කවුද මේ බ්ලැක් ඇඩම්? - BLACK ADAM (DC Uprising #01)

 DC Uprising #1: BLACK ADAM ⚡



ඔන්න එහෙනම් DC Uprising Tag එක යටතෙ එන මුල්ම Article එකෙන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නෙ SHAZAM ගෙ Main Villain විදිහට ඉන්න 2022 එකේදි Solo Movie එකක් එන Black Adam එහෙමත් නැත්තන් Teth Adam ගැන.මුලින්ම කියන්න ඕනෙ Heroes ලගෙ Villains ලගෙ Origins සමහර තැන් වල වෙනස් වෙනවා.උදාහරණයක් විදිහට කිව්වොත් Black Adam කියන්නෙ Egyptian කෙනෙක් කියල තමා මුල්ම Origin වල තියෙන්නෙ ඒත් පස්සෙ New 52 වල තියෙන විදිහට Adam Khandaq කියන රාජ්‍යයේ Slave කෙනෙක් කියල.ඉතින් Black Adam ට Origin සෙට් එකක්ම තියෙනවා.ඒත් ෆිල්ම් එකට අදාල වෙන ඔරිජින් එක ගැන තමා දාන්න හිතුනෙ.FanDome Event එකෙදි Black Adam එකෙ Concept Art Clip එකට අනුව ඇඩම් කියන්නෙ Slave කෙනෙක් කියල හිතන්න පුලුවන්.ඒ කියන්නෙ New 52 Arc එකට අනුව තමා ෆිල්ම් එකත් හැදෙන්නෙ.එහෙනම් බලමු මේ ලෝක ප්‍රසිද්ධ Villain ගෙ Origin එක.


මේක පටන් ගන්නෙ Khandaq කියන රාජ්‍යයේ කුරිරු පාලකයෙක්ගෙ වැඩ නිසා වහල් වැඩ කරන්න වෙච්චි Aman කියල ලමයෙක්ගෙන්.

(Khandaq)


මෙයාගෙ අම්මයි තාත්තයි නෑ මෙයා ඉන්නෙ මෙයාගෙ මාමත් එක්ක.ඉතින් SHAZAM Wizard මේ කොල්ලව තෝරගන්නවා එයාගෙ Champion Of Magic වෙන්න.Aman ට මේ බලේ හම්බුනාම එයා එයාගෙ මාමත් එක්ක මේ බලෙ බෙදා ගන්න ක්‍රමයක් හොයා ගන්නවා.ඒත් මාමා මේ බලේට වහවැටිලා ඒකෙන් Corrupt වෙලා Khandaq වල පාලකයගෙන් පලි අරගෙන Slavery කියන එක නවත්තන්න හදනවා.ඒත් Aman ට මේක ඕන වෙන්නැ.එයාට ඕන වෙන්නෙ සාමය.ඒක නිසා Aman ගෙ මාමා Aman ව මරල එයාගෙ Full Power එක ගන්නවා.

(Adam Killing His Own Nephew)


ඉතින් මෙතන තමා Black Adam බිහි වෙන්නෙ.පස්සෙ මෙයා Khandaq වල පාලකයා වෙනවා.ටික කාලෙකට පස්සෙ බලයෙන් වියරු වැටිල ඇඩම් පෘථිවිය විනාශ කරල එයාගෙ Image එකට ආයෙ ගොඩනගන්න හදනවා.ඉතින් මෙතන Black Adam කියන්නෙ කොච්චර දරුණු කෙනෙක්ද කියල SHAZAM Wizard දකිනවා.ඒක නිසා Wizard, Adam ව Tomb එකක හිර කරනවා.

අවුරුදු දහස් ගාණකට පස්සෙ Dr.Sivana ( SHAZAM (2019) Film එකෙ Villain ) මේ Tomb එක හොයා ගන්නවා.මෙයා මේක අරිද්දි වැදිච්ච අකුණෙන් තමා මෙයාගෙ ඇහැකට මැජික් දකින්න පුලුවන් වෙන්නෙ. 

