ඉතින් ඔන්න HBO Max ලගෙ Green Lantern TV series එකකුත් එන නිසා හිතුනා Green Lantern Corps එක ගැන ලිපියක් දාන්න.මේක ලිපි 5 කට වගෙ කඩලා තමා දාන්න වෙන්නෙ.මොකද Green Lantern ලා ගැන කියන්න ගොඩක් දේවල් තියනවා.පෘථිවියේ lantern ලා දෙන්නෙක් HBO maxලගෙ Green Lantern series එකෙ ඉන්නවා කියලා තමා කියන්නෙ.ඒකනිසා මුලින්ම මේ පෘථිවියේ ඉන්න green lantern ලා ගැන බලමු.මේ ලිපියෙන් කතාවෙන්නෙ හැමෝම දන්න ගොඩක් ප්‍රසිද්ධම Green Lantern වෙන Hal Jordan ගැන.මුලින්ම මෙයා ගැන කතා කරන්න කලින් බලල ඉමු කවුද මේ Green Lanterns ලා කියන්නෙ කියලා.
GREEN LANTERN CORPS
![]() |
Green Lantern Corps |
Green Lantern ලා කියන්නෙ Intergalactic militarized law enforcement organization එකක්.කොටින්ම කිව්වොත් විශ්ව පොලීසියක්.මෙයාලා තමා විශ්වයෙ සාමය ආරක්ශා කරන්නෙ.මෙයාලගෙ ලොක්කො තමා Guardians ලා කියන්නෙ.මෙයාලා immortals ලා.මෙයාලගෙ headquarters තියෙන්නෙ OA කියන ග්‍රහලෝකෙ.DC continuity එකට අනුව Green lantern ලා අවුරුදු බිලියන 3 ක් විතර පරණයි.මෙයාල පිටතින් එන තර්ජන වලට වගේම corps එක ඇතුලෙන් එන තර්ජන වලටත් මූණ දීලා බේරිලා තියනවා.මෙයාලා විශ්වය කොටස් 3600 කට වෙන් කරලා Lantern ලා දෙන්නෙක්ට එක කොටසක් (sector) එකක් ගානෙ බාර දීලා තියනවා.එතකොට Green Lantern Corps එකේ සාමාජිකයො 7202ක් ඉන්නවා.Sector 2814 (පෘථිවිය අයිති sector එක) එකේ ජනගහනය ගොඩක් වැඩි නිසා green lantern ලා කිහිප දෙනෙකුට ඒ sector එක guard කරන්න අවසර දීලා තියනවා ( පෘථිවියේ විතරක් Green Lantern ලා 6 දෙනෙක් ඉන්නවා.
- Hal Jordan
- John Stewart
- Guy Gardner
- Kyle Rayner
- Simone Baz
- Jessica Cruz
ඉතින් මෙයාලට නිකන් සාමය ආරක්ශා කරන්න බැ.මොකක් හරි ආයුධයක් ඕනෙ. Universe එකෙ ඉන්නෙ එක එක වර්ගයෙ අපරාධකාරයො.ඒක නිසා සාමාන්‍ය ආයුධයක් දීලා වැඩක් නැ.ඒක නිසාම green lanterns ලට විශ්වයේ බලගතුම ආයුධයක් වෙන Power Ring එක ගානෙ දීලා තියනවා.මේ මුද්ද පලිදින කෙනා හිතන දේ හදන්න මුද්දට හැකියාවක් තියනවා.මේ මුද්දෙ constructions හැදෙන්නෙ ඒ මුද්ද දාගෙන ඉන්න කෙනාගෙ will power එකට අනුව.Will power එක ශක්තිමත් වෙන තරමට constructionsනුත් ශක්තිමත් වෙනවා ( John Stewart ගේ constructions තමා ගොඩක් ශක්තිමත්ම.මොකද පොර lantern කෙනෙක් වෙන්න කලින් architect කෙනෙක් වෙලා හිටියා.පොර හදන constructions වල හොද ප්ලෑනක් තියනවා ).ඉතින් මේ මුදු charge කරන්න lantern ලට වෙනම battery දීලා තියෙන්නෙ.මේ battery charge වෙන්නෙ Central Battery එකෙන්.ඒක තියෙන්නෙ OA වල.මේකත් නිකන් charge වෙන්නෙ නැ මෙයාලගෙ oath එක කියන්න ඕනෙ.ඒවගෙම මෙයාලා සමහර වෙලාවට මෙයාලගෙ moral එක වැඩි කරගන්නත් මේ oath එක කියනවා.
