ඔන්න අද කියන්න යන්නේ වැඩ්ඩො ගොඩක් සෙට් වෙලත් අනාගත්ත වැඩක් ගැන 😂 ලිපිය කියවන් යන්නකෝ.. අනාගත්ත වැඩක්නම් ලිපියක් ලිව්වේ ඇයි කියලත් කියන්නම්.
ෆිල්ම් එකේ නම නම Chaso Walking. පහුගිය පෙබරවාරි 24 දකුණු කොරියාවට තමා ඉස්සෙල්ලාම ෆිල්ම් එක රිලීස් උනේ. මේ ෆිල්ම් එක හැදෙන්නේ පැට්‍රික් නෙස් රචනා කරපු Chaos Walking නවල් ට්‍රිලොජියේ පළවෙනි පොත වෙන The Knife of Never Letting Go පොත ඇසුරෙන්.
මේ පොත ඇතුලුව මේ නවල් ට්‍රිලොජියේ පොත් තුනම අති සාර්ථකව අලෙවි උන නවල් සීරීස් එකක්. ඒ වගේම සෑහෙන්න සම්මාන ප්‍රමාණයක් ජයග්‍රහණය කරපු නවල් සීරීස් එකක්. එච්චර හොද නවල් එකක් වෙලත් මේ ෆිල්ම් එක අවුල් ගියේ ඇයි? මෙහෙමයි.. ඕකට හේතු දෙකක් තියේ. පළවෙනි එකනම් මෙහෙම නවල් එකකින්, කොමික් එකකින්, ගේම් එකකින් වගේ ෆිල්ම් එකක් හෝ සීරීස් එකක් නිර්මාණය වෙනවකොට ඒකේ එක්ස්පෙක්ටේශන් එක මාර වැඩි. මොකද මේවා හදන්නේ අතිශය ජනප්‍රියම උන දේකින්නේ. ඉතිං ඒ ෆෑන්බේස් එක අර ඔරිජනල් එකේ තිබ්බ දේම ලයිව් ඇක්ශන් නිර්මාණය වෙන දේනුත් බලාපොරොත්තු වෙනවා. ඒකේ වැරද්දක් කියන්න බෑ. හැබැයි 90%ක් වෙලාවට ඒ බලාපොරොත්තු දරුණු විදියට කඩවෙනවා. ඉතිං ෆිල්ම් එක ෆේල්. පොතකින්, ගේම් එකකින් හෝ කොමික් එකකින් දෙන ෆීලින් එක 100%ක්ම ඒ විදියට දෙන්න බෑ. ඒක බලාපොරොත්තු වෙන්නත් එපා කියන එකයි මගේ අදහසනම්. එහෙම ඕනිනම් ඒ ඔරිජනල් එකම රිෆර් කරන එකම තමා හොද. දෙවෙනි හේතුව තමා අදාල ඔරිජනල් එක (පොත, කොමික් එක හෝ ගේම් එක) නිර්මාණය කරපු නිර්මාණකරුවෝ ලයිව් ඇක්ශන් එකට සම්බන්ධ නොවීම. අඩුම තරමේ ස්ටෝරි එකටවත්. එහෙම සම්බන්ධ උන ගොඩක් ලයිව් ඇක්ශන් නිර්මාණ සාර්ථක උනා. හැබැයි පුතේ Chaos Walking ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ පොත ලියපු කෙනාමයි. ඒත් ෆිල්ම් එක අසාර්ථකයි. හිමිහිට කතා කරගෙන යන්කෝ ඒ ගැනත්..
2011 ඉදන් තමා මේ පොතෙන් ලයිව් ඇක්ශන් ෆිල්ම් එකක් හදන්න ප්ලෑන් කරන්නේ. ඒත් 2016 වෙනකම් ඒ උත්සහයන් සාර්ථක වෙන්නේ නෑ. 2016 දී ඩග් ලීමන් මහත්තයගෙ අධ්‍යක්ෂණය යටතේ ලයන්ස්ගේට් එකෙන් මේ ෆිල්ම් එක කරනවා කියලා නිවේදනය කරන්නේ. The Bourne Identity (2002), Mr & Mrs Smith (2005), Edge of Tomorrow (2015), American Mad (2017) වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු කෙනෙක් තමා ඩග් ලීමන් කියන්නේ.
