ඔන්න එහෙනම් අවුරුදු දෙකක් පුරාවට තිබ්බ ඇරියස් කවර් වෙලා යන්නත් එක්ක Black Widow බැලුවා පෙරේදා. ඉස්සෙල්ලාම කියන්න ඕනි දෙයක් තමා තියටර් එකක බලන්න ඕනි එකක් තමා කරන්න දෙයක් නැති කමට ඩවුන්ලෝඩ් කරලා බැලුවේ. ලංකාවෙත් ඉක්මනටම තියටර්ස් ඕපන් කරන කතාවක් ගියාට එච්චර කල් හිටියොත් මේක ස්පොයිල් වෙනවා. මේවා ස්පොයිල් කරන් බලලා කිසිම තේරුමක් නැති නිසා ඉක්මනටම බලලා දැම්මා. පර්සනලි ගත්තාම බලාපොරොත්තු උනාට වඩා පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් දැක්කා ෆිල්ම් එකේ. ඒත් සමස්ථයක් විදියට ගත්තාම ෆිල්ම් එක හොදයි. සේරටම වඩා MCU එකේ තිබ්බ හොඩැස් ගොඩක් මේකෙන් පිරෙව්වා. ඒ වගේම බ්ලැක් විඩෝට හොද අවසානයක් ලබා දුන්නා.
![]() |
Black Widow Official Poster |
මේක තමා MCU Phase 4 (4 වන අදීරය) එකේ පළවෙනි ෆිල්ම් එක. 2019 දී රිලීස් උන Spiderman: Far From Home එකට පස්සේ ආව පළවෙනි MCU ෆිල්ම් එක තමා මේ. මේ අවුරුද්දේ මුල ඉදන් එන්න පටන් ගත්ත MCU සීරීස් ටිකනම් අතිශය සාර්ථකයි. හැබැයි ඒ පටන් ගත්ත ස්ටාර්ට් එක මේකේ ස්ටෝරිය පැත්තෙන් ගත්තාම ටිකක් අවුල් ගියා කියලයි මට හිතෙන්නේ. නිකන් හිතන්න.. වන්ඩාවිශන් එකෙන් MCU මල්ටිවර්ස් එකට පාර හැදුවා, ෆ්ලැකන් & වින්ටර් සෝල්ජර් එකෙන් අලුත් කැප්ටන් ඇමෙරිකා කෙනෙක් හැදුවා, ලෝකි එකෙන්... ඒක ගැනනම් කියන්න ඕනි නෑ.. සප්‍රායිස් ලෝකයක් ඒක 🤩 ඒත් බ්ලැක් විඩෝ එකේ එහෙම දැනෙන්න දෙයක් තිබ්බේ නෑ නේද? මං සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් තව එකක් එක්ක කම්පෙයා කරන්න හරිම අකමැති කෙනෙක්. ඒත් බ්ලැක් විඩෝ ට්‍රේලර් එක ආව දවසේ ඉදන් මං බලාපොරොත්තු උනේ කැප්ටන් ඇමෙරිකා වින්ටර් සෝල්ජර් ෆිල්ම් එකේ ෆීමේල් වර්ශන් එක මේක වෙයි කියලා. ඒ නිසාමදෝ මංදා මෙච්චර අවුල් ගියෙත් ෆිලුම බැලුවට පස්සේ. කමක් නෑ.. කතා කරන් යන්කෝ ඉස්සරහට. මුලින්ම අපි බලමු කතාව ගලපගන්න. බ්ලැක් විඩෝ කොමික් ගැන ලොකු දැනුමක් නැති නිසා මං කොමික් රෙෆරන්ස් ගැන මේ ලිපියේ කතා කරන්නේ නෑ. සම්පූර්ණම MCU එක බේස් කරන් තමයි ෆිල්ම් එක ගැන කතා කරන් යන්නේ.
ෆිල්ම් එක බලලා නැත්තම් මෙතනින් එහාට කියවන්න එපා. බලලා ඇවිත් කියවන්න.
කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ එකට පස්සේ සහ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ එකට කලින් යන කතාවක් තමා මේකේ තියෙන්නේ.
![]() |
MCU Time Line |
සිවිල් වෝ එකේදී සොකෝවියා සම්මුතීන් වලට විරුද්ධව කැප්ටන් ඇමෙරිකාගේ පැත්ත ගත්ත නිසා නතාශා පස්සෙන් US ගවර්මන්ට් එක පන්නනවා. සමහරු කල්පනා කරන්න ඇති ඇයි නතාශා එක්ක කැපා නැත්තේ කියලා. මතකනේ.. සිවිල් වෝ එකේ අන්තිම ෆයිට් එකෙත් නතාශා හිටියේ අයන් මෑන්ගේ පැත්තෙ.
![]() |
Captain America Civil War (2016) |
ඒත් අවසානෙටම නතාශා බ්ලැක් පැන්තර්ට ඇටෑක් කරලා කැපාට සහ බකීට කුයින් ජෙට් එකෙන් පැනලා යන්න උදව් කරනවා.
![]() |
Captain America Civil War (2016) |
ඒ සිදුවීමෙන් පස්සේ නතාශා එතනින් පැනලා යන්න ඇති. මොකද කැපාගේ පැත්තේ හිටිය සෑම්, ක්ලින්ට්, ස්කොට්, වන්ඩව එහෙම හිර කරලා තියෙනවා අපි දැක්කනේ සිවිල් වෝ එකේ අන්තිමට.
![]() |
Captain America Civil War (2016) |
හැබැයි එතන නතාශා හිටියේ නෑ. ඔන්න දැන් අපි දන්නවා නතාශට එතනින් පස්සේ මොකද උනේ කියලා.
ෆිල්ම් එක පටන් ගන්නේ නතාශගෙ බැක් ස්ටෝරි එකෙන්. ඒ ටිකටනම් පර්සනලි මං ආසයි. මෙතන නතාශගෙ පොඩි කාලේ චරිතයට රගපාන්නේ එවර් ඇන්ඩර්සන්.
![]() |
Ever Anderson as Natasha Romanoff's Younger Self |
මෙයා තමා මිලා යෝවවිච්ගේ දුව. මිලාව දන්නවානේ.. රෙසිඩන්ට් ඊවල් ෆ්‍රැන්චයිස් එකේ ප්‍රධාන නිලිය.
![]() |
Ever Anderson and Milla Jovovich |
කොහොමහරි මෙතන ඉන්නේ ෆේක් ෆැමිලි එකක්. ඒ කියන්නේ මේ කාටවත් ලේ සම්බන්ධකමක් නෑ.
![]() |
Black Widow (2021) |
මෙයාලා ඇමෙරිකාවට එන්නේ ජෙනරල් ඩ්‍රේකොව්ගේ මිශන් එකකට. මේ ගැන ඉස්සරහට පැහැදිලි කරන්නම්. කොහොමහරි මෙයාලා මිශන් එකෙන් සාර්ථක උනාට එදාම මෙයාලට ඇමෙරිකාවෙන් යන්න වෙනවා. එතකොට මෙච්චර කල් ඉදලා එක පාරටම මෙයාලා ගැන US ඔෆිසර්ලා දැනගන්නේ කොහොමද? මෙහෙමයි.. මෙයාලා කියුබාවට ගියාට පස්සේ ඩ්‍රේකොව් ඇලෙක්සිගෙන් ඩිස්ක් එකක් ඉල්ලගන්නවා දැක්කනේ..
![]() |
Black Widow (2021) |
ආන් ඒත් එක්කම ඩ්‍රේකොව් අහනවා North Institute එකට මොකද උනේ කියලා. එතකොට ඇලෙක්සි කියනා ඒක ගිනිබත් කලා කියලා.
