ඕං අද ටයිටන්ස් බ්‍රේක්ඩවුන් එක ලියන්නෙ මම (මලින්ද). මට සෙහාම් තරම් නම් ඩීසී ගැන දැනුමක් නෑ. ඒ හින්ද මට නෝට් වෙච්ච දේවල් ටික සරලව කියන්නම්. ටයිටන්ස් කියන්නෙ මහා ලෙවල් එකේ සීරීස් එකක් නොවුනට හරිම ලස්සනට එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට කතාව ගලපනවා... මාර ලස්සනට ස්ටෝරිය අපිට පෙන්නනවා... ඒක ටයිටන්ස් එකේ මුල සීසන් එකේ ඉඳන්ම සුපිරියටම කරගෙන ආපු දෙයක්... මේකෙත් ඒ ගතිය සුපිරියටම තිබුනා...
මේ එපියෙන් අපිට අලුතින් චරිතයක් හදුන්වල දුන්න. ඒ තමා Lady Vic එහෙමත් නැත්තන් Lady Victim. මෙයාගෙ ඇත්ත නම Elaine-Marsh Morton. මෙයා Assassin කෙනෙක්. සීරිස් එකේ හිටිය කෙනානම් සිල්වි වගේ.මෙයා Nightwing ගෙ Main Villain කෙනෙක් වෙන Blockbuster ලග වැඩ කරපු කෙනෙක්.ඒ වගේම මෙයා Nightwing ව එකපාරක් පරාද කරන්න ඔන්න මෙන්න ආවා ( ඒත් පරාද කරන්න බැරි වුනා ) මෙයා Noblewoman කෙනෙක්.මෙයාගෙ පරම්පරාවෙ අය Soldiers ලා Mercenaries ලා විදිහට වැඩ කරල තියෙනවා.මෙයා අනිත් විලන්ලට වඩා විශේෂ වෙන්නෙ මෙයාගෙ තියෙන Ruthless කමයි Determination එකයි නිසා.මෙයාගෙ Mission එක පොඩි ලමයෙක් මරන එකනම් මෙයා දෙපාරක් හිතන්නෙ නැතුව ඒ වැඩෙ කරනවා. මෙයා ගොඩක්ම වැඩ කරන්නෙ Bludheaven අවට.ඉතින් ඒක නිසා මෙයා Nightwing එක්ක ගැටෙනව වැඩී ( Bludheaven කියන්නෙ Nightwing ආරක්ෂා කරන නගරේ ) ලේඩි වික්ගෙ ෆයිටින් නම් ඝින්ධර ඈහ්... ලේ විතරයි... අම්මාහ් රසය....
මෙයා ක්‍රේන්ට වැඩ කරනව කියල තමයි අපිට හිතන්න වෙන්නෙ. මෙයාව ගෝතම් වලට ගෙන්න්නගෙන ක්‍රේන් අර අදින්නෙ මොනාටද කියන එක අපිට ඉක්මනටම දැනගන්න ලැබේවි.
![]() |
(කොමික් වල සහ අලුත් එපියේ ලේඩි වික්) |
4වෙනි එපියෙ හම්බුන බ්ලැක්ෆයර්ව කෝරි Wayne Manor එකට අරන් එනව. පේන හැටියට බ්ලැක්ෆයර් පෘථිවියෙ වැඩිකාලයක් ඉදල නෑ වගේ. දැක්කනෙ ටයිටන්ල ගැන හිතපු විදිය. Blackfire කියන්නෙ Royal Family එකක කෙනෙක් ඉතින් එයාට Tamaran වල සලකපු විදිහට පෘථිවියෙත් සලකයි කියල තමා හිතුවේ.මෙයා ස්ටාෆයර් ගෙ විලන් කෙනෙක් වුනත් Titans ලට ජස්ටිස් ලීග් එකට එහෙම උදව් කරල තියෙනවා.
