ඔන්න තවත් අලුත් වැඩක් පටන් ගත්තා.. මේක ඇවිල්ලා ලොකු ලිපි ලිවිල්ලක් නෙමේ. හැබැයි සිනමා ඉතිහාසයේ විශිෂ්ඨතම සංධිස්ථාන ගැන තමා මේ කතා කරන්න යන්නේ. එක කොටසකින් එකක් ගානේ කතා කරමු. අද ඉදන් පුලුවන් දවස් වලට මේ විස්තරේ අරන් එන්නම්. සිනමාවට ආදරේ කරන හැමෝම දැනගන්න ඕනි දේවල් තමා මේකෙන් අපි කතා කරන්නේ. එහෙනම් සිනමා විශ්වයේ එවන් විශිෂ්ඨතම සංධිස්ථානයක් ගැන කතාව ආරම්භ කරමු.
![]() |
Photoshop CC 2019 |
Photoshop කියන සොෆ්ට්වෙයාර් එක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑනේ. හැබැයි ඒ සොෆ්ට්වෙයාර් එක හැදුනේ චිත්‍රපටයකට අවශ්‍ය CGI (Computer Generated Imageniry) දර්ශනයක් නිර්මාණය කරන්න ගිහින් කියලා කිව්වොත් කී දෙනෙක් විශ්වාස කරාවිද? ඔව්.. විස්වාස කලත් නැතත් ඒක උනේ මෙහෙමයි..
![]() |
The Abyss (1989) |
1989 දී තිරගත H.G වේල්ස්ගේ නවකතාවක ආභාසය ලබා ගනිමින් නිර්මාණය වූ ජේම්ස් කැමරන්ගේ The Abyss චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් තියෙනවා. ඒ තමයි සර්පයෙක්ගේ හැඩේට වතුරෙන් හැදුන සත්වයෙක්. හැමෝම දන්නවානේ මේ වගේ දේවල් හදන්නේ CGI භාවිතයෙන් කියලා. හැබැයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන කාලේ CGI කියන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමේ දෙයක්. කොච්චර ප්‍රාථමිකද කිව්වොත් මේ චිත්‍රපටයට කලින් මේ වගේ CGI චරිතයක් නිර්මාණය කරලා තිබ්බ එකම චිත්‍රපටය උනේ 1985 තිරගත වූ Young Sherlock Holmes චිත්‍රපටය පමණයි. එකේ තිබුනෙත් ඉතාම ප්‍රාථමික මට්ටමේ CGI චරිතයක්. කොහොමහරි The Abyss චිත්‍රපටයේ පිටපත ලියනකොට කැමරන්ට ලොකු විශ්වාසයක් තිබිලා නෑ මේ CGI චරිතය නිර්මාණය කරගන්න පුලුවන් වෙයි කියලා. ඉතිං කැමරන් කරලා තියෙන්නෙ එහෙම නිර්මාණය කරගන්න බැරි උනොත් ඒ දර්ශනයට අදාල දේවල් චිත්‍රපටයෙන් අයින් කරන්න පුලුවන් වෙන විදියටත් චිත්‍රපටයේ පිටපත සකස් කරන එක. කොහොමහරි මේ වැඩේ බාර උනේ 20th Century Fox ස්ටූඩියෝවේ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන්ට. හැමෝම වගේ මේ චරිතය නිර්මාණය ගැන විස්වාසයක් තිබ්බේ නෑ. ඒත් එකම කෙනෙක් මේක කරන්න පුලුවන්ම කියන මතේ හිටියා.
