What’s up fellas!
MCU ලයිනප් එකේ ඊලගට එන්න තියෙන ප්‍රොජෙක්ට් එක තමා What If ? කියන්නෙ. මේක ඇන්තොලොජි සීරීස් එකක්. ඒ කියන්නෙ මේක එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකකට සම්බන්ධ නෑ. ( ඇන්තොලොජි සීරීස් එකක් මීට කලින් බලල නැත්තම් Love, Death + Robots , Black Mirror කියන සීරීස් දෙක මං Recommend කරනව. පුලුවන්නම් Love Death එක බලන්න විනාඩි පහේ දහයෙ එපි තියෙන්නෙ ) මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ සීරීස් එකට සම්බන්ධ කොමික් පසුබිම ගැන විස්තර ටිකක් බෙදා හදා ගන්න ( හෑල්ල දිගවෙයි ඒකට Cori ).
What If ? කියන්නෙ මාවල් කොමික් වල කාලෙන් කාලෙට තියෙන
ඉවෙන්ට් එකක්. මේකෙදි වෙන්නෙ මාවල් චරිතවල සහ ඉවෙන්ට් වල ස්ටෝරිලයින්, ඔරිජින්
වෙනස් විදිහකට ඉදිරිපත් කරන එක. මේක එක එක කාලෙට විවිධ Writers ල යටතෙ නිර්මාණය වෙනව.
අනූ ගණන් වල පවා What If ? කොමික් ඇවිල්ල
තියෙනව. ( ඩීසී වල Superman
Speeding Bullets 1993 කොමික් එකේදි ක්‍රිප්ටොන් විනාස වෙලා පෘතුවියට
එන කැල්-එල්ව වෙයින් ෆැමිලි එකට හම්බෙලා Adopt කරගන්නව. පස්සෙ ඌ තමා
වෙයින්ලව මරණ හැටි දැකල බැට්මෑන් වෙන්නෙ. ඒක ඩීසී වල What If ? රන් එකක් හැටියට ගන්න
පුළුවන් )
![]() |
Superman Speeding Bullets (1993) |
දැන් බලමු කොමික් වල What If ? කියන්නෙ මොන වගේ
ඉවෙන්ට් එකක්ද කියල.
What IF ? Daredevil VS Elektra ( 2010 )
![]() |
What IF ? Daredevil VS Elektra ( 2010 ) |
මේක ගැන කියන්න කලින් ඉලෙක්ට්‍රගෙ ඔරිජින් එක ගැන කියන්න
ඕනෙ. ( මේක කියවන අය අතරෙ ඒක නොදන්න අය ඉන්න පුළුවන් ඒක නිසා මේ කියන්නෙ ).
ඩෙයාඩෙවිල් එහෙමත් නැත්තම් මැට් මර්ඩොක්ගෙ Law school GF තමා ඉලෙක්ට්‍රා නචියොස් කියන්නෙ. මේ කාලෙදි ඉලෙක්ට්‍රා සහ එයාගෙ තාත්ත පැහැරගැනීමකට ලක්වෙනව. කෝමහරි මෙතන්ට මැට් ඇවිල්ල Kidnappers ලට බඩකට පුරා සංග්‍රහයක් දීල දෙන්නව බේරගත්තත් එතනදි සිද්දවෙන Misfire එකක් නිසා ඉලෙක්ට්‍රා ගෙ තාත්ත මැරෙනව. මේ සිද්ධියෙන් පස්සෙ තමා ඉලෙක්ට්‍රා මැට් එක්ක Break up වෙලා Assassin කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නෙ. ඕක තමා අපි දන්න ඔරිජින් එක.
මේකෙ What If ? කොමික් එකේදි වෙන්නෙ ඉලෙක්ට්‍රාගෙ තාත්තට තියන උණ්ඩය මැතිව්ට වදින එක. මේක නිසා මැට් මර්ඩොක් එතනම මැරෙනව.
