මේක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එයාලට පොඩි සාරාංශයක් යටින් දාලා තියෙනවා මේ කතාව ගැන 😁
📛 මේ කතාව Center වෙන්නෙ Mark Grayson කියල තරුණයෙක් වටේ.පොරගෙ තාත්තා තමා Omni Man.Omni Man කියන්නෙ වෙන.ග්‍රහලෝකෙකින් ආපු ඩයල් එකක්.පොර ඇවිල්ල තියෙන්නෙ එයාලගෙ ග්‍රහලෝකෙ තිබ්බ විශේෂ ප්‍රොජෙක්ට් එකක් නිසා.මෙයාල ගොඩක් දියුණු ජීවින් කොට්ඨාසයක්.ඉතින් මෙයාලා මෙයාලගෙ Technology ය අනිත් ග්‍රහලෝකත් එක්ක බෙදාගන්න තීරණය කරනව.ඉතින් මේක නිසාම තමා Omni Man පෘථිවියට එන්නෙ.එයාලගෙ ටෙක් එක බෙදාගෙන පෘථිවියට සාමය ගේන්න.පෘථිවිය ආරක්ශා කරන්න.ඉතින් Omni Man ( පොරගෙ නම Nolan ) ඇවිල්ල ටික කාලයක් යද්දි එයාට ගෑණු කෙනෙක් හම්බෙනව.පස්සෙ දෙන්න ආදරෙ කරල කසාද බැදල ලමයෙක් හම්බෙනව.මෙයා තමා මාක්.ඉතින් ඔම්නි මෑන්, මාක්ට අවුරුදු 7දී වගෙ මේ විස්තර ඔක්කොම කියනවා.එයා Super Hero කෙනෙක් වෙන ග්‍රහලෝකෙක ඉදන් ආව වගෙ එයාගෙ රහස් ටික මාක්ට කියනවා.ඒවගේම කියනවා මාක්ටත් මේ පවර්ස් හම්බෙනව කියල ටික කාලෙකින්.ඉතින් කිව්වත් වගෙ පොරට පවර්ස් හම්බෙනව Super Strength / Super Speed / Flight Ability වගෙ පවර්ස් සෙට් එකක්ම හම්බෙනව.ඉතින් පොර තීරණය කරනව එයාගෙ තාත්තා වගෙ Super Hero කෙනෙක් වෙන්න.ඉතින් ඔම්නි මෑන් පොරව ට්‍රේන් කරන්න ගන්නව පොරට වෙනම ඇදුමක් දීලා එයාවත් එයා ගිය අඩිපාරෙ යවනව.ඔය අතරෙ Guardians Of Globe කියල Superhero Team එකක් අභිරහස් විදිහට ඝාතනය වෙනව.මේ Guardians ලා Justice League එකෙ Ripoff.එකවගේම චරිත තමා ඉන්නෙ.ඉතින් කෝමහරි මෙතනින් තමා මේ කතාව හරියට පටන් ගන්නෙ.ලොකු Twist එකක් තමා මේ කතාවෙ තියෙන්නෙ.සම්පූර්ණ කතාවම කණපිට ගැහෙනවා.ඉතින් මේ Twist ගැන කියන්න යන්නැ බලපු නැති අයට.අනිවා බලන්න.සුපිරිම කතාවක් 😁 ඉතින් මෙතනින් එහාට බලපු නැති අය කියවන්න එපා Spoilers අඩංගු වෙනවා
( සීරීස් එක තියෙනවා RWC ටෙලිග්‍රෑම් ගෲප් එකේ. කැමති අය ඒකෙන් ගන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ 👇 )
⚠️️ --- SPOILER ALERT --- ⚠️️
හරි මුලින්ම කතා කරමු Animated Series එකෙයි කොමික් එකෙයි තිබ්බ වෙනස්කම් ගැන
📌️ මාක් Invincible කියල නම දාගන්නෙ Omni Man කිව්ව නිසා නෙමෙ එයාගෙ ස්කෝලෙදි එයා Bully වෙද්දි එයාගෙ ප්‍රින්සිපල් එයාට කියනවා "You Are Not Invincible Despite Your Good Intentions" වගේ එකක් ( හරියට මතක නෑ ඒක ) කොහොමහරි මාක් මෙතනදි තමා Invincible කියල නම දාගන්න තීරණය කරන්නෙ.