ඒ තමයි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියෙක් වූ John Knoll (ජෝන් නෝල්) මහතා. වර්තමානයේ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් මොහුව සලකන්නේ ඔවුන්ගේ වෘත්තීයේ වීරයෙක් විදියට. මේ CGI චරිතය නිර්මාණයේ දී ජෝන් ඇතුලු කණ්ඩායමට තිබුන ප්‍රධානම ගැටලුව වූයේ ද්‍රවයක තිබෙන සෙලවෙන ස්භාවය (Motion) මෙන්ම, ද්‍රවයේ පරාවර්තන ගුණය (Reflection) ස්භාවය සකස් කිරීමයි. වතුර කොහොමද කියලා හැමෝම දන්නවානේ. ඒ වගේම මේ ද්‍රවය මත පතිතවන ආලෝකය පරාවර්තනය වී නැවත ඒ දර්ශණයේ තියෙන බිත්ති මත පතිත වෙන්නත් ඕනි. ඒ කාලේ තිබුන තාක්ශණය හැටියට මේක කරන්නම බැරි දෙයක් විදියට තිබුනේ. මේකට විසදුමක් විදියර ජෝන් කරන්නේ කැමරාවක් ආධාරයෙන් මේ CGI චරිතය ඇතුලත් කරන්න ඕනි දර්ශනය රූගත කල කාමරය ඇතුලේ සෑම තැනකම ඡායාරූප ලබා ගැනීමයි. ඇස් වලට දකින්න පුලුවන් හැම කෝණෙකින්ම මේ වගේ ඡායාරූප ලබා ගන්නවා. (ඔයාගේ කාමරේ හැම තැනම පේන විදියට ෆොටෝ ගන්නවා වගේ දෙයක්) එක ඡායාරූපෙකින් මේක කරන්න බැරි නිසා ජෝන් කරන්නේ ඡායාරූපය විශාල ප්‍රමාණයක් ලබාගෙන ඒවා එකිනෙක සමපාත කරලා අදාල දර්ශනය රූගත කල කාමරය, පරිඝණක මෘදුකාංගයක් ඇතුලේ නැවත ප්‍රතිනිර්මාණය කරපු එක. අන්න එහෙම අර ගත්ත ඡායාරූප ටික එකිනෙක සමපාත කරලා නිර්මාණය කරන්න භාවිතා කරපු මෘදුකාංගය හරහා තමා අද මුලු ලොවම භාවිතා කරන Photoshop මෘදුකාංගය නිර්මාණය වෙන්නේ. ෆොටෝශොප් මෘදුකාංගයේ නිර්මාතෘවරයා ලෙස සලකන්නේද මේ The Abyss චිත්‍රපටයේ CGI චරිතය මේ විදියට නිර්මාණය කරපු John Knoll හා Thomas Knoll දෙදෙනාය. ජෝන්ගේ අදහසට අනුව මේ මෘදුකාංගය නිර්මාණය (Developed) කරන්නේ තෝමස්. අන්න ඒ විදියට තමා අපි දන්න ෆොටෝශොප් මෘදුකාංගයේ ආරම්භය සිදු වෙන්නේ. ඒ වගේම John Knoll කියන්නේ වර්ථමානයේ ලොව දැවැන්තම Visual Effects Company එක වන Industrial Light & Magic හී ප්‍රධාන විධායක නිලධාරියාය (CEO).
![]() |
Industrial Light & Magic |
මේ ද්‍රවයක හැඩේට හැදෙන සත්වයා ඉන්න දර්ශනය තිබිලා තියෙන්නේ තප්පර 75ක් වගේ පොඩි කාලයක්. ඒත් මේ තප්පර 75ක දර්ශනයේ වැඩ කටයුතු ඉවර කරන්න ස්ටූඩියෝ එකට මාස 6ක කාලයක් ගිහින් තියෙනවා. මේ නිසා සැලසුම් කරගෙන හිටපු දවසට චිත්‍රපටය තිරගත කරන්න බැරි නිසා චිත්‍රපටය කල්දාන්නත් නිෂ්පාදකයන්ට සිදු වෙලා තියෙනවා.
එහෙනම්... සිනමා ඉතිහාසයේ මේ වගේ තවත් දැවැන්ත සංධිස්ථානයක තොරතුරු එක්ක තව දවසක හම්බවෙමු. මතක තියාගන්න. සිනමාව කියන්නේ ලංකාවේ අපිට හරිම ප්‍රාථමික දෙයක්. ඒත් ලෝකෙට එහෙම නෑ. ඒක නිසා මෙහේ කෝණෙන් ලෝකේ දේවල් බලන්න එපා කියන්න තවත් හොදම උදාහරණයක් තමා සිනමාව කියන්නේ.. සුභ රාත්‍රියක් 🙏
සුපිරි වැඩක් අයියා 👍👍👍 දිගටම කරමු. ❣️❤
ReplyDelete