DC Uprising #4: Justice Society Of America
Black Adam Film එකේ ඉන්න Doctor Fate, Hawkman, Atom Smasher & Cyclone ගැන කතා කරන එක තමා මේ Article එකේ ප්‍රධාන අරමුණ වෙන්නෙ.ඒත් ඊට කලින් මෙයාලගෙ Team එක මොකක්ද කියල බලමු.
Stargirl බැලුවද ?? Legends Of Tomorrow මුල් සීසන් ටික බැලුවද ?? Justice Society World War 2 Animated Movie එක බැලුවද ?? මේව බලල තියෙනවනම් මේ Team ගැන දන්නව ඇති.මෙයාලා තමා මුල්ම Superhero Team එක වෙන්නෙ. Flash ( Jay Garrick ) , Green Lantern ( Alan Scott ) , Wildcat , Atom , Red Tornado , Sandman , Doctor Midnight සෙට් එක තමා මේ Team එකේ ඉන්නෙ ( මෙයාල ඇරෙන්න තව සෙට් එකක් ඉන්නවා.එයාල ගැනත් කියන්න ගියොත් එහෙම ආටිකල් එක එපා වෙයි ) මෙයාලගෙන් පස්සෙ තමා Justice League Of America එක හැදෙන්නෙ.එයාලගෙ ඉන්න කට්ටිය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
Crisis සීන් RetCon සීන් වගේම Ages වල වෙනස් ඔරිජින් නිසා මේ JSA එකෙ කතාව ටිකක් Confusing වෙලා තියෙනවා.ඒක නිසා පුලුවන් තරම් සරල කරල මෙයාල ගැන කියන්නම්.
කවුද මේ JSA ?
All Star Comics #3 Comic Issue එකෙන් තමා මෙයාලව ලෝකෙට හදුන්වල දෙන්නෙ.DC ලගෙ Flash / Green Lantern / Hawkman වගේ ප්‍රසිද්ධ හීරෝස්ලා ගෙනල්ල එක Team එකකට දාන එක තමා මේක හදන්න මූලික වුනේ.මෙයාලා මුලින්ම එකතු වෙන්නෙ World War 2 කාලෙ. ඒ Hitler ව නවත්තන්න.ඊට පස්සෙ මෙයාලා ඇමෙරිකාවේ රජයෙ අනුග්‍රහය ඇතුව එක Team එකක් බවට පත් වෙනවා. ඒත් මේක හිතුව තරම්ම ලොකුවට ජනප්‍රිය වුනේ නෑ.Issues 50 ගාණකට පස්සෙ කිසිම Explanation එකක් නැතුව මෙයාලා Comic වලින් අතුරුදහන් වෙලා තියෙනවා.මේකට Explanation එක හම්බෙන්නෙ අවුරුදු ගාණකට පස්සෙ.කියන විදිහට JSA එකේ Heroes ලව රජය Force කරල තියෙනව එක්කො Unmask කරන්න නැත්තන් JSA එකෙන් අයින් වෙන්න කියලා.ඉතින් මෙයාලා ඔක්කොම JSA එකෙන් අයින්වෙලා JSA එක Disbanded කරල තියෙනවා.ඕක තමා මෙයාලා කොමික් වලින් අතුරුදහන් වෙන්න හේතුව වුනේ.
අවුරුදු ගාණකට පස්සෙ DC ලට ඕන වෙනවා ආයෙ JSA එකක් හදන්න.ඒත් මෙයාලා Team එකෙ නමයි Members ලවයි වෙනස් කරලා අලුත්ම Team එකක් විදිහට ලෝකෙට ඉදිරිපත් කරනවා.මෙතනින් තමා ලෝක ප්‍රසිද්ධ JLA එහෙමත් නැත්තන් Justice League Of America ආරම්භ වුනේ.
