ගල් ගැඩොට්, රයන් රෙනෝල්ඩ්ස් එක්ක ද රොක් ඉන්න Red Notice ෆිල්ම් එකේ විස්තර

 

Ryan Reynolds, Gal Gadot and Dwayne Johnson

එතෙක් මෙතෙක් නෙට්ෆ්ලික්ස් එකෙන් එන දැවැන්ත ෆිල්ම් එක තමයි මේක. ඉන්න කාස්ට් එක දැක්කාම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ සුපර් හිට් එකක් වෙන ෆිල්ම් එකක් කියලා. 

මීට කලින් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් ආවට ඔන්න අද තමා ‍රොක් (ඩ්වෑන් ජොන්සන්) එයාගේ ටුවිටර් එකෙන් ෆිල්ම් එක රිලීස් වෙන දවස එනවුස් කලේ 👇


ෆිල්ම් එකේ එනවුසමන්ට් එකත් එක්ක රයන් රෙනෝල්ඩ්ස් දාපු ටුවිට් එක තමා මේ 👇


ෆිල්ම් එකේ එනවුසමන්ට් එකත් එක්ක ගල් ගඩොට් දාපු ටුවිට් එක තමා මේ 👇

Central Intelligence (2016), We're the Millers (2013) සහ Skyscraper (2018) වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Rawson Marshall Thurber තමා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ.

Rawson Marshall Thurber

ඇමෙරිකානු ඩොලර් මිලියන් 130ක මුදලකට තමා නෙට්ෆ්ලික්ස් එකෙන් මේ ෆිල්ම් එක අරන් තියෙන්නේ. නොවැම්බර් 12 නෙට්ෆ්ලික්ස් එකට රිලීස් වෙන්න කලින් තෝරාගත් සිනමා ශාලා වලට මේක රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනවලු. ගොඩක් දුරට නෙට්ෆ්ලික්ස්ලගෙ ෆිල්ම්ස් රිලීස් කරන AMC සහ Regal වගේ තියටර්ස් වලින් මේක රිලීස් වෙයි.

Regal Cinemas & AMC Cinemas

මේකේ කතාව මෙහෙමයි. අපේ රොක් FBI නිළධාරියෙක්. රයන් සහ ගල් කියන්නේ අපරාදකාරයෝ දෙන්නෙක්. මංකොල්ලයක් අතර තුර මේ තුන් දෙනා මුණගැහෙන කතාවක් තමා මේකේ තියෙන්නේ. මරුවට තියෙයි.

ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ Extraction ෆිල්ම් එක තමා මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් එකේ වැඩිම දෙනෙක් බලපු ෆිල්ම් එක. නෙට්ෆ්ලික්ස් Households ලා මිලියන 99ක් ඒක බලලා තියෙනවා.. බලමු.. Red Notice එකට ඒ රොකෝඩ් එක කඩන්න පුලුවන් වෙයිද කියලා.

Extraction


(Source - Deadline)

Post a Comment (0)
Previous Post Next Post