කලින් ලිපියෙන් මම විස්තර කලේ හැරී පොටර් බේරුන හැටි ගැන නේ. ඒක නිසා මන් ඒකෙදි හෝක්රක්ස් ඒ කියන්නෙ විශේයයෙන්ම හැරීගෙ ඇඟ ඇතුලේ තිබ්බ හෝක්රක්ස් එක ගැන විස්තර කලේ නෑ. මොකද ලිපියේ මාතෘකාවට අඳාල ටික විතරයි මම විස්තර කලේ. මම හිතුවා ඉතින් වොල්ඩමෝට් ගේ හෝක්රක්ස් ගැන කියලා වෙනම ලිපියක් ලියන්න ඕනෙ කියලා. ඉතින් අද මේ ලිපියෙන් බලමු හෝක්රක්ස් එකක් කියන්නෙ මොකක්ද?, කොහොමද ඒව නිර්මාණය කරන්නෙ?, කොහොමද ඒව විනාශ කරන්නෙ?, වොල්ඩමෝට්ගේ හෝක්රක්ස් මොනවද? ඒව හැදුවෙ කොහොමද? ඒව විනාශ කලේ කොහොමද? වගේ දේවල් ගැන. ලිපිය නම් ටිකක් දිග් වෙයි.
![]() |
| Professor Slughorn & Tom Riddle |
1.බැසිලිස්ක් විශ
2.Fiendfyre (ශාපලත් ගින්දර වගේ අදහසක්)
3.කිලින් කර්ස් එක (Avada kedavra)
![]() |
| Fiendfyre |
Fiendfyre කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්තම් අර ඩෙත්ලි හැලෝස් පාර්ට් 2 එකේ ක්‍රෙබ් හරි ගොයිල් හරි දෙන්නගෙන් එක්කෙනෙක් ගින්නක් මවනවා මතක ඇති නේ රූම් ඔෆ් රික්වයමන්ට් එකේදි. අර රේවන්ක්ලෝ ඩයඩම් එක එහෙම හංගලා තියෙන්නෙ. අන්න ඒ ගින්නට තමා ඔය උඩ කියන නම කියන්නෙ.
![]() |
| Herpo de Foul |
මේ වගේ හෝක්රක්ස් එකක් මුලින්ම හැදුවා කියන්නෙ හර්පෝ ද ෆෞල් කියන මායාකාරයා. ඒ හෝක්රක්ස් එක මර්ලින් විසින් විනාශ කලා කියලා තමා කියන්නෙ.
![]() |
| Voldemort & Horcruxex |
දැන් එමු අපි වොල්ඩමෝට් සහ හෝක්රක්සස් වලට. මෙතනදි වොල්ඩමොට් ගෙ හෝක්රක්සස් 7ක් තියෙනවා. එයින් එකක් එයා දැනගෙන හදපු එකක් නෙවේ. නොදැනුවත්ව හදපු එකක්.
1.ටොම් රිඩ්ල් ගේ දිනපොත
2.ගෝන්ට් මුද්ද
3.ස්ලිදරින් ලොකට් එක
4.රේවන්ක්ලෝ හිස පලදනාව (ඩයඩම්)
5.හෆල්පෆ් කප් එක
6.නාගිනි කියන වොල්ඩමෝට්ගෙ සර්පයා
7.හැරී පොටර්
ඔය තියෙන්නෙ වොල්ඩමොට්ගෙ හෝක්රක්සස්. ඉතින් මේව කොහොමද වොල්ඩමෝට් ට හම්බුනේ?? මේව හදන්න වොල්ඩමෝට් කාවද මැරුවේ?? යමු ඉස්සරහට.
