හෙලෝ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් හෝක්අයි සීරිස් එකේ තුන්වෙනි එපියෙ බ්රේක්ඩවුන් එක තමා මේ. එපිසෝඩ් එකේ වුණ දේවල් මොනාද, Easter eggs වගේ දේවල් සහ කතාවෙ ඉස්සරහට මොනා වෙයිද කියලත් මේකෙදි සරලවම කතාකරනව.
මේක එපිසෝඩ් එක නම් කරල තිබ්බෙ Echoes කියල. දැනට මාවල් සීරිස් එකක දැකපු Episode title වලින් තිබ්බ creative ම එක තමා මේ. ඒක වුනේ මෙහෙමයි...
මූලිකවම මේකට ඔය නම දීල තියෙන්නෙ මේ එපිසෝඩ් එකේ පෙන්නපු Echo (Maya) කියන චරිතෙ නිසා.
ඒවගේම මේකෙන් symbolize කරල තියෙන්නෙ Clint ගෙ සහ Maya ගෙ deafness එක.
වැදගත්ම කාරණේ මේකෙන් Echoes from the past වගේ දෙයක් පොඩියට හින්ට් කරල තියෙනව. මොකද ක්ලින්ට් සහ මායා කියන දෙන්නම අතීතෙ වෙච්ච දේවල් වලින් තාම බැට කන දෙන්නෙක්. 🙏
එපිසෝඩ් එක පටන්ගන්නෙ Echo ගෙ ඔරිජින් එක පෙන්නල. කොමික් වලදි වගේම මේකෙදිත් Maya කියන්නෙ deaf කෙනෙක්. හැබැයි එයා ඒකට මුහුණ දීලා ගානට අනිත් අය වගේම ජීවත් වෙනව කියල පෙන්නල තියෙනව. දැක්කනෙ පන්තියේ අනිත් ළමයින්ට කලින් වැඩ කරගෙන ගියපු ඉක්මන.
Maya සහ එයාගෙ තාත්ත අතර relationship එක හදපු හැටිනම් මාරම ලස්සනයි. 😍 Maya ගෙ තාත්තට ඉන්න කෙනා දන්නව ඇතිනෙහ්. අර Westworld එකේ එහෙම හිටියේ.
මේ කාමරේ පොඩි අත් සලකුණක් තියෙනව. මේකෙන් foreshadow කරන්නෙ Maya ගෙ තාත්තගෙ මරණය. 😪 ඒවගේම මේක කොමික් reference එකක්.
ඒ මොකද්ද කියල මගේ Road to the Hawkeye ලිපියෙ දාල ඇති. ගිහින් බලන්න.
එපිසෝඩ් එක පුරාවටම මකරු ගැන සෑහෙන කියවුනා. කොමික් වලදිනම් අපිට Shalo Lao, Fing fan foom වගේ මකරු කීපදෙනෙක්ම බලාගන්න පුළුවන්.
Shalo Lao (Marvel Comics) |
Fing fan foom (Marvel Comics) |
දැන් MCU එකෙත් මකරු ඉන්නවනෙ. Shang-Chi එකෙ Great protector වගේ අය.
Great protector (Shang- Chi and the Legend of the Ten Rings) |
හැබැයි මේ නොකිය කියන්නෙ ඉස්සරහට MCU එකට එන්න තියෙන ලොකු threat එකක් ගැන. ඒ තමා Makluans කියන ජීවීන් කොට්ඨාසය.
Makluans (Marvel Comics) |
Makluan ල කියන්නෙ මකරෙකුගෙ පෙනුම තියෙන ජීවීන් වගයක්. මෙයාල තමා කොමික් වලදි Ten Rings ටික අරන් එන්නෙ.
Shang-Chi (post-credit) |
Shang-Chi post credit එකේදි කියනව Ten rings වලින් කාටහරි msg එකක් යවනව කියල. මේ පණිවිඩය යවන්නෙ Makluans ලට වෙන්න පුළුවන්. එතකොට අපි දැක්ක great protector කියන්නෙ Makluans කෙනෙක් වෙන්නත් පුළුවන් තව දෙයක් තමයි Ten rings කියන්නෙ Magical wepon එකක් නෙවේ. ඒව Makluans ship එකක තියෙන technical item එකක්. MCU එකේනම් මේක කෙලින්ම මැජික් කියල තමා පෙන්නන්නෙ 🔥 මේ එපිසෝඩ් එකේ කෙලින්ම කියනව මකරු ඉන්නෙ වෙනම dimension එකක කියල.
කොමික් වල වගේම Maya ට Photographic Reflection Ability එක තියෙනව වගේ. මේ ළමයගෙ movements දිහා බලන් ඉඳල ඊලග පාර ඉක්මනටම බිම දානව.
