ගොඩ දෙනෙක් Titans අලුත් එපි තුන බලන්න ඇති කියල හිතනවා.ඒක බැලුවෙ නැත්තන් මේක කියවන්න එපා.ටයිටන්ස් S3 එපිසෝඩ් 1-3 එකෙ වෙච්චි දේවල් ගැන පැහැදිලි කිරීමක් තමා යට දාලා තියෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු
Batfamily එක ඉස්සරහට එයිද ?
Episode 1 එකෙ දකින්න ඇති Bruce වෙනම File වගයක් තියන් ඉන්නව Potential Recruits ලගෙ.
Carrie Kelly (Robin) |
Carrie Kelly: මෙයාව අපිට හම්බෙන්නෙ Dark Knight Returns කියන කොමික් එකෙන්.ජේසන් මැරුනයින් පස්සෙ Batman Mantle එක බෲස් අතාරිනවා.ඒත් එයාට වයස අවුරුදු 50 වෙද්දි බෲස්ට සිද්ද වෙනවා ආයෙ Batman වෙන්න.එතකොට තමා එයා Kelly ව Robin විදිහට Recruit කරගන්නෙ.
Stephanie Brown (Robin/Batgirl) |
Stephanie Brown: Tim ට පස්සෙ රොබින් වුනෙ මෙයා.ඊට පස්සෙ දෙවෙනි Batgirl වුනා.මේ දවස් වලනම් ඉන්නෙ Spoiler කියල Hero කෙනෙක් විදිහට.ඒ වගේන ස්ටෙපනි කියන්නෙ Tim ගෙ Girl Friend
Duke Thomas (The Signal) |
Duke Thomas: මෙයා රොබින් කෙනෙක් නෙම්.මෙයාගෙ නම වෙන්නෙ Signal.මෙයා Robins කියන Original Robin ල 4 දෙනා Train කරන Army එකෙ ලොක්කා.පොර තමා We Are Robins Movement එකත් පටන් ගන්නෙ.බැට්මෑන් මැරුනයින් පස්සෙ ගොතම් ආරක්ෂා කරන්න තමා මේ Movement එක නිර්මාණය කරන්නෙ.පස්සෙ බෲස් මෙයා ගැන පැහැදිලා මෙයාව Batfamily එකට එකතු කරගන්නවා.බෲස් මෙයාට Suit එකක්වගේම Training එකකුත් දෙනවා.ඒත් මෙයා Robin කෙනෙක් වෙන්නෙ නැ.පස්සෙ Black Lightning යටතෙ පොර Signal වෙනවා.මෙයා බැට්මෑන් ගෙ Outsiders Team එකෙත් සාමාජිකයෙක් වෙනවා.
Daxton Chill (Robin) |
Daxton Chill: මෙයත් We Are Robins ලගෙ කෙනෙක්.පොර Mechanic කෙනෙක්.ඒ වගේම Rock Music වල Fan කෙනෙක්.ඒත් දන්න තරමින් බැටා මෙයාව Train කරල නෑ. සමහරවිට ඉස්සරහට එන සීසන් වලින් අපිට මේ එක්කෙන්ක්ව හරි බලාගන්න පුලුවන් වෙයි.ehema wunothnm mru habai.
Bruce ට පිස්සුද ??