![]() |
Black Widow (2021) |
ඒ කියන්නේ මිනිහා එතනින් ඕනි කරන ටික අරන් ඒක සම්පූර්ණම විනාශ කරලා දාලා. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති රෙඩ් රූම් එකේ ඩ්‍රේකොව් ලග තියෙන මේ ටෙක්නොලජි එක් ඇමෙරිකාවේ හෝ ලෝකේ වෙන කොහේවත් නැත්තේ. මේ සේරම ඉස්සරහට පැහැදිලි කරන්නම්.
එතනදී නතාශව සහ යෙලේනව රෙඩ් රූම් එකට අරන් යනවා.
![]() |
Black Widow (2021) |
එතන දෙබස් අනුවනම් නතාශා මීට කලින්ම රෙඩ් රූම් එකේ ට්‍රේන් වෙලා තියෙනවා. හැබැයි යෙලේනා එහෙම් නෑ. ෆිල්ම් එකේ මැද අර ෆාම් එකක් වගේ තැනක තිබ්බ ගෙදරක මෙයාලා ආයේ හම්බවෙන්නේ. එතනදී යෙලේනා කියනා "ඔයාලට ඒ දේවල් බොරුවක් උනාට මට ඒ හැමදෙයක්ම ඇත්තක්" කියලා. ඒ කියන්නේ යෙලානා මේ මිශන් එකේ දේවල් ගැන දැනන් ඉදලා නෑ.
![]() |
Black Widow (2021) |
ඒ වගේම කියුබාවෙදී ඇලෙක්සි තව විශේෂ දෙයක් කියනවා. යෙලේනවත් ඇදන් යන්න හදනකොට නතාශා ඒකට ඉඩ දෙන්නෙ නෑ. නතාශා කෑ ගහලා කියනවා යෙලේනට තාමා අවුරුදු හයයි (සරලව කිව්වොත් එයා තාම පොඩී) කියලා. එතකොට ඇලෙක්සි කියනවා යෙලේනටත් වඩා පොඩි කාලෙදි තමා ඔයා ජොයින් උනේ කියලා. එතනින්ම හිතාගන්න පුලුවන්නේ කොච්චර දරුණු අතීතයක්ද නතාශට තිබිලා තියෙන්නෙ කියලා. අවුරුදු 6ක් වෙන්නත් කලින් අර වගේ දේකට අහු උනා කියන්නෙ 🙏 ඒ වගේම අනිත් විඩෝලට වඩා නතාශා ටැලැන්ටඩ් කියන්නත් ඒක හොද උදාහරණයක්. මොකද නතාශාගෙ එක්ස්පීරියන්ස් එක, ට්‍රේනින් එක වැඩී. පොඩිම කාලේ ඉදන්මනේ..
කොහොමහරි ඔතනින් අවුරුදු 21කට පස්සේ ඉන්න නතාශව (වර්තමානයේ) අපිට බලාගන්න පුලුවන්.
![]() |
Black Widow (2021) |
මුලදිම මිලිටරි ෆෝස් එක්ක නතාශා පස්සේ පන්නන්නේ Thaddeus Ross. තන්ඩබෝල්ට් රෝස් කියලා කියන්නෙත් මෙයාටමයි.
![]() |
Black Widow (2021) |
මතකනේ.. සිවිල් වෝ එකේ සොකෝවියා සම්මුතීන් ගැන ඇවෙන්ජර්ස්ලව දැනුවත් කරන්නෙ මෙයා.
![]() |
Captain America Civil War (2016) |
මෙයා ඇමෙරිකානු හමුදාවේ හිටපු ලුතිනන් ජෙනරාල් කෙනෙක්. ඒ වගෙම වර්තමාන ඇමෙරිකාවේ (MCU එකට අනුව) රාජ්‍ය ලේකම් විදියට කටයතු කරන්නෙත් මෙයා. කොහොමහරි පොර හිතන් හිටියට විඩෝව අල්ලගන්න බැරි වෙනවා. විඩෝ ඉන්නේ වෙන දිහාවක. එයාගේ බ්ලෙට් එක විතරක් අර හොටෙල් එකේ දාලා යනවා. මොකද බෙල්ට් එකේ තමා ට්‍රැකර් එක තියෙන්නේ.
![]() |
Black Widow (2021) |
කොහොමහරි ඊට පස්සේ නතාශා නෝර්වේ වලට යනවා. නතාශා අර කාර් එකේ යනකොට තියෙන ලෑන්ඩ්ස්කේප් ශොට් එකනම් පට්ට පට්ට.
![]() |
Black Widow (2021) |
ඔන්න ඊට පස්සේ අපිට යෙලේනගෙ තරුණ කාලේ බලාගන්න පුලුවන්.
![]() |
Black Widow (2021) |
යෙලේනගෙ චරිතෙ කරන්නේ ෆ්ලෝරන්ස් ෆියු. පර්සනලි ෆිල්ම් එකේ මට වැඩිපුරම හයිලයිට් වුන චරිතෙ. ෆ්ලෝරන්ස්ට තාම අවුරුදු 25යි. අපේ ටොම් හොල්න්ඩ්ගේ වයස. පේනවානේ මේ වයසට මෙයාලා කොච්චර දුර ගමනක් ඇවිල්ලද කියලා. එකම ටිපිකල් මගුල් නොකර තමන් ආස, තමන් ටැලන්ටඩ්, තමන්ගෙ පැශන් එක ෆලෝ කරන්න කියන්නේ ඒකයි. ඉස්සරහට MCU එකේ අලුත් බ්ලැක් විඩෝ විදියට මෙයාව බලාගන්න පුලුවන් වේවි ගොඩක් දුරට. එහෙම උනොත් මරු. හැබැයි පුතේ මෙතන සිදුවීම පෙන්නන්පු විදියටනම් මං පොඩ්ඩක්වත් කැමති නෑ. ෆිල්ම් එකේ ප්ලොට් එකේ දැක්ක ලොකුම අවුල් වලින් එකක් මේක. නිකන් හිතන්න.. විඩෝලා සෙට් එකක් කේනෙක්ව හන්ට් කරනවා. යෙලේනා එයාව අල්ලගෙන පිහියෙන් අනිනවා. ඒ කෙල්ල යේලේනට රතු පාට ගෑස් එකක් ගහනවා. යෙලේනට මොකක්ද වෙලා එයාම මරපු කෙල්ලගෙ අතින් අල්ලන් දුක් වෙනවා. මොකක්ද බන් ඒ 😣
![]() |
Black Widow (2021) |
![]() |
Black Widow (2021) |
කෝ මේකේ බැක් ස්ටෝරි එක. ෆිල්ම් එක මැද්දී මේ මොකක්ද කියලා කියනවා තම. ඒත් මෙතන වෙන එක මෙහෙම නිකාන් පෙන්නුවාම අවුල් නේද? මොකද ඒ රතු පාට ගෑස් එකක් වගේ තියෙන ඇන්ටිඩොට් (විශ නාශක) එක තමා ෆිල්ම් එකේ ප්ලොට් එකේ ප්‍රධානම ඔබ්ජෙක්ට් එක. සරලව කිව්වොත් ඒක නැත්තම් මේකේ කතාවක් නෑ.