![]() |
Doug Liman |
මේවා මාස්ටර්පීස් නෙමෙයි ඈ.. හැබැයි බොක්ස් ඔෆීස් පැත්තෙන් සෑහෙන්න සාර්ථක උන ෆිල්ම්. හොදට එන්ජෝයි කරන්න පුලුවන් ෆිල්ම්. කොහොමහරි ඩග් ලීමන්ගේ මූලිකත්වයෙන් 2017 දී ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නවා. 2017 නොවැම්බර් වල ශූටින් ඉවර කරලා 2018 දී ෆිල්ම් එකේ ටෙස්ට් ස්ක්‍රීන් එකක් තියෙනවා. ටෙස්ට් ස්ක්‍රීන් එකක් කියන්නේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් තියෙන අයට වගේ ෆිල්ම් එක පෙන්නන එක. ෆිල්ම් එක ගැන මූලික අදහසක් ගන්න වගේ. මේ ටෙස්ට් ස්ක්‍රීන් එකෙන් පස්සේ ලැබුන සෘණාත්මක ප්‍රතිචාර නිසා ෆිල්ම් එකේ කොටස් කීපයක් නැවත රීශූට් කරන්න සූදානම් වෙනවා. ආන්... රීශූට්... ඔය වචනේ ගෑවුන තැනක් ඇත්නම් ෆිල්ම් එකක් විනාසයි. කොහොමහරි 2018 අප්‍රේල් වල අමතර ඩොලර් මිලියන 15ක් වියදම් කරලා ෆිල්ම් එකේ රීශූට් කීපයක් කරනවා. මේ මුදලත් එක්ක ෆිල්ම් එකේ සමස්ත වියදම ඇ.ඩො මිලියන 100ක් වගේ වෙනවා. හැබැයි මෙච්චර වියදම් කරපු, මහන්සි උන ෆිල්ම් එකේ සමස්ත බොක්ස් ඔෆීස් ආදායම වෙන්නේ ඇ.ඩො මිලියන 21.9ක් විතරයි. ඒ මදිවට බහුතරයක් නෙගටිව් රිවිව්ස් තමා ලැබෙන්නේ.. පේනවානේ.. ෆිල්ම් එක නෙක්ස්ට් ලෙවල් එකෙන් ෆේල්..
නෙගටිව් රිවිව්ස් පැත්තකට දාමු. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ ටොම් හොලන්ඩ් සහ ඩේසි රිඩ්ලේ.
![]() |
Tom Holland and Daisy Ridley |
දෙන්නම සුපිරි ෆෑන් බේස් එකක් තියෙන තරුණ නලු නිලියෝ දෙන්නෙක්. ස්පෙශලි ටොමා. ඒ මදිවට මෑඩ්ස් මිකෙල්සන් වගේ රගපෑමෙන් අති දක්ශයෙකුත් මේකේ සපෝටින් රෝල් එකක් කරනවා.
![]() |
Mads Mikkelsen |
එච්චර තිබිලත් මේක මේ තරම් බොක්ස් ඔෆීස් ෆේල් වෙච්ච එක මරම අවුලක්. ෆිල්ම් එක රිලීස් උනෙත් කොරෝනා කාලේ උනාට මේකත් එක්කම වගේ රිලීස් උන ගොඩ්සිලා vs කොන්ග් ෆිල්ම් එක ඒම බොක්ස් ඔෆීස් වලින් හොදටම කලා. ඉතිං කොරෝනා නිසා ෆේල් කියන එකත් මේකට නිදහසට කාරනාවක් නෙමේ.
