
ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.) මෙවර Venice Film Festival එක සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) Venice Film Festival එකේ ඊයේ දවස ඇතුළත වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.
 |
Official Poster for the 78 th VFF |
Sundown සහ Last Night in Soho ඇතුළු ගොඩක් අය හයිප් එකේ හිටපු ෆිල්ම් කිහිපයක් ඊයේ ප්‍රීමියර් වුණා. ඒ වගේම කලින් දවසේ ප්‍රීමියර් වුණ Dune ෆිල්ම් එකට විනාඩි 8 ක standing ovation ඒ කියන්නේ හිටගෙන කරන අත්පොළසන් දීමක් ෆිල්ම් එක ඇගයීම වෙනුවෙන් කරලා කියලා සඳහන් වෙලා තියෙනවා. මීට කලින් මේ වගේ ප්‍රතිචාරයක් හම්බුණේ 2019 Joker ෆිල්ම් එකට. හිතාගන්න පුළුවන් නේ කොච්චර සුපිරි ෆිල්ම් එකක් වෙන්නැති ද කියලා Dune එක. ප්‍රීමියර් එකට (Friday night world premier) එකතු වෙලා හිටපු Nomadland සහ ඉස්සරහට එන Eternals ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Chloe Zhao විසින් Denis ට සුභපතලා තියෙනවා. එයා කෙලින්ම කියලා තියෙන්නේ "Fantastic" කියලා.(අතිවිශිෂ්ටයි)  |
Last Night in Soho |
ඊයේ දවසත් Venice Film Festival එකේ සුවිශේෂි දවසක්. දැනට හොලිවුඩ් වල ඩිරෙක්ටර්ස් ලගෙන් වැඩිම ඉල්ලුමක් තියෙන නිළියක් වෙන Anya Taylor Joy සහ ඉස්සරහට එන House of Dragons සීරීස් එකේ Daemon ට ඉන්න Matt Smith සහ Thomasin McKenzie කියන නළු නිළියන් එකතු වෙන Last Night in Soho ෆිල්ම් එක සෑහෙන හොඳ මට්ටමේ ෆිල්ම් එකක් කියලා දැනගන්න ලැබෙනවා. මේක internationally රිලීස් වෙනකන් ස්පොයිල් කරන්න එපා කියලා ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Edgar Wright ඕඩියන්ස් එකෙන් ඉල්ලලා තියෙනවා.
"What happens in Last Night in Soho, stays in Soho "
ෆිල්ම් එකේ සෑහෙන ඩීටේල්ස්, ට්විස්ට්ස් සහ සුපිරි ප්ලොට් එකක් ඇති. Anya ගේ ඇක්ටින් හොඳටම බලාගන්න පුළුවන් ෆිල්ම් එකක් වේවි මේක. මේක time travelling තියෙන Psychological Thriller ෆිල්ම් එකක් වගේම මේක කම්ප්ලිකේටඩ් ඒ කියන්නේ තේරුම් ගන්න අමාරු ෆිල්ම් එකක් වේවි කියලා තමයි ඩිරෙක්ටර් කියලා තියෙන්නේ. ඒත් හැමතිස්සෙම ඕඩියන්ස් එක එන්ටර්ටේන් කරලා තියාගන්නත් මේ ෆිල්ම් එකට පුළුවන්නු. ෆිල්ම් එක ප්‍රීමියර් වුණාට පස්සේ විනාඩි 5 ක standing ovation එකක් හම්බෙලා තියෙනවා.
 |
Sundown |
ඊළඟට ප්‍රීමියර් වුණ ප්‍රධාන ෆිල්ම් එක තමයි Sundown ෆිල්ම් එක. Mexican ඩිරෙක්ටර් කෙනෙක් වෙන Michel Franco විසින් ඩිරෙක්ට් කරපු මේ ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකට Tim Roth එකතු වෙනවා. හොඳට සල්ලි තියෙන ධනවත් පුද්ගලයෙක් මුහුණපාන ජීවන ගැටළු තමයි ෆිල්ම් එකේ තීම් එක වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එකෙත් ට්විස්ට්ස් එහෙම තියෙනවනු.
