හෙලෝ ගීක්ස්!!
අද මේ කියන්න යන්නෙ ගීක් කමියුනිටි එකට ආදරය කරන අයට වගේම, දැනට පේජ් කරන ඇඩ්මින්ලට සහ මේ කමියුනිටියට අලුත් හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන. මේක ගීක් කමියුනිටියක ඉන්න ඕනෙම කෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක්. හරි එක මොකද්ද වැරදි නිව්ස් එක මොකද්ද කියලා තේරුම් ගන්න ඇත්තටම ගොඩක් දෙනාට බෑ. මොකද මම අත්දැකීමෙන් දැකල තියෙනව බොරුවට රිච් එක ගන්න දාන නිව්ස් කඩාගෙන රිච් වෙනව සහ හරියට නිව්ස් දාන වැඩේ කරන පේජ්වල රිච් එක ඇත්තෙම නැති තරම්. ඒකට හේතුව නිව්ස් එකක් කියන්නෙ මොකද්ද කියලවත් ඔය පේජ් කරන ගොඩක් අය සහ ඒවා ෆලෝ කරන අය නොදන්න එක.
හැබැයි මේක නොදැනුවත්කම නිසා වෙන දෙයක්ම නෙවේ. සමහර අය ඉන්නව ඔය නොදන්නකමින් අයුතු ප්‍රයෝජන අරන් රිච් එක ගන්න බොරු නිව්ස් ඇත්ත වගේ දාන අයත් ඉන්නව. පර්සනලි, ලංකාවෙ තියෙන ඩේලි ඔය වගේ බොරු නිව්ස් දාන පේජ් එකක් මම දන්නව🥴 (නම අහන්න එපා. ලිපිය කියවල ඉවරවෙද්දි ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙයි. නැත්තම් මම මෙහෙම එකක් කිව්ව කියල අමතක කරන්න. 😁)
ඇත්තටම රිච් එක බලාගෙන නම් පේජ් එක කරන්නෙ ෆිල්ම්, ටීවී සීරිස් ගැන පේජ් කරන්න එපා. ඒකට හොඳම දේ ගොසිප්, සෙක්ස්, පොලිටික් දේවල් නැත්තම් මීම් පේජ් වගේ ටොපික් එකක් අරගෙන පේජ් එකක් කරන එක. ඇත්තම කතාව කිව්වොත් ඒවට තමා ලංකාවෙ ලොකුවටම රිච් එක හැදෙන්නෙ. (නිකමට ඩේලි ලංකාවෙ You Tube trending List එක චෙක් කරල බලන්න. මම මේ කියපු එක සාක්කි ඇතුවම බලාගන්න පුළුවන්.😥)
එහෙම නැතුව රිච් එක ගන්න ෆිල්ම්, ටීවී සීරිස් ගැන කතාකරනව කියන්නෙ Pointless 😒.
එහෙනම් කලබලයක් නැතුව ඔලුව හදාගෙන ලිපිය කියවන්න. මොකද ආයෙ මෙහෙම එකක් කියවන්න ලැබෙන්නෙ නෑ. And that's a fact ✌️.
සාමාන්‍යයෙන් ගීක් පේජ් එකක වැටෙන පෝස්ට් වර්ග 5 ක් තියෙනව.
1. News
2. Rumors
3. Theory
4. Meme
5. Artwork etc...
ඕකෙන් Meme සහ Artwork Etc කියන දෙක අපි කතාකරන ටොපික් එකට අදාල නෑ. ඒ නිසා ඒ දෙක අපි අයින් කරමු.
1. News
2. Rumors
3. Theory
ඔය තුන තමා අපේ ගීක් ජනතාව පටලගන්නෙ. ලිපිය කියවල ඉවරවෙනකොට ඕව වෙන් කරල අඳුරගන්න පුළුවන් වෙයි. ඒ කරලත් තේරුනේ නැත්තම් කමෙන්ට් සෙක්ශන් එකේ ඕනෙ දෙයක් අහන්න මම ඒ හැම එකටම උත්තර දෙනව. 😁 මොකද මම මේ ලිපිය ලියන්නෙ වෙන කෙනෙක්ගෙ එකක් කොපි කරලවත්, ෆැන්ඩම්, විකිපීඩියා වලින් උස්සලවත් නෙවේ. මගෙ අත්දැකීම් සහ මම මේ කමියුනිටි එකේ ඉඳල ගත්තු එක්ස්පීරියන්ස් එකෙන් 🙏. ඒ නිසා මේ ලිපියෙ කියන දේවල් වලට 100% වගකීම මම ගන්නව 😎.
