The Witcher සීරීස් එකේ ප්‍රීක්වල් (පසුබිම් කතාවක්) සීරීස් එකක් එනවා කියලා දැනටමත් හැමෝම දන්නවානේ. සීරීස් එකේ නම The Witcher: Blood Origin මේ දවස් වල මේ සීරීස් එකේ ප්‍රධාන චරිත නලු නිලියෝ එකතු වෙනවා. ඉස්සෙල්ලාම සීරීස් එකට එකතු උනේ Laurence O'Fuarain.
![]() |
Laurence O'Fuarain |
එයාගෙන් පස්සේ Michelle Yeoh සීරීස් එකට එකතු උනා.
![]() |
Michelle Yeoh |
ඔන්න අද සීරීස් එකට අලුතින්ම එකතු උනේ Sophia Brown. මෙයා මීට කලින් Giri/Haji and Marcella සීරීස් එකේ රගපාලා තියෙනවා. ඒ වගේම මේ සීරීස් එකේ Eile කියන චරිතෙට තමයි සොෆියා එකතු වෙලා තියෙන්නේ.
![]() |
Sophia Brown |
වගේම මීට කලින් මේ චරිතෙට එකතු වෙලා තිබුනේ Jodie Turner. ඒත් ජෝඩිට මේ සීරීස් එකට සම්බන්ධ වෙන්න කාලය වෙන් කරගන්න බැරි නිසා තමා මේ අවස්තාව සොෆියට ලැබිලා තියෙන්නේ.
මේ සීරීස් එකේ රූගතකිරීම් මේ අගෝස්තු වල එංගලන්තයේ දී ආරම්භ කරනවා කියලා තමා නිශ්පාදකයෝ කියන්නේ. මේකත් නෙට්ෆ්ලික්ස් සීරීස් එකක්.
මේ සීරීස් එකේ යන්නේ The Witcher සීරීස් එකට අවුරුදු 1200කට කලින් උන සිදුවීම්. ඒ වගේම පළවෙනි විචර් හැදුන විදියත් අපිට මේකෙන් බලාගන්න පුලුවන් වෙනවා.
![]() |
The Witcher |
Declan de Barra තමා මේ සීරීස් එකේ Showrunner විදියට කටයුතු කරන්නේ. මෙයා The Witcher සීරීස් එකේ පිටපත් රචනයට සම්න්ධ වෙලා තියෙනවා. ඒ වගේම එයා සහ Lauren Schmidt (මෙයා තමා The Witcher සීරීස් එකේ ක්‍රියේටර් විදියට කටයුත් කලේ) මේකේ විධායක නිශ්පාදකවරු විදියට කටයුතු කරනවා. මේක කොටස් 6ක ලිමිටඩ් සීරීස් එකක්. The Witcher එකට සම්බන්ධ උන අය තමා ගොඩක්ම මේකටත් සම්බන්ධ වෙන්නේ. ඉතිං ඒක වගේම මේකත් සුපිරියක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්
![]() |
Declan de Barra and Lauren Schmidt |
(Source - Deadline)