මේ අවුරුද්ද ඩීල් වලින් ගහණ අවුරුද්දක්.. ස්පෙශලි At&T එකට.. මුලින්ම මෙයාලා යටතේ තිබ්බ වෝනර් මීඩියා එක ඩිස්කවරි එකට මර්ජ් කලා. ඔන්න දැන් මෙයාලගෙම Crunchyroll එකත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.175ක මුදලකට සෝනි ආයතනයට අයිති Funimation එකට විකුණලා තියෙනවා. Crunchyroll වගේම Funimation කියන්නේ ඇනිමෙ සහ මන්ගා මූලික කරගත්ත එන්ටර්ටේනින් ප්ලැට්ෆෝර්ම්.
![]() |
Crunchyroll |
![]() |
Funimation |
ඉතිං සෝනිලගෙ අරමුණ වෙලා තියෙන්නේ බොහොම ඉක්මනට මේ දෙකම එකතු කරලා තනි ඇනිමෙ සබ්ස්ක්‍රිප්ශන් ප්ලැට්ෆෝර්ම් එකක් හදන එක. ඇනිමෙ ෆෑන්ස්ලට නම් මේක හොද නිව්ස් එකක්. මොකද අලුතෙන් හැදෙන මේ ස්ට්‍රීමින් එකට අලුත් අලුත් කන්ටෙන් ගොඩක් හැදේවි ඉස්සරහට. මතකනේ ඩිස්නි+ එකට වගේම මැක්ස් එකටත් අලුතෙන් කොච්චර නම් කන්ටෙන් හැදුනද සහ ඉස්සරහට හැදෙන්න නියමිතද කියලා.
ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තමා මේ ඩීල් එක ගැන එනවුස් කලේ. ඊයේ තමා ඩීල් එක ෆයිනලයිස් කලා කියලා නිව්ස් එක ආවේ. මේ දෙකම එකතු කරලා හදන සර්විස් එක ගැන තාම සෝනිලා කිසිම දෙයක් කියලා නෑ. දැනට එයාලා මේ දෙක තියෙන විදියටම කරන් යනවා කියලා තමා කියන්නේ. Crunchyroll එකට මේ වෙනකොටත් මිලියන 5ක සබ්ස්ක්‍රිප්ශන් ප්‍රමාණයක් සහ මිලියන 120ක පරිශීලකයෝ ප්‍රමාණයක් (රෙජිස්ටර් වෙලා ඉන්න අය) ඉන්නවා.
2017දී තමා සෝනි එකෙන් ඇ. ඩො මිලියන 143ක් ගෙවලා Funimation එක අරගන්නේ. හැබැයි Funimation එක ආරම්භ වෙන්නේ 1994දී. Crunchyroll එකනම් 2006 දී තමා පටන් ගන්නේ. 2018දී තමා At&T එක Crunchyroll එක අරගන්නේ. බලමු.. කොහොම උනත් At&T එකෙන් ගැලවුන එක හොදයි. අමුතුවෙන් කියන්න ඕනි නෑනේ සෝනිලගෙ වැඩ ගැන. ඉස්සරහට හොද ඇනිමෙ කන්ටෙන් ටිකක් ඒවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්.
(Source - Variety)