1. News
මුලින්ම බලල ඉමු නිව්ස් එකක් කියන්නෙ මොකද්ද කියල.
සාමාන්‍යයෙන් නිව්ස් එකක් කුමන හෝ කාරණයක් සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රය පැත්තෙන් පිලිගත හැකි මූලාශ්‍රයකින් දෙන යම්කිසි තොරතුරක්.
මේක ට්වීට් එකක්, First look එකක්, Footage එකක්, ට්‍රේලර් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන් 😎
නිව්ස් එකක් නිවැරැදි වෙන්නම් ඕකෙ මේ කියන ටික තියෙන්න ඕනෙ.
1.පිලිගත හැකි මූලාශ්‍රයක්
2.සවිස්තරාත්මක බව.
3.කාලීන බව
4.මේක නිව්ස් එකක් කියල කෙලින්ම කියල තියෙන්නෙ ඕනෙ
5.නිවැරදි බව
1. මූලාශ්‍රය
Film Industry එකෙන් ගත්තම අදාල නිර්මාණය සිදුකරන ආයතනය හෝ ඒක ප්‍රොජෙක්ට් එකේ වැඩකරන අධ්‍යක්ෂකවරයා, නළුනිළියෝ වගේ අය තමයි මූලිකවම මූලිකවම මේවගෙ මූලාශ්‍රය වෙන්නෙ. මෙයාල කෙලින්ම කියනවනම් මේක 100% ඇත්ත කියල, අන්න ඒක කිසිම ප්‍රශ්ණයක් නැතුව නිව්ස් එකක් කියල කියන්න පුළුවන්.
හැබැයි මෙතනදි තවත් කාරණයක් දැනගන්න ඕනෙ. නළුවෙක් හෝ අධ්‍යක්ෂකවරයෙක් උන පලියට එයා කියන හැමදේම නිව්ස් එකක් වෙන්නෙත් නෑ.
උදාහරණයක් ගත්තොත් හෙන්රි කැවිල් කිව්වොත් එයා Captain Britain චරිතෙට ආසයි ඒ චරිතෙ කරන්න ආසාවක් තියෙනව කියල ඒකෙන් කියවෙන්නෙ නෑ එයා Captain Britain චරිතෙට තෝරගෙන ඉන්නව කියල. ඒ එයාගෙ පෞද්ගලික මතය.✌️ ඒ දෙක කිසිසේත්ම පටලගන්නම එපා. 😜
ඒ වගේම අපිට පිලිගත හැකි පේජ් තියෙනව. මේවගෙන් දාන ඒවත් නිව්ස් එකක් විදිහට අරගන්න පුළුවන්. මොකද මෙයාලට Directors ල, Producers ල එක්ක Connection තියෙනව. මේ කියන්නෙ පිටරට තියෙන ප්‍රධාන පෙලේ පේජ් ගැන.
උදාහරණ: -
The Hollywood Reporter (THR) |
Variety |
Deadline |
ComicBook |
Entertainment Weekly |
මේවාගේ එන්නේ ඔෆීශියල් නිව්ස් විතරමයි.. විෂේශයෙන්ම මේ සයිට් හරහා තමා නිව්ස් එකක් මුලින්ම ඔෆීශියලි පබ්ලිශ් කරන්නේ.
මීට අමතරව Twitter එකේ Fandom, Discussing Film, Screen Rant වගේ ටුවිටර් එකවුන්ට් වලිනුත් බොහොම විස්වාදායී නිව්ස් වැටෙනවා. ඒ වගේම ඒ වැටෙන එක නිව්ස් එකක්ද, රූමර් එකක්ද කියන එක මෙයලා හරියටම කියනවා.
ඒ වගේම බොලිවුඩය සම්බන්ධව ඔයාලට විස්තර දැනගන්න පුලුවන් හොදම ක්‍රමය තමා Taran Adarsh ගේ ඔෆීශියල් ටුවිටර් එකවුන්ට් එක සහ LetsOTT ටුවිටර් එකවුන්ට් එක.
