් ක්ලීටස් කියන්නෙ. 

ක්ලීටස්ගෙ පරම්පරාව ක්‍රි.ව.1400 මුල් කාලෙ දක්වාම දිව යනවා. මේ කියන්නෙ ස්වදේශිකයො සහ ඇමරිකානුවො අතර සටන් ගියපු කාලෙ. මේ කාලෙදි  කෝට්ලන්ඩ් කැසිඩි සහ මොලී රේවන්ක්‍රොෆ්ට් කියල ජෝඩුවක් ජීවත් වෙනවා.


දවසක් මේ මොලීව Symbiote God Kunll ව අදහන Cult එක්කින් පැහැරගන්නව. මේ අයට මිනිස්සු කියන්නෙ The Others කියල. මේ අයගෙ දරුණු බව නිසාම කවුරුත් මොලීව බේරගන්න එන්න කැමතිවෙන්නෙ නැති නිසා. ඉතින් කෝට්ලන්ඩ් තනියම යනවා මොලීව බෙරගන්න. මොලීව බේරගත්තත් කෝට්ලන්ඩ් ආපහු එලියට එන්නෙ Living Abyss එකට අහුවෙලා. (ඒ කිව්වෙ සිම්බියෝට් ල). ආපහු ගමට එන කෝට්ලන්ඩ් එන්නෙ එකම දේ ආයෙ ආයෙ කිය කිය. ”God Is Coming.” මේක කිය කිය කෝට්ලන්ඩ් එයා දකින දකින මිනිහට වෙඩි තියල මරන්න ගන්නව. ඒ දවසෙදි කෝට්ලන්ඩ් අතින් මිනිස්සු 8 මැරෙනවා. ඒ වගේම ලෝකෙ පලවෙනි Mass Murderer වෙන්නෙත් කෝට්ලන්ඩ්. ඉතින් කෝට්ලන්ඩ්ගෙ වැඩ නිසා කෝට්ලන්ඩ්ව කුටියක් හදල  ගමෙන් ඈත තැනක හිරකරනවා.

ඔහොම කාලයක් යද්දි ආපහු මොලී අතුරුදන් වෙනවා. මොලීව හොයන් යන මිනිස්සු දකින්නෙ කෝට්ලන්ඩ්ව හිරකරල තිබ්බ කුටිය ඇතුලෙ මරල දාල තිබ්බ මොලීව. ඒ වගේම කෝට්ලන්ඩ් එතනින් පැනල ගිහිල්ල කියලත්. පස්සෙ කාලෙක ජොනාස් රේවන්ක්‍රොෆ්ට් කියන කෙනා මෙතන Ravencroft Institute එක නිර්මාණය කරනවා. 

ඉතින් මේ පැනල ගියපු කෝට්ලන්ඩ්ගෙ පරම්පරාවෙ කෙනෙක් තමා ක්ලීටස් කැසිඩි කියන්නෙ. ක්ලීටස් ඉපදෙන්නෙ Ravencroft එකේදි. ක්ලීටස් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම දරුණු චරිතයක්. මෙයාගෙ පලවෙනි බිල්ල වෙන්නෙ ගෙදර බල්ලා.

 


ඊටපස්සෙ ආච්චිව මරනව පඩිපෙළෙන් තල්ලු කරලා. ඊටපස්සෙ ක්ලීටස්ගෙ තාත්ත වැරදීමකින් එයාගෙ අම්මව මරනවා. උසාවියෙදි ක්ලිටස් එයාගෙ තාත්තට විරුද්ධව සාක්කි දෙනවා. මේකෙන් ක්ලීටස් අනාථයෙන් වෙන නිසා ක්ලීටස්ව St. Estes Home For Boys එකට යවනවා.  මේක ඇතුලෙදිත් ක්ලීටස්ව Bullied වෙනව. මේ කාලෙදි ක්ලීටස්ට කෙල්ලෙක් ගැන ක්‍රෂ් එකක් ඇතිවෙනවා. මේ කෙල්ල ක්ලීටස්ව ප්‍රතික්ෂේප කරන නිසා ක්ලීටස් ඒ කෙල්ලව ධාවනය වෙන බස් එකක් ඉස්සරහට තල්ලු කරනවා. ඊට පස්සෙ St. Estes Home For Boys එකට ගිණි තියල එයාට කරදර කරපු අය ඔක්කොම මරනවා. 