![]() |
| Tom Riddle (Senior) |
ටොම් රිඩ්ල් (වොල්ඩමෝට්) ගේ හොග්වාට්ස් වල පස් වෙනි අවුරුද්දෙදි වගේ එයා තමන්ගෙ පෙලපත ගැන හොයන්න ගන්නවා. ඉතින් මෙයා නිවාඩු කාලෙදි යනවා තමන්ගෙ අම්මගෙ තාත්ත්ගෙ ඒකියන්නෙ තමන්ගෙ සීයගෙ මහ ගෙදර ට. ගෝන්ට් මන්දිරයට. ඒ වෙද්දි මෝෆින් ගෝන්ට් වෙන තමන්ගෙ අම්මගෙ අයියා එහෙ ඉන්නවා. එයා ඉන්නෙ මුද්ද තමන්ගෙ ඇගිල්ලක දාගෙන. ඉතින් එතනදි වෙන කතා බහේදි ටොම් දැනගන්නවා තමන්ගෙ තාත්තා ගැන. එවෙලෙම මෝෆින්ව ස්පෙල් එකකින් ගල් කරලා දාපු ටොම් මෝෆින්ගෙ යශ්ටියත් අරගෙන තමන්ගෙ තාත්තගෙ ගෙදරට ගිහින් තාත්තවත්, ආච්චිවත්, සීයවත් මරනවා. මරල ඉවරවෙලා ආයෙ මෝෆින් ලගට ගිහින් මෝෆින්ගෙ මතකෙ ගොඩක් බලවත් ස්පෙල් එකකින් වෙනස් කරනවා. ඒ මෝෆින් ගිහින් වොල්ඩමෝට් ගෙ තාත්තා ඇතුලු කට්ටියව මරපු විදියට. එහෙම කරලා මුද්දත් අරගෙන ටොම් රිල්ඩ් එතනින් මාරු වෙනවා. අමාත්‍යාංශයෙන් ඇවිත් මෝෆින්ව අරන් ගිහින් අස්කබාන් හිරගෙදරට දානවා.
ඊටපස්සෙ ටොම් රිඩ්ල් තමන්ගෙ හයවෙනි අවුරුද්දෙදි හෝක්රක්ස් ගැන දැනගන්නවා. ඒ වගේම එයා හයවෙනි අවුරුද්දෙදි ම තමයි රහස් කුටිය (Chamber of secret) විවෘත කරන්නෙ. ඒක මාට්ල් කියන ගෑනු ළමයගෙ මරණෙට හේතු වෙනවා (දන්නවනේ අර ගෑනු ළමයින්ගෙ ටොයිලට් එකේ හොල්මන් කරන කෑ ගහන මාට්ල්). ඉතින් මේ මරණෙ මගින් ටොම් තමන්ගෙ පලවෙනි හෝක්රක්ස් එක හදනවා. තමන්ගෙ දිනපොත හොක්රක්ස් එකක් බවට පත් කරනවා.
![]() |
| Chamber of Secret |
ඊළගට ටොම් කරන්නෙ තමන්ගෙ තාත්තව මරපු එක පාවිච්චි කරලා ගෝන්ට් මුද්දත් හෝක්රක්ස් එකක් බවට පත් කරපු එක. දැන් මිනිහා හෝක්රක්ස් දෙකක් හදලා ඉවරයි. මේ අතරෙදි ටොම් හොග්වාට්ස් වල ග්‍රේ ලේඩි වෙන රොවීනා රේවන්ක්ලෝ ගෙ දුව වෙච්ච හෙලේනා රේවන්ක්ලෝ ගෙන් රේවන්ක්ලෝ හිස පලදනාව තියෙන තැන දැනගන්නවා.
![]() |
| Helena Rewenclaw AKA Grey Lady |
![]() |
| Borgin & Burkes |
ටොම් රිඩ්ල්ට මේ අතරෙදි කාන්තාවක් හම්බෙනවා හෙප්සිබා ස්මිත් කියලා. ඉතින් ටොම් බොහොම ගරු සරු ඇතුව තමයි මේ කාන්තාවට කතා කලේ. මේ කාන්තාවත් ටොම්ගේ මේ ගරු සරු ඇති ව කතා කරන එකට රැවටිලා තමන් ළග තියෙන වටිනාම භාණඩ දෙක වන හෆල්පෆ් කප් එක සහ ස්ලිදරින් ලොකට් එක ටොම්ට පෙන්නනවා. ඉතින් ටොම් දවස් දෙකකින් ආපහු ඇවිල්ලා හෙප්සිබාව මරලා හෆල්පෆ් කප් එක හෝක්රක්ස් එකක් කරනවා. ඒ කරලා නිකන් ඉන්නෙ නෑ. හෙප්සිබාගෙ හවුස් එල්ෆ්ගෙ මතකෙ වෙනස් කරනවා හවුස් එල්ෆ් විසින් තමන්ගෙ ස්වාමිදියණියට වහ දුන්න විදියට. (හවුස් එල්ෆ් කියන්නෙ සේවය කරන අය අර ඩෝබී කියන්නෙත් හවුස් එල්ෆ් කෙනෙක්).