කෝමහරි මැට්ගෙ Funeral එකේදි හරි හැටි නමක් සදහන් නොවන කෙනෙක් මැට්ගෙ තාත්තගෙන් අහනව මැට් කෝමද තනියම එච්චර තොගයකට ගැහුවෙ කියල. මොකද මැට් කියන්නෙ අන්ධයෙක්. ( ඔව් ඔව් මේ කොමික් එකේදි මැට්ගෙ තාත්ත පණපිටින් ඉන්නව ). කෝමහරි මැතිව්ගෙ මරණෙන් පස්සෙ ඉලෙක්ට්‍රා ශීල්ඩ් එකට එකතු වෙලා නික් ෆියුරි එක්ක වැඩ කරනව. එතන ඉදන් අවුරුදු 10 කට පස්සෙ වෙන සිදුවීම් ටිකක් තමා කොමික් එකේ තියෙනෙ.
මං කලින් කිව්වනෙ ඉලෙක්ට්‍රා ශීල්ඩ් එකත් එක්ක වැඩ කරනව
කියල. ඉතින් ශීල්ඩ් එකේ වැඩකට ඉලෙක්ට්‍රා Agent 13 (ශැරොන් කාටර්) එක්ක
යනව crime scene එකක් Investigate කරන්න. Crime scene එකක් කිව්වට මේ යන්නෙ
කිංපින්ගෙ murder එක ගැන හොයන්න. කිංපින් කියන්නෙ මොනවගේ චරිතයක්ද කියල
දන්නවනෙ. පාතාලෙ Godfather වගේ ඉන්න ඩෑල් එකනෙ. මිනිහව මරල දාල කිව්වම හිතාගන්නකො.
නිකනුත් නෙවේ වටේ ඉන්න Bodyguard ල ටිකත් මරල, Bullseye ගෙ උගුරු දණ්ඩත් කපල දාල. (උගුරු දණ්ඩ කැපුව
කිව්වට බොඩිය දෙකට කපල උඩ කෑල්ල සිවිලිමේ අමුණපු මළසිරුරක් තමා ශීල්ඩ් එකට
හම්බවෙන්නෙ.) මේක කරල තියෙන්නෙ යකුසා කල්ලියක් කියල තමා ශීල්ඩ් එක අනුමාණ කරන්නෙ.
කෝමහරි ඔය අපරාධය ගැන Turk කියල
සැකකාරයෙක්ගෙන් ප්‍රශ්ණ කරන්න ඉලෙක්ට්‍රා යනව Josie’s Bar එකට ( ඩෙයාඩෙවිල් බලපු
අයට මතක ඇතිනෙ ප්ලේස් එක. ) කෝමහරි ඉලෙක්ට්‍රා Turk ට දෙකක් ඇනල විස්තර
අහනකොට බාර් එකේ හිටපු ඩෑල් එකක් ඉලෙක්ට්‍රාට පහරදෙන්න උත්සාහකරනව. වැඩේ කරගන්න
හම්බවෙන්නෙ නෑ මොකද බාර් එකේ ඉන්න නාකි ඩයල් එකක් පොරව වට්ටනව. ඒ වෙන කවුරුත් නෙවේ
ස්ටික් (මැතිව්ගෙ ගුරා). කෝමහරි ප්‍රශ්ණ කරාට ඉලෙක්ට්‍රාට විස්තරයක් දැනගන්න
හම්බවෙන්නෙ නෑ. ඒකනිසා ඉලෙක්ට්‍රා
යනව ස්ටික්ව හොයාගෙන. මෙතනදි තමා ස්ටික් ඉලෙක්ට්‍රට හෑන්ඩ් එක ගැන කියන්නෙ. කෝමහරි
ඉලෙක්ට්‍රා හෑන්ඩ් එක ගැන කතාව විශ්වාස කරන්නෙ නෑ. මේ නිසා ස්ටික් කියනව
කින්ග්පින් ගෙ Lawyer හොයාගන්න කියල. ඒ වෙන කවුරුත් නෙවේ ෆොගී නෙල්සන්. මේ