මේ ඕනිම නමක් ටුවිටර් එකේ සර්ච් කලොත් ඔයාලට මෙයාලගෙ එකවුන්ට්ස් වලට යන්න පුලුවන්.
මීට අමතරව අද කාලේ එන බහුතරයක් ටීවී සීරීස්, ෆිල්ම්ස් වලට ඒකටම වෙන් වුන ටුවිටර් එකවුන්ට් එකක්, ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරනවා. ඒ වගේම ෆිල්ම්ස් ස්ටූඩියෝ හැම එකටම වගේ එයාලගෙම කියලා සෝශල් මීඩියා එකවුන්ට් තියෙනවා. ඉතිං ඒවා ෆලෝ කරනවානම් එයාලගෙ අලුත් නිව්ස් දාපු සනික දැනගන්න පුලුවන්.
මීට අමතරව Grace Randolph වගේ අයත් නිව්ස් වලට Source එකක් විදිහට ගන්න පුළුවන්. (මෙච්චර කාලෙකට ග්‍රේස් කියපු එකක් වැරදුනා කියල මටනම් මතකයක් නෑ 🙏)
No Way Home Teaser එක එනව කියල ග්‍රේස් දාපු ට්වීට් එක. ටීසර් එක ඉවරවෙන්නෙ hello peter එකෙන් කියල පවා ඒක එන්නත් කලින් කිව්ව. |
Interviews, Reality Shows වගේ ඒවගෙනුත් නිව්ස් එන වෙලාවල් නැතුව නෙවේ. 🙊
උදාහරණ: -
Jimmy Kimmel |
Jimmy Fallon |
නිව්ස් එකක් දානකොට ඒකෙ අග Source එක මොකද්ද කියල තියෙන්න ඕනෙ. නැත්තම් ඒක නිව්ස් එකක් නෙවේ. ඕනෙනම් විස්තරේ මැද්දෙම ඒක කියන්නත් පුළුවන්.
උදාහරණ: -
ඔන්න ටෝබි එයාගෙ Official Twitter Account එකේ කියල තියෙනව එයා No way Home එකේ ඉන්නව කියල
ඔහොම කියල ඒ tweet එකේ Screen Shot එකකුත් දාන්න පුලුවන් නම් වඩාත් හොඳයි 😁
1. සවිස්තරාත්මක බව
මේක ගොඩක්ම අදාල වෙන්නෙ ෆිල්ම් එකක හෝ සීරිස් එකක කාස්ට් එක වගේ දෙයක් ගැන නිව්ස් එකක් කියද්දි. ඒ කිව්වෙ මෙහෙමයි,
House of the Dragon කාස්ට් එක එලියට දාල
ඔහොම දැම්මට ඕක නිව්ස් එකක් වෙන්නෙ නෑ. මොකද ඕකෙ කියන්න ඕනෙ ටික කියල නෑ.
ඕකෙ තියෙන්න ඕනෙ House of the Dragon කාස්ට් එකට එකතු උනේ කවුද, එයාල එකතු උන චරිත ගැන කිව්වනම් කියන විස්තර ටික.
ඕක කෙලින්ම කියන්න බැරිනම් ඒක දැනගන්න යන්න ඕනෙ තැන කියන්න ඕනෙ. ඒ කිව්වෙ මෙහෙම,
House of the Dragon කාස්ට් එක එලියට දාල. HBO Max ලගෙ ඔෆීශියල් ට්විටර් ගිණුමට ගියොත් ඔයාලට කාස්ට් එක බලාගන්න පුළුවන්.
මෙතන කාස්ට් එක දාල නෑ. හැබැයි ඒක දැනගන්න යන්න ඕනෙ තැන කියල තියෙන්නෙ.
එහෙමයි කියල Infinity War cast එකේ Wolverine හිටපු Google Cast එක එහෙම දාන්න එපා ඈ. ඒවා වැරදි නිව්ස්. 😂
3. කාලීන බව
ඒ කිව්වෙ නිව්ස් එකක් නිව්ස් එකක් වෙන්නනම් ඒක වෙලාවට දෙන්න ඕනෙ. දැන් කවුරුහරි මෙහෙම පෝස්ට් එකක් දැම්මොත් ඒක නිව්ස් එකක් නෙවේ මීම් එකක් 😂
මීට සුළු මොහොතකට පෙර Watchmen අධ්‍යක්ෂක සැක් ස්නයිඩර් විසින් Man of Steel චිත්‍රපටයක් නිවේදනය කරා...
