හැමෝම දන්න Kingsman ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක ඩිරෙක්ට් කරපු Mathew Vaughn ගේ අළුත්ම ෆිල්ම් එකේ කාස්ට් එක මේ වෙනකොට තෝරගෙන තියෙනවා.ෆිල්ම් එකේ නම Argylle.මේ අගෝස්තු වලදී යුරෝපයේ ශූටින් පටන් ගන්න මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නෙත් ප්‍රොඩියුස් කරන්නෙත් Mathew Vaughn මයි.ඒ එයාගේ ම ස්ටූඩියෝ කම්පැණි එක වෙන Marv Studios හරහා.Kingsman සහ Kickass වගේ ෆිල්ම්ස් නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ස්ටූඩියෝ එකෙන්.
![]() |
Mathew Vaughn |
මේ අනුව ෆිල්ම් එකේ කාස්ට් එකට Henry Cavill,Sam Rockwell,Bryca Dallas Howard,Bryan Cranston,Catherine O'Hara,John Cena සහ Samuel L. Jackson ප්‍රධාන වශයෙන් එකතු වෙනවා.මේක නම් සුපිරිම කාස්ට් එකක් කියලා මෙයාලා ගැන දන්න ඕන කෙනෙක්ට තේරෙනවා.ඒ එක්කම ජනප්‍රිය පොප් ගායිකාවක් වෙන Dua Lipa ද එයාගේ ජීවිතේ පළමු වරට ෆිල්ම් එකක් වෙනුවෙන් මේ ෆිල්ම් එක හරහා රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම ෆිල්ම් එකේ ස්කෝර් එක සහ තේමා සංගීතය නැත්නම් title track එක කරන්නත් Dua Lipa ඉදිරිපත් වෙලා තියෙනවා.
![]() |
Henry Cavill-Sam Rockwell-Bryce Dallas Howard-Bryan cranston-Catherine o'hara-John cena-Dua lipa-Samuel L jackson |
මේ ෆිල්ම් එක ඉදිරියේ දි නිකුත් කරන්න ඉන්න Ellie Conway විසින් රචනා කරපු රහස් ඔත්තු නවකතාවක් ඒ කියන්නේ Spy novel එකක් වෙන Argylle කියන පොතෙන් බේස් වෙලා තියෙනවා.මේ කතාව ලෝකය පුරා විහිදෙන ක්‍රියාදාමයක පැටලිලා ඉන්න ලෝකේ හොඳම රහස් ඔත්තුකරුවා වෙන Argylle කියන පුද්ගලයා වටේ ගෙතෙනවා කියලයි සඳහන් වෙන්නේ.දැනටමත් මේ ෆිල්ම් එක අඩුම ගාණේ ෆිල්ම් 3 ක ෆ්‍රැන්චයිස් එකක් හදන්න ටාගට් කරගෙන නිෂ්පාදනය කරනවා කියලයි ආරංචි වෙන්නේ.ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක ඇමෙරිකාව,ලන්ඩන් සහ ලෝකය පුරා විහිදුණු තවත් ලොකේෂන් කිහිපයක් පුරාම විහිදෙනවා කියලා කියනවා.
![]() |
Henry Cavill from Mission Impossible:Fallout |
ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ Wonder Woman ස්ක්‍රිප්ට් එක ලියපු Jason Fuchs.Mathew Vaughn ට අනුව මේ ෆ්‍රැන්චයිස් එක ලෝකේ හොඳම Spy genre යටතේ එන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් වෙන්න පුළුවන් නු.මේ ගැන එයා කියලා තියෙන්නේ මෙහෙමයි.
“When I read this early draft manuscript I felt it was the most incredible and original spy franchise since Ian Fleming’s books of the 50s. This is going to reinvent the spy genre.”
මේ වෙනකොට Marv Studios එක Kingsman ෆ්‍රැන්චයිස් එක සාර්ථකව කන්ටිනියු කරගෙන යනවා.ඒකත spy genre එකටමයි අයිති වෙන්නේ.Kingsman ෆිල්ම්ස් අපිව මොන අතකින්වත් ඩිස්පොයින්ට් නොකරපු වෙන කිසිම Spy film එකකින් නොදුන්නු vibe එකක් අපිට දුන්නු ෆ්‍රැන්චයිස් එකක්.Argylle ෆ්‍රැන්චයිස් එකත් අපි හැමෝම ආදරය කරන සුපිරිම spy ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.
![]() |
Kingsman |
(Source - Deadline )