ඒ වගේම මේ එපියෙන් අපිට ඩික්ගෙයි බාබරාගෙයි Flashback වගයක් බලාගන්න පුළුවන් උනා. දෙන්න හොරකමේ ගිහින් වගේ. මං හිතන්නෙ මේ සීන් වෙන්නෙ යුනිවර්ස් එකේදි බාබරා බැට්ගර්ල් වෙන්න කලින්. හැබැයි බාබ්‍රා Selina Kyle (කැට්වුමන්) වගෙ කිටක් ගහගෙන වහලවල් උඩින් පැන පැන යන එකනම් Batgirl Year One කොමික් එකෙත් තිබ්බ මතක විදිහට.
බාබරාට ඉන්න නිලියගෙ ඇත්තටම කකුලක් නෑ එයා ඇක්සිඩන්ට් එකකට මූන දීපු නිසා කියලා අපේ එපිසෝඩ් බ්‍රේක්ඩවුන් බලන අය දන්නවනේ... හැබැයි මේ ඒ සීන් එක කාලෙදි බාබරාට ජෝකර් වෙඩි තියලා නෑ. එතකොට කතාවෙ විදියට කකුල තියෙනවා... මේ සීන් එකේ බාබරාට ස්ටන්ට් කරපු අය සහ බාබරා නිලි Savannah Welch...
මෙතන ඩික් බාබ්‍රාගෙන් උදව් ඉල්ලන්න යද්දි Dick කියනව Oracle Initiative එක ගැන.ඒත් මෙතන බාබ්‍රා ඒක පාවිච්චි කරන්න කැමති වෙන්නෙ නැ.කොමික් වල මේ Oracle කියන්නෙ බාබ්‍රාටමයි.ජෝකර් මෙයාට වෙඩි තියල Paralyze කරයින් පස්සේ බාබ්‍රා Computer වලින් වැඩක් ගන්නවා.මෙයා එයාගෙ Computer Skill එක පාවිච්චි කරලා Oracle වෙනවා.මෙයාගෙ හැකියාව කොච්චර දියුණුද කිව්වොත් Batfamily එක විතරක් නෙමෙ මුලු ජස්ටිස් ලීග් එකම මෙයාගෙන් උදව් ගත්ත අවස්තාත් තියෙනවා.Batman Related නොවන කොමික් එහෙම අරන් බලන්න Green Arrow / Black Canary / Superman / Wonder Woman වගෙ අය මෙයාගෙන් උදව් අරන් තියෙනවා. Disable කෙනෙක් වුනාට DC විශ්වයේ වැදගත්ම අත්‍යවශ්‍යම චරිතයක් වෙන්න බාබ්‍රාට පුලුවන් වෙනවා.
මේ අතරෙ ක්‍රේන් Anti-Fear Toxin එක මහා පරිමාණයෙන් Produce කරන්න ගන්නව. පෙන්න විදියට මෙයා Lady Vic ටත් Toxin එක දීල වගේ. එපියෙ අන්තිමට වගේ අපිට දැනගන්න ලැබෙනව මෙයාගෙ ඉලක්කය බාබරාව මරන එක කියල. හේතුව දන්නව ඇතිනෙ. එයාගෙ පාට්නර්ව මරපු එක...
මේ අතරෙ කෝරි, කෝනර් දෙන්න යනව Inventor කියල කෙනෙක් හොයාගෙන. කරන්න දෙයක් නැති නිසා කෝරි බ්ලැක්ෆයර් වත් අරන් යනව. පස්සෙ කෝනර්ට Babysitting වැඩේට තියල කෝරි යනව බිල්ඩිම ඇතුලට. එතනදි තමා දැනගන්නෙ එතනත් හෑන්ක්ගෙ තිබ්බ වගේම බෝම්බයක් තියෙනව කියල. මේ පාරනම් අන්තිම තත්පරේ හරි ගේම ගහලා කෝනර් බෝම්බෙ නිශ්ක්‍රීය කරනව. (මට සීර්ස් එකේ පේන්නම බැරි තැනක් මේ සුපර්බෝයිගෙන් වැඩක් ගන්නෙ නැති එක. ඌ වැනි වැනී ඉන්න එක විතරයි).