4. නිවැරදි බව
උඩ තුනම තිබ්බත් හරියන්නෙ නෑ. කියන එක හරියට කියන්න ඕනෙ. ඒකට ටිකක් හරි ඉංග්‍රීසි පුළුවන් වෙන්නත් ඕනෙ. මේ කියන එකට ඔෆෙන්ස් වෙන්න එපා ඈ. ඕක කියන්න හේතුව මේකයි
සති කීපෙකට කලින් James Won, Fandom එකට කියල තිබ්බ WB ල කැන්සල් කරපු Trench Project එක ඇත්තටම Trench එකක් නෙවේ Black Manta Spin-off එකක් කියල.
ඕක ලංකාවෙ මෙන්න මෙහෙම දාල තියෙනව දැක්ක මම.😂
Trench project එක කැන්සල් උවත් ජේම්ස් වොන් විසින් රහසේම Black Manta ව්‍යාපෘතියක් කරගෙන යන බව තහවුරු වෙයි..
දැන් ඔය නිව්ස් එක කියවන කෙනා බොරුවට Black Manta ප්‍රොජෙක්ට් එකක් ගැන හයිප් වෙනව. ඔය පෝස්ට් එකේ Source එකක්වත් තිබ්බෙ නෑ. පේනවනෙ කරපු වැඩේ තරම 😕
ඉංග්‍රීසි බැරිනම් Dictionary එකක් හරි අරන් බලන්න කිව්වෙ මොකද්ද කියල |
5. මේක නිව්ස් එකක් කියල කෙලින්ම කියල තියෙන්නෙ ඕනෙ
ඔය කිවෙ මේ වගේ එකක්.. Znyder Cut එක එනව කිවේ සැක්ගේ ලයිව් එක්කනෙ. ඕක ගමුකො උදාහරණයකට.. ලයිව් එකට කලින් පේජ් එකක මෙහෙම පෝස්ට් එකක් දානවා.
ඔන්න Znyder Cut එක එනවලු..
ලයිව් එකට පස්සෙ ඒ පේජ් එකේම මෙහෙම පෝස්ට් එකක් වැටෙනවා
ඔන්න Znyder Cut එක එනවලු.
දැන් ඔය දෙකෙන් නිව්ස් එක මොකද්ද ? Obviously දෙවෙනි එක. 🙏
හැබැයි වැඩේ නොදන්න කෙනෙක් පලවෙනි පෝස්ට් එක දාල තියෙන හැටියට කතා දෙකක් නෑ ඕක පිලිගන්නව. ඒකෙනුත් නතරවෙන්නෙ නෑ තිබ්බ හයිප් එකේ හැටියට ඔය කෙනා ඕක හතරවටේ ශෙයා කරනව. බැරිවෙලාවත් ලයිව් එකේදි සැක් කිව්වනම් හරියන්නෙ නෑ කැම්පේන් එක අතාරින්න කියල 😒. එතනින් පස්සෙ අමු ටොක්සික් ෆෑන්බේස් එකක්නෙ හැදෙන්නෙ. සැකුත් ඉවරයි, DC, WB දෙකම ඉවරයි. හැබැයි ඒ ඔක්කොටම හේතුව වැරදියට දාපු පෝස්ට් එකක්. ඔය වගේ ඒවට තමා රූමර්ස් කියන්නෙ. එහෙනම් බලමු මොකද්ද මේ Rumors කියන්නෙ කියල.
2. Rumors
Rumor එකක් කියන්නෙ Officially Confirm නොවුනු නිව්ස් එක්කට. ඒ කිව්වෙ කට කතාවකට. නිව්ස් එකකයි Rumor එකකයි තියෙන ලොකුම වෙනස තමා News වගේ නෙවේ රූමර්ස් වලට Source එකක් නෑ. ඒ නිසා මේව Confirm වෙනකම් බොරු කියල තමා සලකන්න වෙන්නෙ. මොකද මේව පටන්ගත්ත විදිහක් කවුරුත් දන්නෙ නෑ. කොහෙහරි තියෙන එකක් කවුරුහරි දකිනවා එයා මේක තවත් පතුරවනව.
