ලොකි එපිසෝඩ් 5 - Loki Episode 5 Breakdown


ගිය බදාදා රිලීස් උන ලොකී පස්වෙනි එපිසෝඩ් එක බ්‍රේක්ඩවුන් එක තමයි මේ ලිපියෙන් ගේන්න හදන්නෙ. 


මතක ඇතිනෙ ලොකීව පෲන් කරාට පස්සෙ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකකින් පෙන්නුවා ලොකී තැනක වැටිලා ඉන්නවා. ඒ වගේම තව ලොකීලා කිහිපදෙනෙකුත් අපිට බලාගන්න පුලුවන් උනා. ඒ වගේම පස් වෙනි එපිසෝඩ් එකේ මැදකට වෙන්න තවත් ලොකීලා කීපදෙනෙක් බලාගන්න පුලුවන්. 


Kid Loki, Classic Loki & Boastful Loki

President Loki


මුලින්ම හිටියා කිඩ් ලොකී කෙනෙක්. මේ ලොකීගෙ නෙක්සස් ඉවෙන්ට් එක තමයි තෝර් ව මරපු එක. ඒ වගේම කිඩ් ලොකීව රජෙක් වගේ සලකන්නෙත් ඒ හේතුව නිසාම වෙන්න පුලුවන්. ඊළගට හිටියා ක්ලැසික් ලොකී. ටිකක් වයසට ගියපු ලොකී කෙනෙක්. ඒ වගේම මිනිහගෙ කොස්ටියුම් එක දැක්කම වන්ඩාවිශන් එකේ විශන්ගෙ හැලෝවීන් කොස්ටියුම් එකත් ටිකක් මතක් වෙනවා. ඉතින් මේ ක්ලැසික් ලොකී අර ඉන්ෆිනිටි වෝ සීන් එකේදී ලොකී තානෝස්ව මරන්න හදන තැනදි එතනට තමන් වගේම ලොකී කෙනෙක් ප්‍රොජෙක්ට් කරලා තමන් හැංගිලා තමයි ඉදලා තියෙන්නෙ. පස්සෙ ඒ ලොකී පැනලා ගිහින් තවත් ප්ලැනට් එකකට වෙලා කාලයක් ඉදලා තමන්ගෙ සහෝදරටව ආයෙ බලන්න යද්දි තමයි TVA එකෙන් ඇවිල්ලා මිනිහව පෲන් කරල තියෙන්නෙ. මෙතනදි හිටියා තව බෝස්ට්ෆුල් ලොකී කෙනෙකුත්. කලු මහතට ඉන්න ඩයල් එකක්. මිනිහා කෝමහරි ඉන්ෆිනිටි ස්ටෝන්ස් හයම ලබාගෙන තියෙනවා කියල තමයි එයා කියන්නෙ. ඒත් ඒක බොරුවක් වගේ තමයි පේන්නෙ නම්. එතනදි තමයි TVA එක ඇවිල්ලා පෲන් කරලා තියෙන්නෙ කියලා තමයි කියන්නෙ. ඊටපස්සෙ ජනාධිපතිවරනෙට ඉල්ලපු ලොකී කෙනෙකුත් හිටියා. 


Void


එපිසෝඩ් එක පටන් ගද්දිම ලොකී වැටිලා හිටපු තැනට තමයි වොයිඩ් එක කියන්නෙ. අපි මුලදි හිතුවෙ මොකක් හරි නෙක්සස් ඉවෙන්ට් එකට හේතු උන දෙයක් හෝ කෙනෙක්ව පෲන් කලාම ඒක මැරිලා යනවා කියලනේ. ඒත් එහෙම නෙවෙයි වෙන්නෙ ඒක එතනින් නැතිවෙලා මේ වොයිඩ් කියන කලාපයට තමයි එන්නෙ. ඒ වගේම මේ කලාපය ටිකක් භයානක කලාපයකුත් වෙනවා. 