![]() |
Green Lantern's Oath |
Power ring එකෙ අයිතිකාරයා මැරුනොත් හරි will power එක අඩු වුනොත් හරි මුද්ද එයාගෙන් ගැලවිලා වෙන ring bearer කෙනෙක් හොයන් යනවා.මේ ring bearer ව හොයා ගන්න මුද්දට උදව් කරන්නෙ Mogo කියන ගොඩක් powerful lantern කෙනෙක්.මෙයා එසේ මෙසේ එකෙක් නෙමෙ.Mogo කියන්නෙ living planet එකක් ( OA විනාශ වුනයින් පස්සෙ Mogo තමා GL corps එකෙ Main Headquarter එක විදිහට කටයුතු කරලා තියෙන්නෙ )
![]() |
Mogo |
Guardian කෙනෙක්ම Ring bearer ව හොයන් ගිහින් ring එක දීලා තියන අවස්ථාත් තියනවා ( Kyle Rayner ).
![]() |
Ganthet Giving a Power Ring To Kyle Rayner |
අපි අද කතාකරන්න යන කෙනාට ring එක අරන් එන්නෙ ඒ ring එකෙ අයිතිකාර ring bearer මයි.ඉතින් වැඩි සීන් නැතුව කතාවට බහිමු.
Origin Of Hal Jordan
![]() |
Hal Jordan |
හදුන්වා දුන් Comic එක = Showcase #22 (October 1959)
![]() |
Showcase #22 |
නිර්මාණය කරල ලද්දේ = John Broome සහ Gil Kaneln
![]() |
John Broome |
![]() |
Gil Kaneln |
සම්පූර්ණ නම = Harold Jordan
උපන් නගරය = Coast City
![]() |
Coast City |
සාමාජිකත්වය ගෙන ඇති කණ්ඩායම් = Green Lanterns Corps / Justice League / Ferris Aircrafts / US Air force / White Lantern Corps
![]() |
Justice League |
සැලකිය යුතු අන්වර්ථ නාම = Green Lantern, Pol Manning, Parallax, Spectre, Highball
හැකියා = පුහුණුලත් ගුවන් යානා පදවන්නෙකි.
Power Ring එක ලබා දෙන විශේෂ හැකියා = පියාසර කිරීම , බල ආවරණයක් , අභ්‍යාවකාශ තරණය , මුද්දෙන් constructions කිරීමෙ හැකියාව , සියලු භාශා පරිවර්තනය.
Hal කියන්නෙ Fighter Pilot කෙනෙක් වගේම Intergalactic Police Force එකක් වෙන GL Corps ලගෙ විශිෂ්ටතම සාමාජිකයෙක්.මෙයා තමා GL Corps ලගෙ නායකයත් වෙන්නෙ.ඒවගේම මෙයත් Batman , Wonderwoman , Superman වගේම Justice League එකේ Founding Member කෙනෙක්.මෙයා තමා Sector 2814 ආරක්ශා කරන්නෙ.පෘථිවිය අයිති මේ sector එකට තමා.මෙයා Power Ring එකෙ power එක පාවිච්චි කරලා එයාගෙ ඇත්ත අනන්‍යතාවය පෘථිවියෙ මිනිස්සුන්ගෙන් හන්ගගෙන තමා ඉන්නෙ ( Guy,John වගෙ lantern ලා මෙහෙම තමන්ගෙ ඇත්ත අනන්‍යතාවය පෘථිවියෙන් හන්ගගනෙ ඉන්නෙ නැ ).Hal power ring එකෙ බලයෙන් ගොඩක්ම හදන්නෙ Plane , missilesවගෙ constructions තමා.