ඕක හරියට මිනිස්සු අනිත් අයට පද හදනව වගේ. ඕක අන්තිමට හදපු එකෙක් නෑ. Anonymous 🥴
නිකමට හිතන්න රොක් සහ හෙන්රි කැවිල් දෙන්න එකට ඉදන් බියර් එකක් බොන ෆොටෝ එකක් වයිරල් යනව. මේ දෙන්නගෙ මැනේජරුත් එක්කෙනෙක් නෙ. ඉතින් ඕක දකින කෙනෙක් තමන්ගෙ පේජ් එක රිච් කරන්න හෝ කට්ටියට පොඩි Prank එකක් කරන්න හිතාගෙන පෝස්ට් එකක් දානව,
සුපර්මෑන් සහ බ්ලැක් ඇඩම් Crossover එකක් නිර්මාණය වන බව වාර්තා වේ. මෑතකදී රොක් සහ හෙන්රි කැවිල් හමුවීමට හේතුව මෙය බවයි ආරංචි වෙන්නෙ 🙀🔥🔥
ඊටපස්සෙ ඕක සෝශල් මීඩියා වල වයිරල් යනව. හැබැයි මේක ඇත්තක්ද කියල කවුරුත් දන්නෙ නෑ. හේතුව Source එකක් නෑ. ඒක නිසා මේකට ලොකු attention එකක් ලැබෙනව. මේක දකින කෙනෙක් රොක්ගෙන් අහනව මේ ගැන. රොක් පොඩි ආතල් එකක් ගන්න කියනව "We'll see" කියල. ඕකෙන් පස්සෙ කවුරුහරි කරපු prank එකක් රූමර් එකක් වෙලා අන්තිමට Unofficial News කියල ලේබල් වෙනව.
90% රූමර්ස් කියල වෙන්නෙ ඕක. නිකමට ඕවගෙ Source එකක් පස්සෙ ගිහිල්ල බලන්න. 😂
පර්සනලි මම ආස නෑ රූමර්ස් කියන ඒවා වයිරල් යනවට. මොකද රූමර්ස් මත හයිප් එකක් හැදෙනව කියන්නෙ ඒ හයිප් එකෙන් හැදෙන්නෙ තියෙන ටොක්සික්ම ෆෑන්බේස් එකක්. නිකමට හිතන්න No way home එකේ අර දෙන්න නැති උනොත් ට්‍රේලර් එක එවන්න කියල මාවල් ට්‍රේලර් වලට ලයික් අඩුකරන්න කැම්පේන් කරපු ෆෑන්බේස් එකකින් කොහොම රෙස්පොන්ස් එකක් ඇතිවෙයිද කියල 😪
දැනට දැකපු ටොක්සික්ම ෆෑන්බේස් එකක් No way home එකට තියෙන්නෙ. හේතුව රූමර්ස්. 😪
පේජ් එකක රූමර්ස් දානව කියන්නෙ ඇත්තටම මහ pointless වැඩක්. ඔෆීශියලි නොකියපු කාගෙ හරි පේජ් එකක් රිච් කරන්න දාපු එකක් ඇත්ත වගේ අල්ලගෙන දගලන එකේ තේරුමක් නෑනෙ ඇත්තටම බැලුවොත්. ඕකෙන් වෙන්නෙ තමන්ගෙ පේජ් එකේ කොලිටිය බහින එක. ඩේලි රූමර්ස් දාන කෙනා එක පාරට නිව්ස් එකක් දැම්මත් ඒක රූමර් එකක් වෙනවනෙ. ගොඩක් ඔය රූමර්ස් දාන්නෙ රිච් ගන්න බලාගෙන. එහෙම අයට මිහිඳු අයිය හොඳ වචනයක් කියනව. රිච් කාක්කො 😂
3. Theories
තියරි එකක් කියන්නෙ ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් සම්බන්ධව දැනට ඇවිල්ල තියෙන තොරතුරු අනුව ඒකෙ ප්ලොට් එක ගැන කරන පුරෝකථනයක්. ඒවගේම මේක Logically ඇතිවෙන දෙයක්.
