![]() |
| Official Poster for the 78 th VFF |
ඊයේ දිනයේ Venice Film Festival එකේ ප්රීමියර් වුණ ෆිල්ම්ස් අතරින් ප්රධානම ෆිල්ම් එක වෙන්නේ Mona Lisa and the Blood Moon ෆිල්ම් එකයි. සමාජයට භයානක මිනිසුන් රඳවලා ඉන්න මානසික රෝහලකින් (asylum) පැනලා යන අත්භූත සහ භයානක පවර්ස් තියෙන ගෑනු කෙනෙක් ගැන තමයි ෆිල්ම් එක තියෙන්නේ. Imposter Syndrome කියන මානසික රෝගය ගැන පෙන්වන මේ ෆිල්ම් එකේ සුපිරි ප්ලොට් එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි.
![]() |
| Mona Lisa and the Blood Moon |
ඒ වගේම කලින් දවසේ ප්රීමියර් වුණ ඩ්රාමා මිනිසීරීස් එකක් වෙන Scenes from a Marriage එකේ රිවීව්ස් එළියට ඇවිල්ලා තියෙනවා. 1973 Sweden වල නිර්මාණය කරපු TV Miniseries එකක් ඇසුරින් නිර්මාණය කරපු මේකේ තියෙන්නේ දෙන්නෙක් අතර තියෙන Marriage Life එකක් බිඳ වැටෙන ආකාරය ගැන. Oscar Isaac සහ Jessica Chastain තමයි මේකේ මේන් රෝල්ස් කරන්නේ. හොඳ කන්සෙප්ට්ස් සහ ලයිෆ් ඇඩ්වයිස් දෙන නිර්මාණයක් වේවි මේක. මේ මිනිසීරීස් එක ඉස්සරහට HBO MAX එකෙන් රිලීස් වේවි.
![]() |
| Scenes froma Marriage |
මීට අමතරව Miracle(Romania), Lost Illusions(France), The Inner Cage(Italy) කියන ෆිල්ම්ස් තමයි ඊයේ දිනයේ ප්රධාන වශයෙන් ප්රීමියර් වුණේ.
![]() |
| Lost Ilusions |
ඒ වගේම Venice Film Festival එකට ඉදිරිපත් කරපු ශෝර්ට් ෆිල්ම්ස් 14 ක් සහ feauture films 22 ඔන්ලයින් බලන්න අවස්ථාව දීලා තියෙනවා. Feature films 22 බලන්න අවස්ථාව ඉතාලිය තුළ සිටින අයට පමණක් හිමිවුණත් ශොර්ට් ෆිල්ම්ස් 14 බලන්න ලෝකේ ඕන තැනක ඉන්න කෙනෙක් ට පුළුවන්. මේවා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් www.labiennale.org සයිට් එකෙන් ඒ ටික ෆ්රී බලන්න පුළුවන්. විවිධ රටවල ශෝර්ට් ෆිල්ම්ස් මේ 14 ඇතුළට අයත් වෙනවා. ඊට කලින් www.festivalscope.com කියන සයිට් එකේ රෙජිස්ටර් වෙන්නත් ඕනේ. මේ සිස්ටම් එක හඳුන්වන්නේ Web Theater කියලා. මේ ශෝර්ට් ෆිල්ම් 14 Web Theater එකට රිලීස් වෙන දවස් සහ ෆිල්ම්ස් වල නම් පහළින් බලාගන්න පුළුවන්.
සැප්තැම්බර් 9 වෙනි බ්රහස්පතින්දා සිට;
Preghiera della sera (Diario di una passeggiata) - Giuseppe Piccioni (Italy)
Sandstorm - Seemab Gul (Pakistan)
Hair Tie, Egg, Homework Books - Luo Runxiao (China) (available in Italy only)
Don’t Get Too Comfortable - Shaima Al-Tamimi (Yemen/Qatar/UAE/USA/Netherlands)
Heltzear - Mikel Gurrea (Spain)
Il turno - Chiara Marotta, Loris Giuseppe Nese (Italy)
සැප්තැම්බර් 10 වෙනි සිකුරාදා සිට;
Ato - Bárbara Paz (Brazil)
Descente (4 AM) - Mehdi Fikri (France) (available in Italy only)
Los huesos - Cristóbal León, Joaquín Cociña (Chile) (available in Italy only)
New Abnormal - Sorayos Prapapan (Thailand/South Korea/Singapore)
Fall of The Ibis King - Josh O’Caoimh, Mikai Geronimo (Ireland)
Techno, Mama - Saulius Baradinskas (Lithuania) (available in Italy only)
The Last Day - Yamashita Momi (Japan)
Sad Film - Vasili (Myanmar/Netherlands)
![]() |
| Preghiera della sera (Diario di una passeggiata) by Giuseppe Piccioni |
ඊයේ දිනයේ 78 වෙනි Venice Films Festival එකේ red carpet එකේ ෆොටෝස් පහළින් බලාගන්න පුළුවන්
![]() |
| Dakota Johnson |
![]() |
| The Cast and Crew of the Mona Lisa and the Blood Moon movie |
![]() |
| The Cast and Crew of the Mona Lisa and the Blood Moon movie |
![]() |
| Ruth Wilson |
![]() |
| Kate Hudson |
මේ විදිහට හොලිවුඩ් සහ ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස් කිහිපයක් ප්රීමියර් කරපු 78 වෙනි Venice Film Festival එකේ පස්වෙනි දවසත් ඉවරවුණේ කිසිම ආකාරයේ ප්රශ්නයක් නැතුව. අද දවසෙත් ෆිල්ම්ස් කිහිපයක් ම ප්රීමියර් වෙන්න තියෙනවා. විශේෂත්වය වෙන්නේ අද දවසේ හොලිවුඩ් ෆිල්ම්ස් එකක් වත් ප්රිමියර් වෙන්නේ නෑ. ඒත් Ezio Bosso; The Things That Remain(Italy), Happening(France), The Catholic School(Italy), The Box(Mexico) වගේ ඉන්ටර්නැෂනලි සෑහෙන අවධානයක් යොමුවෙන ෆිල්ම්ස් කිහිපයක් ම ප්රීමියර් වෙන්න තියෙනවා. ඒ තොරතුරුත් සමඟ අපි හෙට නැවත හමුවෙමු.
( Source - La Biennale di Venezia )