පොර air force එකෙ හිටපු නිසා වෙන්නැති.මම දන්න විදිහට GL corps ලගෙන් ශක්තිමත්ම will power එක තියෙන්නෙ හැල්ට තමා.පොර ලග තියන ring එක පොරගෙ will power එකෙන්ම හදා ගත්ත එකක්.තේරෙනවනෙ එසෙ මෙසෙ එකෙක් නෙමෙ කියලා.හැල්ට කලින් මේ power ring එක තියන් හිටියෙ Abin-sur කියලා කෙනෙක්.මෙයාට lantern corps එකෙ හැමෝම ගොඩක් ගරු කලා.ඒකනිසාම එයාගෙ මුද්ද පෘථිවිවාසියෙක්ගෙ ඇගිල්ලෙ තියනවට ගොඩක් අය කැමති වුනෙ නැ.ඒත් හැල් ටික කාලයක් යද්දි මුලු lantern corps එකටම පෙන්නුවා එයා abin sur ටත් වඩා දක්ශයෙක් කියලා.ඒත් හැල් අතින් විශ්වය විනාශ වෙන්න ගිය අවස්ථාද නැතුවාම නොවෙ.1990වේ "Emerald Twilight" කොමික් එකෙ Mongul කියලා supervillan කෙනෙක් හැල්ගෙ නගරෙ වෙච්ච Coast City එක විනාශ කරාට පස්සෙ හැල් "PARALAX" කියලා වෙනම නමක් දාගෙන මුලු විශ්වෙම විනාශ කරන්න තර්ජනය කරනවා ( ඔය සීන් අස්සෙ තමා Ganthet Kyle Rayner ව Lantern කෙනෙක් කරන්නෙ.ඒ සීන් පස්සෙ කියන්නම් ).කාලයක් ගියයින් පස්සෙ DC ලා එලි කලා Paralax කියලා ඇත්තටම Cosmic Entity එකක් ඉන්නවා කියලා.ඒවගෙම coast city එක විනාශ වුනාම hal ගෙ මානසිකත්වෙ බිද වැටිච්ච නිසා paralax hal ව possess කරගත්තා කියලා.කොහොම හරි හැල් එයා කරපු දේවල් ගැන පසුතැවිලා ආයෙ hero කෙනෙක් විදිහට return වෙනවා.හැල් වරක් Spectre වෙලත් ඉදලා තියනවා ( Spectre කියන්නෙ DC ලට අනුව God's Wrathful Agent of Earth.CW ලගෙ COIE crossover එකෙ අන්තිමට oliver Spectre වෙනවා මතක ඇති... ) Spectre ( Hal ) තමා JLA Avengers Crossover එකෙදි merge වෙන්න ගිය Marvel Earth එකයි DC Earth එකයි වෙන් කලෙ.ඉතින් DC ලගෙ ගොඩක් characters වගෙ මෙයාටත් alternate version තියනවා.ඒවා තමා ඔය පහලින් දාලා තියෙන්නෙ 👇
📌️ Action Comics #856 දි Hal ගෙ Bizarro version එක දකින්න හම්බුනා.මේ හැල් Yellow Lantern කෙනෙක්.එයාගෙ Sinestro Corps Ring එකෙන් එයා අනිත් අයගෙ හදවත්වල බිය ඇති කරන එක තමා කරන්නෙ.
![]() |
Action Comics #856 |
📌️ Earth 5 එකෙ Hal Jordan, Countdown: Arena #2 issue එකෙ මැරෙනවා.ඊට පස්සෙ එයාගෙ තැන ගන්නෙ Hal Jordan III කියලා Hal ගෙ grandson කෙනෙක් Batman Beyond universe එකෙ ඉන්න.එයාව Green Lantern of Earth-12 කියලා label කරලා තමා තියෙන්නෙ.එයාගෙ වම් අත monarch එක්ක කරපු සටනකින් නැති වෙලා තියනවා.