තව අවුරුදු ගාණකට පස්සෙ Flash #123 Issue එකෙන් Classic Flash aka Jay Garrick ව ආයෙ කරලියට ගෙනල්ල තියෙනවා.ඒ Flash of Earth-2 විදිහට.ඊට පස්සෙ Flash #137 issue එකේදි කියල තියෙනවා සම්පූර්ණ JSA එකම ඉන්නවා.ඒත් එයාල ඉන්නෙ Alternate Earth එකක ( Earth- 2) කියලා.
මේකෙන් තමා DC ලගෙ ලොකු Crossover Event වෙන Crisis Events පටන් ගන්නෙ.Crisis on Earth One / Crisis on Earth Two / Crisis on Earth Three වලින් JSA JLA team Up බලාගන්න පුලුවන් වුනා.
මේ Event වලින් JSA ගොඩක් ප්‍රසිද්ධ වුනා විතරක් නෙමෙ එයාලටම කියල ආයෙ Comic Title එකකුත් හම්බුනා.ඒත් මෙයාලා ගොඩක් අය වයසට ගිහින් හිටියේ.ඒක නිසා ටික කාලයක් යද්දි මෙයාලගෙ ප්‍රසිද්ධියත් එහෙම්මම අඩු වෙලා ගියා.
ඉතින් Crisis on Infinite Earths Event එකේදී DC ලා ගොඩක් JSA Heroes ලව Erase කලා. Team එකෙන් කිහිප දෙනෙක් විතරයි ඉතුරු වුනේ.
Justice Society Of America Run එකෙදි අපි දන්න JLA එකෙ Mentor ල විදිහට Original JSA එක කටයුතු කරල තියෙනවා.එයාලා JLA එකට වගේම JSA Legacies ලටත් Mentor ලා විදිහට වැඩ කරල තියෙනවා.ඔය බැට්මෑන් ගෙ එහෙම Teacher කෙනෙක් Wildcat කියන්නෙ.බෲස්ට Punch කරන විදිහ වගේම Punch එකක් කන විදිහත් පොර උගන්නල තියෙන්නෙ.
ඔය ඔක්කොටම පස්සෙ New 52 හැදෙනවා බැරිය ටයිම්ලයින් එකට කෙලින පිස්සුවෙන්.ඉතින් මේකෙන් ආයෙ අලුත් JSA එකක් හැදෙනවා මේ JSA එක ගැන මම "DC Uprising #2 : Val-Zod Superman" Article එකෙ කියල තියෙනවා.මෙයාල හැබැයි පරණ JSA එකට වඩා ටිකක් වෙනස්.ගොඩක් තරුණයි.ඉතින් ඕකටත් පස්සෙ Doomsday Clock එකෙන් Original JSA එක ආයෙ බලාගන්න පුලුවන් වුනා.
ඉතින් ඕක තමා JSA ලගෙ කතාව.Confused Unga Bunga වෙනවා කියල පේනවනෙ.ඔය ඔක්කොම කතාව නෙමෙ.පුලුවන් තරම් සරල කරල කිව්වෙ.දැන් බලමු Black Adam ෆිල්ම් එකට JSA සම්බන්දෙ.
⚜️ Black Adam සහ JSA
Doctor Fate
Hawkman
Atom Smasher
Cyclone
දැන් බලමු මෙයාලා කවුද කියලා
Doctor Fate (Kent Nelson)
Doctor Strange ව දන්නව ඇතිනෙ හැමෝම.මෙයා තමා DC ලගෙ Doctor Strange.ඒත් මෙයා Doctor Strangeට වඩා ගොඩක් Powerful කෙනෙක්.මෙයාගෙ මූලික ශක්ති ප්‍රභවය වෙන්නෙ එයාගෙ Helmet එක.Helm Of Fate කියල තමා මේක හදුන්වන්නෙ.මේක දාගන්න කෙනාට Nabu ගෙ Powers හම්බෙලා Doctor Fate වෙනවා.ඒත් කවුද මේ Nabu කියන්නෙ ? කොහොමද Helmet එකකින් බලේ හම්බෙන්නෙ.අපි බලමු
මේ ඔක්කොම පටන් ගන්නෙ Sven Nelson කියන Archeologist එයාගෙ පුතා Kent Nelson එක්ක Pyramid එකක් බලන්න යන හින්දා.මේ Pyramid එක ඇතුලේ Nabu The Wise කියන ගොඩක් බලගතු Wizard ගෙ මමිය තිබ්බා.