මේ එපියෙ ඩික්ගෙ Detective Skills Highlight වෙන පට්ට Scene එකක් තියෙනවා. ඩික්ට Sound එක විතරක් පාවිච්චි කරලා කෙනෙක්ගෙ උස එයාගෙ Weapon එක එහෙම කියන්න පුලුවන්.ඉතින් Worlds' Greatest Detective (බැට් ස') ලග ඉද්දි මේ වගේ Tricks ඉගෙන ගන්න ඇති. Nightwing කියන්නෙ අත පයෙන් විතරක් නෙමෙ මොලෙනුත් වැඩක් ගන්න පට්ට වැඩ්ඩෙක් කියල මේ එපියෙ පෙන්නුවා.
ජේසන්ගෙයි, ක්‍රේන්ගෙයි අතරෙ පොඩි විරසකයක් ඇති වෙනව. මේ නිසා ජේසන් Toxin තොගයක් බලෙන් අරන් යනව.මේ කත්න්දර වෙන වෙලාවෙ Lady Vic, බාබරාව උගුලකට කොටු කරගන්නව. හැබැයි බාබරාගෙ සටන් හැකියාව නිසා එයා බේරෙනව.බාබ්‍රා මෙතන ඔප්පු කලා එයාට ඇවිදින්න බැරි වුනත් එයා Defenseless නෑ කියලා 🔥 මේ උගුල අටවන්නෙ ඇත්තටම බාබරාගෙ මූණෙ පින්තූරයක් අරගන්න කියල කියල අන්තිමට අපි දැනගන්නව. ඒ ෆයිට් එක නම් පිස්සු කොර මහත්තයො ඈ.. ඩිඩ්න්ට් සී දැට් ශිට් කමින් 🔥🔥🔥
ජේසන් මිනිහ අරගත්තු Toxin එක පාරවල්වල ඉන්න මැරයින්ට බෙදන්න ගන්නව. මං හිතන්නෙ මේ ක්‍රේන්, ජේසන් දෙන්න කරන්න යන්නෙ Toxin එක ගෝතම් පුරාම බෙදාහැරල ලොකු කලබලයක් ඇති කරන්න. නෝලන්ගෙ ඩාක් නයිට් ට්‍රිලෝජිය බලල ඇතිනෙ හැමෝම. අන්න එක්කෙ පලවෙනි ෆිල්ම් එකේ රාස් අල් ගුල් කරන්න ගිය වැඩේ මතක ඇතිනෙ. අර වතුරට Fear Toxin එක දාල. අන්න ඒ වැඩේ මුන් දෙන්න වෙන විදියටකට කරන්න යනව වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන සමහරවිට අපි අලුත් රොබින්ගෙ (ටිම් ඩ්‍රේක්) Origin එක දැක්ක වෙන්නත් පුලුවන්.ජේසන් Toxin එක දුන්නම මැරයො වගයක එක Restaurant එකකට ගිහින් වෙඩි තිබ්බෙ.ඉතින් ඒකෙ තමා ටිම්ගෙ අම්මයි තාත්තයි වැඩ කලෙ. ඉතින් මේ Motive එක නිසා ටිම් රොබින් වෙනව වෙන්නත් පුලුවන්. පොර ජේසන්ව හොයාගෙන ගිහින් නයිට්වින්ග් ට හම්බවෙයි.පස්සෙ පොර ටිම් ව ට්‍රේන් කරන්න ගනී.බෲස් එයාට කලා වගේ.
ඒනම් අදට බ්‍රේක්ඩවුන් එක ඉවරයි. ලබන සතියෙ සෙහාම් ස’ බ්‍රේක්ඩවුන් එක ලියයි. එතකම් පරෙස්සමෙන් ගෙට වෙලා ෆිලුමක්, සීරිස් එකක් බලාගෙන පාඩුවෙ ඉන්න.
සචින් මේ එපිසෝඩ් තුනේම (E04, E05 සහ E06) බ්‍රේක්ඩවුන් එකක් තනි වීඩීයෝ එකකින් යූටියුබ් චැනල් එකෙන් අරන් එයි... ඒවත් බලන්ඩෝඕඕඕ...
Titans S03E05 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/titans-s03e05-breakdown.html
ලිපි නිර්මාණය සහ අදහස - මලින්ද බණ්ඩාර, ශෙහාන් පෙරේරා