යුනිවර්ස් එකේදි ෆොගී කැරන්ව බැදල තමා ඉන්නෙ. (අපේ යාලුවො වගේ තමා ඉතින්. ශේප කටුව
ගහල හුම්ම්). කෝමහරි ෆොගීගෙන් දැනගන්න ලැබෙනව කින්ග්පින්ව මරල දාන්නෙ Advocate
කියල. ඒ වගේම හෑන්ඩ්
එක ශීල්ඩ් එකේ ගැරට් කියන නියෝජිතය හරහා ශීල්ඩ් එකේ මූලස්ථානය තියන තැන හොයාගෙන
පහරදෙන්න යන්නෙ කියලත් මෙතනදි දැනගන්න ලැබෙනව. (ඕනෙ ඔෆිස් එක්ක ඉන්නවනෙ මෙලෝ රහක්
නැති ඔෆිස් එකේ උන්ට බැන බැන වාත වෙවී ඉන්න හාල්පාරුවෙක්. ගැරට් කියන්නෙ ආං ඒවගේ
එකෙක්. මේ කොමික් එකේ එක තැනක ඔය යකා Fury’s Golden Girl කියල කිංඩිය දාන්න
ගිහින් මූණකට චකබ්ලාස්ට් වෙන්නම හොද සංග්‍රහයක් සෙට් කරගන්නව ඉලෙක්ට්‍රගෙන්).
කෝමහරි ඉලෙක්ට්‍රා යනව ශීල්ඩ් HQ එකට අනතුරු අගවන්න. මේක තියෙන්නෙ අඩි 20000 උඩ තියෙන Hellcarrier එකක. හැබැයි යනකොටත් වැඩේ සෙට් වෙලා තියෙන්නෙ. හෑන්ඩ් එක ඒ වෙනකොටත් ශීල්ඩ් එකට හොදම එකෙන් සලකනව. ( අඩි 20000 ක් උඩ තියන තැනකට Assault එකක් කරා කිව්වම හිතාගන්නකො හෑන්ඩ් එකේ තරම. කෝමහරි මෙතන යන දාර වලියක් යනව. සටන අතර මැදදි Advocate ෆියුරිගෙ බෙල්ල කපල මරල දානව. හැබැයි මැරෙන්න කලින් ෆියුරි ඉලෙක්ට්‍රට එක දෙයක් කියනව. ඒ තමා “Say To Hell With Your Emotions”. ඊට පස්සෙ බ්ලැක් විඩෝ සහ Advocate අතරෙ සටනක් යනව මෙතනදි තමා Advocate කියන්න්නෙ මැට් මර්ඩොක් කියන එක එලිවෙන්නෙ. එතකොට ෆියුරි කෝමද මේක දන්නෙ ? කලින් කිව්වනෙ මැතිව්ගෙ මරණය ගැන ලොකු සැකයක් තිබ්බ කියල. ඔය සීන් එක නිසා මැතිව්ගෙ මළගෙදර ඉවරවෙලා සති දෙක්කට පස්සෙ නික් ෆියුරි මේ මිනීපෙට්ටිය ගොඩගන්නව. හැබැයි පෙට්ටිය ඇතුලෙ මිනියක් නෑ. ඕක කලින්ම ගෙස් කරල තමා ෆියුරි එන්නෙ. ඒ කියන්නෙ Advocate කියන්නෙ මැට් මර්ඩොක් කියල ෆියුරි මුල ඉදන්ම දැනගෙන ඉන්නව. කෝමහරි බ්ලැක් විඩෝ, සහ ඉලෙක්ට්‍ර දෙන්න මුහුදට වැටෙනව. වැටිල මුන් දෙන්න ගහගෙන යනව දූපතකට. මෙතනදි මුන් දෙන්නට ස්ටික්ව හම්බවෙනව. ස්ටික් කොහොමහරි ඉලෙක්ට්‍රව පුහුණු කරනව Advocate එක්ක සටන් කරන්න. ඊටපස්සෙ ස්ටික් යනව.