රූමර්ස් වගේමයි මේව ගොඩනගන්නෙ ෆෑන්ලම තමා. මේකයි රූමර් කියන එකයි පටලගන්න එපා. ඕක මෙහෙම පැහැදිලි කරගමු.
No way home ට්‍රේලර් එකෙන් අපිට දීපු ඩීටේල්ස් අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මේ වෙද්දි ටෝබි සහ ඇන්ඩෲ ගෙ යුනිවර්ස් දෙක MCU canon කියල. ඕක තියරියක්. ඕක වැරදියි කියල කවුරුහරි කිව්වොත් අපිට කියන්න පුළුවන්. ට්‍රේලර් එකේ ඒ යුනිවර්ස් වල විලන්ල හිටියනම් යුනිවර්ස් දෙක Canon නේද කියල. මොකද මෙතනදි අපිට Logical points තියෙනව.
හැබැයි කලින් හිටිය නළුවම Electro ට cast කරා කියල කවුරුහරි ෆිල්ම් එකේ ශූටින් වත් පටන්ගත්තෙ නැති ගිය අවුරුද්දෙ අගෝස්තු වල කිව්වනම් අර යුනිවර්ස් දෙක canon කියල ඒක Logically ගන්න වෙන්නෙ රූමර්ස් හැටියට. මොකද fox ව කාස්ට් කරේ Soft reboot එකකට වෙන්නත් පුළුවන්. 😏
දැන් ඔයාලට නිව්ස්, රූමර්ස්, තියරි ගැන පොඩිහරි අවබෝධයක් ඇති. මාතෘකාවට ඍජුවම අදාල නැති උනත් Leaks ගැනත් කියන්නම්.
Leak එකක් කියන්නෙ අදාල සමාගමේ කිසිඳු අවසරයක් නැතුව ෆිල්ම් එකක හෝ සීරිස් එකක ට්‍රේලර් එකක්, Footage එකක්, ෆොටෝ එකක් හෝ සම්පූර්ණ ෆිල්ම් එක/ සීරිස් එකම අන්තර්ජාලයට මුදාහරින එක. මේ Industry එකේ තියෙන ලොකුම ප්‍රශ්ණයක් ඕක.
ඔයාල බලන Pirated Copies කියන්නෙත් එක්තරා විදිහක Leak එකක් තමා. නැතුව WB ල කියන්නෙ නෑනෙ "අපි Znyder Cut එක PSA දැම්ම. අරන් බලන්න කියල ". 😂 ඒ ඔක්කොම අනවසර කොපි. 😪
එහෙම නැතුව ඔරිජිනල් වෙබ් පිටපත් කියල ජාතියක් නෑ හොඳේ 😂😂
Fast 9 පෙන්නපු හෝල්වල Jurassic World : Dominion එකේ විනාඩි 5 ක footage එකක් පෙන්නුවලු. (ඕක ලංකාවට ආවෙ නෑ. Because of පුදුම පින 😂). ඕකෙ සම්පූර්ණ footage එකම සෝශල් මීඩියා වලට ආවෙ නෑනෙ. තත්පර ගානක පොඩි එකක් විතරයි ආවෙ. දැන් F9 බලපු කෙනෙක් ඔය Footage එක Phone එකෙන් රෙකෝඩ් කරල පබ්ලිශ් කරානම් අන්න ඒකට තමා Leak වෙනව කියන්නෙ.
එතකොට නිව්ස් ගන්න හොඳම තැන මොකද්ද ?
මේකට මම recommend කරන්නෙ ට්විටර් එක. මොකද official account ඔක්කොම වගේ ට්විටර් එකේ තමා තියෙන්නෙ. නිකමට බලන්න ගීක් පේජ් එකක නිව්ස් දානකොට ඒකෙ source එක 80% ක්ම තියෙන්නෙ twitter account එකක්. හැබැයි මෙතන තවත් දෙයක් තියෙනව.