Allioth


මේ වොයිඩ් එකේ තියෙන දේවල් පරිභෝජනයා කරමින් ජීවත් වෙන ඇලයත් කියලා සතෙක් වගේ දෙයකුත් අපිට දකින්න ලැබෙනවා. කොමික් වලට අනුව මේ ඇලයත්ට වොයිඩ් එකෙන් එන්න බැරි වෙන්න බැරියර් එකක් දාලා තමයි තියෙන්නෙ. ඒ වගේම මේ බැරියර් එක දැම්ම කෙනා තමයි කෑන්ග් ද කොන්කර් (Kang the Conquer) කියන කෙනා. බොහෝ දුරට මේ ඔක්කොම දේවල් පිටිපස්සෙ ඉන්න කෙනා කෑන්ග් වෙන්න පුලුවන්. ඒක ඊළඟ එපිසෝඩ් එකේදි බලාගමු.


Living Tribunal Easter Egg


Avengers Tower

Helicarrier

Thanos Copter 

Throg & Mjölnir

Giant Yellow Jacket Helmet


ඊළඟට අපි මුලම හරියෙදි මේ වොයිඩ් කලාපය ඇතුලෙදි ඇවෙන්ජර්ස් ටවර් එක එහෙමත් දකිනවා. ටවර් එකේ නම නම් වෙනස් කියලා ඔයාලට පේන්න ඇති. Queng කියලා තමයි තියෙන්නෙ. මේ Queng Enterprises එක Tony ගෙන් මේක අරගෙන තියෙනවා. ඒ වගේම ඒකෙ ප්‍රදානිය විදියට ඉදලා තියෙන්නෙත් කෑන්ග් ගෙ අතීත වර්ශන් එකක්. ඒ වගේම තානෝස් කියල ගහල තියෙන හෙලිකොප්ටර් එකකුත් දකින්න ලැබෙනවා. මේක තානෝස් මුලදි පාවිච්චි කරපු එකක් කියල තමයි කියවෙන්නෙ. ඒ වගේම මියෝනීර් එකත් එක්කම ගෙම්බෙක් වෙලා ඉන්න තෝර්ව අපිට දකින්න හම්බෙනවා. සමහරවිට ලොකී තෝර්ව ගෙම්බෙක් කරලා පස්සෙ ඒක හරිගස්සන්න බැරුව ඒක රීසෙට් කලා වෙන්නත් පුලුවන්. මේ ගෙම්බව කොමික් වලදි Trog (ත්‍රොග්) කියලා තමයි හඳුන්වන්නෙ. ඒ වගේම ලොකු යෙලෝ ජැකට් හෙල්මට් එකක් දැකගන්නත් ලැබෙනවා මෙතනදි. සමහරවිට යෙලෝ ජැකට් දිනලා TVA එකෙන් ඇවිල්ලා පෲන් කරලා දාපු ටයිම් ලයින් එකක් වෙන්න ඇති. කෝමහරි යෙලෝ ජැකට් නම් ඇලයත් ට අහුවෙලා වගේ පාටක් තමයි පේන්නෙ. ඒ වගේම Living Tribunal ගෙත් Easter egg එකක් තිබුනා. මෙයා Cosmic Being කෙනෙක්. තව කියනව නම් රොනින් ගෙ ශිප් එකකුත් මෙතනදි බලාගන්න පුලුවන්. ඒ වගේම Helicarrier එකකුත් බලාගන්න පුලුවන්. 