![]() |
Nabu The Wise |
ඉතින් මේක Kent ට හම්බෙනවා.කෙන්ට් දකිනවා මේ මමී ලග Lever එකක් තියෙනවා.පොර ඒක අදිනවා.ඒ වෙලාවෙ ලොකු දුමක් එක්ක Nabu ට පණ එනවා.මේ දුම නිසා Sven Nelson මැරෙනවා.මේක දැකලා Kent ගොඩක් දුක් වෙනවා.මේක දැක්ක Nabu කෙන්ට්ට එයා දන්න දේවල් කියල දෙන්නම් කියනවා.ඒත් Kent මේකට කැමති වෙන්නෙ නැ.ඒක නිසා Nabu කෙන්ට් ගෙ තාත්තා ගැන තිබ්බ මතකෙ එයාගෙ මනසින් අයින් කරනවා.ඉතින් එතනින් පස්සෙ Kent Nabu ගෙ ගෝලයා වෙනවා.Nabu යටතෙ මේ Decade 2 ක් විශ්වයේ රහස් වගේ දේවල් ඉගෙන ගන්නවා.Nabu ට කෙන්ට්ව සතියක් ඇතුලත Full Grown Man කෙනෙක් කරන්න පුලුවන් වෙනවා එයාගෙ බලේ පාවිච්චි කරලා.ඒ වගේම Kent ව Physically & Mentally Peak Level එකට ගේන්න Nabu ට පුලුවන් වෙනවා.Nabu උගන්නපු දේවල් නිසා Kent ට Realm Of Magic එකට Access වෙන්න පුලුවන් වෙනවා.මේක නිසා කෙන්ට්ට ගොඩක් Powerful මැජික් බලයක් හම්බෙනවා.ඉතින් කෙන්ට් මැජික් වලින් Peak එකට ආවයින් පස්සෙ Nabu කියනවා එයාගෙ සම්පූර්ණ බලය පාවිච්චි කරලා එයාට Attack කරන්න කියලා.කෙන්ට් මේකට කැමති වෙන්නෙ නැ.ඒක නිසා Nabu කෙන්ට්ගෙ තාත්තා ගැන කෙනෙට්ගෙ මනසෙන් අයින් කරපු මතක ටික ආයෙ කෙන්ට්ගෙ මනසට දානවා.Nabu ඒ කරපු වැඩෙන් කෙන්ට්ට ගොඩක් තරහ ගිහින් එයාට Attack කරනවා.මෙතන Nabu ගෙ ශරීරය එකපාරටම Helmet එකක් විදිහට Transform වෙනවා ( සමහර ඔරිජින් වලනම් තියෙන්නෙ Nabu ම ඒ Helmet එක Kent ට දුන්න කියලා )
![]() |
Origin Of Helm Of Fate |
ඉතින් මේ Helmet එක තමා Helm Of Fate කියල හදුන්වන්නෙ.මේක දාගත්තම Kent ට අතිවිශාල බලයක් එක්ක Nabu ගෙ බලයට Tap වෙන්න පුලුවන් වෙනව වගේම මේ Helmet එක හරහා Nabu එයාව Guide කරනවා.Kent Nelson ට Doctor Fate වෙන්න ප්‍රධාන වශයෙන් ඕන කරන්නෙ Helm Of Fate එක වුනත් Amulet Of Anubis එකයි Cloak of Destiny වගේ Artifacts එහෙමත් පාවිච්චි කරනවා.මේ තුනම තියෙද්දි Doctor Fate ගෙ බලය ගොඩක් වැඩි වෙනවා.