Tracksuit එක රන් කරන්නෙ Maya ගෙ තාත්ත. දැන් පැහැදිලියි කොහොමද Echo, Tracksuit එකේ පාලනය අතට ගත්තෙ කියල.
එපිසෝඩ් එකේ තිබ්බ ලොකුම mystery එක මේ. මේ එන කෙනා කවුරු උනත් එයා තමා tracksuit එකේ superior වෙන්නෙ. ඒ කියන්නෙ මේ ඉන්නෙ Kingpin වෙන්න පුළුවන්. මේ කෙනාට Kazi වගෙ අයත් බයයි කියන්නෙ එසේ මෙසේ එකෙක් නෙවේ මේ.
Echo මෙච්චර Ronin පස්සෙ පන්නන්නෙ එයාගෙ තාත්තව මරපු නිසා. මේ වැඩේ ක්ලින්ට් කරාද නැත්තම් Ronin ගෙ වැඩක් කියල පේන්න අපේ Mystery man කරාද කියල හරියටම බලාගන්නනම් තවත් එපි දෙකක්වත් එනකම් ඉන්න වෙයි. හැබැයි මේ Mystery man කියන්නෙ Kingpin නම් මේක මිනිහගෙම වැඩක් වෙන්න පුළුවන්. Daredevil එකේ මතකනෙ Dex ව නටෝපු හැටි.
Maya ගෙ තාත්ත මැරෙන එකනම් තනිකරම කොමික් එකට ඇකියුරේට් වෙන්න කරල තියෙන්නෙ.
ඕකෙන් පස්සෙ වර්තමානයේ වෙන දේවල් ටික පෙන්නනව.
කේට් සහ ක්ලින්ට් ල දෙන්නම tracksuit එකට අහුවුනානෙ. ඔන්න Echo ඇවිල්ල ඒ දෙන්නව ප්රශ්ණ කරනව. මෙතන Maya කේට්ගෙන් ප්රශ්ණ කරන විදිහ දැක්කම නම් පේන්නෙ Maya ට තියෙන්නෙ කේට් එක්ක තරහක් නෙවේ Ronin Mantle එකත් එක්ක තරහක් කියල. කොමික් වලදිනම් Echo, ronin mantle එකත් අරගන්නව.
Echos' Ronin (Marvel Comics) |
මෙතන පට්ට fun fact එකක් තියෙනව. කේට් ට Imagine Dragons ලව පේන්න බෑ 😂. මේ චරිතෙ කරන Hailee Steinfield තමා Arcane සීරිස් එකේ Vi ට වොයිස් කරන්නෙ. ඒවගේම Arcane සීරිස් එකේ Theme song එක වෙන "Enemy" සිංදුව කරන්නෙත් Imagine Dragons ලමයි. ඒ සිංදුවනම් අම්මෝහ් 🔥 (එනිවේ එතනත් back to the Dragons 😂)
Imagine Dragons |
ඊලගට එන ඇක්ශන් ටිකනම් ගැම්මක් ඈ.
කොහොමහරි වලිය යද්දි ක්ලින්ට් ගෙ Hearing aid එක කැඩෙනව. (ඒක කැඩිල බේරුනා මදෑ. තව ටිකෙන් මිනිහගෙ උකුස්සත් ලෙප්ට් 😂)
Hawkeye Out 😅 |
හෝක්අයි ල දෙන්න පැනල යන්නෙ කාර් එකකින්. කොමික් එකේනම් අර 72 challenger එකෙන් තමා ක්ලින්ට් ල පැනල යන්නෙ.
සීරීස් එකේ 72 Changer එක |
ඒවගේම කොමික් වලදි ඕකෙ අයිතිකාරය Cherry කියල ක්ලින්ට්ගෙ GF කෙනෙක්. එයාව Tracksuit එකෙන් බේරගෙන යනගමන් මට මතක හැටියට ඔය Tracksuit එකේ උන් පස්සෙන් එන්නෙ.
එතන One take shots වලින් පෙන්නල තියෙන විදිහනම් කියන්න වචනත් නෑ අම්බෝව් 🙏
ක්ලින්ට් එයාගෙ Trick arrows ටිකක් කේට්ට දෙනව පාවිච්චි කරන්න. කොමික් වලනම් ක්ලින්ට් ගාව Net arrows, Sonic arrows වගේ එක එක ජාතියෙ trick arrows තියෙනව.
මේ සීන් එකේ Background එකෙන් ප්ලේ වෙන්නෙ Mad Russian's christmas කියන සිංදුව. මුන් පිටිපස්සෙන් පන්නන්නෙත් පිස්සු රුසියන්කාරයො ටිකක්. 🤭
මේකෙනම් ඒක කරන්නෙ Pym Tech එක පාවිච්චි කරල හඳපු ඊතලේකින්.
