සුපිරිම ප්ලොට් ටුවිස්ට් තියෙන කොරියන් ත්‍රිලර් ෆිල්ම්ස් | Best Korean Thriller Movies (Part 01)

Annyeong guys ❤️




ඊයෙ මිහිදුගෙ Squid Game ලිපිය කියවන්න ඇති හිතනවා (කියෙව්වේ නැති අය මෙතන ක්ලික් කරලා ගිහින් ඒකත් කියවන්න). දැක්කනෙ පහුගිය ටිකේ කොරියන් කියන නමවත් ඇහෙන්න බැරුව හිටපු මිනිස්සු අපූරුවට උඩ දාගෙන Squid Game බලපු හැටි. Anyway මේ දවස්වල හැම Korean Content එකකටම වගේ රැල්ලට බනින සීනෙකක්නෙ තියෙන්නෙ. Kdrama, Korean Movies එහෙම බලන එකෙක්වත් හොයාගන්න නෑ. ලංකාවෙ චැනල් ටික තමා වග කියන්න ඕනෙ ඉතින්.😒 Romance Kdrama එකක් හොයාගෙන කරන්න පුලුවන් බොලදම විදිහට Dub කරලා Tv එකේ පෙන්නුවහම එපා වෙන එක සාධාරනයි. අනිත් හේතුව තමයි BTS.🥴 දැනට ඉන්න ලොකුම Toxic Fan base එකක් මෙයාලට ඉන්නවා කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්.(කමෙන්ට් සෙක්ශන් එකට වඩින්න) පොඩි පොඩි කෙල්ලො දෙයියො වගේ මේ Team එක අදහන්නෙ. මේක ප්‍රධානම හේතුවල් Korean Content මෙහෙ එව්න්ට එපා වෙන්න. හැබැයි මේ හේතු දෙක තුනක් නිසා ඔයාලට පට්ටම Movies, TV shows තොගයක් මිස් වෙලා තියෙන්නෙ. Main Charactor එකට රැව්ල නැති නිසා බලන්නෑ කියලා නම් කියන්න එපා බන්ග්.🤧

තව පොඩි දෙයක් කියන්න ඕනෙ. ගොඩක් Thriller Moviesවල First Half එක ටිකක් විතර Slow. ඒ නිසා අතෑරලා දාන්න එපා පැය බාගයක් විතර බලලා. මුල් ටිකේ ඇරියස් එහෙම අල්ලලා අන්තිම ටික දොබෙන් යන්ඩ දෙනවා. Just wait for it. දඩාර Plot Twist එකක් එක්ක ෆිල්ම් එකක්, සීරීස් එකක් ඉවර වෙද්දි තියන  ආතල් එක දන්න සෙට් එකක් ඉන්නවා. රැව්ල් බලන්ඩ ෆිල්ම් බලන එව්න් නම් ඕවා දන්නෑ හැබැයි😂

ඉතින් ඔයා තාම කොරියන් Movies බලන්න ගත්තෙ නැත්නම්/ බලන්න හිතෙන්නැත්නම් මම කියන Movies ටික Try කරලා බලන්න. ❤️



Parasite (2019) - Thriller/ Comady


මේක කියවන උන්ගෙන් බාගයක්වත් මේක නම් බලලා ඇති. 2019දි Academy Award Nomination 6 සහ ඒවගෙන් Awards 4ක් Parasite Movie එක Win කරා. ඒ තමයි Best Picture, Best Director, Best Original Screenplay සහ Best International Feature Film කියන Awards හතර.ඒ වගේම තමයි Parasite Movie එක තමයි පලවෙනි වතාවට Best Picture සදහා Award එකක් Won කරේ Non English Movie එකක් විදිහට ❤️‍🔥

අධ්‍යක්ෂනය කරන්නෙ Bong Joon Ho. නම පොඩ්ඩක් මතක තියන් ඉන්න. ලිස්ට් එකේ ගොඩක් තියෙන්නෙ මෙයාගෙ Films.😂 Literally පොරක් තමයි ඉතින්. IMDB 8.6ක්. Rotten Tomatoes අගය 98%. Cast එක ගැන නම් කියලා වැඩක් නෑ. දන්නැතුව ඇති එක්කෙනෙක්වත්. Btw මේකෙ Main Charactor එකක් වුනු Park Seo Joon නම් MCU Cast කරලා තියෙන්නෙ. She Hulk Series එකෙනුයි Marvels Movie එකෙනුයි අපිට එයාව බලාගන්න පුලුවන්. ෆයිගි ස'ගෙ වැඩ තමා ෆෑන් බේස් අල්ල ගන්න.💆

මේකෙ Plot එක Spoil කර ගන්නැතුව බලන්න කියලා Director ස'ම කිව්වා. මන් ඒ ගැන කියන්න යන්නෑ ඒ නිසා. Deep meaning එකක් මේ Movie එකේ තියෙන්නෙ. ඒ නිසා Film එක බැලුවට පස්සෙ Review එකක් එහෙම බැලුවට පාඩු නෑ.