Bruce Wayne |
Titans එකේ බෲස් අපි දන්න කියන බෲස්ට වඩා ටිකක් වෙනස්.ඒත් බෲස් ජේසන්ගෙ මරණය Process කරන විදිහ නම් කොමික් එකෙ වගේමයි.කොමික් එකෙත් බැට්මෑන් ජෝකර් ව මරන්න යනවා.ඒත් ජෝකර් රටක තානාපති කෙනෙක් වෙලා ඉන්නෙ ( ලොකු ලොක්කො Blackmail කරලා ) මේක නිසා බැටාට ජෝකර් ව මරන්න බැරි වෙනවා.සීරිස් එකෙත් ජේසන්ව මැරුවයින් පස්සෙ ජෝකර් යටත් වෙනවා.ජෝකර් දන්නවා බැටා අනිවා එයාව හොයන් එනව කියලා.ඒත් කොමික් එකෙ වගේ සීරිස් එකෙ ජෝකර් ට බේරෙන්න හම්බෙන්නෙ නැ.බැටාම ගිහින් ජෝකර්ව මරනවා.බෲස් කියනවා එයා Crowbar එකෙන් ජෝකර් ගෙ ඔලුව කුඩු කරද්දි එයා කරපු එකම දේ හිනා වෙන එක කියලා.මොකද ඒ මොහොතෙදි Batman පැරදුනා.එයාගෙ Moral Code එක එකා බින්දා.S1 එකෙ අන්තිම එපියෙදි මතක ඇති බැටා ජෝකර් ව මරල අන්තිමට එයාව පාලනය කරන්න බැරුව Arkham වල Inmates ල Doctors ල ඔක්කොම අයව මරල දානවා.ඒක ඩික්ගෙ හිතේ මැවෙන දෙයක් වුනත් ඒක තමා ඇත්ත.බෲස් කියල තියෙනවා එයා කාව හරි මැරුවොත් එයාට ඒක නවත්තන්න බැරි වෙනවා කියලා.එයා ලග තියෙනව Recourse නිසයි Knowledge එක නිසයි Justice League එකටවත් බැට්මෑන් ව නවත්තන්න බැරි වෙයි කියල එයාම කියල තියෙනවා.ඒත් සීරිස් එකේදී බෲස්ට පුලුවන් වෙනවා ජෝකර්ව විතරක් මරල එයාව පාලනය කරගන්න.ඒත් පොර Batman Mantle එක අතාරිනවා.ඩික්ට ගෝතම් බාර දීලා පොර ගෝතම් වලින් යනවා.ඒ වගේම තව ජේසන් මැරුණම එයා හැසිරුනේ Jason කියල කෙනෙක් නෑ වගේ.මේක Barbara ම කියනවා.ඩික් ගිහින් සතියකට පස්සෙ එයා Jason ව Recruit කලා.Jasonට පස්සෙ Recruit කරන්නත් List එකක් හදල තියල තියෙන්නෙ.ඉතින් බෲස් ට අනුව Jason ල එහෙම එයාගෙ War Against Crime එකෙ Casualties.කොමික් වලනම් මේක මිට වඩා ගොඩක් වෙනස්.ජේසන් මැරුනම බෲස් ගොඩක් Reckless වෙන්න ගන්නවා.ගොඩක් Fight වලින් පරාද වෙනවා.ඕක බලන් ඉන්න බැරි නිසාමයි Tim බලෙන්ම ඇවිල්ල රොබින් වෙන්නෙ.ඒත් බැට්මෑන් මේකට කැමති වෙන්නෙ නැ.ඒත් ටිම්ට පුලුවන් වෙනව බැට්මෑන්ට එත්තු ගන්වන්න බැට්මෑන්ට රොබින් කෙනෙක් අනිවාර්යයෙන් ඉන්න ඕන කියලා.මේකෙන් පස්සෙ තමා බෲස් කැමති වෙන්නෙ ටිම්ව රොබින් කරන්න.ඒත් බෲස් ටිම්ව Field එකට යවන්නෙ නෑ එයාගෙ Training එක ඉවර වෙනකම්.ඒත් සීරිස් එකෙ මේක වෙනස් කරලා.බෲස් තමා ඩික්ගෙන් ඉල්ලන්නෙ ආයෙ එයාගෙ Robin වෙන්න කියලා.සීරිස් එකෙ ටිම් එහෙම ඉන්න නිසා සමහරවිට අපිට එයාව රොබින් විදිහට බලාගන්න ලැබෙයි.
හොදට හිටපු ජේසන් ඇයි එකපාරට Red Hood වුනේ ??