Kent ට Doctor Fate ගෙ බලය හම්බුනාම මෙයා මිනිස්සුට උදව් කරනවා.ඔය කාලෙදි තමා Hitler Spear Of Destiny කියන Magical Artifact එකෙන් World War 2 පටන් ගන්නෙ.
![]() |
Spear Of Destiny |
ඒ Artifact එක Hitler අතේ තියෙන එක භයානක නිසා Doctor Fate මේක හොයාගෙන එනව.ඉතින් ඔය අතර Hitler ව නවත්තන්න ආපු Flash / Green Lantern / Wildcat වගෙ Heroes ලත් එක්ක Doctor Fate Team Up වෙනවා.ඔතනින් තමා Doctor Fate JSA එකට සෙට් වුනේ.එයා සාමාජිකයෙක් වගේම JSA Founding Member කෙනෙකුත් වෙනවා.
Doctor Fate කියන Mantle එක ගොඩ කාලයක් දැරුවෙ Kent Nelson. Kent ඇරුනම තව ගොඩක් දෙනෙක් මේ Mantle එක දරල තියෙනවා.ඒ වගේම Kent එයාලග තිබ්බ දැනුම පාවිච්චි කරල Doctor කෙනෙක් වෙලා මිනිස්සුන්ට උදව් කරලත් තියෙනවා.
මෙයාගෙ පවර්ස් ගැන කිව්වොත්,
මෙයාට මූලික බලේ එන්නෙ Nabu ගෙන් කියල කිව්වනෙ.Nabu කියන්නෙ Lord Of Order ලගෙ කෙනෙක්.මෙයාලා විශ්වයේ Balance එක පවත්වාගෙන යන සෙට් එකක්.
![]() |
Lords of Order |
කියන විදිහට Otherkind ලගෙන් පෘථිවියට මැජික් අරන් ඇවිල්ල තියෙන්නෙ මෙයාලා ( Otherkind කියන්නෙ මැජික්වල Original Owners ලා.මෙයාලා ගැන වැඩි විස්තර දැනගන්න ඔනෙනම් Justice League Dark Rebirth Arc එක කියවන්න )
![]() |
Otherkind |
Lords Of Order ලා ගොඩක් බලවත්.කොච්චර බලවත්ද කිව්වොත් JLD Rebirth Arc එකේදි මෙයාලා පෘථිවියෙන් මැජික් අයින් කරනවා.පස්සෙ Godsphere ( Heaven , Hell , New Genesis , Apokolips තියෙන්නෙ මෙහෙ ) එකටත් Attack කරන්න යනවා.මෙතන Doctor Fate ව නවත්තන්න Phantom Stranger එනවා.මෙයාට එයාගෙ Powers හම්බෙන්නෙ God එහෙමත් නැත්තන් Presence ගෙන්.ඒත් මෙයාටවත් Doctor Fate ව නවත්තන්න බැරි වෙනවා.Doctor Fate මෙයාව Helm Of Fate එකේ හිර කරනවා.මේක නිසා හැබැයි Helm එක ටිකෙන් ටික දිය වෙන්න ගන්නවා.හිතා ගන්න පුලුවන් නෙ Phantom Stranger වගේ Powerful කෙනෙක්ව නවත්තන්න පුලුවන් කියන්නෙ කොච්චර බලයක් තියෙන්න ඕනෙද කියලා.
![]() |
Doctor Fate vs Phantom Stranger |
අනිත් Powers ගැන කිව්වොත් Strength, Speed, Time Travel, Immortality, Flight & Levitation, Telekinesis, Telepathy, Invulnerability, Immunity to Diseases, Teleportation වගෙ ගොඩක් පවර්ස් තියෙනවා.ඔය කියල තියෙන්නෙ ඒවලින් ටිකක්.
මෙයාට Atomic Level එකේ ඉදන් Matter Manipulate කරන්න පුලුවන්.මේක පාවිච්චි කරල Green Lantern හදපු Construct එකක් Reassemble කරන්න Doctor Fate ට පුලුවන් වෙලා තියෙනවා.