Oldboy (2003) - Mystery/ Thriller



මේක නම් Masterpiece ඈ 💆 පුලුවන්නම් මේ ලිස්ට් එකෙන් මේක මුලින්ම බලහන්. Park Chan Wook තමයි අධ්‍යක්ෂනනය කරන්නෙ. Chi Min Sik තමයි Protagonist. සනිදු අයියා වීඩියෝ එකේදිත් කිව්වා වගේ මේවා Oscar ගියෙ නැත්තෙ ඇයි කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. Ratings බැලුවොත් IMDB 8.4ක් සහ Rotten Tomatoes 81%ක් ලබාගෙන තියනවා. ආ ඒ වගේම මේක The Vengeance Trilogy එකේ Second Movie එක. එකකට එකක් සම්බන්ද නෑ. Oldboy තමයි Trilogy එකේ හොදම Movie එක. මේක බලලා ඉතුරු Movies දෙකත් බලන්න 🙂


1. Sympathy For Mr. Vengeance (2002)



2. Lady Vengeance (2005)



කතාවෙ ප්ලොට් එක පැත්තට හැරුනොත් Oh Dae Su කියන පුද්ගලයව එයාගෙ දුවගෙ Birthday එක දවසෙ Kidnap කරනවා. පොර ඇහැරෙද්දි ඉන්නෙ හිරගෙදරක. මූ මාසයක් දෙකක් නෙවේ අවුරුදු 15ක් මේක ඇතුලට වෙලා ඉන්නෙ. අවුරුදු 15කට පස්සෙ Oh Dae Suව මේකෙන් එලියට දානවා. හිරගේ ඇතුලට යද්දි හිටපු මනුස්සයා නෙවෙයි එලියට එන්නෙ, සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක්. තමන්ව හිර කරන් හිටපු අයව හොයන් ගිහින් පලිය ගන්න කතාව තමයි Movie එකේ තියෙන්නෙ. එතකොට Ending එක??? Didn't see that coming ජාතියෙ Ending එකක්. කොටින්ම කිව්වොත් ඩිප්‍රෙශන් හදවලා ඉවර වෙන්නෙ. 💆

තව පොඩි දෙයක් කියන්න ඕනෙ. කොරියන්කාරයො මාරම Talented මොකක් හරි පොඩි ස්ටෝරියක් අරන් පට්ටම පට්ට Revenge Genre එකේ Movies හදන්න. පුලුවන්නම් හොය හොය බලන්න ඒවා. වෙනම රසක් ඒක ❤️‍🔥