![]() |
Black Widow (2021) |
ඒක ඉන්ට්‍රඩියුස් කරන්න මීට වඩා හොද සීන් එකක් ගන්න තිබ්බ. අනික යෙලේනා ගැන මීට කලින් අපි මෙලෝ දෙයක් දැකලා නෑ MCU එකේ. අපි එක පාරටම දකින්නේ රෙඩ් රූම් එකේ මිශන් එකකට ගිහින් ආයේ රෙඩ් රූම් එකටම විරුද්ධ වෙන යෙලේනා කෙනෙක්. තනිකරම කන්ෆුයිස් උන්ගා බුන්ගා. මං ඔය කියන එක නොතේරෙනවානම් වින්ටර් සෝල්ජර් එකේ සෑම්ව ඉන්ට්‍රඩියුස් කරන විදිය බලන්න. බකීව විලන් කෙනෙක් විදියට ගේන එක බලන්න. කොහොමරි මෙතනදී අර යෙලේනා මරන්නෙත් රෙඩ් රූම් එකේ විඩෝ කෙනෙක්. එයා මැරෙන්න කලින් අර ඇන්ටිඩොට් ටික යෙලේනා අතට දීලා කියනවා අනිත් අයවත් බේරගන්න කියලා.
![]() |
Black Widow (2021) |
ඊට පස්සේ අපි දකිනවා ඒජන්ට් කෙනෙක් නතාශට උදව් කරනවා.
![]() |
Black Widow (2021) |
O.T ෆැග්බෙන්ලි තමා මේ චරිතෙ කරන්නේ. කැරැක්ටර් පෝස්ටර් එකක් එහෙමත් ආවා.
![]() |
Black Widow character Posters |
මෙයාගෙ නම රික් මේසන්. රහිසගතව මිශන් කරන්න මෙයා අති දක්ශයෙක්. ඒ වගේම ශීල්ඩ් එකේදී මෙයා නතාශගෙ යාලුවෙක්. දැන් ශීල්ඩ් එක නෑනේ. ඉතිං මෙයාලා එක එක තැන් වල ඉන්නේ. ආ... ස්පෙශලි.. මෙයා නතාශට ක්‍රශ්. ඒකනම් ෆිල්ම් එක බලනකොට තේරෙන්න ඇතිනේ. කොල්ලා පැණිය හලනවා 😂 මතකද අන්තිමේට මේයා නතාශට කුයින් ජෙට් එකක් දෙනවා. ඒකෙත් විස්තර කියන්නම් ඈ ඉස්සරහට.. ඒ සීන් එක දැක්කාම මට හිතුනා මෙයාව ඉස්සරහට MCU එකෙන් ආයේ බලාගන්න පුලුවන් වෙයි කියලා. මොකද කුයින් ජෙට් එකකට ඇක්සස් තියෙනවා කියන්නෙ මෙයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. කොහොමරි මෙයා තමා නතාශට ඕනි කරන දේවල් දෙන්නේ. ඒත් එක්කම මෙයා නතාශට බඩු වගයක් දෙනවා. බුඩපෙස්ට් වල සේෆ් හවුස් එකේ තිබ්බ දේවල් ටිකක් කියලයි කියන්නේ. නතාශා මේක එච්චරම කෙයා කරන්නේ නෑ. ඒ පෙට්ටියේ තියෙනවා කලින් යෙලේනට හම්බවුන ඇන්ටිඩොට් තියෙන කලු පාට කේස් එකත්.
![]() |
Black Widow (2021) |
ආ.. තව අර බුඩපේස්ට් කියන වචනේ ප්‍රනවුස් කරන විදියත් නතාශා හරියටම කියනවා එතන. නතාශා ඒ වචනේ ප්‍රනවුස් කරන්නේ "බුඩපේශ්ට්" කියලා. බුඩපේස්ට් වල හංගේරියානූ ප්‍රනවුසියේශන් එක තමා ඒ.
![]() |
Black Widow (2021) |
ඔය ට්‍රේලර් එකේ ඉන්නකොට නතාශා ලැප් එකකින් ෆිල්ම් එකක් බලනවා නේද.. 1979 ආව Moonraker ෆිල්ම් එක තමයි ඒ බලන්නේ. ඒක ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක්
![]() |
Black Widow (2021) |
![]() |
Moonraker (1979) |
කොහොමහරි ඊට පස්සේ නතාශා ඉන්න ට්‍රේලර් එකේ ජෙනියේ තෙල් ඉවර නිසා ඒවා ගේන්න තමා වාහනේ නැගලා යන්නේ. මේ වෙනකොටත් අර ඇන්ටිඩොට් තියෙන කේස් එක නතාශගෙ වාහනේ පිටිපස්සේ තියෙනවා.
![]() |
Black Widow (2021) |
හොදට අහලා පුරුදු සිංදුවක් එහෙම ප්ලේ වෙනවා එතන.
Come on, come on, turn the radio on
It's Friday night, and it won't be long
Gotta do my hair, put my make-up on
It's Friday night, and it won't be long
'Til I hit the dance floor, hit the dance floor
I got all I need
No, I ain't got cash, I ain't got cash
But I got you, baby
_Artist: Sia Furler-
ඔන්න එතනදී තමා ටාස්ක්මාස්ටර්ගේ වැඩ ටික අපි මුලින්ම බලාගන්නේ. මතකද වොන්ඩර් වුමන් 84 එකේ විලන්ට හිටිය චීටා (බාබ්‍රා)
![]() |
Cheetah in Wonder Woman 1984 (2020) |
පට්ට කොමික් විලන් කෙනෙක්.. හැබැයි ෆිල්ම් එකේ නිකාන් තේරුමක් නැති විදියට යොදාගෙන තිබ්බේ. හෙනම අපරාදයක්. ආනේ ඒකේ 2.0 තමා මේකේ ටාස්ක්මාස්ටර්.
![]() |
Black Widow (2021) |
අඩුම තරමේ විඩෝගෙයි ටාස්ක්මාස්ටර්ගෙයි හරිහමන් ෆයිට් එකක් තිබ්බද. මෙතන පාලම උඩ යන ෆයිට් එකෙත් නතාශා කනවා. අනික එකේ ටාස්ක්මාස්ටර් යන්නේ ඇන්ටිඩොට් තියෙන කේස් එක පස්සේ මිසක් නතාශා පස්සේ නෙමෙයි. අනේ මංදා. නිරපරාදේ හොද කොමික් කැරැක්ටර් එකක් නාස්ති කරන් තිබ්බා. MCU එක ඇතුලේ මෙච්චර කාලෙකට නොදැකපු අඩුපාඩුවක් ඒ. පැත්තක හිටිය කොමික් කැරැක්ටර්ස් අරන් වර්ල්ඩ් ක්ලාස් හයිප් හදපු ස්ටූඩියෝ එකක් තමා මාර්වල් ස්ටූඩියෝස් කියන්නේ. ඔයාලම හිතලා බලන්න එහෙව් ස්ටූඩියෝ එකෙන් ටාස්ක්මාස්ටර්ව යූස් කරපු විදිය හරිද කියලා??? හැබැයි මෙයාව ඉස්සරහට එන ෆිල්ම්/සීරීස් වලට යොදාගන්න ඉඩ තියෙනවා. මැරුනේ නෑනේ මෙයා. එහෙම හරි වැඩක් ගත්තොත් ලොකු දෙයක්. මේ ටාස්ක්මාස්ටර් සුපර් පවර් එකක් නෑ. අපි අන්තිමේට දැනගන්නවානේ ටාස්ක්මාස්ටර් වෙලා ඉන්නේ ඩ්‍රේකොව්ගේ දුව කියලා. නතාශලා කරපු අර බ්ලාස්ට් එක නිසා ඩ්‍රේකොව්ගේ දුවට ලොකුවට ඩැමේජ් වෙනවා. ඒ වගේම එයාගෙ මොළේටත් හානි වෙනවා. අන්න ඒ හානිය බේරගන්න මෙයාගේ මොළේට චිප් එකක් හයි කරනවා. ඒ චිප් එක නිසා තමා මෙයාට ඕනිම කෙනෙක්ගේ ෆයිට් ස්ටයිල් එක කොපි කරන්න පුලුවන්. කාගෙ හරි ෆයිට් ස්කිල් එකක් ඇනලයිස් කරන්න පුලුවන්. අපි දකිනවානේ මෙයාගේ ඔලුවට පෙන් එකක් වගේ හයි කරනවා
![]() |
Black Widow (2021) |
ඒ වගේම මේ ඇන්ටිඩොට් එක ට්‍රැක් කලේ කෝමද කියන එකත් හෙන අවුලක්. මොකද පැහැදිලව මෙතනදී ටාස්ක්මාස්ටර්ට ඕනි නතාශට මුකුත් කරන්න නෙමේ. ඇන්ටිඩොට් එක ගන්න. අනික ඒක තියෙන්නෙ නතාශා ලග කියලත් එයා දැනගන්න විදියක් නෑ කොහෙත්ම. අන්න ඒ නිසා ෆිල්ම් එකේ ප්ලොට් එකේ තවත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා..