USS Eldridge in Loki 

Real USS Eldridge


ඒ වගේම UFO, පිරමීඩ සහ එකපාරටම නැවක් මේකට එනවා අපිට දකින්න ලැබෙනවා. මේ නැව ෆිලඩෙල්ෆියා කියල 1943 කරපු එක්ස්පෙරිමන්ට් එකකට සම්බන්ද එකක් කියලා තමයි කියන්නෙ. ඒ වගේම මේ ෆිලඩෙල්ෆියා කියන්නෙ ඇත්තටම මේ අපි ඉන්න ලෝකෙ සිද්ද උන එක්ස්පෙරිමන්ට් එකක්. The Philadelphia Experiment කියලා ෆිල්ම් එකකුත් ඇවිල්ලා තියෙනවා 2012. ඒකට සම්බන්ද නැව තමයි මේ වොයිඩ් එකට ඇවිල්ලා තියෙන්නෙ. නැවේ නම තමයි USS Eldridge. මීට කලිනුත් මේ වගේ රියල් ලයිෆ් ඉන්සිඩන්ට් එකක් ලොකී පලවෙනි එපිසෝඩ් එකෙන්ම දුන්නා. ලොකී තමයි ඩී.බී. කූපර් කියන එක ඒකෙදි පෙන්නලා තිබුනා. 


Miss Minutes & Ravonna Renslayer


ඒ වගේම රැවෝනා රෙන්ස්ලේයර් මේ TVA එක ගැන හැම දෙයක්ම දන්නෙ නෑ කියන එක මේකෙදි පැහැදිලි වෙනවා. ඒත් TVA එක හරියි කියන මතයේ එයා ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ. සිල්වි තමන්වම පෲන් කරගත්තට පස්සෙ රැවෝනා, මිස් මිනිට්ස් ට කියනවා TVA එක ආරම්භය ගැන ඔක්කොම විස්තර හොයන්න කියලා. මේ ගැන මුලදි මිස් මිනිට්ස් පොඩ්ඩක් අදි මදි කලා වගේ එකක් මට නම් තේරුනා. පස්සෙ ඒක කරන්නෙ ආරක්ශාවට කිව්වම පොඩ්ඩක් ශේප් උනා වගේ ගතියක් මට මෙතනදි දැනුනා. 


Loki and Mobius Hug


ඊළඟට අපි දකිනවා වොයිඩ් එක ඇතුලෙදි මෝබියස් එහෙමත් ඉන්නවා. සිල්වි අරගෙන ආපු රැවෝනගේ ටෙම්පෑඩ් එක පාවිච්චි කරලා මෝබියස් ආපහු TVA එකට යනවා. ඒ යන්නෙ TVA එක විනාශ කරන්න. යන්න ඉස්සෙල්ලා ලොකීට හග් එකක් එහෙම දීලා යන්නෙ. සීරීස් එක පටන් ගත්ත දවසෙ ඉදලා එනකන් බලපු හිටපු සීන් වලින් එකක් තමයි ඒ හග් එක. 


Alioth Attacks Sylvie


සිල්වි වොයිඩ් එකට එන තැනදිම සිල්විට ඇලයත් ඇටෑක් කරනවා. ඒකෙන් සිල්විගෙයි ඇලයත් අතරයි තප්පර ගානක කනෙක්ශන් එකක් ඇති වෙනවා. මේකෙන් සිල්වි දැනගන්නවා මේ ඇලයත් ට පස්සෙත් තව මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒ නිසා සිල්වි ලොකීගෙ ඇලයත් ව මරන්න හිතන් හිටපු ප්ලෑන් එක නවත්තලා දාන්න කියනවා. ඒ වෙනුවට සිල්වි කියනවා ඇලයත්ව එන්චාන්ට් කරමු කියලා. මෝබියස් මෙ ඇලයත් ව හඳුන්වන්න ලස්සන නමක් යූස් කරනවා තැනකදි. Angry Cloud කියලා තමයි කියන්නෙ. 