Red Hood |
ජේසන් එයාම හදාගත්ත Chemical එකක් පාවිච්චි කලා කියලා E1 එකේදි පෙන්නුවා.මේක Fear Conquer කරන Chemical එකක් කියල හිතෙන්නෙ.මොකද සීසන් 2 එකෙදි Deathstroke කරන වැඩක් නිසා ජේසන්ව බිල්ඩිමකින් වැටෙනවා.සුපර්බෝයි හිටියෙ නැත්තන් පොර කෑලි වෙනවා.ඉතින් මේක ජේසන්ට ගොඩක් බලපානවා.ඒකෙන් වෙච්චි බලපෑම ඊලග එපිසෝඩ් වල එහෙම හොදට පෙන්නුවා.ඒකනිසාම ජේසන් එයාම හදපු Chemical එකක් පාවිච්චි කරල කරල බය නැති කරගන්න හදනවා කියලයි මටනම් හිතෙන්නෙ.ඒ වගේම මේ Drug එකෙ බය නැති වෙනවත් එක්කම Over Confidence එකකුත් දෙනව වෙන්න පුලුවන්.ඒකයි ජේසන් තනියම ජෝකර් පස්සෙ ගියේ.මේ Drug එක හදන්න ජේසන් වෙනම ලැබ් එකක්තු හදල තිබ්බා.ඒත් ජේසන්ට මෙච්චර දෙයක් තනියම කරගන්න බෑ.මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ Scarecrow වෙන්න ඕනෙ.මොකද Barbara කියනවා එයාලා Scarecrow ව Profiler කෙනෙක් විදිහට පාවිච්චි කලා කියලා ( මෙයාලා කරන්නෙ Crime Scene එක නිරීක්ෂණය කරල හෝඩුවා වලින් අපරාධකාරයා කොහොම කෙනෙක්ද එයා හිතන විදිහ එයාගෙ අරමුණ වගේ දේවල් වලින් Profile එකක් හදන විදිහ.Prodigal Son Tv Series එක බලන්න ඕක හොදට තේරුම් ගන්න පුලුවන් ) ඒ වගේම Barbara කියනව මේක බෲස්ගෙ අදහසක් කියලා.ඒ කියන්නෙ Scarecrow ව හම්බෙන්න Batman & Robin නුත් යන්න ඇති සමහර Case වලදි.සමහර තැන් වල Robin විතරක් යන්න ඇති.ඉතින් මෙහෙම ගිය තැනක Scarecrow ට Robin ගෙ මනස වෙනස් කරලා එයාව තමන්ගෙ වැඩ වලට පාවිච්චි කලා වෙන්නත් පුලුවන් ( Scarecrow කියන්නෙ එසේ මෙසෙ ඩයල් එකක් නෙමෙ ) සමහරවිට ජෙසන් පාවිච්චි කරන Drug එකෙන් ජේසන්ගෙ පාලනය Scarecrow ට හම්බෙනවා වෙන්නත් පුලුවන්.ජේසන්ව මරන එක Scarecrow ගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.මොකද මැරිච්ච කෙනෙක්ට පණ දෙන්න Lazarus Pit එක පාවිච්චි කලාම ඒ කෙනාගෙ ආත්මෙන් කොටසක් නැතිවෙනවා.මේක නිසා තමා Jason ගොඩක් Aggressive වෙන්නෙ Red Hood විදිහට එද්දී.මේක නිසා Scarecrow ට ගොඩක් ලේසියෙන් Jason ව Manipulate කරන්න පුලුවන් වෙනවා
Red Hood ගෙ ප්ලෑන් එක
Hank |