නතාශව පාලමෙන් පහලට වැටුනත් ඇන්ටිඩොට් ටික කේස් එකෙන් අරගන්න එයාට පුලුවන් වෙනවා.
![]() |
Black Widow (2021) |
![]() |
Black Widow (2021) |
යෙලේනා අර ඇන්ටිඩොට් ටික නතාශට යවලා තියෙන්නේ නතාශා ඇවෙන්ජර්ස්ලා එක්ක ඉන්න නිසා. ඒ ගැන හොයලා රෙඩ් රූම් එක ඉවරයක් කරලා දාන්න පුලුවන් කමක් නතාශට තියෙන නිසා. ඒකනේ යෙලේනා කියන්නේ "ඔයාගේ බුද්ධිමත් යාලුවෙක්ට කියලා ඕක ඇනලයිස් කරලා බලන්න බැරි උනාද?" කියලා. ඒ සීන් එක මරු. හෙන ලොජිකල් තීරණයක් ඒක. රෙඩ් රූම් එක කියන්නේ මුලු ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන එකක්. ඉතිං ඒ වගේ දේකට මැදිහත් වෙන්න ඇවෙන්ජර්ස්ලා තමා ගැලපෙනම ටීම් එක. අනික කොහොමත් යෙලේනට තනියම රෙඩ් රූම් එකත් එක්ක හැප්පෙන්න බෑනේ. ඒක නිසා ඒ තියරිය ප්ලොට් එකට දාපු එක මරු. ඒ වගේම නතාශා අහනවානෙ ඩ්‍රේකොව් ජීවත් වෙලා හිටියනම් ඇයි නතාශා පස්සේ ආවේ නැත්තේ කියලා. එතකොට යෙලේනා කියනවා ඔයා ඇවෙන්ජර්ස්ලා එක්ක ඉන්න නිසයි එහෙම නාවේ කියලා. ඒත් හරියටම හරි තියරියක්. මොකද ඇවෙන්ජර් කෙනෙක් පස්සේ පන්නනවා කියන්නේ ඉල්ලන් කන සීන් එකක්. ඒ වෙනකොටත් ලෝකි, අල්ට්‍රෝන් වගේ සුපර් විලන්ලා පරාද කරපු ටීම් එකක් තමා ඇවෙන්ජර්ස් කියන්නෙ. ඉතිං ඩ්‍රේකොව් කියන්නේ මොන හාල් කෑල්ලක් ද 😂
ඔන්න ඔතනදී තමා යෙලේනා සහ නතාශා බුඩපෙස්ට් සිද්දිය ගැන කතා වෙන්නේ. මේක අපිට මුලින්ම අහන්න ලැබුනේ 2012 ආව The Avengers ෆිල්ම් එකේ ෆයිනල් බැටල් එක වෙලාවේ නැට් සහ ක්ලින්ට් කතා කරන දෙබසකින්. එදා ඉදන් තැන ගොඩක ඕක මෙන්ශන් උනා. Endgame එකේදී නැට් සහ ක්ලින්ට්, වෝමියර් වලට යනකොටත් ඕක මෙන්ශන් කරනවා. ඔන්න මේකෙන් තමා ඒ ගැන අපිට හරියටම දැනගන්න ලැබෙන්නේ.
![]() |
The Avengers (2012) and Avengers: Endgame (2019) |
ඩ්‍රේකොව්ව මරන්න උදව් කලොත් තමා නතාශට ශීල්ඩ් එකට යන්න පුලුවන් වෙන්නේ. අන්න ඒ නිසා තමා නතාශා ඩ්‍රේකොව්ව මරන්න උදව් කරන්නේ. ඒ වගේම මේ මිශන් එකට නතාශව බදවගන්න එන්නේ ක්ලින්ට්. මෙයාලා කෙලින්ම ඩ්‍රේකොව් ඉන්න බිල්ඩින් එකට බෝම්බයක් තියලා බිල්ඩින් එකම බ්ලාස්ට් කරලා තමා මේක කරන්නේ. හැබැයි මේ බ්ලාස්ට් එකට ඩ්‍රේකොව්ගේ දුව අහු වෙනවා. දුව බිල්ඩින් එකට යන එකෙන් තමා නැට් කම්ෆර්ම් කරගන්නේ ඩ්‍රේකොව් මේකේ ඉන්නවා කියලා.
![]() |
Black Widow (2021) |
අනික නැට් කියන්නෙ ට්‍රේන් කිලර් කෙනෙක්. ඊටත් වඩා ඒ වෙලාවේ රෙඩ් රූම් එකෙන් පැනගන්න එක තමා නැට්ගේ උවමනාව. ඉතිං ඩ්‍රේකොව්ගේ දුවත් මේකෙන් මැරෙනවා නේද කියන එක ගැන එයා වැඩිය හිතන්නේ නෑ. එත් ඒ ගැන එයා හැමදාම පසුතැවුනා කියන එකනම් අන්තිමට අපිට බලගන්න පුලුවන්. කොහොමහරි ඔය සිද්දියෙන් පස්සේ තමා නැට් සහ ක්ලින්ට් බුඩපෙස්ට් වලින් පැනලා එන්නේ. මේ පැනලා එන ගමන ලේසි වෙන්නේ නෑ. මේ බ්ලාස්ට් එක නිසා නීතියෙන් වගේම රෙඩ් රූම් එකේ පැත්තෙනුත් මෙයාලව හොයනවා. අර ට්‍රේන් ස්ටේශන් එකෙ තිබ්බ වායු කවුලුවේ එයාලා දවස් දෙකක් හැංගිලා හිටියා කියලා එහෙම කියන්නේ. එතන ඉන්නකොට දෙන්නත් එක්ක පොඩි ගේම් එකක් එහෙම කරලා තිබ්බා අර තහඩු වගේ ඒවගෙ ඇද ඇද. මට මේ සෙල්ලමේ නම මතක නෑ. මතක කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන් යන්න.
![]() |
Black Widow (2021) |
ඉතිං ඒ වගේ ලොකු කට්ටක් කලා තමා නැට් සහ ක්ලින්ට් බුඩපේස්ට් වලින් පැනගන්නේ. මේ නිසාම වෙන්න ඇති ගොඩක් තැන් වල මේ සිදුවීම මෙයාලා මතක් කලේ.
ඊට පස්සේ නැට් සහ යෙලේනා ඉන්න සේෆ් හවුස් එකට රෙඩ් රූම් එකේ විඩෝලා එනවා. මේ දෙන්න එතනින් පැනලා යනවා කොහොමහරි. එතන තියෙන කාර් චෙස් එකනම් මරු.
