මොකක්ද මේ DC Fandome එක කියන්නෙ?

ඔක්තොම්බර් වල තියෙන DC ෆැන්ඩම් එක ගැන සරළවම


ගිය අවුරුද්දේ DC ෆෑන්ස්ල ට හම්බුණ ලොකුම සර්ප්‍රයිස් සහ හයිප් පාර්ටිය වුණ DC Fandome Event එක දෙවෙනි වරටත් මේ අවුරුද්දේ පවත්වන්න නියමිතව තියෙනවා. ඒ මේ ඔක්තොම්බර් 16 වෙනිදා. ගියපාර Event එක බලපු සහ සහභාගි වුණ අය දන්නවා ඇති එයාලා ගත්තු එක්ස්පීරියන්ස් එක. මුළු රෑම ඇහැරිලා සර්ප්‍රයිස් වෙවී හයිප් වෙවී ඉඳල නිදිමත එනකොට උදේ 6.30 ට විතර ආවා බැට්මෑන් ට්‍රේලර් එක. DC ෆෑන්ස් ල ව කරකවලා ඇතෑරියා ඒකෙන්. නිදිමතට බම්බු ගහන්න කියලා මුළු දවසම Batman ගැන යි Snyder Cut එක ගැනයි Michael Keaton ගේ Batman ගැනයි කතා කර කර තමයි කට්ටිය හිටියේ. ඉතින් මේ අවුරුද්දෙත් ඒ වගේම එහෙම නැත්නම් ඊට වඩා වැඩි හයිප් සහ සර්ප්‍රයිස් පාර්ටියක් ගන්න තව තියෙන්නේ තව දවස් 45 ක් වගේ බොහොම පොඩි කාලයක්. Event එකේ හයිප් ට්‍රේන් එක මේ සතියේ මුල DC Fandome එකේ ට්‍රේලර් එකක් සහ පෝස්ටර් එකක් රිලීස් කිරීමත් එක්කම පටන් අරන් තියෙනවා. ඉතින් මේ DC Fandome එක ගැන දන්න සහ විශේෂයෙන් නොදන්න අයව දැනුවත් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ.




DC Fandome 2021 Official Poster and the Official Trailer

ඉස්සෙල්ලාම අපි බලමු මොකක් ද මේ DC Fandome ඉවෙන්ට් එක කියන්නේ කියලා. DC Fandome එක කියන්නේ DC ආයතනය විසින් පවත්වන live එහෙම නැත්නම් සජීවී විදිහට අපිට එකතු වෙන්න පුළුවන් webcast එහෙම නැත්නම් internet එක හරහා බ්‍රෝඩ්කාස්ට් වෙන වීඩීයෝ එකක්. ලයිව් ස්ට්‍රීමින් දන්නවනේ. අන්න ඒ ව්ගේම එකක්. වෙනස තියෙන්නේ මේක කලින් රෙකෝර්ඩ් කරලා තමයි internet එකට දාන්නේ. හැබැයි ලෝකේ පුරා ඉන්න අයට ලයිව් ස්ට්‍රීමින් එකක් බලනවා වගේ එකට ලිමිට් එකක් නැතුව ඕන ගාණකට මේක බලන්න පුළුවන්. ඊට අමතරව අපිට විවිධ ඔන්ලයින් ඇක්ටිවිටීස් වල යෙදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පොඩි පොඩි ගේම්ස් වගේ ඒවා සහ ඔය ස්නැප්චැට් ෆිල්ටර්ස් වගේ ඒවා. බැට්මෑන්, හාර්ලි ක්වින්, ඇක්වාමෑන් වගේ පේන විදිහට අපිට සෙල්ෆි ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඔන්ලයින් ෆ්‍රී කොමික්ස් කියවන්නත් පුළුවන්. මේකේ මේන් ඉවෙන්ට් එක තමයි බ්‍රෝඩ්කාස්ට් වෙන වීඩීයෝ එක. මේ වීඩීයෝ එක පැය හතරක් පුරාවට තියෙනවා කියලා තමයි කියන්නේ.