Doctor Fate ට තියෙන්නෙ ගොඩක් දියුණු Telepathy Power එකක්.මේකෙන් මෙයාට වෙන Dimension වල threat පවා හදුනා ගන්න පුලුවන්.ඒ වගේම මෙයාගෙ Telekinesis බලයත් ගොඩක් දියුණුයි.මේක පාවිච්චි කරල Doctor Fate ග්‍රහලෝකයක් Move කරල තියෙනවා.
Doctor Fate ට හොද කරන්න බැරි ලෙඩ හොද කරන්න, කෙනෙක්ගෙන් Suicidal Thoughts අයින් කරන්න වගේම මැරිච්ච අයට ආයෙ පණ දෙන්නත් පුලුවන්.
ඒ වගේම මෙයාට Reality Alternate කරන්නත් පුලුවන්.
Doctor Fate එකපාරක් Spectre එක්ක toe to toe ගිහින් තියෙනවා.Spectre කියන්නෙ Presence ගෙන් Direct Powers හම්බෙන කෙනෙක්.Spectre මෙතන කියල තියෙනවා Doctor Fateට එයාගෙ බලයට ලගින් යන තරමෙ ලොකු බලයක් තියෙනවා කියලා.
Spectre එකපාරක් Hal Jordan ට Curse කරල තියෙනවා.මේක අයින් කරන්න Doctor Fate ට පුලුවන් වෙලා.ඉතින් Spectre කරපු දෙයක් Undone කරනව කියන්නෙ එසේ මෙසේ කෙනෙක්ට බෑ.
Nabu එකපාරක් Host කෙනෙක් නැතුව Doctor Fate වෙලා තියෙනවා.මෙයාව පරද්දන්න Jason Blood ට ( Etrigon ගෙ Human Host ) අපායෙන් Demons Three ලව කැදවන්න වෙලා තියෙනවා
ඉතින් තේරෙනව ඇතිනෙ කොච්චර ලොකු බලයක් තියෙන කෙනෙක්ද කියලා.ඔය කියල තියෙන්නෙ Doctor Fate කරල තියෙන දේවල් වලින් සුලු ප්‍රමාණයක් විතරයි.
ඉතින් මේ Doctor Fate ව අපිට Black Adam Film එකෙන් Live Action බලාගන්න හම්බෙනවා.හැබැයි මේ Doctor Fate Live Action එන මුල් වතාව නෙමෙ.මෙයාව Smallvile TV Series එකෙන් Live Action බලාගන්න හම්බුනා.ඒ වගේම Constantine TV Series එකෙ Helm Of Fate එකත් පෙන්නුවා.
![]() |
Doctor Fate in Smallvile |
![]() |
Helm of Fate in Constantine |
![]() |
Kent Nelson and Pierce Bronsnan |
Hawkman (Carter Hall)
Legends Of Tomorrow මුල් සීසන් ටික බැලුවනම් මෙයාව දන්නව ඇති.මෙයාගෙත් ඔරිජින් එකකට එකක් වෙනස් වෙනවා.සමහර තැන්වල කියනවා මෙයා Thanagar කියන ග්‍රහලෝකෙන් ආපු පොලිස් නිලධාරියෙක් කියල.සමහර තැන්වල මෙයා Egyptian කෙනෙක්.ඉතින් මේ අතරින් ප්‍රසිද්දම Origin එක ගැන තමා කියන්න යන්නෙ
මේ කතාව පටන් ගන්නෙ පුරාණ ඊජිප්තුවේ Prince Khufu ගෙන්.මෙයාගෙයි Hath-Set කියන Priest ගෙයි අතර ලොකු තරහක් තිබිල තියෙනවා.ඉතින් මේ තරහ දුර දිග ගිහින් Hath-Set Prince Khufu වයි එයාගෙ ආදරවන්තිය වෙච්චි Chay-Ara වයි Cursed Dagger එකක් පාවිච්චි කරල මරනවා.මේ Dagger එක හදල තියෙන්නෙ Thanagar කියන ග්‍රහලෝකෙන් ආව Nth Metal කියල Metal එකකින්.මේ Metal එකෙ තිබ්බ බලයක් නිසා මේ තුන් දෙනාවම ඉපදෙන මැරෙන Cycle එකක හිර වෙලා තියෙනවා.මෙයාලා මැරුනට ආයෙ ඉපදෙනවා ආයෙ මැරුණම ආයෙ ඉපදෙනවා.