![]() |
Black Widow (2021) |
එතනදිත් ආයේ ටාස්ක්මාස්ටර් මෙයාලට ඇටෑක් කරනවා. ක්ලින්ට් වගේම තමා එතනදී අර ඇරෝ එක එහෙම විදින්නේ (ටාස්ක්මාස්ටර් ගැනත් අන්තිමේට කතා කරමු)
![]() |
Black Widow (2021) |
ඊට පස්සේ අර ට්‍රේන් ස්ටේශන් එකේ සීන් එක යනවා. එතන වටපිටාවේ ඉන්න ක්‍රවුඩ් එකේ රිඇක්ශන් එකනම් හෙනම අවුල්. ටාස්ක්මාස්ටර් වගේ මූණත් වහගත්ත රොබේ කෙනෙක් වගේ එකෙක් ආවාම මිනිස්සු මීට වඩා කලබල වෙන්න ඕනි නේද? මට හිතුන දෙයක් ඒ. මිනිස්සු මේ ගැන එච්චර කෙයා කරන්නේ නෑ වගේ එකක් මට තේරුනේ.
![]() |
Black Widow (2021) |
ඔතනින් පස්සේ තමා නැට් සහ යෙලේනා මොටෙල් එකක් වගේ තැනකට යන්නේ.
![]() |
Black Widow (2021) |
යෙලේනගෙ අත තුවාල වෙලා තියෙන්නෙ මෙතන. මෙතන්දී තම දෙන්නා ආයේ ෆිට් වෙන්නේ. ඒ වගේම තීරණය කරනවා රෙඩ් රූම් එක විනාස කරලා දාන්න ඕනි කියලා. රෙඩ් රූම් එක ගැන මෙයාලට වඩා හොදට දන්නේ ඇලෙක්සි සහ මෙලීනා. ඒත් මේ දෙන්නම හිතන් ඉන්නේ මෙලීනා මැරිලා කියලනේ. ඒ නිසා තමා ඇලෙක්සිව හිරෙන් පන්නගන්න යන්නේ. මෙතනදිත් අර ඒජන්ට් ඇවිත් චොපර් එකක් දීලා යනවා. ආයෙත් මිනිහව පෙන්නනවා විතරයි. කවුද කින්ද මංද මෙලෝ දෙයක් නෑ. ඒක හෙන අවුලක්. හරියට නිකන් කැමියො එකක් වගේ.
![]() |
Black Widow (2021) |
කොහොමහරි මේ චොපර් එකෙන් මෙයාලා යන්නේ ඇලෙක්සි හිර කරලා ඉන්න හිරගෙදරට. එතනදී ඇලෙක්සි රෙඩ් ගාඩියන් විදියට එයා කරපුවා ගැන පම්පෝරි ගහනවා සහ මිනිහට වඩා හයේ හතරේ ඩයල් ගේමක් නැතුව පරාද කරනවා ආම් රෙස්ලින් වලින්. ඇලෙක්සිව හැමෝම හදුන්වන්නේ රෙඩ් ගාඩියන් කියලා.. කවුද මේ රෙඩ් ගාඩියන් කියන්නේ?
![]() |
Black Widow (2021) |
රෙඩ් ගාඩියන් කියන්නේ අපේ කැප්ටන් ඇමෙරිකා වගේම සුපර් සෝල්ජර් කෙනෙක්. ඒ වගේම මෙයා තමා රුසියාවේ පළවෙනි සුපර් සෝලජර්. රෙඩ් ගාඩියන්/ඇලෙක්සිගේ චරිතෙ කරන්නේ ඩේවිඩ් හාබර්. මතකනේ.. ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ පොලිස් මාමා. පම්පෝරියක් වගේ පෙනුනනට මෙයා කැප්ටන් එක්ක ෆයිට් කරපු කතාව ඇත්තක්දෝ කියලා හිතෙනවා හිරෙන් පැනලා එන ගමන් නැට්ගෙන් අහන දේවල් වලට. අන්න ඒක ගැනත් හරිමහන් විස්තරයක් අපිට අහන්න උනේ නෑ. කැප්ටන් අයිස් වල හිටිය කාලේ තමා ඇලෙක්සි රෙඩ් ගාඩියන් වෙලා තියෙන්නේ මං හිතන විදියට. අර හිරේ දෙබස් වලින් තෙරුනේ ඒක. හිරේදිනම් පම්පෝරියක් ගැහුවා කියලා හිතමුකෝ. ඒත් එතනින් ආවට පස්සෙත් ආයේ නැට්ගෙන් අහන්නේ ඇයි කැප්ටන් ඇමෙරිකා එයා ගැන මුකුත් කිව්වේ නැද්ද කියලා? ඒක හෙන අවුල් පොයින්ට් එකක් මටනම්..
![]() |
Black Widow (2021) |
කොහොමහරි ඔය හිරෙන් පනින තැන CGI වල අවුලක් තිබ්බා. මාර්වල් ෆිල්ම් එකක වෙන්න පුලුවන් අඩුම පොසිබිලිටි එකක් තියෙන දේ තමා CGI අවුල් යන එක. හොදට CGI/VFX තියෙන ෆිල්ම් එකක්/සීරීස් එකක් දැක්කාම අපි කියන්නෙත් "මාර්වල් CGI" වගේ කියලනේ. ඒ තරම් පට්ට විදියට CGI/VFX කරනවා මාර්වල් එකෙන්. ඕක අනාගත්ත තැනක් තමා Black Panther එකේ Killmonger සහ බ්ලැක් පැන්තර් අතර ෆයිනල් ෆයිට් එක.
![]() |
Black Panther (2018) |
මං දැක්ක චාටර්ම CGI පාට් එකක් ඒ. ඒකට හේතුව වෙලා තිබ්බේ ඒකේ CGI කරපු කම්පැනි එකට බොහොම පොඩි කාලයි ලැබිලා තියෙන්නේ මේක වැඩ ඉවර කරගන්න. ඒ නිසා එයාලට කොලටි එක ගැන 100% කෙයා කරන්න පුලුවන් වෙලා නෑ. හැබැයි ඒ එස්කියුස් එක් මේකට කියන්න බෑ. මොකද මේක සෑහෙන්න කල් ගිහින් රිලීස් උන ෆිල්ම් එකක්. පෝස්ට් ප්‍රඩක්ශන් වල අඩුපාඩුවක් තිබ්බානම් ඒක හදන්න ඕනි තරම් කල් තිබ්බා. ඒ වගේම ෆිල්ම් එකේ ෆයිනල් බැටල් එකෙත් CGI අවුල සෑහෙන්න දනුනා. මෙහෙමයි.. මේ මේ මහා ලොකු අවුලක් නෙමේ. මෙතනත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ එක්ස්පෙක්ටේශන් එක සෑහෙන්න වැඩි එකයි. ඒක පැත්තකින් තියලා බැලුවොත් ඔය CGI අවුල එච්චරම තේරෙන්නෙ නෑ.
කොහොමහරි ඇලෙක්සිව බේරගත්තට පස්සේ කට්ටිය යනවා මෙලීනව හම්බවෙන්න. මේ වෙනකම් නැට් සහ යෙලේනා හිතන් ඉදලා තියෙන්නේ මෙලීනා මැරිලා කියලා. ඒත් එහෙම නෑ. මෙලීනා ජීවත් වෙනවා. මෙලීනගෙ චරිතෙ කරන්නේ රේචල් වයිස්.
![]() |
Black Widow (2021) |
රේචල්ට දැන් අවුරුදු 51ක් වෙනවා. ඒ වගේම ඩේවිඩ් හාබර්ට දැන් අවුරුදු 46ක්. හැබැයි ෆිල්ම් එකේ මුලම තිබ්බ බැක් ස්ටෝරි එකේ මේ දෙන්නා මාර තරුණයි නේද. මතකනේ කැප්ටන් මාර්වල් එකේ නික් ෆියුරිව තරුණ කරලා තිබ්බා. ඒකනම් තනිකරම පෝස්ට් ප්‍රඩක්ශන් එකෙන් කරපු වැඩක්.