ඔහොම මාස 18 ක් යනව. ඒකාලෙදි ඉලෙක්ට්‍ර Advocate සහ හෑන්ඩ් එකට විරුද්ධව ටීම් එකක් Assemble කරනව. මේකෙ ඉන්නව වුල්වරීන්, අයන් ෆිස්ට්, බ්ලැක් විඩෝ, වගේ මාවල් යුනිවර්ස් එකේ Top class මාශල් ආටිස්ට් ල සෙට් එකක්ම. මේගොල්ලො ජපානෙ තියෙන හෑන්ඩ් එකේ HQ එක හොයාගෙන ඒකට පහරදෙනව. එතනදි ඉලෙක්ට්‍ර දකිනව Advocate ස්ටික්ව මරල කියල. එතනින් පස්සෙ ඉලෙක්ට්‍ර තමන්ගෙ ස්කාෆ් එක ගලවල ගින්දරට දාල Advocate ව හොයාගෙන යනව. ( ස්කාෆ් එක ගලවන එකෙන් Symbolize කරනෙ ඉලෙක්ට්‍ර මැට් මර්ඩොක් කියන කෙනාට සමුදුන්න කියන එක. ඔය ස්කාෆ් එක දෙන්නෙ මැතිව් තෑග්ගක් විදිහට. ) ඊට පස්සෙ Advocate සහ ඉලෙක්ට්‍ර අතර සටනක් යන. මෙතනදි ඉලෙක්ට්‍රට පුළුවන් වෙනව Sonic Disrupter එකක් පාවිච්චි කරල Advocate ගෙ ඇසීමේ හැකියාව නැති කරල දාන්න. ඊට පස්සෙ ඉලෙක්ට්‍ර තමන්ගෙ Sai එකෙන් ඇනල Advocate ව මරල දානව. මේකත් Comic reference එකක්. කොමික් වල්දි Bullseye ඉලෙක්ට්‍රව මරන්නෙත් මේ විදිහටමයි. ඒක දන්නෙ නැත්තම් Daredevil ෆිල්ම් එකක් ආව 2003.. ආං ඒක බලන්න ( අපේ බැටා එහෙමත් නැත්තම් බෙන් ඇෆ්ලෙක් තමා ඩෙයාඩෙවිල්ට හිටියෙ ) කොමික් පිටුව ඉරල ඇලෙව්ව වගේ තියෙනව ඒකෙ.
![]() |
Daredevil (2003) |
What If? Flash Thompson Became Spider-Man ( 2018 )
![]() |
What If? Flash Thompson Became Spider-Man (2018) |
සීරිස් එක බලන්න කලින් පුළුවන්නම් මේක කියවන්න. මොකද මේ
එනකොටත් අපි දන්නවනෙ Watcher කෙනෙක් සීරිස් එකේ Narrator කෙනෙක් විදිහට ඉන්නව
කියල ( Utau the
Watcher වෙන්න ඕනෙ ). මේකෙත් අපිට
Narrator කෙනෙක් විදිහට
Unseen ව පෙන්නනව.