වැඩිහිටියෙක් උනාට පස්සෙ ක්ලීටස් Serial Killer කෙනෙක් වෙනවා. මේ නිසා ක්ලීටස්ව Ryker”s Island එකේ හිරකරනවා. මේකෙ කාලයක් ඉන්නකොට ක්ලීටස්ට අළුත් Cell Mate කෙනෙක් හම්බවෙනවා. ඒ තමා එඩී බ්‍රොක්. හැබැයි එඩී ක්ලීටස්ට එච්චර කැමති නෑ. මේ නිසා එඩී සහ ක්ලීටස් අතරෙ ප්‍රශ්ණ ඇතිවෙනවා. 


අන්තිමට ක්ලීටස් තීරනය කරනවා එඩීව මරන්න. මේක කරගන්න වෙන්නෙ නෑ ඊට කලින් වෙනොම් ඇවිල්ල එඩීට එකතුවෙලා හිරෙන් පැනගන්නවා. මේ කාලෙදි වෙනොම්ගෙ ඇගේ තවත් සිම්බියෝට් කෙනෙක් ඇතිවෙමිනුයි තිබ්බෙ. (සිම්බියෝට්ල ප්‍රජනනය කරන්නෙ ලිංගික ප්‍රජනනයෙන් නෙවේ. කාලෙකදි එයාලගෙ ඇගේ අලුත් ජීවියෙක් ඇතිවෙනවා පස්සෙ මේ ජීවියා සිම්බියෝට්ගෙන් ගැලවිලා ධාරකයෙක් එක්ක සම්බන්ධ වෙනවා.) ඉතින් මේ හිරේ කඩාගෙන යද්දි වෙනොම් ගාව හිටිය ජීවියා වෙනොම්ගෙන් ගැලවෙලා ධාරකයෙක් හොයාගෙන යද්දි ක්ලීටස් එක්ක එකතු වෙනවා. ඔහොම තමා කානෙජ් සිම්බියෝට්ව ක්ලීටස් කැසිඩි කියන දරුණු මිනීමරුවට හම්බවෙන්නෙ. දෙන්නම ලේ පිපාසිත අසහනකාරයෝ. හිතාගන්නකො ඩබල ගැන.

ටික කාලෙකට පස්සෙ කානේජ් සහ ස්පයිඩි අතර වලියක් යනව. මේකෙන් ස්පයිඩි පරදිනවා. මෙතනද් පීටර් තේරුම්  ගන්නව මේ ඉන්නෙත් සිම්බියෝට් කෙනෙක්මයි කියල. ඊටපස්සෙ ස්පයිඩි වෙනොම් එක්ක ටීම් අපි වෙලා කානේජ් නවත්තන්න සටන්කරනවා. අන්තිමට ස්පයිඩි සිම්බියොට් ලගෙ Weakness එක වෙන ශබ්ධය පාවිච්චි කරලා කානේජ්ව පරාද කරනවා. 

හැබැයි මෙතනදි කානේජ් මැරුනා කියල හිතුවට පොර මැරෙන්නෙ නෑ. මොකද කානේජ් කියන්නෙ තමන්ගෙ ධාරකයගෙ ලේ වලටම එකතු වෙලා ඉන්න එකෙක්. ක්ලීටස්ගෙ ලේ වාතයට නිරාවරණය උන ගමන් කානේජ් ආයෙම එනවා. මේ කතන්දෙරේ නිසා කානේජ් කියන්නෙ මාවල් විලන්ල අතරින් මරන්න අමාරුම එකෙක් මොකද මරන්න මරන්න ආයෙ එනවා. (පොළවෙන් මතුවෙන එකෙක් හිටියා නේ මෙහෙත්😂).

ආපහු පණ ආවට පස්සෙ කානේජ්, ක්ලීටස්ගෙ GF උන Shriek, ස්පයිගෙ Doppelganger එක්ක එකතුවෙලා නිව්යෝක් පුරාම මිනීමරන්න පටන්ගන්නව. මේකට තමා Maximum Carnage කියන්නෙ. කෝමහරි වෙනොම්, ස්පයිඩි ඇතුලු ටීම් එක්කට මේ තුන්කට්ටුව මට්ටු කරගන්න පුළුවන් වෙනවා.

කොමික් වල ගත්තම කානේජ්ගෙ වර්ශන් කීපයක්ම බලාගන්න පුළුවන්.


Minimum Carnage 



මේ ඇවිල්ල කානේජ් Microverse එකට ගියපු කාලෙ. ක්ලීටස්ව Thunderbolts Mountain එකේ හිරකරල තියෙද්දි Microverse එකේ කට්ටියක් කානේජ්ව එතනින් පන්නනවා එයාලගෙ වැඩක් කරගන්න. හැබැයි මූ අන්තිමට නවතින්නෙ බේරගත්ත උන් ටිකවත්  මරල දාල. Agent Venom සහ Scarlet Spider දෙන්නට පුළුවන් වෙනව මූව නවත්තන්න. 