![]() |
Captain Marvel (2019) |
හැබැයි මේකෙනම් එච්චර ලොකුවට යන්නේ නැතුව ඇති. ගොඩක් දුරට මේකප් වලින් තමා වයස අඩු කරන්න ඇත්තේ. ඊට අමතර පෝස්ට් ප්‍රඩක්ශන් එකේ පොඩි ටච් එකක් දෙන්න ඇති. කොහොමහරි ඒ වැඩේ ලස්සනට කරලා තියෙනවා.
![]() |
Black Widow (2021) |
එතකොට මෙතනදී මෙලීනගෙ වයස අපිට හරියටම බලාගන්න පුලුවන්. ෆැමිලි එක ආයේ එකතු වෙනවා. හැබැයි වැඩි බජනයක් නෑ කට්ටියගේ. රෙඩි ගාඩියන් සූට් එක දාගන්න ට්‍රයි කරන එක එහෙම මරු 😂
![]() |
Black Widow (2021) |
කොහොමහරි ඔන්න ඊට පස්සේ තමා අපිට දැනගන්න හම්බවෙන්නේ මොන මගුලක්ද මේ වෙන්නේ කියලා
මෙලීනා තමා ඩ්‍රේකොව්ගේ තාක්ශනික අංශයේ ප්‍රධානියා. අර අහසේ හදලා තියෙන ඩ්‍රේකොව්ගේ බලකොටුව පවා ඩිසයින් කරලා තියෙන්නේ මෙලීනා. ඒ වගේම මෙයාලා ෆැමිලි එකක් විදියට ඇමෙරිකාවේ ඉන්න කාලේ අර North Institute කියන එකෙන් හොරකම් කරලා තියෙන්නේ මේ මයින්ඩ් කන්ට්‍රෝල් ටෙක්නොලජි එක. මෙලීනා කියන්නේ මේක ටෙක්නොලජි එකකටත් එහා ගිය, හරියටම කිව්වොත් ෆ්‍රී විල් එක (නිදහස් මතය) ඇක්සස් කරන්න පුලුවන් දෙයක් කියලා. දැක්කනේ ඌරගෙ සීන් එක.
![]() |
Black Widow (2021) |
ඒ කියන්නේ මිනිස්සුන්ට විතරක් නෙමේ. සත්තුන්ගේ පවා ෆ්‍රී විල් එක කන්ට්‍රෝල් කරන්න මේකට පුලුවන්. මට පුදුම මෙච්චර කාලයක් මේ වගේ ටෙක්නොලජි එකක් තියාගෙන ඩ්‍රේකොව් ලොකු දෙයක් නොකලේ ඇයි කියලා. මිනිහා කියනවා තමා ලෝකේ තියෙන හැම දේකම පාලනයක් එයාට තියෙනවා කියලා. ඒත් නිකන් හිතන්න.. මෙච්චර ටෙක්නොලජි එකක් තියෙන මනුස්සයෙක් අවුරුදු 21ක් තිස්සේ මීට වඩා දෙයක් නොකර ඉදීද? එහෙම කලානම් ඒක ඇවෙන්ජර්ස්ලගෙ රේඩාර් එකට අහු නොවී තියේද? කොහොමහරි මේ North Institute කියන්නේ ශීල්ඩ් රිසර්ච් ලැබ් එකක්. ශීල්ඩ් කිව්වට මේක හයිඩ්‍රා පාලනයේ තිබ්බ තැනක්. මතකනේ වින්ටර් සෝල්ජර් එක. ශීල්ඩ් එකේ ගොඩක් දේවල් වල පාලනය ඇත්තටම තිබිලා තිබුනේ හයිඩ්‍රා යටතේ. කොහොමහරි මේ North Institute කියන එකත් එහෙමයි. මෙතන තමා මේ මයින්ඩ් කන්ට්‍රෝල් ක්‍රම ගැන රිසර්ච් කරලා තියෙන්නේ. අපේ බකියව වින්ටර් සෝල්ජර් කරන්න යොදාගත්තෙත් මේ වගේම එකක් කියලා තමා මෙලීනා කියන්නේ.
![]() |
Captain America The Winter Soldier (2014) |
බකියා වින්ටර් සෝල්ජර් වෙලා ඉන්න කාලෙත් එහෙමනේ. හැබැයි මට හිතෙන විදියට රෙඩ් රූම් එකේ ටෙක්නොලජි එකට වඩා බකියට යූස් කරපු ටෙක්නොලජි එක අඩුයි. මොකද බකියව පාලනයට ගන්නනම් අර වචන ටික කියන්න ඕනි. සිවිල් වෝ එකේ සීමෝ කාරයා කියන්නේ පොතක් බලාගෙන.
![]() |
Captain America Civil War (2016) |
හැබැයි රෙඩ් රූම් එකේ විඩෝලට එහෙම නෑ. එක පාරක් ටෙක්නොලජි එක යූස් කලාම ජීවිත කාලෙටම එයාලා යටත් වෙලා ඉන්නේ. අර ඇන්ටිඩොට් එකෙන් තමා එයාලට බේරන්න පුලුවන්.
මෙතනත් මට පොඩි අවුලක් තේරුනා. මේ විඩෝලා හැමෝවම රෙඩ් රූම් එකට අරගන්නේ පොඩිම කාලෙදී. එච්චර පොඩි කාලෙක අරන් ට්‍රේන් කරවන මනුස්සයෙක්ගේ මනස පාලනය කරන්න අමුතු ටෙක්නොලජි ඕනිද??? අපිට පොඩි කාලෙදි ස්කෝලෙදි ගුටි කාපුවා එහෙම තාම මතකයි නේද.. ඒ වැරදි අද කරන්නත් බය හිතෙනවා ඒ කාපුවා මතක් වෙනකොට. සාමන්‍යයෙන් පොඩි කාලේ ඔලුවට දාන දේවල් ඔලුවෙන් අයින් කරන්න මාර අමාරුයි. ඔච්චර දුර යන්න එපා. ගිරව් දෙන්නගෙ කතාව අහලා තියෙනවානේ. හැදෙන තැන තියෙන පරිසරය අනුව තමා ඒ මනුස්සයා කරන කියන දේ තීරණය වෙන්නේ. එතනින් මිදිලා තමන්ගෙම ගමනක් යන්නෙ බොහොම පොඩි පිරිසක්. ඉතිං පොඩි කාලෙම ට්‍රේන් කරලා බ්‍රේන් වොශ් කරලා ගන්න අයට අමුතුවෙන් මයින්ඩ් කන්ට්‍රෝල් ඕනිද??? අනික මෙයාලට ඕනි උනත් දරුවෙක් හදන්න බෑ.. ශරීරයගේ භෞතිකව ඒකට ඕනි අවයව මෙයාලගෙ අයින් කරලා තියෙන්නේ. යෙලේනා කියන්නේ එයාලා ඔපස් වෙන්නෙවත් නෑ කියලා.
![]() |
Black Widow (2021) |
ඉතිං සරලව කිව්වොත් පවුලක් වෙන්න, ළමයෙක් හදන්න ආස උනත් මෙයාලට ඒක කරන්න බෑ. ඉතිං මෙයාලා බෑ කියන එක දැන දැනත් ඒ දේවල් ගැන හිතලා රෙඩ් රූම් එකෙන් අයින් වෙයිද??? නතාශා වගේ එක්කෙනෙක් දෙන්නෙක් කොහොමත් විරුද්ධ වෙලා යනවා. ඒක ඕනිම තැනක වෙන දෙයක්. මතකනේ වෙස්ට්වර්ල්ඩ් සීරීස් එක. අච්චර රොබෝ කෙනෙක් වෙච්ච ඩොලාරිස්වත් නවත්තගන්න පුලුවන් වෙන්නේ නෑ ඒ තිබ්බ ටෙක්නොලජි එකට.