Red Hood කියන්නෙ කොච්චර මොළකාරයෙක්ද කියල තුන් වෙනි එපිසෝඩ් එකෙන් හොදට පෙන්නුවා.පොර Team එකේ Weak Link එක Hank කියල දන්නව.මොකද හෑන්ක් ගොඩක් Aggressive තීරණ ගද්දි දෙපාරක් හිතන්නෙ නැ.ඉතින් මේ නිසාමයි ජේසන් හෑන්ක්ට උගුලක් අටවන්නෙ.ඉතින් ජේසන් ට තිබ්බ අර Pool එක ලග ලේසියෙන් හෑන්ක්ව මරල දාන්න.ඒත් ජේසන් ඒ වෙනුවට හෑන්ක් ට බෝම්බයක් සෙට් කරල ආයෙ ටයිටන්ස්ල ලගට එවනවා.පස්සෙ කියනවා රත්තරන් වගයක් මංකොල්ල කෑවෙ නැත්තන් හෑන්ක්ව මරනවා කියලා.ඒ වගේම ජේසන් දන්නව ඩික් කවදාවත් ඒ වැඩෙ කරන්නෙ නැ කියලා.ජේසන් තව දෙයක් දන්නවා.ඒ හෑන්ක් ව බේරගන්න ඩෝව්න් ඕන දෙයක් කරනව කියලා.එක ගලෙන් කුරුල්ලො තුනක් විතර ජේසන් බිම දැම්මා.හෑන්ක් මැරුන නිසා Team එකම මානසිකව වැටුනා විශේෂයෙන්ම Dove එහෙම.මොකද එයාගෙ අතින්මයි හෑන්ක් ට මැරෙන්න සිද්ද වුනෙ.ඒ වගේම නයිට්වින්ග් ටත් මේක ගොඩක් බලපානවා මොකද පොර මුලින්ම ජේසන් කිව්ව විදිහට වැඩෙ කලානම් හෑන්ක්ව බේරගන්නත් තිබ්බා, තව ඩෝව් ජෙසන්ට වෙඩි තියන්න ලෑස්ති වෙන තැන ඒ සීනෙක වෙද්දි ජේසන්ගෙ Henchmen ල ටික ඩෝව් උස්සපු රත්තරන් ටික අරන් යන්න ඇති.තව ඩොව් කරපු වැඩේ නිසා Titans ලා දැන් අපරාධකාරයො වෙලා GCPD එකත් එක්ක තියෙන සම්බන්ධය මේක නිසා නැති වෙන්න පුලුවන්.ඉතින් තේරෙනව ඇතිනේ ජේසන් මෙතන පට්ට ප්ලෑනක් ගහන්නෙ.කොහෙන් ගියත් ජේසන්ට වාසියක් වෙන විදිහේ. ඒ වගේම මෙතනදි පෙන්නුවා ජේසන් කොච්චර භයානක කෙනෙක්ද කියන එක. සහ සීසන් 3 එකේ මේන් විලන් විදියට ජේසන් රෙඩ්හුඩ් විදියට ඉදීවි.
Hank ඇත්තටම මැරුනද ??
Hank & Dove |
තුන් වෙනි එපිසෝඩ් එක බලපු ගොඩ දෙනෙක් ශොක් වෙන්න ඇති.ඒ ජේසන් හෑන්ක්ව මරන තැන.මෙතන ගොඩක්ම ශොක් වුනෙ Superboy ට හෑන්ක් ව බේරගන්න අවස්තාවක් තිබිලත් තත්පර ගානෙන් මේක මිස් වෙච්චි එක ;-) Dove වැරදිලා හෑන්ක්ගෙ ඇගෙ තියෙන බෝම්බෙ Detonate කරනවා.මේක නිසා හෑන්ක් මැරෙනවා.ඒත් පොර ඇත්තටම මැරුනද ?? මේක මටත් ප්රශ්නයක්.Hank & Dove කියන්නෙ Comic වල War & Peace කියන Idea දෙක Represent කරන දෙන්නෙක්.මෙයාලට Powers තියෙනවා.මේ Powers ලබා දෙන්නෙ Lords of Order & Chaos ලා.මේ පවර්ස් වල tap වෙන්න පුලුවන් වෙන්නෙ Danger Sense කියල එකකින්.ඒ කියන්නෙ දෙන්නටම අනතුරක් වුනාම.මෙතනින් Hawk ට හම්බෙන Power එක තමා Durability / Stamina & Strength කියන එක.සමහරවිට මේ බෝම්බ සීන් එක නිසා හෑන්ක්ට එයාගෙ Powers වලට tap වෙන්න පුලුවන් වුනාද දන්නෙත් නැ.මේක හරියටම කියන්න බෑ.ඊලග එපිසෝඩ් එකෙන් තමා බලන්න වෙන්නෙ.
