![]() |
| Official Poster for the 78 th Venice Film Festival |
78 වෙනි Venice Film Festival එකේ ෆිල්ම්ස් ප්රීමියර් කරපු අන්තිම දවස තමයි ඊයේ. ඊයේ දවස නිමා වෙනකොට Venice Film Festival එකේදි ෆිල්ම්ස් 92 ක් ප්රීමියර් කරලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙත් ලෝකේ හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එක විදිහට Venice Film Festival එක කියලා ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවා.
![]() |
| The Last Duel |
ඊයේ දවසේ ප්රීමියර් කරපු ප්රධානම ෆිල්ම් එක වෙන්නෙ The Last Duel ෆිල්ම් එකයි. මේක Matt Damon, Ben Affleck සහ Adam Driver එකතු වුණ සුපිරිම history කැටගරියේ ෆිල්ම් එකක්. Ridley Scott විසින් ඩිරෙක්ට් කරපු මේ ෆිල්ම් එක සුපිරියක් කියලා තමයි කියන්නේ. Medieval කාලේ rape වෙන කාන්තාවන් ගැන සංවේදිව මේ ෆිල්ම් එක තුළ කතා කරලා තියෙනවා.
![]() |
| Fall of the Ibis King |
ඊට අමතරව ඊයේ Fall of the Ibis King, The Act සහ Techno,Mama වගේ සුපිරිම ෆිල්ම් ටිකක් ප්රීමියර් වුණා.
![]() |
| America Latina |
ඒ වගේම කලින් දවසේ ප්රීමියර් කරපු America Latina ෆිල්ම් එකේ රිවීව්ස් ඇවිල්ලා තියෙනවා. මේක සුපිරිම සයි ෆයි ෆිල්ම් එකක් කියලා තමයි කියන්නේ. ඒ වගේම සුපිරිම සිනෙමටොග්රැපි තියෙන ෆිල්ම් එකක්නු.
![]() |
| Leave no Traces |
ඊට අමතරව Leave No Traces ෆිල්ම් එකේ රිවීව්ස් එළියර් ඇවිල්ලා තියෙනවා. පොලිසීයේ තියෙන දුෂ්ටකම් සහ අසාධාරණය ගැන තමයි මේ ෆිල්ම් එකේ කතා කරන්නේ.
![]() |
| Golden Lion award |
Venice Film Festival එකේ ෆිල්ම්ස් ප්රීමියර් කරන එක ඊයේ අවසන් වුණත් ගොඩක් දෙනා අවධානය යොමු කරන Venice Competiton එක ඒ කියන්නේ මේ දවස් 10 තුළ ප්රීමියර් කරපු ෆිල්ම්ස් වල ජයාග්රාහකයන් අනවුන්ස් කරන ඉවෙන්ට් එක තියෙන්නේ අද. ඉතින් ඒ විස්තරත් එක්ක අපි හෙට හමුවෙමු.
( Source - La Biennale di Venezia )