![]() |
| Hepzibah Smith |
![]() |
| Room of Requirement |
ඊට පස්සෙ වොල්ඩමෝට් යනවා හොග්වාට්ස් වල තියෙන රූම් ඔෆ් රික්වයමන්ට් වලට (මේකෙදි තමයි ඕඩර් ඔෆ් ද ෆීනික්ස් එකේ එහෙම හැරී කට්ටියට එහෙම මායාව ඉගැන්නුවේ). ඒක තමන්ට කැමති විදියකට හරවගන්න පුලුවන් කියලා දන්නවනේ. ඉතින් වොල්ඩමෝට් මවනවා එහෙ මෙහෙ දේවල් ගොඩ ගහලා තියෙන කාමරයක්. ඒ කාමරේ ඇතුලේ රේවන්ක්ලෝ හිස පලදනවා හංගලා වොල්ඩමොට් යනවා. පස්සෙ තමන්ගෙ ඩයරි එක ලුසියස් මැල්ෆෝයිට දෙනවා. ඒ වගේම හෆල්පෆ් කප් එක බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් ට දෙනවා. මුද්ද ගෝන්ට් මන්දිරේ හංගනවා. ස්ලිදරින් ලොකට් එක තමන් පොඩි කාලෙ අනාත නිවාසෙන් චාරිකාවක් යද්දි හම්බෙච්ච ගුහාවක හංගනවා. ඒ වගේ දැනට හදපු හෝක්රක්ස් පහ එයා ඒ විදියට සුරක්ෂිත කලා.
![]() |
| Prophecy |
ඊටපස්සෙ අනාගත වාක්‍යයෙන් වොල්ඩමෝට් දැනගන්නවා තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් දරුවෙක් ඉපදෙනවා කියලා. ඉතින් වොල්ඩමෝට් යනවා මේ ළමයව මරන්න පොඩි කාලෙදිම. ඒ ළමයා තමයි හැරී පොටර් ඉතින් එතන වෙන සිද්දියෙන් පස්සෙ හැරී හෝක්රක්ස් එකක් බවට පත්වෙනවා (එතන වෙන සිද්දිය කලින් ලිපියෙ විස්තර කලා). ඒ වගේම වොල්ඩමෝට් ශරීරයක් නැති දුර්වලයෙක් බවට පත්වෙනවා.
![]() |
| Destroying the Diary |
මේ නිසා වොල්ඩමෝට් ඇල්බේනියාවට පලා ගිහිල්ලා සර්පයන්ගෙ වගේ සත්තුන්ගෙ ඇගවල් වල් ජීවත් වෙන්න ගන්නවා. පසු කාලෙක ප්‍රොෆෙසර් ක්විරල් හම්බෙනවා. ඒ සිද්දිය විස්තර කරන්න නම් යන්නෙ නෑ. ඊටත් පස්සෙ හැරීගෙ හොග්වාට්ස් දෙවෙනි අවුරුද්දෙ ලුසියස් ට දුන්න දිනපොත ලුසියස් ජිනීගෙ පොත් මල්ලට දානවා. හිතුව වගේම දිනපොතේ තිබ්බ ආත්මය ජිනීව පාලනය කරන්න ගන්නවා. රහස් කුටිය විවෘත කරනවා. ගොඩක් දේවල් වෙනවා. අවසානයේදි හැරී විසින් බැසිලිස්ක් දලක් මගින් දින පොත විනාශ කරනවා. ඔන්න එකක් විනාශ කලා.
![]() |
| Nagini |
මේ අතරේ වොල්ඩමෝට් හොයාගෙන පීටර් පැටිගෲ එනවා. මේ පීටර් බාර්තා ජෝකින්ස් කියන අමාත්‍යාංශයේ වැඩ කරන කෙනෙක්ව වොල්ඩමෝට් ළගට එක්කන් එනවා. මේ වෙද්දි වොල්ඩමෝට් පීටර් ගෙ උදව්වෙන් ඉතා කුඩා දුර්වල ශරීරයක් හදාගෙන තමයි තියෙන්නෙ. ඉතින් වොල්ඩමෝට් බාර්තා ජෝකින්ස්ගෙන් අමාත්‍යාංශෙ ගැන තොරතුරු අරගෙන එයාව මරලා තමන්ගෙ අන්තිම හෝක්රක්ස් එකක් උන නාගිනි හෙවත් තමන්ගෙ හැපින්නව හෝක්රක්ස් එකක් බවට පත් කරනවා.