 |
Three Minutes - Lengthening |
කලින් දවසේ ප්‍රීමියර් වුණ Three Minutes - Lengthening ෆිල්ම් එකේ රිවීව්ස් ත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. මේක ටිකක් අමුතු ෆිල්ම් එකක්. ඩොකියුමෙන්ට්‍රි ටයිප් එකේ එකක්. ජර්මනියේ නාසි සොල්දාදුවන් විසින් දෙවෙනි ලෝක යුද්ධ කාලයේ සමූලඝාතනය කර විනාෂ කර දාපු ගමක 1938 ගත්තු විනාඩි 3 ක වීඩීයෝ එකක් (ෆූටේජ් එකක්) එඩිට් කර කර ඩිටේල්ස් පෙන්න පෙන්න ඒ දේවල් විනාඩි 69 ක් පුරාවට විස්තර කරන ෆිල්ම් එකක් තමයි මේක. මේ ගම පිළිබඳ ඉතුරු වෙලා තියෙන එකම සිහිවටනය හෝ ඩේටා සෝර්ස් එක මේක විතරයි. ඒ නිසා මේ ෆිල්ම් එක විස්තර දැනගෙන බලන කෙනෙක් ට සෑහෙන සංවේදිව දැනේවි.
 |
True Things |
British ෆිල්ම් එකක් වෙන Tom Burke සහ Ruth Wilson ඉන්න True Things ෆිල්ම් එකේ රිවීව්ස් ත් එළියට ඇවිල්ලා තියෙනවා. Romantic Thriller කැටගරියට යටතේ එන මේකේ තියෙන්නේ රළු විදිහට කාන්තාවන් ඇසුරු කරන පුද්ගලයෙක් සහ ඔහු ඇසුරු කරන තරුණියක් වටා යන කතාවක්. ඇක්ටින් සහ කන්සෙප්ට් එක අතින් හොඳ ෆිල්ම් එකක් කියලා තමයි කියන්නේ.
 |
Il Buco (The Hole) |
Il Buco (The Hole) කියන ඉතාලි ෆිල්ම් එකත් Venice Film Festival එක තුළ ජනප්‍රිය වුණ ෆිල්ම් එකක් කියලා සඳහන් වෙලා තියෙනවා. දකුණු ඉතාලියේ කිසිම කෙනෙක් සම්පූර්ණයෙන් ගවේෂණය කරලා නැති ගුහාවක් ගවේෂණය කරන්න යන කණ්ඩායමක් වටා තමයි ෆිල්ම් එකේ කතාව යන්නේ. ලස්සන විශුවල්ස් එහෙම තියෙනවනු.
ඊයේ දිනයේ Venice Film Festival එකේ red carpet එකේ ෆොටෝස් පහළින් බලාගන්න පුළුවන්
 |
Anya Taylor Joy |
 |
Anya Taylor Joy and Matt Smith |
 |
The cast of Last Night in Soho move |
 |
Anya Taylor Joy |
 |
Anya Taylor Joy |
 |
Oscar Isaac and Jessica Chastain |
 |
Jessica Chastain |
 |
Jessica Chastain and Oscar Isaac |
සුපිරිම ෆිල්ම් ටිකක් ප්‍රීමියර් කරපු Venice Film Festival එකේ හතරවෙනි දවසත් ඉතා සාර්ථක විදිහට තමයි ඉවරවුණේ. කලින් තිබුණු කොවිඩ් සම්බන්ධ සහ ආරක්ෂක ගැටළු හැම එකක් ම වගේ මේ වෙනකොට විසඳිලා තියෙන්නේ. අද දවසත් ඊයේ වගේම සුපිරිම ෆිල්ම් ටිකක් ප්‍රීමියර් කරන දවසක්. Monalisa and the Blood Moon ෆිල්ම් එකට තමයි ඒ අතරින් වැඩිම හයිප් එකක් තියෙන්නේ. ඒ විස්තරත් එක්ක අපි හෙට නැවත හමුවෙමු.
Venice Film Festival එකේ තොරතුරු (Day 01) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 02) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 05) 👇
( Source - La Biennale di Venezia )