"මතකයන් සිත පාරවයි...වසන්තේ කොහෙදෝ ගිහින්..."
A/L චිත්රපටියෙ තියෙන මේ කෑල්ල මට මේක ලියන්න යද්දි මතක් වුනෙ. ඇත්තටම අපෙ ජීවිතේ අපිට හරියටම රිදවන්න පුලුවන් ලොකුම දේ තමා මතක. ඒ වගේම අපිව හරියට සුවපත් කරන්න පුලුවන් වෙන්නෙත් මතක වලට. ඒ හැමදේටම අපිට දේවල් එකතු වෙලා තියෙන්න ඕනෙ. මෙ පැන්ඩෙමික් කාලෙ Throwback ස්ටේටස් එකක් දාන එක, මීට අවුරුදු කීපයකට කලින් ගහපු පොටො එකකට "memo" කියලා දාන එක, "Those were days" කියලා දාන එක පහුගිය කාලෙම දකින්න ලැබුන සුලබ දෙයක්. මතකත් එක්ක අපිට තියෙන්නෙ ලොකූ බැඳීමක්. මෙන්න මේක වස්තු විෂය කරගෙන ලීසා තමන්ගෙ කුලුඳුල් චිත්‍රපටිය හදනවා නමින් ඒක Reminiscence.
ඇත්තටම මේක බලලා ඉවර වුන වෙලේ සනිදු අයියා මට මේකට රිවීව් එකක් ලියන්න කිව්වා උනත් මම ඒකට අදිමදි කරේ ඇත්තටම මේක එහෙම ලියන්න තරම් තියෙනවද කියන ප්රස්නයත් එක්ක. ඒ නිසයි මම මේ විදිහට ලියන්න තීරණය කලේ. මම මේක ගොඩක් දුරට ස්පොයිලර් ෆ්‍රී වෙන්න. ඒ නැතත් මේකෙ එහෙම ස්පොයිල් වුනා කියලා ලොකුවට වෙන්න දෙයක් නෑ. කෙසේ වෙතත් මේජර් රිවිල් දෙක තුන ගැන කතා නොකරන්න මම බලාගන්නම්.
මීට මාස දෙකකට විතර කලින් Reminiscence නමින් ට්‍රේලරයක් නිකුත් වෙලා කියලා දැක්ක වෙලේ අමුතු නමත් එක්ක මේ මොකද්ද කියලා මට කුතුහලයක් ආවා. ඒකෙදි මුලින්ම "From the Co-Creator of Westworld" දැක්ක ගමන් නැත්නම් Lisa Joy ගෙ නම දැක්ක ගමන් ලොකු හයිප් එකක් ආවෙ. මොකද Westworld බලපු කෙනෙක්ට අමුතුවෙන් ඒක ගැන කියන්න ඕනෙ නෑනෙ. ලෝකෙ පතාක ටිවි සීරීස් කියන ලේබල් එකට කිසි කතාවක් නැතුව දාන්න පුලුවන් සීරීස් එකක් තමා Westworld කියන්නෙ. අනිත් එක ලීසා කියන්නෙ ජොනතන් නෝලන්ගෙ (නොලන් සර්ගෙ මල්ලි) ආදරණීය බිරිඳ. ඉතින් නිශ්පාදයකයෙක් විදිහට විතරක් මේකට ජෝනතන් එකතු වුනා කියලා පොතේ තිබ්බට ඇත්තටම ජොනතන් අඩුම ස්ක්‍රිප්ට් එකටවත් අත ගහන්න ඇති කියලා මට හිතුනා. ගෑනියි මිනිහයි නෙ ඉතින්. (හැබැයි ෆිල්ම් එක බැලුව නම් ජොනතන් අතගහලා තියා ඇඟිල්ලක්වත් ගහලා නැ කියල හිතෙනවා.) ඒ වගේම තමා අපෙ වුල්වරීන් හාදයා හියු ජැක්මන් මහත්තයත් ප්‍රධාන චරිතයෙන් දායක වීමත් මේක මට විශේෂ වෙන්න බලපෑවා. හැබැයි ලොකූ බලාපොරොත්තු තියන් බැලුව ෆිල්ම් එකේ ඒ තරම් දෙයක් නෑ නේද කියලා බලලා ඉවර වෙද්දි මට හිතුනා. ඒක නිසා මේක කියවන ඔයත් තාම ෆිල්ම් එක බැලුවෙ නැත්නම් ලොකු බලාපොරොත්තු හිතේ රඳවන් බලන්න යන්න එපා. ඒ කියන්නෙ මේ මේක ජරාවක් කියන එකවත් එහෙම හිතන එකවත් නෙමෙ. ලොකුවට හිතන්න යන්න එපා. සාමාන්‍ය ෆිල්ම් එකක් බලන මානසිකත්වෙන් බලන්න. එතකොට එන්ජෝයි කරන්න ලේසි වෙයි.