Black Adam ඇහැරුනයින් පස්සෙ එයා Seven Sins ලවත් අවදි කරනවා ( මෙයාලත් Film එකෙ හිටිය මතක ඇති )

ඊට පස්සෙ පොර Wizard ගෙ අලුත් Champion Of Magic ව ඒ කියන්නෙ අපේ සසෑම් කොලුවව හොයන් යනවා.මෙතනදි Marvel Family  එකම ( ෆ්‍රෙඩී,මේරි කට්ටිය ) Adam ව නවත්තන්න හදනව.ඒත් ඒක හරියන්නැ ;-)

(SHAZAM Meets Black Adam)

(Battle Of Champions)

(Marvel Family vs Black Adam)

(SHAZAM vs Black Adam)

අන්තිමට බිලී එයාට හම්බෙලා තියෙන Solomon ගෙ දැනුම පාවිච්චි කරලා Adam ව Trick කරනවා SHAZAM කියල කියෝගෙන එයාගෙ Human Form එකට හරවන්න.ඉතින් ඇඩම් මෙතන SHAZAM කිව්ව ගමන් පොරව දූවිලි වෙලා යනව මොකද ඇඩම් කොච්චර බලවත් කෙනෙක් වුනත් පොරගෙ Human Side එක අවුරුදු දහස්ගාණක් වයසයි.ඉතින් පොරගෙ Human Side එක Transform වෙච්චි ගමන් පොරව දූවිලි වෙලා යනවා.


ටික කාලෙකට පස්සෙ Khandaq වල Revolutionariesල වගයක් Black Adam ව Resurrect කරල තියෙනවා.ඒ Khandaq පාලකයව බලෙන් පහ කරන්න.ඉතින් ඇඩම් Local Military ලව පරද්දලා Khandaq වල Ruler ව මරලා Khandaq වල පාලනය අතට අරගෙන තියෙනවා.පොර කොච්චර නරක එකෙක් වුනත් Khandaq හොදට පාලනය කරනවා.Khandaq වල මිනිස්සු ව ආරක්ෂා කරනවා.



පස්සෙ පොර Crime Syndicate එකට විරුද්ධව කරපු සටනෙ Villains ලට එකතු වෙලා තියෙනවා.මේ දවස්ල නම් පොර Justice League එකට Join වෙලා Hero කෙනෙක් විදිහට ඉන්නෙ


Black Adam vs Ultraman)

මෙයා හිටපු Teams ගත්තම පොර JSA ( Justice Society Of America ) / The Society ( The Secret Society Of Super Villains ) / Injustice Society වගෙ ටීම් වල වැඩ කරල තියෙනවා.


Powers පැත්තෙන් ගත්තම Black Adam කියන්නෙ DC වල ගොඩක් බලවත් චරිතයක්.SHAZAM එහෙමත් නැත්තන් Captain Marvel කියන්නෙත් මේ තරම් බලවත් චරිතයක්.ඒත් බිලීගෙ Childish Mind (ළමා මනසිකත්වය, කොච්චර කරත් පොර ළමයෙක්නෙ) එක නිසා ශසෑම් ට එයාගෙ Full Potential එකට Tap වෙන්න බෑ.ඒත් බ්ලැක් ඇඩම් කියන්නෙ එහෙම කෙනෙක් නෙමෙ.පොරට එයාගෙ පවර්ස් ගැන ලොකු අවබෝධයක් තියෙනවා.මෙයාගෙ Powers වැඩ කරන්නෙත් SHAZAM ගෙ විදිහටම තමා.Adam "SHAZAM" කියල කිව්ව ගමන් එයාව Black Adam විදිහට හැරෙනවා.

Billy ට ශසෑම්ගෙ Powers එන්නෙ Greek Gods (ග්‍රීක දෙවිවරු)ලගෙන්නෙ. මේ වගෙ ඇඩම්ට Powers එන්නෙ Egyptian Gods (ඊජිප්තු දෙවිවරු)ලගෙන්.ඒ,


Shu ගෙ දරාගැනීමෙ ශක්තිය 

Horus ගෙ වේගය සහ පියාසර කිරීමෙ හැකියාව

Amon ගෙ ශක්තිය 

Zehuti ගෙ දැනුම

Aten ගෙ Magical Lightning සහ Thunder පාලනය කිරීමට ඇති බලය

Mehen ගෙ Courage එක සහ Hand to Hand Combatant හැකියාව

මේ වගේ SHAZAM ට වගේම ඇඩම්ටත් දෙවියන්ගෙන් Powers හම්බෙනවා.Adam කියන්නෙ Immortal කෙනෙක්.එයාට කන්න, නිදාගන්න, හුස්ම ගන්න වගේ සාමාන්‍ය මිනිස්සු කරන වැඩ කරන්න ඕනෙ නැ ජීවත් වෙන්න.එයාට අභ්‍යාවකාශෙ වුනත් Survive වෙන්න පුලුවන්.