![]() |
Westworld Dolores |
කොහොමහරි වටේ කැරකි කැරකි මං කියන්න හදන්නේ විඩෝලට මේ ටෙක්නොලජි එක පාවිච්චි කරන එක කොච්චර ප්‍රැක්ටිකල් ද නැද්ද කියන එක? අනික පොඩි කාලේ ඉදන් මිනී මරන්න, අණකට වැඩ කරන්න පුරුදු කරපු කෙනෙක්ට ඇන්ටිඩොට් එකක් දුන්න පලියට ඒවා නොකර ඉන්න පුලුවන් වෙයිද???
කොහොමහරි ඔතනින් පස්සේ ෆයිනල් ඇක්ට් එක. පර්සනලි ෆයිනල් ඇක්ට් එකටනම් මං මාර ආසයි. ස්පෙශලි අර නතාශා සහ විඩෝලා සෙට් එක, ඩ්‍රේකොව්ගේ ඔෆිස් එකේ යන ෆයිට් එක.
![]() |
Black Widow (2021) |
ඒක දැක්කාම මට මතක් උනේම වින්ටර් සෝල්ජර් එකේ කැපාගේ එලිවේටර් ෆයිට් එක. MCU එකේ දැක්ක යුනික්ම පට්ටම සෝලෝ ෆයිට් සීන් එක ඒක.
![]() |
Captain America The Winter Soldier (2014) |
ඒ වගේම තමා මෙතනදී නතාශා ඩ්‍රේකොව ප්‍රශ්න කරන විදිය මරු ඈ. ඔය විදියටම තමා නතාශා 2012 ඇවෙන්ජර්ස් එකේදී ලෝකිව ප්‍රශ්න කරන්නේ. මෙන්න මේ සීන් එක මතකනේ.. මෙතන වගේම එතනත් තමන්ට ඕනි ටික අහගත්‍තට පස්සේ කියලා Thank You for Your Cooparetion කියනවා.
![]() |
Black Widow (2021) |
![]() |
The Avengers (2012) |
ඔය ටැලන්ට් එක තියෙන්නෙ නතාශට විතරමයි (දැනට MCU එකේ). ඔතන වෙන සීන් එකටනම් ඔයාලට පැහැදිලි ඇති. ෆිල්ම් එකේ දැක්ක තව හොද පොයිට් එකක් තමා හැම මගුලම පැහැදිලි කරන එක. හැබැයි ඒකෙ හොද වගේම නරකකුත් තියේ. හැම එකම තම කෙනෙක් වෙන කෙනෙක්ට පැහැදිලි කරන එකට වඩා ඒ ස්ටෝරි වලින් එකක දෙකක හරි බැක්ස්ටෝරි පෙන්නුවානම් වටිනවා. කමක් නෑ.. කැත්තෙන් හරි පොල්ලෙන් හරි වැඩේ උනානේ 😂 හරි.. ඔතනදී නැට් මේසේ ඔලුව ගහගන්නවා නේද පට්ට හයියෙන්.. අන්න ඒකත් පැහැදිලි කරන්නම්..
![]() |
Black Widow (2021) |
මෙතනදී ඩ්‍රේකොව්ට පොඩි පවර් එකක් වගේ දෙයක් තියෙනවා. මේක නිසා කිසිම බ්ලැක් විඩෝ කෙනෙක්ට ඩ්‍රේකොව්ට ඇටෑක් කරන්න බෑ. මේක අර ගෑස් එකට සම්බන්ධ නෑ. ඒ කියන්නේ ඇන්ටිඩොට් ගෑස් එකට නිරාවරණය වෙලා තමන්ගෙ ෆ්‍රී විල් එක ආයෙත් ලැබුන කෙනෙක්ට උනත් ඩ්‍රේකොව්ට ඇටෑක් කරන්න බෑ. කොහොමහරි මෙලීනා කියන විදියට ඩ්‍රේකොව්ට ඇටෑක් කරන්නනම් මොළේට සම්බන්ධ වෙන ස්නායුවක් බිදෙන්න ඕනි. අන්න ඒක කරගන්න තමා නතාශා ඩ්‍රේකොව්ව අවුස්සන්නේ. එතකොට මිනිහා ගහනවානේ. ඒ පාරක් වැදිලා අර ස්නායුවට හානි වෙයි කියලයි නැට් හිතන්නේ. හැබැයි එච්චර හයියෙන් නතාශට ගහන්න ඩ්‍රේකොව්ට බැරි වෙනවා. අන්න ඒ නිසා තමා නතාශා එයාගේ ඔලුව අර මේසේ ගහගන්නේ. ඒ පාරට තමා නතාශගෙ නහයෙන් ලේ එහෙම ඇවිල්ලා ස්නායුවට හානි වෙන්නේ. ආන් එතකොට තමා නතාශට පුලුවන් වෙන්නේ ඩ්‍රේකොව්ට ඇටෑක් කරන්න.
හම්මෝ.. මෙච්චර හෑල්ලක් ලියනවා. වතුර වීදුරුවක් දෙන්න එකෙක් නෑනේ අම්මපා 😒
කොහොමහරි නතාශා ඩ්‍රේකොව් ලග තියෙන සේරම තොරතුරු ඩිස්ක් එකකට කොපි කරගන්නවා එතන විනාස වෙන්න කලින්.
![]() |
Black Widow (2021) |
ඊට පස්සේ ඩ්‍රේකොව්ගේ පැලස් එක සම්පූර්ණම විනාශ වෙලා යනවා. එතනත් ඩ්‍රේකොව්ගේ චොපර් එකට ඇටෑක් කරලා ඒක විනාස කරන්නේ යෙලේනා. මං කලින්ම කිව්වේ. ඇත්තටම මේ ෆිල්ම් එකේ නතාශට වඩා යෙලේනව හයිලයිට් උනා. ඒකට හොදම උදාහරණය තමා ෆයිනල් ක්‍රෙඩිට් සීන් එක. ඒක ගැන වෙනම ලිපියක් අරන් එන්නම්.
![]() |
Black Widow (2021) End Credit Scen |
කොහොමහරි අන්තිමේට අපිට බලාගන්න පුලුවන් ඩ්‍රේකොව්ගේ ග්‍රහණයෙන් මිදුන විඩෝලා සේරම ආයේ එනවා. ගොඩක් දුරට මෙයාලා සහ යෙලේනා, රෙඩ් ගාඩියන්, මෙලීනා ඇතුලු කට්ටිය එකතු වෙයි. සීරීස් එකක් එහෙම එන්න ලොකු ඉඩක් තියේ. මොකද ෆයිගි බොස් කියලා තිබ්බා මේ චරිත ඉදිරි මාර්වල් ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ කරගන්න අදහසක් තියේ කියලා.
ඔන්න අවසානේ තිබ්බ පට්ටම පට්ට සීන් එකක්. මතකද ඉන්ෆිනිටි වෝ එකේ මුල නැට් ඇදන් ඉන්න වෙස්ට් එක?
![]() |
Avengers Infinity War (2018) |
ඉන්ෆිනිටි වෝ බලනකොට මට තිබ්බ හෙන අවුලක් තමා මොකක්ද මේ වෙස්ට් එක කියලා. මොකද ඒක හෙන වෙනස්. ශීල්ඩ් එකේ එකක් වගෙත් නෙමේ. ඔන්න දැන් අපි දන්නවා ඒක යෙලේනගෙ වෙස්ට් එක කියලා.