📌️ කොමික් වල මාක් කියන්නෙ Science Dog ෆෑන් කෙනෙක්.ඒත් සීරිස් එකෙ මේක Seance Dog කියල වෙනස් කරල තියෙනව.ඒවගේම Seance Dog ගෙ පෙනුම ටිකක් මාවල්ලගෙ Doctor Strange ට සමානයි දකින්න ඇති.
📌️ Will කියන්නෙ මාක්ගෙ හොදම යාලුවා.ඒවගේම සීරිස් එකෙ මෙයා Homosexual Character එකක්.ඒත් කොමික් වල මෙයා Gay කියල කියන්නැ මුලින්ම.කොටින්ම Eve, Rex එක්ක Breakup වුනාම විල් එක්ක සෙට් වෙනවා.ඒත් පස්සෙ විල් එක්කත් Breakup වෙනව ;-)
📌️ කොමික් වල Amber කියන්නෙ White Blonde කෙල්ලෙක්.ඒක සීරිස් එකෙ වෙනස් කරල කියල දකින්න ඇති.ඒවගේම සීරිස් එකෙ කියනවා ඇම්බර් දැනන් හිටිය කියල මාක් කියන්නෙ හීරෝ කෙනෙක් කියල.එයාට ගොඩක් තරහ එයාට ඇත්ත කිව්ව නැති එකට කියල ඒත් කොමික් වල ඇම්බර් එකපාරට හොයාගන්නැ මාක් කියන්නෙ හීරෝ කෙනෙක් කියලා එයා මුලින්ම හිතන්නෙ මාක් Drugs පාවිච්චි කරනවා කියලා.කොහොම හරි මාක් මෙයාට ඇත්ත කිව්වම මෙයාට තරහ යන්නැ මෙයා සතුටු වෙනවා "My Boyfriend Is A Superhero" කියල 😉
📌️ Teen Team කියන්නෙ මාක්ගෙ Superhero Carrier එකෙදි මාක්ට ගොඩක් උදව් කරපු කණ්ඩායමක්.ඉතින් කොමික් එකෙ මාක්ට මෙයාලව හම්බෙන්නෙ Patrol කර කර ඉන්න කොට.ඒත් සීරිස් එකෙදි Flaxan Invasion එකෙදි තමා මෙයාලා මුලින්ම හම්බෙන්නෙ.මේ ටීම් එකෙ Members ල විදිහට Atom Eve / Robot / Dupli-Kate / Rex Splode දැක ගන්න පුලුවන්.
📌️ Guardians Of Globe ලගේ ඝාතනය හැමෝටම ශොක් එකක් වුනා.කොමික් එකේ වගේම සීරිස් එකෙත් මෙයාලව මරන්නෙ ඔම්නි මෑන්.කොමික් එකේනම් පොර හොරෙන් ඇවිල්ලා Superspeed එකෙන් එකිනෙකා මරන් යනවා.ඒත් සීරිස් එකෙ ඊට වඩා ගොඩක් Violent විදිහට මේක පෙන්නනවා.Guardians ල එකින් එක්කෙනා Omni Man එක්ක සටන් කරනවා.
📌️ Flaxxan ලගෙ Invasion එක හැමෝටම මතක ඇති ( Flaxan කියන්නෙ කොල පාට සත්තු වගයක් හිටියෙ පෘථිවියට ආවම විගහට වයසට යන.ආන් උන් ) කොමික් එකේනම් Invincible, Omni Man Team Up වෙනව මේ Invasion එක නවත්තන්න.සීරිස් එකෙ Omni Man, Guardians ලගෙ සිද්දියෙන් පස්සෙ ගොඩක් Injured වෙලා ඉන්නෙ.ඒකනිසා මාක්ට සිද්ද වෙනවා Teen Team එකත් එක්ක එකතු වෙලා මෙයාලව නවත්තන්න.