![]() |
| Cave |
මේකෙදි වොල්ඩමෝට් ගෙ නැවත පැමිණීම බලාගන්න පුලුවන්. ඊට පස්සෙ හැරීගෙ හයවෙනි වසරෙදි අපිට දැනගන්න ලැබෙනවා ඩම්බල්ඩෝර් විසින් ගෝන්ට් මුද්ද සොයාගෙන තියෙනව බව. ඒ වගේම එතුමා විසින් එය විනාශ කර බවද පසුව දැනගන්න ලැබෙනවා. එම වසරේ අවසානයේ හැරී සහ ඩම්බල්ඩෝ ලොකට් එක සැගවූ ගුහාවට ගිහින් එය රැගෙන එනවා. ඒත් පස්සෙ ඒක බොරු ලොකට් එකක් කියලා දැනගන්නවා.
![]() |
| Slytherin Locket |
ඉතින් හැරී, හමයිනි, රොන් යන තුන්දෙනා අමාත්‍යාංශයට ගිහින් ඇත්ත ස්ලිදරින් ලොකට් එක හොරකම් කරනවා. පස්සෙ ඒක රොන් විසින් ග්‍රිෆින්ඩෝ කඩුව ආදාරයෙන් විනාශ කරල දානවා. මේ ග්‍රිෆින්ඩෝ කඩුවෙන් හෝක්රක්ස් විනාශ කරන්න පුලුවන් වෙන්නෙ හැරී ඒකෙන් බැසිලිස්ක් ට ඇනපු නිසා බැසිලිස්ක් විශ කඩුව විසින් උරාගත්ත නිසා.
![]() |
| Hufflepuff Cup |
එතනින් පස්සෙ ග්රින්ගොට්ස් බැංකුවේ බෙලට්‍රික්ස් ලෙස්ට්රේන්ග් ගෙ සේප්පුව කඩලා හෆල්පෆ් කප් එක හොයාගන්නවා. ඒක පසුව බැසිලිස්ක් දලක් මගින් විනාශ කරල දානවා.
![]() |
| Rewencla Diadem |
ඊට පස්සෙ තුන් දෙනා යනවා හොග්වාට්ස් වලට රේවන්ක්ලෝ ඩයඩම් එක හොයාගෙන. හැරී ග්‍රේ ලේඩිගෙන් දැනගන්නවා ඒක තියෙන තැන. ඊට පස්සෙ කට්ටිය ගිහින් ඒක හොයාගන්නවා. අර උඩදි කිව්ව ගොයිල් හරි ක්‍රැබ් හරි දෙන්නගෙන් එක්කෙනෙක් හදන අර Fiendfyre එක නිසා තමයි ඕක විනාශ වෙන්නෙ පොතේදි නම් ඒත් ෆිල්න් එකට එද්දි ඒක විනාශ කරන්නෙ බැසිලිස්ක් දලකින් කියලා තමයි පෙන්නන්නෙ. දැන් හෝක්රක්ස් පහක් විනාශ උනානෙ. ඊළගට වොල්ඩමෝට් හැරීට වනාන්තරයට එන්න කියනව මතක ඇතිනේ. එතනදි වොල්ඩමෝට් හැරීට එල්ල කරන කිලින් කර්ස් එකෙන් හැරී ගෙ ඇග ඇතුලට ගිය වොල්ඩමෝට් ගෙ ආත්ම කොටස විනාශ වෙලා යනවා. මෙතනදි හරිනම් හැරීත් මැරෙන්න ඕනෙ. ඒත් එහෙම වෙන්නෙ නෑ. කලින් ලිපියෙන් ඒ ඇයි කියලා තමා විස්තර කලේ. ඉතින් අවසානෙදි නෙවිල් ලෝන්ග්බොටම් විසින් අන්තිම හෝක්රක්ස් එක වෙච්ච නාගිනි වත් විනාශ කරලා දානවා ග්‍රිෆින්ඩෝර් කඩුව මගින්. හැරී විසින් වොල්ඩමෝට් ව පරාද කරනවා.
![]() |
| Killing Nagini |
ඔන්න ඔය විදියට තමයි වොල්ඩමෝට්ගෙ හෝක්රක්සස් හැදුනේ සහ විනාශවෙලා ගියෙ. අමරණීය වෙන වැඩෙත් ලේසි නෑ වගේ නේ?



