The Wailing (2016) - Horror/ Thriller



මෙච්චර වෙලා කතා කරපු ගොඩක් චිත්‍රපටි ත්‍රිලර් ශානරයට වැටුනා කියලා උඩ ඉඳලා කියවන් එන ඔයාට තේරෙන්න ඇති. මේකත් ත්‍රිලර් ශානරයටම තමයි වැටෙන්නෙ. හැබැයි හොරර් ශානරයටත් වැටෙන ගමන්. හොරර් කියලා කිව්වා කියන්නෙ මේක  භූතයො,පිසාචයො,කුම්භාණ්ඩයො ඉන්නවා කියන එක නෙමෙ හරිද. මේකෙ වෙන්නෙ එක්තරා ගමකට එනවා ජපන් මනුස්සයෙක්. ඒ එක්කම අමුතු වසංගතේකුත් ගම පුරා පැතිරෙන්න ගන්නවා. ඒකත් එක්කම මිනිමැරුම් ගනනාවකුත් වෙන්න ගන්නවා. මේවා විමර්ශනය කරන්න එනවා පොලිස් මහත්මයෙක්. මෙයාගෙ දුවටත් මේ වසංගතේ කෝමහරි හැදෙනවා. ඒකත් එක්ක මේ ජපන් මනුස්සයා කවුද කින්ද මන්ද කියන එක හොයන්න මෙ පොලිස් මහත්මයා උත්සහ කරනවා.. මේ චිත්‍රපටියෙ දි අන්තිම විනාඩිය වෙනකම්ම මේ මොන මගුලක්ද වෙන්නෙ හිතාගන්නවත් බැරි වෙන විදිහට තමා හදලා තියෙන්නෙ. සමහර වෙලාවට මේකෙ Ending එක නොතේරෙන්නත් පුලුවන්. පලවෙනි පාර දකින දේවල් වලට වඩා තව සැරයක් බලද්දි දේවල් පේන්නත් පුලුවන්. කවුරුහරි ඉල්ලුවොත් මේක ගැන වෙනම රිවීව් එකක් කරන්නම්. ආ මේක ගැන හොඳම දේ කියන්න බැරි වුනා. ඒ කියලා මේක ඉවර කරන්නම්. මෙ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් ලැබිලා තියෙන්නෙ 7.5යි. හොඳම දේ ඒක නෙමෙ Rotten tomatoes වල Tomatometer එක 99% කටම කැරකැවිලා මේකට. Audience score එකත් 82%ක්. තේරෙනවා ඇතිනෙ කොහොම එකක් ද කියලා මේක.


I Saw The Devil (2010) - Action/ Thriller



2010 දි ආපු සුපිරිම ෆිල්ම් එකක් ගැන තමා මේ කියන්නෙ. IMBD රේටින්ග්ස් 7.8 ක් ගත්ත සුපිරිම ත්‍රිලර් ෆිලුමක් තමයි මේ. කොරියානුවන් ට පලිගැනීම කියන මාතෘකාව කියන්නෙ චිත්‍රපටි වලට යොදාගන්න මාරම ආසාවක් තියෙන්නෙ. මේකෙත් ඒක යහමින් යොදාගෙන තියෙනවා. ඒ වගේම මේකෙදි අපිට දාම ඝාතකයෙක්(Serial killer) ත් හම්බවෙනවා. ඉතින් Kim Soo-hyeon කියන Secret officer ගෙ පෙම්වතියව ඉතාම භයානක සහ කෲර විදිහට ඝාතනය වෙනවා එක්තරා රැයකදි. මේ ගැන හොයද්දි කිම් ට හොයාගන්න ලැබෙනවා මේක කරලා තියෙන්නෙ දාම ඝාතකයෙක් කියන එක. ඉතින් මේ දාම මිනිමරුවට රංගනයෙ යෙදෙන්නෙ Choi Min-sik. මම හිතනවා මෙ විශිෂ්ට නලුවා ගැන මම කියන්න ඕනෙ නැ කියලා. Old boy චිත්‍රපටියෙ ප්‍රධාන නලුවගෙ චරිතය රඟපෑවෙත් මෙයාම තමා. කොරියාවෙ ඉන්න විශිෂ්ට ගණයේම නලුවෙක් මෙයා. ඉතින් කතාවට ගියොත් කිම් ට ඕන වෙනවා තමන්ගෙ පෙම්වතියගෙ මරණෙට පලිය ගන්න. කිම් ගැන කතා කලොත් කිම් කියන්නෙ බොහොම නිශ්ශබ්ද චරිතයක්. එහෙම අය තමා වැඩියම භයානක. කතාවකුත් තියෙනවනෙ බුරන බල්ලා සපා නොකයි කියලා. ඉතින් කිම් කියන්නෙ ඉතාම දක්ෂ නිලධාරියෙක්. එයා මේ මිනිමරුවව අල්ල ගන්නවා. හැබැයි මරන්නෙ නෑ. ඇයි ඒ?? දන්නවද සමහර වෙලාවට පූසෙක් මීයෙක් ව අල්ල ගත්තම එකපාර මරන්නේ නෑ. ටිකක් තුවාල කරලා උට යන්න අරිනවා. මීයා අමාරුවෙන් ජිවිතෙ බේරගන්න යද්දි ආයෙම සැරයක් අල්ලගන්නවා. ආයේ අතාරිනවා. ඔහොම ඔහොම කරලා තමා පූසා මීයව දඩයම් කරන්නෙ. කිම් මෙතන කරන්නෙත් ආන් එ වගෙ දෙයක්. හැබැයි කිම් එක දෙයක් කරනවා. ඒ මේ මීයව අවතක්සේරුවට ලක් කරනවා. මීට වඩා නම් ඉතින් කියන්නෙ නෑ මන්..එතකොට කොහෙද ආතල් එකක්. ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා. මේක සෑහෙන්න Shocking Ending එකක් තියෙන චිත්‍රපටියක්. ඒ වගේම සෑහෙන්න වයලන්ස් සීන් තියෙනවා. නියුඩිටිත් එමමයි.(නියුඩිටි කියන්නෙ සෙක්ස් එහෙම නෙමෙ ඈ. මේක දැක්ක ගමන් උඩ දාගෙන එහෙම හිතන් බලන්න යන්න එපා) ඒ වගේමයි අපිට ඊළඟ මොහෙතේ මොකක් වෙයිද ඊළඟට මොකක් වෙයිද කියන කුතුහලේ ඉවර වෙනකම්ම දෙන සුපිරිම චිත්‍රපටියක් මේක. මේක බලන් නැතුව නම් ඉතින් ත්‍රිලර් ෆිල්ම් බලනවා කියන්න එපා හොඳේ.