![]() |
Black Widow (2021) |
ඒකනම් මරු ඈ.. මෙන්න මේ වගේ පොයින්ට් නිසා ෆිල්ම් එකට මාරම හයියක් එනවා. ඒ වගේම තමා අර කුයින් ජෙට් එක. ඉන්ෆිනිටි වෝ බලනකොට මං හිතුවෙම ඒක හොයාගන්න ඇත්තේ කැපා කියලා. ඒත් දැන් අපි දන්නවා ඒක නතාශට දෙන්නේ රික් (අර ඒජන්ට්) කියලා. නතාශා මේක අරන් කැප්වයි, සෑම්වයි හොයාගෙන යනවා ඇති. ඊට පස්සේ තමා ඉන්ෆිනිටි වෝ එකේදී මේකෙන් මෙයාලා තුන් දෙනා විශන්වයි, වන්ඩවයි අරගන්න එන්නේ. ඒකත් පට්ටම පට්ට පොයින්ට් එකක්. මං උඩදිම කිව්වේ ඒකයි MCU එකේ ගැප් ගොඩක් මේකෙන් ෆිල් කලා කියලා. ආ... ඒ වගේම නතාශගෙ කොණ්ඩෙ සුදු පාට කරලා කරලා සහ කොට කරලා තිබ්බා. හරිනේ.. ඕම තමා නැට් ඉන්ෆිනිටි වෝ එකෙ හිටියේ. එතකොට ඇයි ෆිල්ම් එකේ අන්තිම වෙනකම් හිටියේ කොන්ඩෙ සුදු කරන්න? නෑ...නෑ.. ඕක මුලදිම පෙන්නුවා.. මුලදිම රික් මේසන් ඇවිත් නතාශට අර බුඩපේස්ට් වල ඉතුරු බඩු වගයක් එහෙම දීලා යන්නේ. අන්න එතනින් පස්සේ, ඒ කියන්නේ මෑන් ගියාට පස්සේ නතාශා බියර් එකක් අතට අරන් බොන්න හදන කොට තමා Bolnde කියලා ගහලා තියෙන ඩයි පැකට් එකක් අතේ තියන් ඉන්නේ.
![]() |
Black Widow (2021) |
එතනදී තමා මෙයා කොණ්ඩෙ පාට වෙනස් කරලා කොට කරන්න හදන්න ඇත්තේ. එතනින් පස්සේ තෙල් ගේන්න එලියට යනකොට ටාස්ක්මාස්ටර් ඇටෑක් කරපු නිසා. ඊට පස්සේ වෙච්ච දේවල් අනුව කොහොමත් නතාශට ඒකට වෙලාවක් ලැබුනේ නෑනේ. අන්න ඒ නිසා තමා ෆිල්ම් එකේ අන්තිමේට නැට් කොන්ඩෙ වෙනස් කරන් එන්නේ. පේනවානේ.. MCU එකේ තිබ්බ ලොකුම ප්‍රශ්න වලට ගානට උත්තර දීලා තියේ.
එහෙනම් ඔන්න ලිපිය ඉවරයි. පර්සනලි මං ෆිල්ම් එකට ආසයි. මගේ රේටින්ග්ස් විදියට 7.5/10ක් දෙන්න පුලුවන් අනිවාර්යයෙන්. ප්ලොට් එකේ තිබ්බ අඩුපාඩු සහ කතාවේ රශ් එක වැඩි එක තමා ප්‍රශ්නේ. කොහොමත් උනත් ඕවර්රෝල් ගත්තාම ෆිල්ම් එක ගැන මට සැටිස්. අවුරුදු 2ක් බලන් හිටිය එකට කිසිම පාඩුවක් උනේ නෑ. තව පොඩි දෙයක් කියලා ලිපිය ඉවර කරන්නම්.
නතාශගෙ අන්තිම MCU ෆිල්ම් එක මේකද? ඒක හරියටම කියන්න බෑ. මොකද ස්කාලට් ජොහැන්සන් කොහේවත් කියලා නෑ මේක තමා එයාගේ අන්තිම MCU ප්‍රොජෙක්ට් එක කියලා. ඒකත් ඔලුවේ තියාගන්න. ඒ වගේම තමා ඉන්ෆිනිටි වෝ එකයි එන්ඩ්ගේම් එකයි අතර තිබ්බ අවුරුදු 5. මේ අවුරුදු 5 මොනා උනාද කියලා අපි දන්නේ නෑ. පොඩි පොඩි රෙෆරන්ස් ටිකක් ඇරෙන්න වෙන මෙලෝ දෙයක් අපි දැක්කේ නෑ. මටනම් හිතෙන්නෙම මේ අවුරුදු 5 අල්ලලා හොද වැඩ ටිකක් ෆයිගි බොස්ගේ ඔලුවේ ඇති. නිකන් හිතන්න.. මේ අවුරුදු 5 පුරාවට ටෝනි, කැප්, තොර්, නැට් නිකාන් ඔහේ ඉන්න ඇතිද??? කොහෙත්ම වෙන්න බෑනේ. අනික මේක මුලු ලෝකෙම ව්‍යසනයක් වෙච්ච කාලයක්. මෙයාලා කොච්චරක් දේවල් වලට මැදිහත් වෙන්න ඇතිද. පේනවානේ මං මොකාටද එන්න හදන්නේ කියලා 😁 මටනම් හිතෙන්නෙම මේ ටිකෙන් මොනාහරි වැඩ ටිකක් ඉස්සරහට එයි. බලමුකෝ.. ෆයිගි බොස් අපිව ඩිසපොයින්ට් කරන් නෑ. එහෙනම් අපි ගියා.. දවසකට සැරයක්වත් අනිවාර්යයෙන් අපේ බ්ලොග් එකට ඇවිත් බලන්න.. ගොඩක් දේවල් තියේ ඔයාලා වෙනුවෙන්.. ජය ❤️
ලයිව් ඇක්ශන් මූවි එක ගානට රිවීව් කරලා තියෙනවා හැමෝටම තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ. මන් එහෙම කිව්වෙ කොමික් රෙෆරන්ස් නැති නිසා. රිවීව් එක නම් සුපිරි.
ReplyDeleteඑනිවේ වතුර වීදුරුවක් ඕනෙද?
සුපිරි ඈ. ෆිල්ම් එක මටනම් සැටිස්. රෙඩ් රූම් එක පුපුරන එකේ පොඩි පොඩි CGI අවුල් තිබ්බා. ඒ ඇරෙන්න ෆිල්ම් එක මරු.❤️🔥
ReplyDeleteBalagena hitapu review ekak🤩🤩 film eke thibba prashna godak wisaduna😉😉 habai taskmaster female character ekak wechcha ekanam poddak awul 😟😟
ReplyDeleteරිවීව් එක නම් සුපිරි ඇ.🔥🔥👌
ReplyDeleteපට්ට රිවිව් එක බං නියම්යි.🔥🔥🔥
ReplyDeleteNice review mchn
ReplyDeleteහම්මෝ.. මෙච්චර හෑල්ලක් ලියනවා. වතුර වීදුරුවක් දෙන්න එකෙක් නෑනේ අම්මපා 😒 එක මරු පොස්ට් එකට් පට්ට
ReplyDeleteසුපිරි😍 තැන්ක්ස් සහෝ
ReplyDeleteCupiri ben10 universe eke ගැන review එකක් කරන්න
ReplyDeleteBUDAPEST WALA GAHAPU GAME EK TIC TAC TOE
ReplyDelete