ඔන්න ඔය වගෙ පොඩි වෙනස් කම් තියෙනව Animated Series එකේ.ඒත් Overall ගත්තම ගොඩක් Accurate යනව කොමික් එකත් එක්ක.
Invincible ට බලෙ හම්බුනෙ පොර Half Viltrumite නිසා.ඒත් අනිත් Heroes ලට ( New Guardians of Globe එකෙ අය ) ට එයාලගෙ පවර්ස් හම්බුනෙ කොහොමද ???
⏩ Atom Eve
![]() |
Atom Eve |
Eve කියන්නෙ අපෙ මාක් කොල්ලගෙ පවම පිවිතුරු ලව් එක.ඕක ඉස්සරහට හොදට බලාගන්න පුලුවන් වෙයි 😉 ඉතින් මාක් වගේම මෙයත් ගොඩක් පවර්ෆුල් කෙනෙක්.දකින්න ඇතිනෙ සීරිස් එකෙ මෙයා Matter Manipulate කරල එයාට ඕන දේවල් මවන්න පුලුවන්.සීරිස් එකෙ එකපාරට එයාගෙ ගෙදර දොරවල් මවනව ආයෙ තියෙන දොරවල් බිත්ති විදිහට වෙනස් කරනව දකින්න ඇති.සීරිස් එකෙ මෙයාගෙ අම්මවයි තාත්තවයිත් දකින්න ඇති.ඇත්තම කිව්වොත් මේ Eve ගෙ අම්මයි තාත්තයි නෙමෙ.Eve ගෙ අම්ම Pregnant වෙලා ඉද්දි යන ස්පිරිතාලෙටම Government එකෙ කට්ටියක් එනවා එයාලගෙ Special Project එකක ලමයෙක්ට උපත දෙන්න.ඉතින් Eve ගෙ අම්මගෙ ලමය ඉපදුන ගමන්ම මැරෙනව.අර Special Project එකෙ ලමය ඉපදෙනවා.මෙයා තමා Eve.ඩොක්ටර් ට තේරෙනව මේ ලමය විශේෂ කෙනෙක් කියල.ඉතින් ඩොක්ට කැමති වෙන්නැ මෙයාව ඒ Government Agents ලට දෙන්න.ඉතින් ඩොක්ට හොරෙන්ම ලමයි දෙන්නව මාරු කරල Eve ව අර අම්මටයි තාත්තටයි දෙනව එයාගෙ ලමය කියල.Government Agents ලට කියනවා ලමය ඉපදෙද්දිම මැරුන කියලා.ඉතින් මෙහෙම තමා Eve ට පවුලක් හම්බෙන්නෙ.Eve කියන්නෙ අසාමාන්‍ය විදිහට බුද්දිමත් කෙනෙක්.පොඩි කාලෙ එයාගෙ අම්මල ඇපල් ගෙඩියක් පෙන්නල "ඇපල්" කියන්න කිව්වම ඇපල් ගෙඩියක Molecule Structure ( පරමාණුක ව්‍යූහය ) එක කියනවා 😂 ඉතින් ඒකෙන්ම හිතාගන්නකො තරම.Eve ලොකු වෙද්දි එයාගෙ පවර්ස් මතු වෙන්න ගන්නවා.මුල්ම පාර එයා මස් කෑල්ලක් Cheeseburger එකක් විදිහට වෙනස් කරනවා.ඉතින් මෙහෙම මෙයා මෙයාගෙ පවර්ස් වර්ධනය කරගන්නවා.අර මෙයාව මාරු කරපු ඩොක්ට මෙයාව හොයන් ඇවිල්ල මෙයාට ඔක්කොම විස්තර කියනවා.ඉතින් මෙයා හිතාගන්නව එතන ඉදන් Super Hero කෙනෙක් වෙන්න.