20 වෙනි ශතවර්ශයේදී තමා Prince Khufu Carter Hall කියන Archeologist විදිහට Reincarnate වෙන්නෙ.ඒ වගේම Chay-Ara Shiera Sanders විදිහටත් Priest Hath-Set Anton Hastor කියන Scientist විදිහට Reincarnate වෙනවා.
Carter ට කොහොම හරි Nth Metal වලින් හදපු Dagger එක හම්බෙනවා.මේක ඇල්ලුවම එයාගෙ කලින් ජීවිත වල වෙච්චි දේවල් ඔක්කොම මෙයාට මතක් වෙනවා.ඔය කාලෙදිම Anton Shiera ව Kidnap කරනවා ආයෙ මරන්න.
ඉතින් කාටර්ට එයාගෙ කලින් ජීවිත වල මතකත් තියෙන නිසා ලොකු දැනුමක් හම්බෙනවා.ඒක නිසා Shiera ව බේරගන්න මෙයා Nth Metal පාවිච්චි කරලා Gravity Defying Belt එකකුයි Boots දෙකකුයි හදනවා.ඒ වගේම Artificial Wings Pair එකකුත් හදාගන්නවා පියාඹන එක ලේසි වෙන්න.
![]() |
Hawkman and Hawkgirl |
Hawkman JSA එකටත් Hawkgirl JLA එකටත් එකතු වෙනවා.
JSA Disbanded වුනයින් පස්සෙ මේ දෙන්න Retire වෙලා කසාද බදිනවා.පස්සෙ මෙයාලට ලමයෙකුත් හම්බෙනවා Hector කියල.මෙයා Silver Scarab කියන Hero වෙනවා.
මෙයා හිටපු Teams විදිහට JSA / All Star Squadron / JLA / Justice League International / Justice League United / The Wingmen Of Thanagar ගන්න පුලුවන්.
මෙයාගෙ Powers ගත්තම,
Nth Metal නිසා පියාඹන්න විතරක් නෙමෙ ලොකු ශක්තියක් , දරාගැනීමෙ ශක්තියක්, Hawk Vision වගේම Healing Ability එකක් කාටර්ට හම්බෙනවා.
මෙයාගෙ මනසෙන් මෙයාට ඕන විදිහට එයාගෙ Wings පාලනය කරන්න පුලුවන්.ඒ වගේම පැයට සැතපුම් 225 ක වේගයකින් පොරට පියාඹන්නත් පුලුවන්.
මෙයාට කලින් ජීවිත වල මතකයත් තියෙන නිසා මෙයා දක්ෂ Martial Artist කෙනෙක් වෙනවා.ඒ වගේම පොර Skilled Tactician කෙනෙක්.
ආ ඒ වගේම පොරට Anger Issues එහෙමත් ටිකක් තියෙනවා.මේකනිසා පොර ලොකු කරදර වල වැටිල තියෙනවා
Atom Smasher (Albert Rothstein)
මෙයා Super Villain කෙනෙක් වෙන Cyclotron ගෙ මුණුබුරෙක්.එයාගෙ සීයගෙන් එයාට උරුම වෙන බලය නිසා තමා මෙයාට එයාගෙ Molecular Structure එක පාවිච්චි කරල විශාල වෙන්න පුලුවන් වෙන්නෙ.මෙයා Al Pratt ගෙ Godson. Alකියන්නෙ Golden Age Atom.ඉතින් මෙයාගෙ මාර්ගෙ යන Albert Hero කෙනෙක් වෙනවා Nuklon කියන නමෙන්.පස්සෙ මෙයා JLA එකට බැදෙනවා.පස්සෙ JSA එකට බැදෙද්දි තමා මෙයා Atom Smasher කියන නම පාවිච්චි කරන්නෙ.මේකෙ හිටපු අලුත් අයට මෙයා Brother Figure එකක් වුනා.විශේෂයෙන් Al Pratt ගෙ පුතා Damage ට.ඒ වගේම ස්ටාගර්ල්ටත් Brother Figure එකක් වුනා ඒත් Stargirl ටනම් මෙයා ගැන පොඩි ක්‍රස් එකකුත් තිබ්බා.
