ඔන්න අරගෙන ආවා අද ආපු ලොකී සීසන් වන් එකේ හය වෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක. තවත් විදියකට කියනවා නම් සීසන් ෆිනාලේ එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක. මේ එපිසෝඩ් එකත් එක්ක ලොකී සීසන් වන් අවසාන වෙනවා. යමු බ්‍රේක්ඩවුන් එකට.
Intro |
Citadel |
Time Keeper Statues |
ඊළගට අපි දකිනවා ලොකී සහ සිල්වි තැනකට යනවා. එතන පිලිම හතරක් තියෙනවා. ඒත් එකක් කැඩිලා තියෙන්නෙ. ඒ පිලිම තුන ගත්තොත් ඒ තුනේ ඉන්නෙ ටයිම් කීපර්ස්ලා. ඉතින් එතකොට හතරවෙනි ඒ කියන්නෙ කැඩිලා තියෙන පිලිමෙ කවුද හිටියෙ? මේ He who Remains ටයිම් කීපර්ස්ලව හදද්දි හතර දෙනෙක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් ඊජිප්තුවට පිටුවහල් කරලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ පිටුවහල් කරපු කෙනාගෙ පිලිමෙ නටබුන් වෙන්න පුලුවන්. පිටුවහල් කරපු නිසා පිලිමෙ කඩන්න ඇති. මාවල් ෆැන්ඩම් සයිට් එකෙත් මේ ගැන තිබුනා සහ කොමික් කියවන අය නම් දැනටමත් මේ ගැන දන්නවා ඇති.
He Who Remains AKA Kang The Conquerer |
ඊළගට අපිට දකින්න පුලුවන් මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එක. වන්ඩාවිශන් වගේ නෙවෙයි මේකෙදි අපි කියපු තියරිය තහවුරු කරමින් අපිට Kang the Conquerer ගෙ තවත් වර්ශන් එකක් වන He Who Remained කියන වර්ශන් එක දකින්න ලැබෙනවා. කොමික් වල නම් මේ දෙන්න දෙන්නෙක්. MCU එකට එද්දි එක්කෙනෙක් කරලා තමයි ඇවිල්ලා තියෙන්නෙ. ඒ කියන්නෙ He who Remains කියන්නෙත් කෑන්ග් ගෙ වර්ශන් එකක් විදියට තමයි අරන් තියෙන්නෙ. හරියට ලේඩි ලොකී සහ එන්චාන්ට්‍රස් ව කම්බයින් කරලා සිල්වි කැරැක්ටර් එක හැදුවා වගේ. මේ He who Remains ට රගපාන නලුවා තමයි ජොනතන් මේජර්ස්. මෙයාව ඈන්ට්-මෑන් ඊළග ෆිල්ම් එකට කෑන්ග් හැටියට කාස්ට් කරලත් ටික දවසක් වෙනවා. ඉතින් දකිද්දිම තේරුනා මේ ඉන්නෙ කෑන්ග් කියලා.
Script |
ඒ වගේම මෙයා මේ වෙනකන් වෙන දේවල් ඔක්කොම දන්නවා කියන එක පේනවා. ඔක්කොම ස්ක්‍රිප්ටඩ් වගේ තමයි තියෙන්නෙ. ඒ වගේම ස්ක්‍රිප්ට් එක වගේ එකත් අපිට බලාගන්න පුලුවන්. සිල්වි එයාව මරන්න හදන හැමවෙලේම කෑන්ග් බේරෙන්නෙ මේ දේවල් දන්න නිසා. ඒ වගේම කෑන්ග් කියනවා ලොකී සහ සිල්වි කෑන්ග් ව හොයාගත්තේ එයා පාර හදපු නිසා කියලත්. ඒ වගේම කෑන්ග් කියනවා TVA එක සහ එයා නැත්තන් හැමදේම අලු වෙලා යනවා කියලා. මෙතනදි ලොකී අහනවා ඔයා කාටද බය එහෙනම් කියලා. කෑන්ග් කියන්නෙ මටම කියලා. ඒ කියන්නෙ තමන්ගෙම අනිත් වර්ශන් වලට කියන එක. මෙතනදි කෑන්ග් කියන තවත් කතාවක් තමයි ඔයාල හිතනවනම් මම බයානකයි කියලා ඔයාලා මගේ අනිත් වර්ශන් ගැන දන්නෙ නෑ කියන එක. මෙතන අපි දකින කෑන්ග් ගොඩක් දරුණු වර්ශන් එකක් නෙවෙයි කියලාත් තේරුම් ගන්න පුලුවන්.
