ලෝකයේ හොඳම ෆිල්ම් එක ලෙස ගොඩක් අය සලකන The Godfather ෆිල්ම් එක ඇතුළු Godfather Trilogy ය සහ ලෝකේ විශුවල්ස් යූස් කිරීම අතින් සුපරිම ෆිල්ම් අතරින් එකක් වෙන Apocalypse Now ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Francis Ford Coppola ගේ අළුත්ම සහ සමහරවිට එයා ගේ අන්තිම ෆිල්ම් එක ගැන අනවනුස්මන්ට් එකක් දීලා තියෙනවා. ෆිල්ම් එකේ නම Megalopolis. ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 100 - 120 අතර වියදමක් යනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ වෙනකොට වයස අවුරුදු 82 ක් වෙන Coppola ව හඳුන්වන්නේ ලෝකේ දැනට ජීවත් වෙලා ඉන්න හොඳම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. සෑහෙන කාලෙකට පස්සේ Coppola ඩිරෙක්ට් කරන ෆිල්ම් එකක් බලන්න ඒ අනුව අපිට අවස්ථාව ඉස්සරහට හම්බවෙනවා. The Godfather එහෙම බලපු අය දන්නවා ඇති Coppola ගේ දක්ෂකම ගැන. Francis Coppola ගේ දුව වෙන Sofia Coppola ත් තාත්තා වගේම දක්ෂ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා ගොඩක් අය දන්නවා ඇති.
![]() |
Francis Ford Coppola |
මේ Megalopolis කියන්නේ Francis Coppola ගේ ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එක. එයා මේකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ 1980 දශකයේ මුල භාගයේ. ඊට කලින් මේ අදහස ආපු කාලය සහ ස්ක්‍රිප්ට් එක ලිව්වට පස්සේ අවුරුදු 40 ක පමණ කාලයක් තිස්සේ මෙයා මේ ෆිල්ම් එක ගොඩනඟලා තියෙනවා. හිතන්න පුළුවන් නේ කොහොම විශන් එකක් මේ ෆිල්ම් එක ඇතුළේ තියේවි ද කියලා. Drama කැටගරිය යටතේ නිර්මාණය වෙන මේ ෆිල්ම් එකේ වෙන්නේ ඇමෙරිකාවේ New York නගරයේ ඉන්න ඉතා දක්ෂ architect (ගෘහ නිර්මාණ ශිල්පියෙක්) කෙනෙක් සහ city designer(නගර සැලසුම්කරුවෙක්) කෙනෙක් එකතු වෙලා අනාගතයේ දැකගන්න පුළුවන් විශිෂ්ටතම නගරය නිර්මාණය කිරීමේ සැලසුම් සකස් කරන ආකාරය ගැන කියලයි සඳහන් කරලා තියෙන්නේ. ෆිල්ම් එකට යොදවලා තියෙන හයි බජට් එකත් එක්ක සුපිරිම විශුවල්ස් තියෙන, ප්‍රැක්ටිකල් ශොට්ස් සහ තාත්විකව නිර්මාණය කරපු සෙට්ස් සෑහෙන තියෙන ෆිල්ම් එකක් බලාගන්න පුළුවන් වේවි කියලා අපිට හිතන්න පුළුවන්.
![]() |
A Concept Art of the Megalopolis City |
ෆිල්ම් එකට Coppola එකතු කරගන්න ඉන්න කාස්ට් එක ගැනත් නිවේදනය කරලා තියෙනවා. මේ අය ෆිල්ම් එකට ගන්නවා කියලා කන්ෆර්ම් කරලා නැතත් ඕන කෙනෙක් Coppola වගේ legend කෙනෙක් එක්ක ෆිල්ම් එකක් කරන්න අකැමැති වෙන්න හේතුවක් නැහැ. Coppola ගේ කාස්ට් එකට තෝරගන්න අය අතරට Oscar Isaac, Forest Whitaker, Cate Blanchett, Jon Voight, Zendaya, Michelle Pfeiffer සහ Jessica Lange යන අය ඇතුළත් වෙනවා. ඊට අමතරව The Godfather එකේ Sonny Corleone ගේ චරිතය කරපු James Caan ත් මේ ෆිල්ම් එකට සම්බන්ධ කරගන්න Coppola අදහස් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා.
![]() |
වමේ සිට දකුණට: Oscar Isaac, Zendaya, Forest Whitaker, Michelle Pfeiffer |
සුපිරි බජට් එකක්, සුපිරි කාස්ට් එකත් ඊට අමතරව වඩා වැදගත්ව Coppola ගේ දශක ගාණක් තිස්සේ ගොඩනඟපු විශන් එකත් එක්ක සුපිරිම ෆිල්ම් එකක් ඒ අනුව අපිට ළඟදීම බලාගන්න පුළුවන් වේවී. ෆිල්ම් එකේ වැඩකටයුතු ලබන අවුරුද්දේ අවසන් භාගය වෙනකොට පටන් ගනීවී කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ගේ one last time හොලිවුඩ් ෆිල්ම් එකක් ඇස් දෙකෙන්ම තියටර් එකක බලාගන්න වාසනාවක් අපිට ඉස්සරහට එනවා.
![]() |
( Source - Deadline )