මෙයා මෙහෙම කාලයක් Al ගෙ Legacy එක ඉස්සරහට පවත්වාගෙන යනවා.ඒත් Kobra ල වගයකියන්න ඕනෙ Plane Crash එකකින් මෙයාගෙ අම්ම නැති වෙනවා.ඉතින් පොරට මේක දරාගන්න බැරුව. New God Metron ගෙ උදව් ඇතුව අතීතෙට ගිහින් එයාගෙ අම්මව බේරගන්නවා.
JSA Disbanded වෙලා ටික කාලෙකට පස්සෙ මෙයාලා ආයෙ එකතු වෙනවා ඒ Black Adam එක්ක.මෙතනදි Atom Smasher යි Black Adam යි අතර පට්ට Friendship එකක් ගොඩ නැගෙනවා.ඇඩම් කියනවා ඇල්බර්ට් කියන්නෙ එයාගෙම සහෝදරයෙක් කියලා.
ඉතින් කාලයක් යද්දි JSA එකෙ Moral Code එක එපා වෙලා පොර Black Adam එක්ක වැඩ කරන්න ගන්නවා.Kobra හිරෙන් නිදහස් වුනාම මේ දෙන්නම JSA එකෙන් අයින් වෙනවා.පස්සෙ මේ දෙන්නම දෙන්නට උදව් කරගන්නවා Black Adam Kobra ව මරනවා Atom Smasher Khandaq වල පාලකයව මරනවා.ඒ වගේම Atom වෙනමම Team එකක් පවා ලීඩ් කරනවා Khandaq වල පාලනය ගන්න Black Adam ට උදව් කරන්න.ඔය අතරෙදි මෙයා JSA එකට විරුද්ධවත් සටන් කරනවා.කොහොම හරි මෙයාල අන්තිමට Truce එකකට එනවා Black Adam රටින් පිටව නොයන තාක් එයාට Khandaq වල පාලනය තියාගන්න පුලුවන් කියලා.
සමහරවිට මේ Union එක ෆිල්ම් එකේදිත් බලාගන්න පුලුවන් වෙයි.
මෙයාගෙ Powers ගත්තම,
මෙයාගෙ ඇග අඩි 28 ක් විතර විශාල කරගන්න පොරට පුලුවන්.හැබැයි මෙයා කොච්චර විශාල වුනත් මෙයාගෙ බරනම් වෙනස් වෙන්නැ.ඒත් Albert ට ඕනෙනෙම එයාගෙ බරත් අඩු වැඩි කරගන්න පුලුවන්.
ඒ වගේම මෙයාට Super Strength / Stamina / Durability වගෙ Abilities එහෙමත් හම්බෙනවා.
Cyclone (Maxine Hunkel)
මෙයා ගැනනම් ලොකු විස්තරයක් කොමික් වල හොයා ගන්න නෑ.මෙයා Original Red Tornado වෙච්චි Ma Hunkel ගෙ මිණිබිරි කියල කියන්නෙ.
![]() |
Ma and Maxine Hunkel |
මෙයා පොඩි කාලෙදි T.O Morrow ( Second Red Tornado ව හැදුව පොර ) මෙයාව කිඩ්නැප් කරල මෙයාට Red Tornado Technology Inject කරල තියෙනවා.ඒත් මේව හරියට වැඩ කරන්න ගන්නෙ අවුරුදු ගාණකට පස්සෙ.