S3 එපිසෝඩ් තුන බලද්දි මට මීටර් වෙච්චි Easter Eggs කීපයක් පහලින් දාලා තියෙනවා. ඒව මීටර් වුනාද බලන්න...
ටිම් ව මුලින්ම පෙන්නන තැන "This Is Paradise" කියන එක අනිත් පැත්තට ගහල තියෙනවා.ඒක නිකන් Paradise කියන එකෙ අනිත් පැත්ත Hell කියල පෙන්නන්න වගෙ.This is Hell.Gotham is Hell කියල පෙන්නන්න වගේ.ගොඩක් කොමික් වල මේ ගෝතම් කියන්නෙ අපායක් කියල පෙන්නල තියෙනවා නගරයෙ වෙන විශාල අපරාධ ගානත් එක්ක
ටිම් එයාගෙ බයිසිකලෙ පැදගෙන යද්දි බිල්ඩිමක Church Of Blood කියල ගහල තියෙනව දකින්න ඇති.මේ Brother Blood කියන කෙනාගෙ Cult එකක්.මෙයා ටයිටන්ස්ලගෙ විලන් කෙනෙක්.මෙයාලා Trigon ට වන්දනාමාන කරන කට්ටියක්. Judas Contract Animation එක බැලුවනම් මෙයාල ගැන දැනගන්න පුලුවන්.
කෝරි එයාගෙ Therapist ට කියනවා We Had A Death In The Family කියලා.මේ 1988 ආපු Batman Death In The Family Comic එකට Reference එකක් වෙන්න පුලුවන්.මේ කොමික් එකේ තමා ජේසන් මැරෙන්නෙ.
Batcave එකේදි අපිට T-Rex ගෙයි Giant Penny එකෙයි Holograms දකින්න පුලුවන් වුනා.ඒ වගේම Mad Hatter ගෙ තොප්පිය , Bane ගෙ Mask එක , Penguin ගෙ කුඩේ , Harley Quinn ගෙ Mallet එක , Joker ගෙ Henchmen කෙනෙක්ගෙ Mask එක වගේ දේවල් බලාගන්න පුලුවන් වුනා.
ඒ වගේම Ra's Al Ghul ව Mention කරන තැන කියනවා එයා ඉන්නෙ Khadym වල කියලා.මේ Middle Eastern Country එකේ තමා එයා එයාගෙ League Of Assassins ලව තියන් ඉන්නෙ.
![]() |
Dark Knight & Caped Crusader |
ඩික් Team එකට Wayne Manor එකෙ සාලෙ කතා කරන තැන දකින්න ඇති Knight කෙනෙක්ගෙ හෙල්මට් එකකුයි කුරුස යුද්දභටයෙකුගේ ( Crusader ) හෙල්මට් එකකුයි Showcase කරල තියෙනවා.ඉතින් මට හිතෙන විදිහට මේ බැට්මෑන් ගෙ අනිත් නම් දෙකට ( Dark Knight & Caped Crusader ) දීපු Reference එකක්
එහෙනම් ඕකයි Episode 1-3 කතාව ඊලග Breakdown එකෙන් හම්බෙමු
ලිපි නිර්මාණය හා අදහස - ශෙහාන් පෙරේරා
සංස්කරණය - මිහිදු ශ්රී
Titans S03E04 බ්රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/titans-s03e04-breakdown.html
පට්ට බං හිතුවේ නැති Easter eggs ටිකක්නේ මේකෙ තියෙන්නේ😗🔥
ReplyDeletePatta macho digatama yn 💪❤
ReplyDeleteදැන් අනේ කියෙව්වේ,,, කුපිරිම ඉතින් <3
ReplyDelete