A view from DC Fandome's webcast (2020)

මේ Webcast එක, විවිධ කන්ටෙන්ට්ස් වලට බෙදලා තියෙනවා. ඒ DC ලා කරන එක එක ප්‍රොජෙක්ට්ස් වලට අදාළව. ඒ ඉස්සරහට එන්න තියෙන DC ෆිල්ම්ස්, ටීවී ශෝව්ස්, වීඩීයෝ ගේම්ස් සහ කොමික්ස් විදිහට. මේ කන්ටෙන්ට්ස් එක එක පැනල් එකක් වශයෙන් නම් කරලා තමයි බෙදලා තියෙන්නේ. මේ කන්ටෙන්ට්ස් එහෙම නැත්නම් පැනල් වලට අදාළව ඒ ඒ ප්‍රොජෙක්ට්ස් වල අළුත්ම තොරතුරු, අනවුන්ස්මන්ට්ස්, ට්‍රේලර්ස්,ස්නීක් පීක්ස් සහ ෆැක්ට්ස් වගේ දේවල් ඒ ඒ ප්‍රොජෙක්ට්ස් කරන අය ඒ කියන්නේ ඩිරෙක්ටර්ස් ලා, ෆිල්ම් කෲ එක ඇක්ටර්ස් ලා, කොමික් රයිටර්ස් ලා සහ ප්‍රසන්ටේෂන් කරන අය විසින් ඉදිරිපත් කරනවා වර්චුවලි. 

A Panel from DC Fandome (2020)

A part of the Panel Schedule from DC Fandome (2020)


මේ හැමදෙයක් ම අපිට බලන්න සහ සහභාගි වෙන්න තියෙන්නේ dcfandome.com කියන සයිට් එක හරහා. මේ සයිට් එකට අකවුන්ට් එකක් හදලා ඒ කියන්නේ Sign Up වෙලා Log In වුණාට පස්සේ අපිට DC Universe එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. බැක්ග්‍රවුන්ඩ් එක තියෙද්දී ඒක පුරාවට විවිධ කන්ටෙන්ට්ස් තියෙනවා. උදාහරණයක් විදිහට DC Comic World, Games Corner, Extra Activities සහ Main Event වගේ විවිධ කන්ටෙන්ට්ස් තියෙනවා. මේවා තියෙන්නේ නිකන් Universe එකක තියෙන එක එක ග්‍රහලෝක වගේ. අපිට මේ හැම එකටම ගිහිල්ලා බලන්න පුළුවන් ඒකේ තියෙන විවිධ විවිධ දේවල්. 

DC Fandome Universe

මේ Event එක පැය 24 ක් ඒ කියන්නේ දවසක් පුරාවට ම පවත්වනවා. හැබැයි මේන් ඉවෙන්ට් එක ඒ කියන්නේ Webcast එක තියෙන්නේ පැය හතරයි. ඒක පැය විසිහතර පුරාවට හය පාරක් රිපීට් වෙවී තියේවි ගිය පාර වගේ. මේ ඉවෙන්ට් එක තියෙන්නේ සම්පූර්ණයෙන් ෆ්‍රී විදිහට.ඒ කියන්නේ මේකේ කොමික් කියවන්න, ගේම් ගහන්න සහ වීඩියෝ බලන්න වගේ දේවල් වලට අපිට ගෙවන්න ඕනේ නැහැ. ඩේටා වියදම විතරයි යන්නේ. ඊට අමතරව DC Fandome එකේ webcast එක අපිට Youtube, Twitter,Facebook සහ Twitch හරහාත් බලන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඉතින් හොඳම එක්ස්පීරියන්ස් එක හම්බෙන්නේ සයිට් එකේ බලනකොට තමයි. DC Fandome එක තියෙන්නේ මේ ඔක්තොම්බර් 16 වෙනි සෙනසුරාදා. 16 වෙනිදා රෑ 10.30 මේ ඉවෙන්ට් එක පටන් අරන් ඒ වෙලේම webcast එකත් පටන් අරන් පැය හතරක් තියේවි. Event එක ඉවර වෙන්නේ පැය 24 කට පස්සේ. 


