Emmy Awards කියන්නේ ඇමෙරිකාවේ television ෆීල්ඩ් එකේ, ඒ කියන්නේ Cable TV, Broadcasting TV සහ Streaming Services හරහා TV වල විකාශනය කරන TV Shows වල outstanding ඒ කියන්නේ කැපීපෙනෙන දක්ෂතා ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වම සම්මාන උළෙලයි. Films වලට Oscar වගේ TV Shows වලට තියෙන ලෝකේ හොඳම සම්මාන උළෙල තමයි මේ Emmys කියලා කියන්නේ. Emmy කියන නම මේකට ඇවිල්ලා තියෙන්නේ Immy කියන වචනයෙන්. Immy කියන්නේ Image Orthicon කියන ඒ කාලේ Televisions වල තියෙන camera tube එකකට කියන වචනයෙන් බිඳිලා එන කෙටි නමකට.
![]() |
| National Academy of Television Arts and Science |
Emmy Awards ලබාදෙන්නේ ඇමෙරිකාවේ තියෙන National Academy of Television Arts and Science කියන ආයතනය මඟින්. 1946 ආරම්භ වුණ මේ ආයතනය පළමු වරට Emmy සම්මාන උළෙල ක් පවත්වලා තියෙන්නේ 1949 දීයි. මේ Emmy Awards ලබාදෙන්නේ Voting System එකක් එහෙම නැත්නම් මනාප ක්‍රමයක් ඇසුරෙන්. මේකට Vote කරන්න පුළුවන් වෙන්නේ National Academy of Television Arts and Science ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට විතරයි. ඒ අයගෙනුත් ඒ ඒ සාමාජික සාමාජිකාව නිරත වෙලා ඉන්න ෆීල්ඩ් එක ඒ කියන්නේ සාමාජිකයෙක් ට writer කෙනෙක් වෙනුවෙන් පිරිනමන Emmy Award එකකට vote කරන්න පුළුවන් ඒ සාමාජිකයා writer කෙනෙක් නම් විතරයි. මේ නිසා තත්වයෙන් වඩා උසස් සහ ප්‍රොෆෙෂනල් විදිහට ගැළපෙනම ජයග්‍රාහකයින් Emmy Awards ලබාගන්න එක හැම අවුරුද්දෙම වෙන දෙයක්. ඒක තමා Emmy වල කොලිටියට හේතුව.
![]() |
| Scenes from a Emmys |
Emmy Awards ලබාදීමේදි TV වල බ්‍රෝඩ්කාස්ට් කරන Dramatic series, Comedy series, Special drama, Limited series සහ Variety, Music හෝ Comedy යන වර්ග වල TV Shows වල කැපීපෙනෙන මට්ටම් ගැන සොයාබලනවා. ඒ ඒ වර්ග වලට අදාළ කැටගරීස් යටතේ තමා සම්මාන ලබාදෙන්නේ. ඒ වගේම මේ සම්මාන උළෙල කොටස් කිහිපයකින් සමන්විතයි. ඉස්සෙල්ලාම මාස කිහිපයකට කලින් Awards වලට නිර්දේශ වෙන TV Shows, ඇක්ටර්ස් ලා සහ ක්‍රියේටර්ස් ලා අනවුන්ස් කරනවා. ඊට පස්සේ තියෙන්නේ විශේෂ ජූරි සභාවක් මඟින් ලබාදෙන Special Achievment හෙවත් Jury's Awards ඉවෙන්ට් එකයි. ඒකෙදි කරන්නේ TV Shows වලට සම්බන්ධ වෙලා කැපීපෙනෙන දක්ෂතා දක්වපු අයට honorary awards ඒ කියන්නේ ගෞරව සම්මාන ලබා දෙන එකයි. ඊට පස්සේ තියෙන්නේ Creative Arts සඳහා Awards ලබාදෙන ඉවෙන්ට් එකයි. මේකෙදි කරන්නේ TV Shows වල behind the scene වල ඒ කියන්නේ costume designing, set decorating සහ cinematography කරලා Emmy Nominations ගත්තු අයට අදාළ සම්මාන ලබාදෙන එකයි. අවසාන ඉවෙන්ට් එක තමයි Primetime ඉවෙන්ට එක කියලා හඳුන්වන්නේ. ගොඩක් දෙනා අවධානෙන් බලන් ඉන්න best actor, best actress, best drama සහ best director වගේ සම්මාන ලබාදෙන්නේ මේ ඉවෙන්ට් එකේදි.
![]() |
| An Emmy award statue |
Emmy Award Statue එක එහෙම නැත්නම් සම්මානය අත්තටු දෙකක් තියෙන කාන්තාවක් විසින් ඉලෙක්ට්‍රෝනයක් (electron) උස්සගෙන ඉන්න ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. මේ අත්තටු දෙකක් තියෙන කාන්තාවගෙන් (winged woman) කලාව (art) නිරූපණය කරන අතර ඉලෙක්ට්‍රෝනයෙන් (electron) විද්‍යාව (science) නිරූපණය කරනවා. මෙවර (2021) පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ 73 වෙනි Emmys Awards සම්මාන උළෙලයි. මේ සතියේ ඉරිදා(19) හවස පවත්වන්න නියමිත මේ සම්මාන උළෙල පිළිබඳ තොරතුරුත් එක්ක අපි නැවත ඉක්මනින් හමුවෙමු. (73 වෙනි Emmys සම්මාන උළෙලේ සම්පූර්ණ නොමිනේෂන් ලිස්ට් එක එක බලන්න මෙතැන ක්ලික් කරන්න)
( Source -Emmys )