මේකෙදි වෙන්නෙ පීටර් වෙනුවට ෆ්ලෑශ් තොම්සන්ට පවර්ස්
හම්බවෙන එක. දන්න්වනෙ ෆ්ලෑශ් කියන්නෙ එපා කරපු එකෙක් කියල. මූ තනිකරම ඩාක්
චරිතයක්. මූ අපරාධකාරයෙක් අල්ලගත්තම පීටර් වගේ නිකන්ම පොලීසියට බාර දෙන්නෙ නෑ. ලේ
පනිනකම්ම අල්ලගෙන ගහනව. මේ නිසා මිනිස්සු මුට කැමති නෑ. (හරිනම් කියන්න ඕනෙ මුට
බයයි කියල). මූ මේකට අල්ලගන්නෙ පීටර්ව. මොකද මූ යන හැමතැනකම වගේ පීටර් ඇවිල්ල ෆොටෝ
ගන්නව. මූ කියන්නෙ පීටර් මුට ඉරිසියා කරනව කියල.
මේ යුනිවර්ස් එකේදි පීටර්ගෙ නැන්දට Blood
Cancer එකක් හැදෙනව.
ඔය අස්සෙ පීටර්ට දැනගන්න ලැබෙනව පිළිකාවට තියෙන ISOTAPE කියන බෙහෙත තිබ්බ Shipment
එක Master
Planner කියන කෙනාගෙ
ගෝලයො හොරකම් කරල කියල. මේ නිසා පීටර් තීරණ කරනව ස්පයිඩර්-මෑන් ගෙ උදව් ඉල්ලන්න.
මෙතනදි දැනගන්න ලැබෙනව පීටර් ෆ්ලෑශ් ගෙ සූට් එකට ට්‍රැකර් එකක් දාල කියල. ඒඑක
පස්සෙන් ගිහින් පීටර් හොයාගන්නා ෆ්ලෑශ් කියන්නෙ ස්පයිඩර්-මෑන් කියල. කොහොමහරි
පීටර් ෆ්ලැශ් ව හම්බෙලා උදව් ඉල්ලනව.
හැබැයි ෆ්ලෑශ් මෙතන්දි පීටර්ට චෝදනා කරනව පීටර්
මිනිස්සුන්ව ෆ්ලෑශ්ට එරෙහිව හරවනව කියල. කොහොමහරි මේ බහින් බස් වීම අතරමැදදි
ෆ්ලෑශ් අතින් පීටර්ව මැරෙනව. ඊට පසෙ ෆ්ලෑශ් මේ තරහට Master
Planner ව හොයාගෙන
පොරගෙ ඉන්න තැනට යනව. මෙතනදි ෆ්ලෑශ් දැනගන්නව Master
Planner කියන්නෙ Dr.Octopus
කියල. පස්සෙ උන් දෙන්න
අතර වලියක් යනව. ඒ හේතුව
නිසා ගොඩනැගිල්ල කඩන් වැටිල ISOTAPE තොගයම විනාස වෙනව. එතකොට ෆ්ලෑශ්ට තේරෙනව එයා වීරයෙක් නෙවේ
මිනීමරුවෙක් කියල. ඒක නිසා පොර පොලීසියට බාර වෙනව. (ඒකනම් Homecoming
එකට දීපු රෙෆරන්ස්
එකක් වගේ )
(මේකෙදි Master Planner ගෙ බිල්ඩිම තියෙන්නෙ Ditko
Street එකේ. කාට දීපු
රෙෆරන්ස් එකක්ද කියල කියන්න ඕනෙ නෑනෙ. )
What If Thor was raised By Frost Giants?
![]() |
What If Thor was raised By Frost Giants? |
මේකෙදි වෙන්නෙ Frost
Giant ල එක්ක තිබ්බ
යුද්ධෙ ඔඩින් පැරදිලා තෝර්ව Frost Giant King ලෝෆි විසින් තමන්ගෙ දරුවෙක් විදිහට හදාගන්න එක.
කොහොමහරි තෝර්
පොඩි කාලෙදිම ලෝකිව බේරගන්න Jotunheim වල ඉන්න රාක්ශයෙක්ව මරනව. මෙතනදි ලෝෆි තෝර්ව
තමන්ගෙ අනාගත උරුමක්කාරය විදිහට
පිළිගන්නව. ඒ වගේම මේ නිසා ලෝකිගෙ තත්වය තවත් පහත වැටෙනව. මේකට අවුල්
ගිහිල්ල හිටපු ලෝකිට හිරකුටියක ඉදල හම්බවෙනව තෝර්ගෙ අම්ම ෆ්‍රිගාව. ඊට පස්සෙ ෆ්‍රිගා ලෝකිට මායාවන් කරන්න උගන්වනව.