⏩ Rex Splode
![]() |
Rex Splode |
මෙයා පොඩි කාලෙ ගොඩක් දුප්පත් කෙනෙක්.මෙයාගෙ පවුලෙ අය මෙයාව විකුණනවා Government Agents ල වගයකට.මෙයාල මෙයාව හොදට ට්‍රේන් කරනවා.මෙයාගෙ Muscle Issues Chemically Enhance කරනවා වැඩි ශක්තියක් ලබා දෙන්න ඒ වගේම මෙයාට Molecule Charge කරන්න පුලුවන් ඒක පිපිරෙන ලෙවල් එකට.ඉතින් මෙයාට ඕම Inorganic ( අකාබනික ) දෙයක් පුපුරවන්න පුලුවන්.ඉතින් මෙයා Government එකෙ Dirty Work ඔක්කොම කරනවා.පොර කොහොමහරි එතනින් බේරිල පැනගන්නවා.පස්සෙ ඩයල් එක එයාගෙ පවුලෙ අයව හොයන් යනවා.ඉතින් මූ දැනගන්නවා එයාව විකුණල හම්බුන සල්ලි වලිම් මෙයාල හොද සැප ජීවිතයක් ගෙවනව කියල.ඉතින් පොර මේ නිසාම තමා Jerk කෙනෙක් වගෙ හැසිරෙන්නෙ.හැබැයි පොර හිත හොද ඩයල් එක.
⏩ Dupli-Kate
![]() |
Dupli-Kate |
මේක පටන් ගන්නෙ ඈත අතීතයෙ හිටපු Fung Cha කියල Warlord කෙනෙක්ගෙ කතාවකින්.මෙයා චීනෙ Emperor ව මරන්න යනවා.Emperor මැරෙන්න කලින් Cha ට ශාප කරනවා Cha ගෙ 7වෙනි Grandchild ගෙ පස්සෙ 7 වෙනි Generation එකෙ කෙනෙක්ට එයාට දරාගන්න බැරි විදිහට ලමයි හම්බෙනවා.ඒකනිසාම එයාට පිස්සු හැදෙනව කියල.ඉතින් අවුරුදු 100කට විතර පස්සෙ Tsing Cha කියල Fung Cha ගෙ පරම්පරාවෙ කෙනෙක්ට Twins ල හම්බෙනවා.ඒත් දරු උපතෙදි මෙයාගෙ වයිෆ් මැරෙනවා.මෙයා තනියම මේ ලමයිද දෙන්නව හදා ගන්නවා.ඔහොම ටික කාලයක් යද්දි මේ ලමයිගෙන් තවත් ලමයි Duplicate වෙන්න ගන්නවා.ඉතින් කිව්වත් වගෙ මෙයාට මේක නිසා පිස්සු හැදෙනවා.ගොඩක් Scientists ලා උත්සහ කරනවා මෙයාගල Duplicate වෙන්න හේතුව හොයන්න.ඒත් කාටවත් මේක හොයාගන්න පුලුවන් වෙන්නැ.මෙයාලා ලොකු වෙද්දි මෙයාලගෙ පවර්ස් පාලනය කරන්න මෙයාල ඉගෙන ගන්නවා.ඉතින් එහෙම තමා Dupli-Kate & Multi-Paul බිහිවෙන්නෙ.Multi-Paul සීරිස් එකෙ ඉන්නව සමහර අය දකින්න ඇති.ඉතින් එයාව හොයා ගන්න බැරි වෙච්ච අයට මේක දිගටම කියවන් යද්දි එයාල හිටියෙ කොහෙද කියල දැනගන්න පුලුවන් වෙයි 😉
⏩ The Immortal
![]() |
The Immortal |