Maxine ට අවුරුදු 19 දී තමා මුලින්ම මේ පවර්ස් එලියට එන්න ගන්නෙ.මෙයා Harvard University එකෙ හිටපු කාලෙදි තමා මෙහෙම වෙන්නෙ.ඒත් මෙයා එච්චර ජනප්‍රිය කෙනෙක් නෙමෙ යාලුවො එහෙමත් නැ.ඒක නිසා මෙයාව කැපිල පෙනුනෙ නෑ.ගොඩක් තනියම තමා හිටියෙ.මේ Powers එක එක වෙලාවට Reveal වුනෙ.එකපාරක් මෙයා හචිමක් යවලා එයාගෙ ආච්චිගෙ ගරාජ් එකම විනාස කරල.ඊට පස්සෙ දවසෙ මෙයා ඇහැරිලා තියෙන්නෙ Tornado එකක් මැද.පස්සෙ තමා මෙයා දැනගන්නෙ එයාට Wind Manipulation පුලුවන් කියල ( හුළං පාලනය කරන්න )
ඉතින් මේක නිසාත් Ma Hunkel JSA Headquarters වල Caretaker නිසාත් අලුත් JSA එකෙ මෙයාට තැනක් හම්බෙනවා.මෙයාව තෝරගත්ත කියන්න Powergirlලුයි Mr.Terrific යි ආවම මෙයා සතුට වැඩි කමට එක දිගට කියවන් යනවා.අන්තිමට පවර්ගර්ල් මෙයාගෙ කට වහල කියනව තව කතා කලොත් Membership එක Revoke කරනවා කියලා 😅
මෙයා ගොඩක් ඉන්නෙ Stargirl එක්ක.මෙයා එයාගෙ ලොකුම ෆෑන් කියල කියන්නෙ.එකපාරක් මෙයා ස්කෝලෙදි ස්ටාගර්ල් ගැන එකදිගට පැය තුනක් කතා කරල තියෙනවා 😂
මෙයාගෙ පවර්ස් ගත්තම,
මෙයාගෙ මනසින් මෙයාට Cyclones / Whirlwinds කැදවන්න පුලුවන්.ඒ වගේම හුළං පාවිච්චි කරල මෙයාට පියාඹන්නත් පුලුවන්.
මෙයාට Cyclones / Tornados කැදවන්න විතරක් නෙමෙ ඒව තමන්ගෙ කැමැත්ත අනුව පාලනය කරන්නත් පුලුවන්.
ඉතින් ඕක තමා Black Adam Film එකේ JSA එකේ කතාව.මගෙ Black Adam Article එක කියෙව්වෙ නැත්තන් ඒකත් කියවන්න.Black Adam Trailer එකක් ආවම ඒකෙ බ්‍රේක්ඩවුන් එකකුත් ගේන්නම්.
එහෙනම් ඊලගට අපෙ මැජික් කෙල්ල Zatanna ගැන කතා කරමු එයාගෙ ෆිල්ම් එකක් HBO Max වලින් එන නිසා.
Stay Safe...Stay Tuned...
DC Uprising ආටිකල් සීරීස් එකේ Black Adam ගැන දාපු ආටිකල් එක 👇
https://www.reviewwhocares.lk/2021/08/black-adam-dc-uprising-01.html
DC Uprising ආටිකල් සීරීස් එකේ Val-Zod Superman ගැන දාපු ආටිකල් එක 👇
https://www.reviewwhocares.lk/2021/09/hbo-max-val-zod-superman-dc-uprising-2.html
DC Uprising ආටිකල් සීරීස් එකේ Blue Beetle ගැන දාපු ආටිකල් එක 👇https://www.reviewwhocares.lk/2021/09/blue-beetle-dc-uprising-3.html
මරු කුමික් ලෙගන්ඩ් ශෙහාම් 😎❤
ReplyDelete