ඔහොම ඉතින් අවුරුදු ගානක් යනව මුන් දෙන්න තරුණ වෙනව.
ඔයකාලෙදි ලෝෆි තමන්ගෙ Ice Crusher එක තෝර්ට දෙනව. (Ice Crusher එක කිව්වෙ Frost
ජයන්ට් ලගෙ රජතුමාගෙ
ආයුධය.). ඒ හේතුව නිසා තෝර් God of Winter බවට පත්වෙනව. මේක දීල පොර තෝර්ට කියනව තෝර්ව
තමන්ගෙ රජු විදිහට පිළිනොගන්න කෙනෙක්ව මරන්න කියල. මොකද තෝර් කියන්නෙ ඇස්ගාඩියන් කෙනෙක්. තෝර් කිසිම
පැකිළීමක් නැතුව ඌව මරනව. මේක දැක්කට පස්සෙ ලෝකි තීරණය කරනව Jotunheim
කියන්නෙ තව දුරත් ඉන්න
හොද තැනක් නේවේ කියල. එහෙම හිතල පොර ෆ්‍රිගාව හිරෙන් පන්නගෙන ඇස්ගාඩ් වලට යනව
බයිෆ්‍රොස්ට් එක හරහා මිඩ්ගාඩ් එහෙමත් නැත්තම් පෘථුවියට පැනගන්න.
පැනල ගියපු ෆ්‍රිගාව අල්ලන්න ලෝෆි සහ තෝර් යනව ඇස්ගාඩ්
වලට. මෙතනදි ලෝකි අතින් ලෝෆි මැරෙනව. ඒකට තරහ ගිහින් තෝර් ලෝකිට පහර දෙනව. ලෝකිව
බේරගන්න මැද්දට පනින ෆ්‍රිගා තෝර් අතින් මැරෙනව. ( මෙතනදි ෆ්‍රිගා ලෝකිට කියන්නෙ My
Child කියල ). එතනදි
තමා තෝර් දැනගන්නෙ මේ තමන්ගෙ අම්ම කියල.
ඊට පස්සෙ තෝර් ලෝකිට කියනව මිඩ්ගාඩ් වලටම ගිහින් ලෝකිට
එයාගෙම Path එක හොයා ගන්න
කියල. මෙතන්දි අපිට බලාගන්න පුළුවන් තෝර්ට God of
Thunder ගෙ බලයත්
ලැබෙනව කියල. මොකද තෝර් තමන්ගෙ වැරදි අවබෝධ කරගත්ත නිසා.
අන්තිමට ලොකිය මිඩ්ගාඩ්වලට ඇවිත් පවුලක් පන්සලක් වෙනව.
What if Peter Parker Became The Punisher (2018)
![]() |
What if Peter Parker Became The Punisher (2018) |
දන්නවනෙ ස්පයිඩිගෙ Rule no 1 එක මොකද්ද කියල. No killing. හැබැයි එහෙම නොවී පීටර් වෙනම path එකක ගියොත් මොනා වෙයිද ? මේ කොමික් එකේ තියෙන්නෙ ආං ඒ වගේ එකක්.