Superior Carnage 


කලින් කිව්ව Minimum Carnage ඉවෙන්ට් එකේදි ක්ලීටස්ව Catatonic State එක්කට වැටෙනවා. මේ කාලෙදි කානේජ්ට ක්ලීටස්ගෙ සම්පූර්ණ පාලනයම ලැබෙනවා. මේකෙන් සිම්බියෝට්ගෙ intelligence එක නැතිවෙලා හම්බෙන හම්බෙන එකා මරන්න ගන්නව. පස්සෙ Wizard සහ Klaw දෙන්න කානෙජ්ව හිරෙන් පන්නනවා. මේ දෙන්නට ඕනෙ වෙන්නෙ Wizard  ලව්ව කානෙජ්ව Mind Control කරවන්න. හැබැයි ක්ලීටස්ගෙ Brain Damage එක නිසා මේක හරියන්නෙ නෑ. ඊටපස්සෙ සිම්බියෝට්ව Dr. Karl Mauls  ට සම්බන්ධ කරනවා මේ Combination එකට තමා Superior Carnage කියන්නෙ. මෙතනදි Wizard ට පුළුවන් වෙනවා කානේජ්ව පාලනය කරගන්න. පස්සෙ මුන් තුන්දෙනා යනව City Hall එක පහරදෙන්න. මෙතනදි Superior-Spider-Man මුන් ටික එක්ක වලියක් දාගන්නවා. ඕක මැද්දෙදි කානේජ් ආයෙම Out of Control යනවා. පස්සෙ මේ යකා Klaw ට වයිබ්‍රේනියම් බ්ලේඩ් එක්කින් අනිනවා ඔතනදි පිපිරීමක් ඇතිවෙලා කානේජ් Wizard ට සම්බන්ධ වෙනවා. මේ ස්ටෝරිය ඉවරවෙන්නෙ කානේජ් ආයෙම ක්ලීටස්ටම සම්බන්ධ වෙලා. 


Red Goblin


S.H.I.E.L.D එක වැටුනට පස්සෙ (ඔව් කොමික් වලත් ශීල්ඩ් එක වැටෙනවා) කානේජ්ව අත්ලාන්තික් සාගරයේ Vault එක්ක හිරකරනවා. නෝමන් ඔස්බෝන් මේ සිම්බියෝට්ව හොරකම් කරනව. ඒ ඊලග කානේජ් වෙන්න. මේ දෙන්නගෙ එකතුවට කියන්නෙ Red Goblin කියලා. ඔස්බෝන් එයාගෙ මුනුබුරා Normie Osborn ටත් සිම්බියෝට්ගෙ කෑල්ලක් සම්බන්ධ කරනවා මෙයාට කියන්නෙ Goblin Childe කියලා.


Absolute Carnage / Dark Carnage 



මේක තනි වචනෙකින් විස්තර කරන්න කිව්වොත් මට කියන්න තියෙන්නෙ #ඩෑම. මේකෙදි වෙන්නෙ ආපහු පණ ආව Carnage ගෙ වැඩක්. මේ එන්නෙ නිකන් එකෙක් නෙමේ. Grendel ගෙ කොටසකින් Resurrect  උන එකෙක්. මේ එන කානේජ් කරන්නෙ මෙච්චර කාලෙකට සිම්බියෝට් කෙනෙක්ගෙ ධාරකයෙක් උන හැමෝම Huntdown කරන්න. 

ඒ මොන හරුපයක්ද?

මේ හොස්ට් ල පස්සෙ යන්නෙ ඒ අයගෙ තියෙන CODEX එක ගන්න. සිම්බියොට් කෙනෙක් ධාරකයෙක්ට සම්බන්ධ වෙලා ඉදලා වෙන ධාරකයෙක්ට මාරු උනාම කලින් ධාරකයගෙ Spine එකේ සිම්බියෝට්ගෙ කොටසක් තැන්පත් වෙනවා. 