Black Adam ට Sub-Light Speed එකෙන් Orbit එකේදි / අභ්‍යාවකාශෙදි Move වෙලා තියෙනව වගේම Trans-Light Speed එකෙන් පියාඹල තියෙනවා.

ඒ වගේම Golden Age Flash (Jay Garrick) ට සම කරන්න පුලුවන් වේගයකට ඇඩම් හිමිකම් කියනව.දෙන්න කරට කර Race කරලත් තියෙනවා.

(Black Adam Lending His Speed To Flash)

ඇඩම්ගෙ Strength එක Superman ගෙ Level එකටත් වැඩි කියල තමා කියන්නෙ.Hulk පාවිච්චි කරන Thunder Clap එක එහෙම ඇඩම් පාවිච්චි කරල තියෙනවා Power Girl එක්ක වලියකදි.මේකෙන් Power Girl ට ලොකු Damage එකක් වෙනවා.



Black Adam කොච්චර ශක්තිමත්ද කියනවනම් මෙය එකපාරක් Berserker ගිහින් Justice League / Justice Society Of America / Teen Titans කියන Team තුනේම එකතුවකට එරෙහිව තනියම සටන් කරල තියෙනවා.මේකෙ Powergirl / Hawkman / Martian Manhunter / Green Lantern ( ල කිහිප දෙනෙක් ) වගෙ Power Houses බර ගානක් හිටිය.ඒත් ඇඩම්ව නවත්තන එක ලේසි වුනෙ නැ.





Black Adamට ලොකු බුද්ධියක් තියෙනවා.පොරට Multiple Languages කතා කරන්න පුලුවන් ඒවගේම Zehuti ඇඩම්ට අවශ්‍ය වෙලාවලදි එයාව Guide කරල තියෙනවා.

බීලී ශසෑම් වෙන්න පාවිච්චි කරන අකුණ එන්නෙ Zeus(සියුස්) ගෙන් කියල හැමෝම දන්නව ඇතිනෙ.ඒවගේම Adam ව Black Adam වෙන අකුණ එන්නෙ Aten ගෙ බලයෙන්.මේ බලය නිසා ඇඩම්ට අකුණු පාලනය කරන්නත් පුලුවන්.මේකෙන් මැජික් වලට Immunity එකක් ඇති වෙනව.මේකෙන් ඇඩම්ට Rock Of Eternity වලට ඇතුල් වෙන්න පුලුවන් ඒ නිසා ඇඩම්ට Interdimensional වගේම Time Travel ලුත් පුලුවන් වෙනවා.



ඇඩ්මගෙ Courage එකනිසා එයා මොනම Fight එකකින්වත් හැන්ගෙන්නෙ නැ.ඒක නිසාම Black Adam Fearless කියල ගොඩක් අය සලකනවා.ඒ වගේම ඇඩම්ට Telepathy වලින් බේරි ඉන්න පුලුවන්.එකපාරක් මෑන්හන්ටර් ඇඩම්ගෙ මනසට ඇතුල් වෙලා තියෙනවා.මෙතන ඇඩම් මැන්හන්ටර්ට එයා මරපු මිනිස්සු ව පෙන්නනවා.මෙතන පෙන්නන දේවල් වලින් මැන්හන්ටර් බය වෙලා ඇඩම්ගෙන් ඈතකට යනවා.



Pre Crisis ( Crisis On Infinite Earths වලට පෙර ) බ්ලැක් ඇඩම් ගෙ ඔරිජින් වල ඇඩම් කියන්නෙ Highly Skilled Warrior කෙනෙක් විදිහට තමා හදුන්වල තියෙන්නෙ ( මේ Black Adam ගෙ පවර්ස් හම්බෙන්න කලින් )

Adam Isis කියන Goddess ගෙ බලයත් ලබාගෙන තියෙනවා.මේක නිසා මෙයා ගොඩක් ශක්තිමත් වෙනව විතරක් නෙමෙ එයාට හම්බෙන පවර්ස් ඔක්කොම වැඩි වෙලා හම්බෙන්නෙ Isis ගෙ බලෙ  නිසා.ඒ වගේම මේ බලය නිසා ඇඩම්ට Telekinesis බලය වගේම Control Of Nature කියන බලයත් හම්බෙලා තියෙනවා.ඒත් දන්න විදිහට මේව තාම පෙන්නල නැ.