(ඈන්ට්-මෑන් ගේ ටෙක්නොලජි එක) |
ක්ලින්ට්ගෙ ඉලක්කෙ බලන්නකො. අච්චර උඩ ගියපු ඊතලේට ගානට ටාගට් කරල විද්දා කියන්නෙ 🔥🙏
මේ සීන් එකටත් මට මාර ආස හිතුන. කේට් මුලින්ම ක්ලින්ට් ව දකින්නෙ බිල්ඩින් එකක් උඩ ඉඳන් බිමට පනිද්දි 😍 ඒකම ආයෙ පාරක් ක්ලින්ට් එක්කම කරද්දි කොහොම සතුටක් එන්න ඇද්ද කේට් ට 🙏
හෝක්අයි ල දෙන්න කෝච්චියෙ යන තැන තියෙන්නෙ Family therapy ගැන පෝස්ටර් එකක්. කොහොමත් MCU එක පුරාවටම සහ Hawkeye සීරිස් එකෙත් family කියන කන්සෙප්ට් එක සෑහෙන ලස්සනට පෙන්නල තියෙනව. මම MCU එකේ දැක්ක ලස්සනම ෆැමිලි එක තිබ්බෙ Eternals එකේ. ඒකනම් මාරම touching ඈ. 🔥
මේ කතන්දර අස්සෙ Tracksuit එක එයාලගෙ warehouse එක දැන් compromised උන නිසා සේරම අකුලගෙන යන්න යනව. මෙතනදි ආපහු Kazi අපේ mystery man ගැන කතාකරනව. මේ යන ඩයලොග් වලින් නම් පේන්නෙ මේ කෙනා කවුරු උනත් පොර උඩම ලෙවල් එකේ Criminal Mastermind එකක් කියල. කොමික් වලදි Clown කියන්නෙ Kingpin ට වැඩකරන assassin කෙනෙක්. එතකොට මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ Kingpin ද ?
නැත්තම් මේ වෙනම කෙනෙක් වෙන්නත් පුළුවන්. මට හිතෙනව මේක පිටිපස්සෙ Elanor, Jack දෙන්නගෙන් එක්කෙනෙක් හෝ ඒ දෙන්නම ඉන්නව කියල. මොකද Security Company එකක් කියල මේ කරන්නෙ බොරු act වෙන්නත් ලොකු ඉඩක් තියෙනව. 😏
ආයෙම පාරක් කේට් ක්ලින්ට්ට කියනව එයාව හරියට brand කරන්න කියල. හැබැයි ක්ලින්ට් මේකට කැමති නෑ වගේ. ඒකනේ කේට් අඳින සූට් එක පවා එපා කියන්නෙ. හැබැයි පෝස්ටර් වලින් අපි දැක්ක ක්ලින්ට් එයාගෙ කොස්ටියුම් එකට පොඩි Adjustments වගයක් කරගන්නව කියල.
Btw මේ කේට් අඳින්නෙ කොමික් වල තියෙන හෝක්අයි කොස්ටියුම් එක.
අන්තිමට මේ හුටපටේ අග හොයන්න මේ දෙන්න Elanor ගෙ Penthouse එකට පැනල ජැක්ගෙ කම්පියුටර් එක හැක් කරනව.
මේක යෝජනා කරන්නෙත් කේට්මයි. Young detective කෙනෙක් හැටියට මේ වගේ පොයින්ට් අරගෙන කේට් ව බිල්ඩ් කරන එක මරු. මොකද කොමික් වලදිත් කේට් private detective කෙනෙක් හැටියට වැඩකරනව.
එක තැනක කේට් Kazi ට කතාකරන්නෙ Hot guy කියල. Matt Fraction ගෙ හෝක්අයි කොමික් එකේ මේ දෙන්න ඩේට් කරනව. හැබැයි අන්තිමට ක්ලින්ට් ව මරන්න ආපුහම Clown ව takedown කරන්නෙත් කේට් මයි.
එහෙනම් සීරිස් එකේ බාගයක්ම ඉවරයි තව එපිසෝඩ් 3 යි එන්න තියෙන්නෙ Until then,
Sayonara Geeks !!! 🙏
ලිපි නිර්මාණය සහ අදහස : - මලින්ද බණ්ඩාර සහ රකීබ් අමීන්
Hawkeye S01E02 බ්රේක්ඩවුන් 👇
https://www.reviewwhocares.com/2021/12/hawkeye-s01e02-breakdown.html
ඉතුරු එපි වලත් බ්රේක්ඩවුන් ටික ඕනි🤩
ReplyDelete