මේකෙදි පීටර්ට මකුලුව කාල ත්මයි පවර්ස් ලැබෙන්නෙ. ඊට
පස්සෙ පීටර් සල්ලි හොයන්න Fight Club එක්කට බැදිල සටන් කරනව. සුපර් පවර්ස් තියෙන
නිසා පීටර් මේකෙ කාටවත්ම යන්න බැරිඋන ලෙවල් එක්කට යනව. මේ නිසා පීටර්ව Showman
කෙනෙක් විදිහට ටීවී ශෝ
වලට ගෙනියනව. මේ ශෝ වලට යන්න පීටර් කලුපාට පසුබිමක සුදු මිනී ඔලුවක් තියෙන ඇදුමක්
හදාගන්නව ( බ්ලැක් සූට් එකට පනිශර් ලෝගෝ එක දාල කියල හිතාගන්නකො. )
කොහොමහරි මේ සංදර්ශන තියෙන තැනක් මංකොල්ල කාල යන හොරෙක්ව
අල්ලගන්න පොලීසිය පීටර්ගෙ උදව් ඉල්ලනව. පීටරය ඕකෙන් කර ඇරල යනව. ගෙදර ගියාම පීටර්
දැනගන්නව බෙන් මාමව මරල දාල කියල. මේ නිසා පීටර් තීරණ කරනව මිනීමරුවව හොයාගෙන
යන්න. පස්සෙ තමා පොර දැනගන්නෙ මේ එයා පැනල යන්න ඇරපු හොරා කියල. ඊට පස්සෙ පීටර්
මිනිහව මරල උගෙ පිස්තෝලෙ අරගන්නව. ඊට පස්සෙ පීටර් තමන්ගෙ සූට් එකේ අත් දෙකට wrist
gun දෙකක්
හයිකරගෙන “The Punisher” විදිහට දිගටම Crimefighter කෙනෙක් වෙනව. පස්සෙ
මිනිහ Sinister Six එක මරල දානව. ( මරන්නෙ නිකන්ම වෙඩි තියල නෙවේ එක එකාට වෙන වෙනම ප්ලෑන් ගහල disarm කරනව). අල්ලපනල්ලෙ Green Goblin ට පුළුවන් වෙනව
පිටර්ගෙ සැබෑම අයිඩින්ටි එක හොයාගන්න. ඊට පස්සෙ දෙන්න අතර සටනක් ගිහිල්ල පීටර්ට
ගොබ්ලින්ව මරන්න පුළුවන් උනත් ඔස්බෝන්ට ඇම්නීසියාව තියෙන නිසා පොරව අතැරල දානව.
හැබැයි කාලයක් ගිහින් ආපහු ගොබ්ලින් එනව පීටර්ගෙන්
පළිගන්න. ඒකට පොර ග්වේන් ව පැහැරගන්නව. පස්සෙ ආයෙම සටනක් ගිහිල්ල පීටර් ගොබ්ලින්ට
වෙඩි තියල මරනව (ගොබ්ලින්ගෙ ආමර් එක Bulletproof එකක්. හැබැයි පීටර් උගෙ Gun
දෙක ඩිසයින් කරනව එකම
තැනකට කීපවතාවක් වෙඩි වදින විදිහට ඒක නිසා තමා ගොබ්ලින්ව මරන්න පුලුවන් වෙන්නෙ).
මේ සිද්ධි වලින් පස්සෙ පීටර් තීරණය කරනව සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඒක නිසා
මිනිහ සූට් එක ඉරල කුණු ගොඩකට විසිකරනව)
මෙතන මම කතා කරේ කොමික් වල ආපු ස්ටෝරිලයින් හතරක් ගැන විතරයි. තව ඕනෙ තරම් තියෙනව. පුළුවන්නම් ඉතින් එපියක් එනකම් ඉතින් දෙක තුනක් හොයන් ශේප් එකේ කියවල බලන්න.
What IF? පළවෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක 👇
වට් ඉෆ් පළවෙනි එපියෙ මොකද උනේ? - What If Episode 01 Breakdown
What if ek Anthology nemei neda? Samahaara epi thawa epiyakta Connect wenw neda? trailers wala thiyena widiyata....
ReplyDeleteඅඩො මරු ඕයි😍😍
ReplyDelete