Loki & Sylvie


එපිසෝඩ් එකේ තැනකදි ලොකී සහ සිල්වි දෙන්නා එයාලගෙ නෙක්සස් ඉවෙන්ට් එක ගැන කතා වෙනවා. ඔයාලට මතක නම් එපිසෝඩ් 4 එකේදි මෝබියස් කියනවා ඒ නෙක්සස් ඉවෙන්ට් එකෙන් TVA එකම ඩවුන් කරලා දාන්න පුලුවන් කියලා. ඒ එච්චරට පවර්ෆුල්. ඒත් ලොකී සිල්වි දෙන්නා අපි දැකපු විදියට නම් ඒ දෙන්නා දෙන්නට දෙන්නා කැමතී කියලා පිලිගන්න කැමති නෑ වගේ. මට ඔය සීන් එකත් එක්ක 2014 ආපු Predestination මූවි එකත් පොඩ්ඩක් මතක් වෙනවා. 


Powerful Classic Loki


දැන් එමු අවසානෙට. අවසානෙදි සිල්විගෙ ප්ලෑන් එකට අනුව ලොකී සහ සිල්වි යනවා ඇලයත් ව එන්චාන්ට් කරන්න. ඒ අතරෙ ක්ලැසික් ලොකී ඇස්ගාඩ් වල රියැලිටි ප්‍රොජෙක්ශන් එකක් දාලා ඇලයත් ගෙ අවධානෙ ඒ පැත්තට ගන්නවා. ක්ලැසික් ලොකී ගොඩක් පවර්ෆුල් මෙයාට පෝර්ටල් එහෙමත් ඕපන් කරන්න පුලුවන් කියලා අපි එපිසෝඩ් එකේදි දැක්කා. ඒ වගේම මෙතනදි ලොකී කියනවා අපි හිතනවට වඩා අපි පවර්ෆුල් කියලා. ඊළග මොහොතෙදි අපිට දැකගන්න පුලුවන් වෙනවා ලොකීටත් එන්චාන්ට් කරන්න පුලුවන් කියන එක. මේ ගැන සිල්වි එපිසෝඩ් 3 එකේදි කියනවා. ඒ ඔක්කොම එක්කෙනා නිසා ලොකීටත් ඒක පුලුවන් වෙන්න ඕන කියලා. 


Ending


ඉතින් කෝමහරි සිල්වි සහ ලොකී එකතු වෙලා ඇලයත්ව එන්චාන්ට් කරනවා. එතනින් මාලිගාවකට වගේ තැනකට පාරක් විවෘත වෙන තැනින් තමයි එපිසෝඩ් එක ඉවර වෙන්නෙ. ඉතින් කවුද මේ මාලිගාවෙ ඉන්නෙ? බොහෝ දුරට මන් අර උඩ සඳහන් කරපු කෙනා (Kang the conquer) වෙන්න පුලුවන්. ඊළග සතියෙ බදාදා තමයි හය වෙනි එපිසෝඩ් එක වගේම සීසන් ෆිනාලේ එක. අපිට ඔක්කොම දේවල් දැනගන්න නම් ඒකත් බලන්නම වෙනවා. එතකන් හැමෝටම ජය. තවත් ලිපියකින් හම්බෙමු. 


Journey Into Mystery (2021) on IMDb

11 Comments

  1. ������

    ReplyDelete
  2. නයිස් කොල්ලො😍❤️

    ReplyDelete
  3. සුපිරි! episode එක බැලුවට eke අහු වුණේ නැති තව ගොඩක් දේවල් දැනගත්තා 😍😋

    ReplyDelete
  4. Aya youtube ekata loki review danne nadda

    ReplyDelete
    Replies
    1. දානවා අනේ... ඒවා නොදා කොහොමත අනේ...

      Delete
  5. සුපිරි කොල්ලෝ ❤️🔥

    ReplyDelete
  6. ම්ම් රස එව්වා 🙊❤

    ReplyDelete
  7. සුපිරියටම තියනවා🤩🤩

    මේක එක season එකකින් ඉවරද??2වෙනි season එකක් එනවද??👀👀

    ReplyDelete
    Replies
    1. සීසන් එකකින් ඉවර වෙනවා කියලා තමයි දැනට නම් දන්නෙ. සීසන් ෆිනාලෙ එක ඊළඟ බදාදා. (14)

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post