මෙයා DC ලගෙ Vandal Savage වගෙ ඩයල් එකක්.පොර ආදි මානවයගෙ කාලෙ ඉදන් ජීවත් වෙලා ඉන්න එකෙක්.ඩයල් එක තමා Invincible Universe එකේ Abraham Lincoln වෙලා ඉදල තියෙන්නෙත්.ඒවගේම කියන විදිහට පොර තමා ඇමෙරිකාව හොයගත්තෙත්.පොර World War වල එහෙමත් සටන් කරල තියෙනවා.ඒවගෙම ඩයල් එක තමා පරණ Guardians Of Globe ලගෙ ඉතුරු වෙලා ඉන්න එකම Member.මූ තමා අලුත් GOG එකටත් නායකත්වය දෙන්නෙ.Dupli-Kate එක්ක තමා සෙට් වෙලා ඉන්නෙ ( ඔව් කේට්, රෙක්ස්ට බූට තිබ්බ 😐 )
⏩ Monster Girl
![]() |
Monster Girl |
මෙයා ගොඩක් සල්ලි තිබ්බ කෙල්ලෙක්.ලොකු ස්කෝලෙකට තමා ගියේ.ඉතින් මෙයා කොල්ලෙක් එක්ක සෙට් වෙනවා.ඒත් ඒ කොල්ලගෙ ආච්චි මේ සම්බන්ධයට කැමති වෙන්නැ.මේ ආච්ව මායාකාරියක්.එයා මෙයාට Enchantment එකක් කරල මෙයාව Monster කෙනෙක් කරනවා.කොහොමහරි මෙයාට එයාගෙ Monster Side එක පාලනය කරන්න පුලුවන් වෙනවා.ඒත් තව අවුලක් තියෙනවා.මෙයා Monster විදිහට හැරන හැම වෙලාවෙම මෙයාගෙ වයස අඩු වෙනවා.ඒ කියන්නෙ එන්න එන්න තරුණ වෙනවා.වයසට යන්නැ.ඉතින් මෙයාට Monster විදිහට වෙනස් වෙන එක පාලනය කරන්න පුලුවන් වුනාට මේ තරුණ වෙන එක පාලනය කරන්න බෑ.
⏩ Robot
![]() |
Robot |
මෙයා ගැනනම් අමුතුවෙන් විස්තරයක් ඕන්නැනෙ.සීරිස් එක බලපු අය දකින්න් ඇතිනෙ මෙයාගෙ කතාව.ඒවගේම මෙයාට අදාල ලොකු Plot Twist එකක් තියෙනවා.ඒක කිව්වොත් අපරාදෙ කතාව ස්පොයිල් වෙනවා.මේක සමහරවිට ඊලග සීසන් එකෙ තියෙන්න පුලුවන්.ඒකනිසා මේක කියන්න යන්නැ 😉
ඉස්සරහට Invincible එකෙ මොනා වෙයිද ? ඉතින් මේ Prediction වලින් මේ ආටිකල් එක ඉවර කරන්නම්
📌️ Omni Man කොහෙද ? මාක්ට ඇටි හැලෙන්න ගහල ඔම්නි මෑන් අඩාගෙන පෘථිවියෙන් යනව.ගොඩ දෙනෙක් කිව්ව මේ යන්නෙ පොරගෙ Homeworld එක වෙච්ච Viltrum වලට කියල.ඒත් නැ.පොර යන්නෙ ඌට යටත් කරගන්න වෙන ප්ලැනට් එකක් හොයාගෙන.පොර එයාගෙ Post එක අතෑරල තමා ගියෙ.ඒකනිසා නෝලන් දන්නවා Viltrumite ලා මෙයාට දඩුවම් කරනව කියලා.ඉතින් පොර වෙන ප්ලැනට් එකක් එයාගෙ යටතට අරන් ඒ දඩුවම ටිකක් ලිහිල් කරගන්න තමා හදන්නෙ.පොර කොහොමහරි ප්ලැනට් එකක් හොයා ගන්නවා.මේ ප්ලැනට් එකෙ ඉන්න ජීවින්ගෙ ආයු කාලය මාස 9කට සීමා වෙනවා.ඒකනිසා එයාලා කැමැත්තෙන්ම නෝලන්ට යටත් වෙනවා.ඉතින් නෝලන් මෙයාලව හොදට පාලනය කරනවා.පස්සෙ නෝලන් දැනගන්නවා Vultrimite ලා එයාව හොයන් ඒ ප්ලැනට් එකට එනව කියල.