කලින්  කිව්වනෙ කානේජ් ආයෙ ආවෙ Grendel ගෙ කොටසකින් කියලා. ඉතින් මෙතනදි කානේජ්ට Knull ගෙ Presence එක දැනෙනවා. මේ Codics ( Codex වල බහුවචනය ) එකතු කරන්නෙ Knull ව ඇහැරවන්න. මෙතනින් ඉස්සරහට වෙනදේ මම කියන්නෙ නෑ ඒක දැනගන්නනම් ඔයාට අනිවාර්යෙන් Absolute Carnage කොමික් එක කියවන්න එනවා. මේකෙ සම්පූර්ණ Story Arc එකම getcomic එකේ තියෙනව. සයිස් එක 1.8 GB වගේ මතක හැටියට. ඒක ලොකු වැඩීනම් Main Story එක විතරක් තියෙන එකකුත් තියෙනවා. Trust Me You Won’t Regret This. මේක ඉවරවෙන්නෙ හික් ගෑවෙන Cliffhanger එකකින්. ඒ වගේම මේකෙදි එඩීට ඉතාම වැදගත් කෙනෙක් එයාගෙ ජීවිතයට එකතු වෙනවා. කියවපු කට්ටිය නම විතරක් හලාගෙන යන්න. මේක කෙලින්ම Canon වෙන්නෙ පහුගිය අවුරුද්දෙ ආව කොමික් රන් වලින් සුපිරිම රන් එකක් උන King In Black එකට. 

මේ අයට අමතරව කානේජ් John Jameson, Silver Surfer , Ben Riley, Peter Kane එක්කත් සම්බන්ධ වෙලා තියෙනවා. 


Powers And Abilities

සිම්බියෝට් කෙනෙක්ට තියෙන Super Strength, Super Healing වගේ බලයන් ඔක්කොම කානේජ්ට තියෙනවා.

ඒ වගේම කානේජ්ට පුළුවනි  එයාගෙ ශර්‍රිරයෙන් ආයුධ වගේ දේවල් නිර්මාණය කරන්න.

ඔයිට අමතරව හොද දරාගැනීමෙ හැකියාවක්,  බිත්ති දිගේ නැගීමේ හැකියාවක් වගේ දේවල් කානේජ්ට තියෙනවා. 

කානේජ් කියන්නෙ Spider-Sense එකට අහුවෙන්නෙ නැති කෙනෙක්. 

ක්ලීටස් එක්ක ඉන්න කාලෙදි කානේජ්ට ටොන් 80 ක බරක් උස්සන්න පුළුවන් වෙලා තියෙනවා.


Genetic Memory

සිම්බියොට් ලට පුළුවනි කලින් ධාරකයගෙ මතකය ඊට පස්සෙ ලැබෙන ධාරකයට සම්ප්‍රේෂණය කරන්න.


Weakness 

මුල් කාලෙදි කානේජ් කියන්නෙ අනිත් සිම්බියෝට්ල වගේම ශබ්දයට සහ තාපයට දුර්වල උන කෙනෙක්. 

හැබැයි  එක අවස්තාවකදි කානේජ්ව Darkhold එකේ බලයට අහුවෙනවා. මේ නිසා කානේජ්ගෙ ශබ්දයට තියෙන දුර්වලතාව නැතිවෙලා යනවා.

කානේජ්ගෙ එක ධාරකයෙක් තමා Norman Osborn කියන්නෙ. මේ කාලෙදි Goblin Formula එක ලැබෙන නිසා කානෙජ්ට තාපය කියන දුර්වලකමත් නැතිවෙනවා. 

හැබැයි කානේජ්ට තවම දුර්වලතා තියෙනවා.

👉 Chthonic Magic

👉 Anti-Venom ගෙ ස්පර්ශය



Ultimate Universe එකේදි කානේජ් ගෙ ඔරිජින් එක වෙනස්

මේ යුනිවර්ස් එකේදි Gladiator කියන කෙනත් එක්ක වෙන සටනකින් පස්සෙ ස්පයිඩි යනවා Dr. Curt Conners ගෙන් බෙහෙත් දාගන්න. මෙතනදි කර්ට් ස්පයිඩිගෙ ලේ සාම්පලයක් අරගෙන ඒකෙන් Experiment එකක් කරනව. මෙතන්දි වෙනොම් සිම්බියොට්ගෙ සාම්පලේකට පීටර්ගෙ DNA එකතු කරලා ඒකට Lizard Serum එක එකතු කරනවා. මේකෙන් තමා ඒ යුනියෙදි කානේජ්ව හැදෙන්නෙ. 

එහෙනම් අදට ඉවරයි. 

ඊලග ලිපියෙන් කා ගැනද කතා ඕනෙ කියල කමෙන්ට් එකක් දාගෙන යන්න  🙈

4 Comments

Post a Comment
Previous Post Next Post