ෆිල්ම් එක අවුල් වෙන්න මං දැක්ක ප්‍රධාන දේ තමා කතාවේ පැහැදිලි කිරීම් මදිකම. ඊටත් වඩා නිකන් ඔහේ යන කතාවක් වගේ. ටොම්ගෙන් හෝ ඩේසිගෙන් හරියට වැඩක් අරන්ම නෑ. ටොම්ගෙ චෙරී ෆිල්ම් එක බලන්නකෝ (ඒකෙත් නයිට් මේල් එකක් ගේන්නම් ඉක්මනට). අන්න ටොමාගෙන් වැඩක් ගත්ත ෆිල්ම් 🙏 CGI/VFX පැත්තෙන් නම් සෑහෙන්න සාර්ථකයි. ඔච්චර වියදමක් ගිහින් තියෙන්නෙත් ඒ ටික හරියටම කරපු නිසා තමා. එහෙම නැත්තම් මිලියන් 100ක් වියදම් වෙන ෆිල්ම් එකක් නෙමෙයි මේක. ඊලග කරනාව මියුසික්. ෆිල්ම් එකේ අන්තිමට වැටෙන ක්‍රෙඩිට්ස් වල (නාමාවලිය) මියුසික් එක බලන්නකෝ.. ඇවෙන්ජර්ස් ලෙවල් එකේ මියුසික් එකක්. ෆිල්ම් එකේ ශොට්ස් වලට ඒක දැම්මානම් සෑහෙන්න හයිප් එකක් දෙන්න තිබ්බා. මට තාම තේරුම් ගන්න බෑ එච්චර හොද මියුසික් ස්කෝර් එකක් ෆිල්ම් එකේ සීන්ස් වලට ගන්නේ නැතුව ක්‍රෙඩිට් වලට දැම්මේ ඇයි කියලා 😒 මං කියනවට ක්‍රෙඩිට් වල යන මියුසික් ස්කෝර් එක අහන්නකෝ.. පට්ටම පට්ට 🙏 රංගන පැත්තෙන්නම් කාගෙවත් අවුලක් නෑ. හැබැයි කලින් කිව්වා වගේ මේ නලු නිලියො කාගෙන්වත් හරියට වැඩක් අරන් නෑ. මේකේ ඉන්නා ආරොන් කියලා පූජකයෙක්. චරිතෙ කරන්නේ ඩේවිඩ් ඔයෙලෝවෝ. පට්ටම රගපෑමක් ඒක. ෆිල්ම් එකට සෑහෙන්න තල්ලුවක් දෙන රගපෑමක් එක්ක.
එහෙනම් ස්පොයිල් නොකර ෆිල්ම් එකේ ප්ලොට් එක ගැන කියන්නම්. මෙහෙමයි... මේ කතාව යන්නේ ඩිස්ටෝපියන් සොසයිටි එකක් තියෙන ලෝකෙක. ඩිස්ටෝපියන් සොසයිටි කියන එක සරලව පැහැදිලි කරන්න බෑ. ව්‍යාකූල වෙච්ච සමාජයක් වගේ අදහසක් ගන්නකෝ. එහෙම නැත්තම් සාමාන්‍ය බවින් එහා ගිය සමාජයක්. Blade Runner 2049 ෆිල්ම් එක, Westworld සීසන් 03 එකේ එහෙම තියෙන්නේ මෙහෙම ඩිස්ටෝපියන් සොසයිටි. ඒවා නොබැලුවත් Love, Death + Robot සීරීස් එක බලන්නකෝ. ඕක ගැන හොද අදහසක් ගන්න පුලුවන්.
![]() |
Westworld, Blade Runner 2049 and Love, Death + Robot |
හරි.. මේ ලෝකේ ඉන්නේ පිරිමි විතරයි. ගැහැණු අය නෑ (ඒක එහෙම්මම නෙමෙයි කියලා තේරෙයි ටිකක් බලනකොට). පට්ට නේ.. කනක් ඇහිලා ඉන්න පුලුවන් 😂🙏 ඒ වගේම මේ ලෝකේ ගෝත්‍ර කීපයකට කැඩිලා වෙන වෙනම ජීවත් වෙන්නේ. ටොඩ් හෙවිට් (ටොමාගෙ චරිතෙ) කියන්නේ මේ එක ගෝත්‍රයක ඉන්න බාලම කෙනා. මරු ඩෑල් එක ඈ 😂 මෙයාලට පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි මෙයාලා හිතෙන හැමදේම විශුවල් එකක් විදියට අනිත් හැමෝටම පේනවා සහ ඒ දේ ඇහෙනවා. හිතින් කාට හරි එකෙක්ට බැන්නා කියමුකෝ. ඒකත් ඇහෙනවා එතන ඉන්න හැමෝටම. සෑහෙන්න හිත පාලනය කරන් ඉන්න ඕනි ලෝකයක්. හැබැයි මේක තියෙන්නේ මේ ලෝකේ ඉන්න පිරිමින්ට විතරයි. මේකට කියන්නේ "නොයිස්" එක කියලා. ඕක මාරම ලස්සනට ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්. මේ නවල් එකේ වගේම ෆිල්ම් එකෙත් නම හැදෙන්නේ ඔය ගැන විස්තර වෙන මෙන්න මේ දෙබස නිසා 👇