![]() |
(Lisa Joy & Jonathan Nolan) |
![]() |
(Hugh Jackman) |
මේ ෆිල්ම් එකට IMDb Ratings 5.9 යි ලැබිලා තියෙන්නෙ. මම චිත්‍රපටිය බලලා රේට් කරන්න යද්දි තිබ්බෙ 6.0යි. මේ වෙද්දි ඒක අර ගානට බැහැලා. මේක ඔයාලා කියවන වෙලාව වෙද්දි තවත් අඩුවෙලා තියෙන්න පුලුවන්. රොටන් ටොමැටෝස් 38% විතරයි මේකට ලැබිලා තියෙන්නෙ.
හැම එකකින්ම පේන්නෙ මේක අවුල් කියන එකද? බලන්න තරම් වටින්නෙ නැද්ද?
මේකට උත්තරේ තමා ඔව් සහ නෑ.
චිත්රපටියෙ අවුල් තැන් තියෙනවා. ඒ ගැන වෙනම කතාකරන්නම්. හැබැයි මේක බලන්න වටිනවා. ඒකෙ සැකයක් නෑ. Sci-fi / Thriller චිත්‍රපටියක් විදිහට බැලුවට කිසිම ප්‍රශ්නයක් නැ. ලස්සන කන්සෙප්ට් එකක් තියෙනවා මේකෙ. පැය දෙක Totally Worthy.
චිත්රපටියෙ අවුල් දේවල් ගැන කතා කරන්න කලින් මේකෙ කතාව ගැන පොඩ්ඩක් දැනගෙන ඉමුකෝ..
මේක සිද්ධ වෙන්නෙ අනාගතේ දවසක. මේ කාලෙදි මේ මිනිස්සු යුද්ධයකට මූණ දීලා ඉන්නෙ. ඒ වගේමයි මෙ වෙද්දි ලෝකේ සමහර රටවල් නගර එහෙම තනිකර වතුරෙන් යට වෙලා තියෙන්නෙ. ලෝකෙ පාලනෙ තියෙන්නෙත් බැරන්ලා(ප්‍රභූ පැලැන්තිය) අතේ වගේ. (හරියට සඳහනක් නෑ මේක ගැන) ඉතින් මේ කාලෙ අලුත් තාක්ෂනයක් තියෙනවා මානසික කඩන් වැටිලා ඉන්න අයට ආයෙ පොඩි හරි වෙලාවකට සතුටක් දෙන්න. මේකෙදි වෙන්නෙ රසායනියක් මගින් නිද්‍රාවට පත් කරලා වතුරෙ භාගෙට ගිල්ලවලා මොලේට වෝල්ට් තිහක කරන්ට් එකක් එක්ක තමන්ගෙ ජීවිතේ ලස්සනම මතකයකට ආයෙ යන එක. මේක තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙ මේකට මේ ක්ෂේත්රයේ දක්ෂයෙක් ඉන්න ඕනෙ. එයාට තමන්ගෙ මතකෙ ගැන විස්තර කලාම එයාට පුලුවන් වෙනවා හරිම තැනට තමන්ගෙ සේවාදායකයව ගෙනියන්න. වැරදි වචනයක් කිව්වොත් එහෙම සේවාදායකයා නවතින්නෙ බොහොම අනතුරුදායක තැනක. දැන් මේ මැශින් එකෙන් තමන්ගෙ මතකෙට යන එක සහ නිකන්ම මතක් කරනෙ එකෙ වෙනස තමා මැශින් එකෙන් අපිට ආයෙ ඒ මතකෙ ජීවත් වෙනවා වගෙ දැනෙනවා. කොටින්ම ඒ මොහොතේ ජීවත් කරවනවා. නික් කියන්නෙ මේ ක්ෂේත්රයේ හොඳ දක්ෂයෙක්. එයා DA ට පවා උදව් කරන කෙනෙක්. දවසක් එයා ළඟට එනවා රූමත් කාන්තාවක් Mea නමින්. ඒ එයාගෙ යතුරු කැරැල්ල කොහෙ දැම්මද කියලා මතක නැති වුනා කියමින්. කොහොම හරි නික් මේ Mea එක්ක ආලයෙන් බැඳෙනවා. ඒත් මාස ගානකට පස්සෙ එක දවසක Mea හදිසියෙ අතුරුදහන් වෙනවා. නික් ට මේක දරාගන්න බැරි වෙනවා. එයා මේ ව හැමතැනම හොයනවා. ඒත් කොහෙවත් Mea නෑ. ඒත් නික් ට හොයද්දි මේ Mea ගෙ සිද්ධිය ලොකු අපරාදයකට පොඩි පියවරක් කියලා දැනගන්න ලැබෙනවා. ඒකත් එක්ක නික් එයාගෙ Mea හොයන මෙහෙයුම ඉස්සරහට කරගෙන යනවා.....