Ending Multiversal War |
කොහොමහරි සිල්වි මෙයා කියන එක පිලිගන්නෙ නෑ. නමුත් ලොකී හිතනවා මෙයා කියන්නෙ ඇත්ත වෙන්න ඇති කියලා. සිල්වි ඉන්නෙ මේ කෙනා නිසා තමන්ට පොඩි කාලෙ ඉදලා දුක් විදින්න උන එක ගැනත් තරහෙන්. ඒ වගේම මේ කෑන්ග් කියනවා ඔයාලට පුලුවන් මෙතන ඉදන් මේක කරගෙන යන්න එහෙමත් නැත්තන් මාව මරලා මන් ගැන කරදර නොවී මගේ අනිත් අය ගැන කරදර වෙන්න කියලා. මෙතනදි සිල්වි කෑන්ග් ව මරන්න හැදුවත් ලොකී ඒක කරන්න දෙන්නෙ නෑ. ඒ වගේම සිල්වි සහ ලොකී කිස් එක අපිට මේකෙදි බලාගන්න පුලුවන් උනා හිතුව විදියට උනේ නැති උනත්. කිස් එක පාවිච්චි කරලා සිල්වි ලොකීව පෝර්ටල් එකක් ඕපන් කරලා TVA එකට තල්ලු කරලා දානවා. ලොකී ආයෙත් TVA එකේ හිරවෙනවා. ඒ අතරේ ඒකෙන් ප්‍රයෝජනේ අරගෙන සිල්වි කෑන්ග් ගෙ මේ He Who Remains කියන වර්ශන් එක මරලා දානවා.
Sacred Timeline Branching |
ඊළගට අපිට බලාගන්න පුලුවන් සෙක්‍රඩ් ටයිම් ලයින් එකේ බ්‍රාන්චස් හැදෙන විදිය සහ ඒ හැදෙන බ්‍රාන්චස් වලත් තව බ්‍රාන්චස් හැදෙන්න ගන්නවා. සරලවම මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්. ලෝක පිස්සුවක්. ඒ කියන්නෙ මල්ටිවර්සල් වෝ එක ආයෙ වෙන්න හදන්නෙ මේ. ඒ වගේම MCU එකේ අනාගතයේදි ඉන්න ලොකුම විලන් කෑන්ග් වෙයි කියලා හිතන්න පුලුවන්. ඒ වගේම ඉස්සරහට කෑන්ග් ගෙ අනිත් වර්ශන් එහෙමත් බලාගන්න පුලුවන් වෙයි. ඒ වගේම ඩොක්ටර් ස්ට්‍රේන්ග් මෑඩ්නස් ඔඩ් ද මල්ටිවර්ස් එකට සහ ස්පයිඩර් මෑන් නෝ වේ හෝම් එකටත් මේකෙන් පාර කැපුනා. හෙට අනිද්දට ස්පයිඩර් මෑන් ට්‍රේලර් එක එන්නත් බැරි කමක් නෑ.
Statue of Kang |
ඊළගට TVA එකේදි ලොකී මෝබියස්ව හම්බෙලා භයානක දෙයක් වෙන්න යනවා කියලා සිදුවීම කියනවා. ඕ ශිට් මොකක්ද ඒ උනේ? මෝබියස් ලොකීව අඳුරගත්තෙ නෑ. කෝමහරි TVA එකේ තිබුන ටයිම්කීපර්ස්ලගෙ ස්ටැචූස් වෙනුවට කෑන්ග් ද කොන්කර (Kang the Conquerer) ගෙ ස්ටැචූ එකක් තියෙනව දැක බලාගන්න පුලුවන් වෙනවා. ඒක පෙන්නන තැනින් එපිසෝඩ් එක ඉවර වෙනවා. මේක සමහරවිට වෙන යුනිවර්ස් එකක් වෙන්න පුලුවන්. නැත්තන් කෑන්ග් ව මරපු නිසා වෙන්න පුලුවන්. මොකද කෑන්ග්ට ඕන විදියටනෙ TVA එක දුවන්නෙ. කෑන්ග්ව මරපු නිසා නෙක්සස් ඉවෙන්ට් එකක් හැදිලා TVA එකේ රියැලිටි එක චේන්ජ් උනා වෙන්නත් පුලුවන්. ඉතින් ඒ ගැන දැනගන්න නම් අපිට ඉන්න වෙනවා සීසන් 2 එනකන්. මෙතනින් ලොකී එපිසෝඩ් 6 බ්‍රේක්ඩවුන් සහ ලොකී සීසන් වන් එක ඉවර වෙනවා.... ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. මේකෙදි එන්ඩ් ක්‍රෙඩිට් සීන් එකක් වෙනුවට ලොකී සීසන් 2 එකට රිනීව් උනා කියලා අපිට පෙන්නනවා. ඉතින් සීසන් ටූ එනකන් බලන් ඉන්න වෙනවා ගැට ටික ලෙහාගන්න නම්. ඒ වගේම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මීලග ෆිල්ම් එකෙත් ලොකී ඉන්නවා කියලා මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා.
සුපිරි��
ReplyDeleteSeason 2 එන්න කොච්චර කල් යයිද සාමාන්‍යයෙන්��
🤩🤩
ReplyDelete