Log In interface of DC Fandome Official Site

මේ පාර DC Fandome එකේ දි ඉදිරිපත් කරන කන්ටෙන්ට්ස් ගැන තමයි දැන් හැමෝම කතා කරන්නේ. තාම හරි ලයින් අප් එකක් දීලා නැතත් DC Fandome එකේ ෆීචර් වෙන කන්ටෙන්ට්ස් කිහිපයක් සහ විස්තර කිහිපයක් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව DC Fandome එකේ ෆීචර් වෙන්න නියමිත ප්‍රොජෙක්ට්ස් කිහිපයක් පහළින් බලාගන්න පුළුවන්.


Comics


Batman: Fear State

The Batman - Fortnite Comic Crossover

Black Manta

Milestone Universe

Nubia and the Amazons

Wonder Woman Historia

Wonderful Women of the World


Live Action Movies


Aquaman and the Lost Kingdom

The Batman

Black Adam

The Flash

Shazam! Fury of the Gods


Animation Movies


Catwoman: Hunted

DC League of Super Pets

Injustice


Live Action TV Shows


Batwoman

Legends of Tomorrow

Star Girl

DMZ

Doom Patrol

The Flash

Naomi

Peacemaker

Supergirl

Superman and Lois

Sweet Tooth

Titans


Animation TV Shows


Aquaman: King of Atlantis

Batman: Caped Crusader

Batwheels

DC Super Hero Girls

Harley Quinn

Teen Titans Go

Young Justice: Phantoms


Video Games


Gotham Knights

Suicide Squad: Kill the Justice League


මීට අමතරව Event එකට එනවා කියලා තාම අනවුන්ස් කරලා නැති ප්‍රොජෙක්ට්ස් කීපයකුත් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒවා ගැන විස්තර අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම ගොඩක් අය හයිප් එකේ ඉන්නෙ The Batman ෆිල්ම් එකේ දෙවැනි ට්‍රේලර් එකත්, The Flash ෆිල්ම් එකේ Sneak Peak එකකුත්, Black Adam ෆිල්ම් එකේ First Looks ටිකකුත්, Shazam! Fury of the Gods සහ Aquaman and the Lost Kingdom ෆිල්ම්ස් වල behind the scenes ටිකකුත් එක්ක සෑහෙන විස්තර ප්‍රමාණයක් මේ event එක තුළ දී අපිට හම්බවේවි. ඊට අමතරව කොමික් රීඩර්ස් ලට කොමික්ස් සහ ග්‍රැෆික් නවල්ස් 300 ක වඩා ප්‍රමාණයක් කියවන්න අවස්ථාවක් මේකෙන් හම්බවෙනවා. 



අපි ඉස්සරහට ත් මේ DC Fandome එකේ තොරතුරු ගැන ඔයාලා ව දැනුවත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම එදාට DC Fandome එකේ දි ඉදිරිපත් කරන හැම තොරතුරක්ම, නිව්ස් එකක් ම සහ අනවුන්ස්මන්ට්ස් ගැන Full Coverage එකක් FB Page එකෙන් සහ මේ සයිට් එකෙන් දෙන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා අපේ කමියුනිටියත් එක්ක ටච් එකේ ඉන්න. ෆුල් සර්ප්‍රයිස් සහ ෆුල් හයිප් එකේ DC Fandome එක බලන්න සහ ඒ ගැන කතා කරන්න අපි එදාට එකතු වෙමු.




( Source - DC FanDome )





Post a Comment (0)
Previous Post Next Post