ඔන්න දැන් අපි බලමු මේකෙ මොනාද මේ අවුල් කියලා
(මේ කියන්නෙ මට අවුල් තැන්. මේ සමහර දේවල් ඔයාලට අවුල් නොවෙන්න පුලුවන්)
📌ඇත්තටම මේකෙ ලොකු Plot එකක් තිබුනෙ නෑ. ලොකු සංකල්පත් එක්ක යන සරල සාමාන්‍යය කතාවක් මේක.
📌අනිත් දේ තමා මේකෙ අපිට අනාගත ලෝකේ වෙනස්ම පැතිකඩක් පෙන්වන්නෙ. භාගෙට වතුරෙන් යට වෙච්ච ලෝකයක්,බැරන්ලා එක එක පැති පාලනය කරනවා,මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙනවා. හැබැයි ඒ එකක්වත් අදාල දේවල් නෙමෙ කතාවට. කතාව එක පැත්තක මේ දේවල් තව පැත්තක. අපරාදේ ඉතින් මේ වගෙ ලෝකයක් හැදුව එකෙ ඒකෙන් ලොකු වැඩක් ගන්න තිබ්බෙ.
📌අනිත් දේ කාස්ට් එක. හියු ව නම් අවුලක් ම නැති උනත් අනිත් මේන් කැරැක්ටර් දෙකම මට නම් සැටිස් නෑ. රෙබේකා ෆ'ගසන් ව ගත්ත එක අවුල් මට. මේකෙ Mea කියන්නෙ Charming චරිතයක්. ආන් ඒක මට රෙබේකගෙන් පෙනුනෙ නෑ. අනිත් කෙනා Thandiwe Newton. එයාගෙ චරිතෙ අවුලක් නැති උනත් එයාගෙන් ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බා නේද කියල මට හිතුනා. මොකද Thandiwe Westworld එකේ මැඩම් මේව් කියන Remarkable චරිතයක් කරපු කෙනෙක්. ඒ වගෙ කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් ගන්න තිබ්බා ලීසට.
![]() |
(Thandie Newton) |
![]() |
(Rebecca Ferguson) |
ඔන්න ඔය වගෙ දේවල් තමා මට නම් මේක අවුල් විදිහට දැනුනෙ. ඒ වුනත් මේක හොඳ දේවල් කීපයකුත් තිබුනා. ඒ තමා Cinematography සහ Visual වල කොලිටිය. ඒ පැත්තෙන් මාර ලස්සන ශොට්ස් බලාගන්න පුලුවන් උනා අපිට. ඒ වගේම හොඳ Emotional Ending එකකුත් තිබ්බා.
මෙන්න මේ දේවල් තම මට මෙකෙන් කියන්න වෙන්නෙ. ඔයාලා Orpheus & Eurydice ගෙ කතාව අහලා තියෙනවද? 🌚 නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න ෆිල්ම් එකෙත් මෙන්සන් වෙනවා ඒක.
මේක කියන්නෙ චිත්‍රපටිය බලපු අයට.
මතකද Mea එක තැනක Nick ට සතුටින් ඉවර වෙන කතාවක් කියන්න කියලා කියනවා. ඒ වෙලාවෙ නික් කියනවා "There is no such a thing as Happy Ending" කියලා. ඇත්තටම මේක කතාවක් කියලා කිව්වම අපේ ජීවිත වලටත් හරි. බුදුහාමුදුරුවෝ උනත් කියලා තියෙනවනෙ මේ හැමදේම දුකක් කියන එක. ඉතින් නික් එහෙම කිව්වම Mea කියනවා එහෙම කතාව මැදින් නතර කරන්න සතුටින් ඉන්න තැනකින් කියලා. අපිත් අපේ ජීවිත වලට ඕකම නෙමේද කරන්නෙ පොඩි පොඩි චූටි ආතල් එකකින් ජීවිතෙ නතර කරන් ඉන්න උත්සහ කරනවා.
එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න; මැරෙන්නෙ නැතුව ඉන්න.
සුබ දවසක්..!