ට්විටර් එකේ දාපු පලියට ඒක නිව්ස් එකක් වෙන්නෙ නෑ. 😒 මොකද ට්විටර් කියන්නෙත් ෆේස්බුක් වගේම Social media platform එකක්. නැතුව සති අග පත්තරේක මොබයිල් වර්ශන් එක නෙවේ 😂😂
උදාහරණයක් කිව්වොත් උඩ කිව්ව MCU Direct, Discussing Films කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ ගීක් පේජ් මිසක් official page නෙවේ. So එයාලත් නිව්ස් , රූමර්ස්, මීම් වගේ දේවල් පවා දානව. ඔයාට පුළුවන් වෙන්න ඕනෙ ඒව වෙන් කරල අඳුරගන්න. ඒක කරන්නෙ මෙහෙමයි.
අපි කියමු MCU direct එකෙන් අලුත් බැට්මෑන් සීරිස් එකක් ගැන ට්වීට් එකක් දානව කියල. ඕක රූමර් එකක්නම්,
Rumor: A new Batman series is in development
මේ තියෙන්නෙ උදාහරණයක් |
නිව්ස් එකක්නම්,
News: A new Batman series is in development
(Source: HBO Max Twitter)
පේනවනෙ මම උඩ කිව්ව දේවල් ලස්සනට මෙයාල පාවිච්චි කරල තියෙනව. ඕක තවත් විදිහකට කියන්න පුළුවන්.
01) A new Batman series is reportedly in development
02) A new Batman series is officially in development.
Source: HBO Max Twitter
Source එක තියෙනව යටින් |
සිංහලෙන් reportedly කියන්නෙ වාර්තා වන අන්දමට වගෙ තේරුමක්. එතකොට පලවෙනි එකෙන් නොකිය කියන්නෙ ඒක රූමර් එකක් කියල. 😎 Officially කියන්නෙ නිළ වශයෙන් කියන එකනෙ. ඒ කියන්නෙ දෙවෙනි එක නිව්ස් එකක්. කෙලින්ම කියන්නෙ නෑ මේක නිව්ස් එකක්ද, රූමර්ස් ද කියල හැබැයි විස්තරේ ඇතුලෙ ඒක තියෙනව 🙏
මේ කියපු ටික ඩ්‍රිල් කරල ඔලුවට දාගන්න. මෙව්ව අමතක කරන්නම එපා ✋ නොදන්න අයට මේව කියල දෙන්න.
දැන් ඉඳන්වත් කවුරුහරි මොනවහරි දාපු පලියට ඒක පිළිගන්නෙ නැතුව ටිකට් කල්පනා කරල බලන්න. Source නැතුව නිව්ස් දානවනම් බය නැතුව Source එක ඉල්ලන්න. ඒක ඔයාගෙ අයිතියක්. 😏 ඒකට බනිනවනම් ඔය පේස්බුක් එකේ තියෙනව ලයික් බට්න් එක කියල බට්න් එකක්. ඒකෙන් ලයික් කරනව වගේම ලයික් කරපු එකක් ආපහු ගන්නත් පුළුවන් 😂
මේක කියවල හැම නිව්ස් එකකටම Source ඉල්ලන රැල්ලක් හැඳුවනම් අන්න ලිපියෙන් කියපු එක කට්ටියට තේරිලා. මේක කියවලත් කවුරුහරි සෝර්ස් නැති එකක් නිව්ස් කියල පිලිගන්නවනම් මේ ලිපියට නාස්ති කරපු කාලෙ අපරාදෙ. 😒
#No_Source_No_News ✌️
එසේනම් මෙතනින් ලිපිය ඉවරයි. ඊලගට Masters of the Universe ගැන ලිපියකින් හමුවෙමු. ✌
ඔබ සැමට පුදුම පින දෝරෙ ගලත්වා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව 😂 (Not in a good way tough 🤭)
රීච් කාක්කො magay වචනයක්. ටරහයි මං. හුන්ම්...
ReplyDeleteසාරාංශය - සෝස් එකක් (මූලාශ්‍රයක්) නැති කිසිම දෙයක් නිව්ස් නෙවෙයි... පල් බොරු......
යෙප්
Delete🤭🤭
DeleteJurassic World : Dominion එකේ විනාඩි 5 ක footage එක youtube එකේ තියේ දැන් ;)
ReplyDeleteඔව්. ඕක ලියපු දවස්වල තිබ්බෙ නෑ. සති දෙක තුනක් වෙනව ලියල 😁
DeletelEGEND OF THE SEEKER ගැන ලිපියක් ගේන්නකෝ...
ReplyDelete