Cinemacon එකේ දී පෙන්නපු The Batman ෆිල්ම් එකේ Footage එක ඇතුළු සියළු විස්තර



මේ දිනවල තියෙන Cinemcon event එකේ දි ලබන අවුරුද්දේ එන්න තියෙන The Batman ෆිල්ම් එකේ ෆූටේජ් එකක් පෙන්නලා තියෙනවා. ඒක පෙන්නලා තියෙන්නේ ඒ ඉවෙන්ට් එකට ආපු අයට විතරයි. ඒ නිසා මේ ෆූටේජ් එක බලාගන්න අපිට නම් පුළුවන් කමක් නැහැ. කොහොමවුණත් මේ ෆූටේජ් එක හැර මේ The Batman ෆිල්ම් එකේ යම් තොරතුරු කිහිපයක් නම් එළියට දීලා තියෙනවා. Tha Batman ෆිල්ම් එක Matt Reeves විසින් ඩිරෙක්ට් කරන සහ ස්ක්‍රිප්ට් එක ලියන Original DC ෆිල්ම් එකක්. මේ Matt Reeves තමා හැමෝම දන්න Rise of the Planet of the Apes ෆිල්ම් එක නිර්මාණය කළේ. ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2022 මාර්තු වල. ගිය අවුරුද්දේ DC Fandome ඉවෙන්ට් එකේ දී මේ ෆිල්ම් එකේ පළවෙනි ටීසර් ට්‍රේලර් එක පෙන්නුවාට පස්සේ හැම DC ෆෑන් කෙනෙක් ම සෑහෙන හයිප් එකකින් තමයි මේ ෆිල්ම් එක බලන්න ඉන්නේ. 

Matt Reeves

Cinemacon එකට රිලීස් වුණ ෆූටේජ් එක ගැන බැලුවොත් ඒක කලින් රිලීස් කරපු ටීසර් ට්‍රේලර් එක තරම් ෆිල්ම් එක ගැන ඩීටේල්ස් දෙන්නේ නෑ කියලා තමයි කියන්නේ. ඒත් දැනට අපි ප්‍රෙඩික්ට් කරලා තියෙන යම් කරුණු කිහිපයක් කන්ෆර්ම් කරගන්න මේ ෆූටේජ් එකේ විස්තර ගැන ඇහුවම පුළුවන් වෙනවා. The Batman ෆිල්ම් එකේ Penguin, Falconi සහ Riddler වගේ villains ලා සෑහෙන ගාණක් ඉන්නවා. අපි හිතුවා වගේම ෆිල්ම් එකේ මේන් විලේන් Riddler කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒත් මේ ෆූටේජ් එකෙත් Riddler කැරැක්ටර් එකේ අයිඩන්ටි එක පෙන්නලා නෑ. 

The Riddler from The Batman 2022 movie

මේ Cinemacon එකේදී The Batman ෆිල්ම් එකේ ෆූටේජ් එකකට අමතරව behind the scenes කිහිපයක් සහ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ඇතුළු කිහිපදෙනෙක් ගේ ඉන්ටර්වීව්ස් කිහිපයක් ද පෙන්නලා තියෙනවා. මේ ෆිල්ම් එක සහ තමන්ගේ කැරැක්ටර් එක ගැන Batman කැරැක්ටර් එක කරන Robert Pattinson Batman කියන කැරැක්ටර් එක ගැන කියලා තියෙන්නේ ඔහු 20 වන ශතවර්ෂයේ ප්‍රධානම චරිතයක් විදිහට ලෝකයේ නැඟීසිටපු කෙනෙක් කියලා. ඒ වගේම මේ ෆිල්ම් එකේ Batman අනිත් ෆිල්ම් වල Batman ල ට වඩා සෑහෙන වෙනස් කෙනෙක් වෙයි කියලත් Pattinson කියලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පර්සනල් ඉමෝෂන්ස් එක්ක වැඩකරන, හැම සටනක් ම පර්සනල් දෙයක් විදිහට දකින, යම් විදිහක වියරුවකින් ඉන්න Batman කෙනෙක් අපිට මේකෙන් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Matt Reeves කියලා තියෙන්නෙත් මේ ෆිල්ම් එක ඉමෝෂනල් Batman ෆිල්ම් එකක් වෙයි කියලා. ඒ කියන්නේ Batman ඇතුළු කැරැක්ටර්ස් වල ඉමෝෂනල් පැත්ත ගැන අපිට හොඳින් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ ෆිල්ම් එක Batman ගේ ඔරිජින් ස්ටෝරි එකක් නෙවේ කියලා Matt Reeves කන්ෆර්ම් කරලා තියෙනවා. ඒත් ෆිල්ම් එක Batman: Year One කොමික් ආර්ක් එකෙන් ඉන්ස්පයර් වෙලා තියෙන බව හා Batman ගේ crime fighting යුගයේ මුල් ම කාලය ගැන මේ ෆිල්ම් එකෙන් කතා කරනවා කියලා අපිට දැනගන්න ලැබෙනව.

Batman: Year One

ඒ වගේම Cinemacon එකේ දී පෙන්නලා තියෙන ෆූටේජ් එකේදී ප්‍රධාන වශයෙන් Batman විසින් Gotham වල අපරාධකරුවන් හා සටන් කරන විදිහ, එක්ස්ප්ලෝෂන්ස් එක්ක තියෙන ඇක්ෂන්ස්, Gotham පොලිස් ඔෆිසර්ස් ලා සහ Gotham නගරයේ අවුල් වියවුල් බව පෙන්නලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඊට අමතරව Alfred ගේ කැරැක්ටර් එක, Batman සහ Catwoman අතර සටනක දර්ශනයක් සහ Batmobile එකේ දර්ශනයක් ද පෙන්නලා තියෙනවා. මේ ෆූටේජ් එක එළියට රිලීස් නොකළත් ඉස්සරහට රිලීස් වෙන ට්‍රේලර්ස් සහ මාකටින් වීඩියෝස් වගේ ඒවා වලින් මේ ෆූටේජ් එකේ කොටස් බලාගන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඒ වගේම මේ ඔක්තෝබර් වල තියෙන DC Fandome ඉවෙන්ට් එකේදී බොහෝවිට අපිට The Batman ට්‍රේලර් එකක් බලාගන්න පුළුවන් වේවි කියලා කියනවා. 




( Source - Screen Rant )



5 Comments

  1. spider man අලුත් ෆිල්ම් එක daredevil ටීවී සිරියස් එකට සම්බන්දයි කියන්නේ ඇත්තක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔෆීශියල් කියල නෑ. හැබැයි Newyork attack එක වගේ දේවල් ගැන කියනව නෙට්ෆ්ලික්ස් සීරිස් ටිකේ. චාලි මේකෙයි ඉස්සරහට එන She hulk,Echo සීරියස් වල ඉන්නව කියනව.

      Delete
  2. Meeka DCEU ekata directly connect wenne nadda

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Directly සම්බන්ධ නැහැ...හැබැයි No Way Home වගේ මල්ටිවර්ස් කන්සෙප්ට් එකත් එක්ක එන්න කනෙක්ට් වෙන්න පුළුවන්....හැබැයි කන්ෆර්ම් වෙලා තියෙන්නේ වෙනම යුනිවර්ස් එකක් විදිහට

      Delete
Post a Comment
Previous Post Next Post