![]() |
Countdown : Arena #2 |
📌️ Hal ගොඩක් Elseworld storyline වලත් ඉදලා තියනවා.JLA: Age of Wonder, DC: The New Frontier.Superman: Red Son.JLA: The Nail( මේකෙ Hal තමා JLA එකෙ ගොඩක් powerful ම member වෙන්නෙ.මේ universe එකෙ කෙන්ට්ලට Kal - El ව හම්බෙන්නෙ නැ ) Green Lantern: Evil's Might.Superman & Batman: Generations, Frank Miller ගෙ Dark Knightuniverse.All Star Batman and Robin වගේම Batman: The Dark Knight Strikes Again වලත් හැල්ව දකින්න පුලුවන්.
📌️ Dark Knight Returns කතාවෙ කියනවා හැල් පෘථිවිය අතෑරලා යනවා කියලා දේශපාලකයෝ Superheroes ලට retire වෙන්න කිව්වම් පස්සෙ.Dark Knight Strikes Again කතාවෙ හැල් ආයෙ එනවා බැට්මෑන්ගෙ ඉල්ලීමකට lex ගෙ weapons satellite එකක් විනාශ කරන්න.
![]() |
Dark Knight Returns |
📌️ DC / Marvel company වල එකතුවක් වශයෙන් සැලකෙන Amalgam Comics වලත් හැල්ව දකින්න හම්බෙනවා.මේකෙ hal ගෙ characters දෙකක් තියනවා එකක් තමා Iron Lantern ( ඔව් ඔව් ටෝනිගෙයි හැල්ගෙයි එකතුවක් තමා )මෙයාව හදුන්වලා තියෙනේ Hal Stark කියලා.අනෙක් character එක තමා Speed Demon #1 එකෙ හම්බෙන "Madman" Jordan.මෙයාව speed demon මරලා දානවා බරපතල අපරාධයකට.
![]() |
Amalgam Comics Iron Lantern |
📌️ තවත් Hal ගෙ alternate version එකක් හම්බෙනවා Time Trapper හදපු Pocket universe earth එකක.මේකෙ ඉන්න heroes ලට super powers නැ.මෙයාලා Lex ගෙ හොද version එකත් එක්ක team up වෙලා phantom zone එකෙන් පැන්න නරක kryptonianලා තුන් දෙනෙක් ව නවත්තන්න යනවා.මේකෙ hal ගොඩක් advance jet craft එකක් පදිනවා.ඒත් Kryptonian ලා ඒක ලේසියෙන් විනාශ කරලා දානවා
📌️ ජෝඩන් award winning mini series එකක් වෙච්ච Kingdom Come කොමික් එකෙ main character එකක් නොවුනට එයාගෙ එක version එකකට ( Earth 22 ) cameo එකක් තිබ්බා Thy Kingdom Come story arc එකෙ batman ගෙ funeral එක වෙලාවෙ.
![]() |
Kingdom Come |
📌️ Crime Syndicate එකෙත් ජෝඩන්ගෙ version එකක් ඉන්නවා Power Ring කියලා.
![]() |
Power Ring |
📌️ නුදුරු අනාගතයේ Book of OA පොතට අනුව හැල් කැරොල්ව කසාද බැදලා එයාලට හම්බෙන පුතාව Martin Jordan කියලා නම් කරනවා කියලා තියනවා
![]() |
Book of OA |
📌️ Injustice storyline එකෙ hal, sinestro corps ලට එකතු වෙනවා සුපර්මෑනුත් එක්ක.
![]() |
Injustice: Gods Among Us Year One |
කොමික් වලට අමතරව Hal ව Tie in games වල animation වල වගේම live action වලත් දකින්න හම්බෙනවා.Hal Jordan ට IGN එක Top 100 comic book heroes ගෙන් 7 වෙනි ස්ථානෙ ලබා දීලා තියනවා 2011 දී.ඒවගේම top 25 Heroes ලගෙන් 4 වෙනි ස්ථානෙද ලබා දීලා තියනවා 2013 දී.
Hal ගැන ලියනවනම් පොතක් විතර ලියන්න පුලුවන්.එයා ගැන පොඩි විස්තරයක් තමා දැම්මෙ.මෙයා ගැන අපිට දැන ගන්න හම්බෙයි ගොඩක් වෙලාවට HBO එකෙ GL corps TV series එකෙන්.එහෙනම් ඊලග article එකෙන් හම්බෙන තුරු......
LIVE LONG & PROSPER