ඉතින් නෝලන් ඒ ප්ලැනට් එකෙ ජීවියෙක් ව යවනවා පෘථිවියෙන් මාක්ව එක්කගෙන එන්න කියල.ඒත් මාක් නෝලන් ඉන්නව කියල දැනන් නෙමෙ එන්නෙ.කොහොම හරි දෙන්නව එයාලගෙ Battle එකෙන් පස්සෙ හම්බෙන්නෙ මුල්ම වතාවට.ඉතුරු ටික කියන්නැ කතාව ස්පොයිල් වෙන නිසා.මට හිතෙන විදිහට මේ සීන් එකෙන් Season 2 ඉවර වෙයි.ආ තව එකක් කියන්න ඕනෙ මාක් ආයෙ පෘථිවියට එන්නෙ තනියම නෙමෙ 😉 කොමික් එක කියවපු අයනම් මේක දන්නව ඇති.ඉතින් මේක ගැන කියන්නෙත් නැ ස්පොයිල් වෙයි කියලා.
📌️ අන්තිම එපිසෝඩ් එකෙ Sequids ලා Mars යටත් කරත් කරගන්නවා පෙන්නනවා.ඒ Rus Livingstone ව Host විදිහට අරගෙන.Sequids ලට මාශන්ලව පාලනය කරන්න බැරි නිසා එයාලව Slaves ල කරනවා.ඉතින් මෙයාලගෙන් ඉස්සරහට පෘථිවියට ලොකු ප්‍රශ්නයක් වෙයි.කොමික් එකේනම් මුන්ටික එනවා පෘථිවිය ආක්‍රමණය කරගන්න.ඉතින් GOG ලට මෙයාලව නවත්තන්න සිද්ද වෙනවා.මෙතනදි මෙයාලට තව මාශන් කෙනෙක්ගෙ උදව් හම්බෙනවා.ඒ Rus විදිහට වෙස්වලාගෙන පෘථිවියට ආපු Martian ගෙන්.පොරත් Hero කෙනෙක් වෙන්න තීරණය කරනවා Shapesmith කියලා.පස්සෙ පොර Guardians of Globe ලට සෙට් වෙනවා.
📌️ ඒ වගේම අපිට Battle Beast වත් පෙන්නනවා.ඒ කියන්නෙ පොරව අපිට ඉස්සරහටත් බලාගන්න හම්බෙයි.කොමික් එකේනම් පොරව කවුද සෙට් එකක් අල්ලල හිර කරනවා.පස්සෙ Allen the alien ඇවිල්ල පොරව බේරගන්නවා.ඊට පස්සෙ ඩයල් එක Vultrimite Empire එකටද විරුද්ධව Coalition Of Planet ලගෙ සටනට එකතු වෙනවා 🔥
📌️ Mauler Twins ලව ආයෙ හිරේට දාන තැන විලන්ලා සෙට් එකක් පෙන්නනවා.මෙතන එක Cell එකක ඉන්නවා එකවගේ Clone සෙට් එකක්ම ඉතින් මේ වෙන කවුරුත් නෙමෙ උඩ කිව්ව Dupli-Kate ගෙ නිවුන් සහෝදරයා Multi-Paul.සමහරවිට ඉස්සරහට පොරව බලාගන්න හම්බෙයි.සමහරවිට Hero Villain Team Up එකක් වෙන්නත් පුලුවන් Viltrumite Invasion එකේදි 😉
📌️ සීසන් Finale එකේදි අපිට Titan ගෙයි මිස්ටර් ලූගෙයි Gang War එකෙ Tease එකක් දෙනවා.මිස්ටර් ලූ කියන්නෙ නිදාගත්තම මකරෙක් බවට හැරෙන කෙනෙක්.මේක අන්තිම සීන් එකේදි දකින්න ඇති.මේ මකරව කලින් පෙන්නනවා නෝලන්ගෙයි ඩෙබීගෙයි Date එකේදි.ඉතින් සීසන් 2 එකේදි මෙයාලගෙ Gang War එක හොදට බලාගන්න ලැබෙයි.