The Noise is a man unfiltered, and without a filter, a man is just chaos walking
මේකේ සරල සිංහල තේරුම කියන්නම්. ෆිල්ටර් කියන වචනෙ දන්නවානේ. පෙරහන් කරනවා කියන එකනේ, වතුර ෆිල්ටර් කරලා බොන්නේ.. ආන් ඒ වගේ. මේකෙන් කියන්නේ "නොයිස් එක කියන්නේ ෆිල්ටර් නොකරපු පිරිමියෙක්, ෆිල්ටර් නොවුන මිනිහෙක් කියන්නේ ඇවිද අවුල් ජාලාවක් විතරයි" වගේ අදහසක්. ඕක 100%ක් ඇත්ත.. පිරිමි කියන්නේ නිහඩ ජාතියක්. හැබැයි හිත් කලබලයි. බැරිවෙලා හරි ඒ හිතන පතන දේවල් ඇහෙන්න ගත්තොත් විනාසයක් වෙන්නේ. ආන් ඒ වගේ සොසයිටි එකක් තමා මේ.
කොහොමහරි මේ අය ඉන්න ලෝකට එනවා කෙල්ලක්. ටොඩ් එහෙම මීට කලින් කෙල්ලෙක් දැකලවත් නෑ. අපේ සමහර යාලුවෝ ඒම කොල්ලො පස්සේ යන්නේ ජීවිතේට කෙල්ලෙක් දැකලා නෑ වගේ 😂 උන්ට වඩානම් ටොඩ් හොදා. ඒ එන කෙල්ල තමා වයෝලා (ඩේසි). එතනින් එහාට කතාව තමා ෆිල්ම් එකේ තියෙන්නේ. ලස්සන බැක්ස්ටෝරියක් එහෙමත් තියෙනවා.
අවසාන වශයෙන් ෆිල්ම් එක බලන්නද? එපාද? මමනම් කියන්නේ බලන්න. මොකද මම මේක එන්ජෝයි කලා. ටික කම්මැලි වගේ තමා. ඒත් ෆිල්ම් එකේ අන්තිම ටික එහෙම මරු. බලකොට හිතෙනවා මීට වඩා කොච්චර හොදට කරන්න තිබ්බද කියලා. මොනා කරන්නද ඉතිං 😣 මම ෆිලුම බැලුවෙම ටොම්, මෑඩ්ස්, ඩේසි ඉන්න නිසා. ඒ දේට සාධාරණයක් උනා. ඒ වගේම මේ තරම් බොක්ස් ඔෆීස් අවුල් යන්න ඕනි ෆිල්ම් එකක් නෙමෙයි. අඩුපාඩු තියෙනවා. හැබැයි මීට වඩා සෑහෙන්න අඩුපාඩු තියෙන ෆිල්ම් මේ දවස්වල දිගට හරහට බොක්ස් ඔෆීස් යනවා. ෆ්‍රැන්චයිස් එකක් හැදෙන්න තිබ්බ ෆිල්ම් එකක් තමා මේ. හැබැයි ෆිල්ම් එක ෆ්ලොප් උන නිසා ෆ්‍රැන්චයිස් එක හැදෙන එකක් නෑ. අපරාදයක් ඒක.. කලින් කිව්වා වගේ මොනා කරන්නද.. ෆ්‍රී වෙලාවක් අල්ලලා බලලා දාන්න. සිංහල සබ් එකත් තියෙනවා. ඒ වගේම BluRay එකත් රිලීස් වෙලා තියෙන්නේ දැන්. අපේ ටෙලිග්‍රෑම් එකේ තියෙනවා PSA BR රිප් එක. ඒක අරගන්න. සබ සෙට් ඒකට.. එහෙනම් ගිහින් එන්නම්. ෆිලුම බලපු අය කමෙන්ට් එකක් දාන් යන්න ස්පොයිල් නොකර. ස්පෙශලි මේකේ පොත කියෝපු කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන්න පොතෙයි, ෆිල්ම් එකෙයි වෙනස ගැන. පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න ඒනම්.. ජය ❤️