(Black Adam and Isis)


ඇඩම්ට සුපර්මෑන් ගෙ Punches වුනත් දරාගන්න පුලුවන්.සාමාන්‍ය සුපර්මෑන් එයාගෙ Full Force එක පාවිච්චි කරල Attack කලොත් ග්‍රහලෝකයක් වුනත් දෙකඩ කරන්න පුලුවන්.ඒ වගේම Punches කිහිපයකින් ඇඩම්ට Attack කරත් එයාව පරද්දන්න් බැරි වෙලා තියෙනවා.



ඇඩම්ගෙ Weakness එකක් විදිහට එයාට වඩා ගොඩක්  Powerful Magical Beings ල ගන්න පුලුවන්.Adam Berserker ගියාම SHAZAM, Zatanna වගෙ Magical Beings ල සෙට් එකකගෙ එකතු කරපු බලෙන් මෙයා Black Adam විදිහට Transform වෙන Magic Lightning එකෙන් Adam ට ඇටෑක් කරල එයාව Human කෙනෙක් කරනවා.තව ඇඩම්ට වඩා ගොඩක් ශක්තිමත් ඩාක්සෙයිඩ් වගෙ අයත් එක්කත් ඇඩම්ට හැප්පිලා දිනන්න අමාරුයි.


New 52 වල ඇඩම්ව අවුරුදු 5000ක් හිර කරනව වුනත් Pre Crisis වල ඇඩම්ව Wizard විශ්වයේ කෙලවරට පිටුවහල් කරනව.ඉතින් ඇඩම්ට ආයෙ පෘථිවියට එන්න අවුරුදු 5000ක් ගත වෙනවා.



මෙයාගෙ ඇදුම ගැන කතා කලොත් SHAZAM ට වගෙ මෙයාට මුල් කාලෙ Shoulder Cape එකක් තිබ්බෙ නැ.SHAZAM ට මේ Cape එක හම්බෙන්නෙ එයාට Greek Gods ලත් එක්ක තියෙන Connection එක නිසා වෙන්න ඕනෙ මොකක්ද වොන්ඩිට එහෙමත් ඒ වගෙ Shoulder Cape එකක් තියෙනවා.ඉතින් අපිට Black Adam ෆිල්ම් එකෙනුත් ඇඩම්ව Cape එක නැතුව දකින්න ලැබෙයි.සමහරවිට ෆිල්ම් එකෙ අන්තිමට වගෙ Cape එකත් එක්කත් දකින්න පුලුවන් වෙයි.ඒ වගේම ෆිල්ම් එකෙ ඇඩම්ගෙ ඇදුම Paded Suit එකක් නෙමෙ කියලත් කියලා තියෙනව.ඒ කියන්නෙ ඔය Superman / Black Panther / Batman වගෙ අයගෙ ඇදුම් වගෙ නෙමෙ.ඒවල Abs එහෙම ඇදුමෙ හදල තියෙන්නෙ.ඒත් රොක්ගෙ බ්ලැක් ඇඩම් ඇදුම මෙහෙම එකක් නෙමෙලු.ඒක රොක්ගෙ ඇගට Fit වෙන්නලු හදල තියෙන්නෙ.Rock ගෙ Physique එක Highlight වෙන විදිහට.ඒකනම් සිරාවට පට්ට.මොකද ගොඩක් කොමික් කැරැක්ටර්ස් වලත් ඇදුම තියෙන්නෙ ඒ වගේ.



එහෙනම් DC Uprising #1 Article එක මෙතනින් නිමා වෙනවා.අපි ඊලග Article එකෙන් හම්බෙමු.ඊලග එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නෙ මයිකල් බී ජෝර්ඩන්ගෙ HBOMax හරහා Stream වීමට නියමිත Superman ( Val-Zod ) ගෙ කතාව. ඔන්න ඒ ලිපිය මෙතනින් කියවන්න පුලුවන් 👇

වැල්-සොඩ් සුපර්මෑන්ගේ සම්පූර්ණ විස්තරය 👇

https://www.reviewwhocares.com/2021/09/hbo-max-val-zod-superman-dc-uprising-2.html


(Val-Zod)

When You Crush An Ant Beneath Your Foot Do You Feel Remorse ? No, Is It Because You Are Evil Or Because You Recognize Yourself As A Higher Form Of Life .That Is What The Wizard Could Not Understand. If I Have The Power Of The Gods, Then Am I Not A God Myself ?    

-Teth Adam -

(Return Of Black Adam)

1 Comments

Post a Comment
Previous Post Next Post