📌️ Dr.Seismic වත් පෙන්නනවා එයාගෙ Magmanites ලත් එක්ක.ඉස්සරහට එයාලවත් බලාගන්න පුලුවන් වෙයි.
📌️ ඒ වගේම D.A Sinclair GDA එකට එයගෙ Reanimen ( අර සයිබෝග්ලා වගෙ උන් ) ලව හදල දෙනව බලාගන්න පුලුවන්.මෙයාලව හදන්නෙ Dead Soldiers ලගෙන්.සමහරවිට Cecil විලන් කෙනෙක් වෙනවද දන්නෙත් නැ.කොමික් වල Cecil කියන දේ අහන්නෙ නැතුව මාක්ට ඕන විදිහට වැඩ කරන නිසා දෙන්න අතරෙ වලියක් යනව.ඔතනදි Cecil මේ Reanimen ලව පාවිච්චි කරනවා.ඒවගේම Cecil Vultrimite ලගෙ Weakness එකකුත් හොයා ගන්නවා.ඉතින් මේකම වෙයි කියන්න අමාරුයි.සමහරවිට මෙයාලව Viltrumite Invasion එකට විරුද්ධව පාවිච්චි කරන්නත් පුලුවන්.
📌️ Allen The Alien මාක්ට කියනවා Coalition Of Planets එක ගැන.ඉතින් අපිට හිතාගන්න පුලුවන් ඉස්සරහට Coalition v Viltrumite අතර ලොකු යුද්දයක් යයි කියලා.ඒ වගේම ඔම්නි මෑන් එයා ගැන ඇත්ත කියන තැන Viltrumite ලා තුන් දෙනෙක්ව Tease කරනවා.ඒ Creg , Tula සහ Conquest ව.ඉතින් මේ Conquest ඒම ඔම්නි මෑන්ට වඩා ගොඩක් පවර්ෆුල් උන්.ඒවගේම මේ Invincible Series එකේම ලොකුම විලන් Thragg ඉස්සරහට අපිට බලාගන්න පුලුවන් වෙයි.කියන විදිහට Thragg v Omni Man වලියක් තමා යන්නෙ.මොකද Thragg වගේම නෝලන් කියන්නෙත් Viltrumite Royal කෙනෙක්.ඉතින් මේ Viltrumite Invasion එක නවත්තලා Empire එක විනාශ කරන්න මාක්ට තනියම බෑ.මාක්ට තියා Guardians of Globe ලටවත් බෑ.ඉතින් විලන්ලගෙන් වගේම අනිත් ප්ලැනට් වලිනුත් උදව් ගන්න මාක්ට සිද්ද වේවි.
ඔන්න ඕක තමා Invincible කතන්දරේ.Season 2 එනකම් ඉවසන් ඉන්න බැරිනම් කොමික් එක කියවන්න 😉 ගොඩක් Plot Twist තියෙන කොමික් සීරිස් එකක් තමා Invincible කියන්නෙ.Invincible Animated Series එක සෙට් වුනානම් අනිවා කොමික් එකත් සෙට් වෙනව තමා.කොමික් එකනම් ගෙට්කොමික් එකෙ ගන්න තියෙනවා.
ඉතින් මේ ආටිකල් එකෙ වැරදි මොනා හරි තියෙනවනම් ගනන් ගන්න එපා.ආයෙත් මේ වගේම ආටිකල් එකකින් හම්බෙමු එහෙනම් ❤