Memories Of Murder (2003) - Thriller/ Crime



Bong Joon Hoගෙ තවත් විශිෂ්ඨ Film එකක්. True Story එකක් Base කරන් හදලා තියෙන්නෙ. Film එක බැලුවට පස්සෙ ඔයාලටම හිතෙයි චිත්‍රපටයට පාදක උනු ඒ සිදුවීම ගැන ටිකක් හොයලා බලන්න. Serial Killer Moviesවලට කැමති අයට ගින්දර Film එකක්. Storyline එක නම් ටිකක් ස්ලෝ. Bong Joon Hoගෙ ඉතුරු Film ටික බලලම මේක බලන්න ගන්නවා නම් හොදයි. IMDB 8.5ක් සහ Rotten Tomatoes 95%ක අගයක් ලැබිලා තියනවා.

මේ Movie එකට Base වෙලා තියෙන්නෙ කොරියාවෙ පලවෙනි දාම ඝාතන සිදුවීම. මේක Solve කරන්න හදන Policemanලා තුන් දෙනෙක් වටේ තමයි Story එක ගෙතෙන්නෙ.(බලන් යන්නකො එහෙ පොලිසියයි මෙහෙ පොලිසියයි වෙනසක් නෑ කියලා හිතෙයි. 😂) චිත්‍රපටයේ අවසානය එහෙම වෙනස්ම අත්දැකීමක් වෙයි.



Forgotten (2017) - Thriller/Mystery



හොල්මන් නැතුව Horror ෆිල්ම් හදන්න පුලුවන්ද කියලා අහන එකෙක්ගෙ කනට ගහලා පෙන්නන ලිස්ට් එකට මේකත් දාගනින්.😂 ශෝක් Twist එකකුත් මැද්දෙදි හම්බෙනවා. Ending එකත් මරු👌 IMDB අගය 7.5ක්.

පව්ලක් ඉන්නවා. අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි. Film එක පටන්න ගන්නෙ මෙයාලා අලුත් ගෙදරකට Move වෙන සීන් එකකින් සහ ෆිල්ම් එක ආරම්භයේදී මුලු පව්ලම සතුටින් ඉන්නෙ. Perfect Family එකක්, අලුත් ගෙදරක්. මොනවගෙන්ද අඩු ඉතින්. අපේ Protagonist තමයි මල්ලි. ඉතින් දවසක් අයියව කිඩ්නැප් කරනවා. මෙතන ඉදන් තමයි කතාව හරියටම පටන් ගන්නෙ. Thrilling ගතිය නම් Next Level🔥 කොහොම හරි දවස් 19කට පස්සෙ අයියා ගෙදර එනවා. හැබැයි මේ ඉන්නෙ කලින් හිටපු අයියා නෙවෙයි. මොකක්ද මේ කියපු දෙමලෙ කියලා බලාගන්න Film එකෙන්ම😅


Call (2020) - Thriller/ Fantasy/ Horror



මේකත් උඩ කියපු ජාතියෙම Movie එකක්. හොල්මන් නෑ. But Horror. මේකෙ Main Charactors දෙකම කෙල්ලො දෙන්නෙක් කරන්නෙ.(හුම් හුම් Feminisn 🤣) Acting ගැන නම් කියලා වැඩක් නෑ. පට්ටම පට්ට. කොච්චර නැචුරල්ද කියලා බලද්දි තේරෙයි. IMDB 7.1යි. Rotten Tomatoes 100% 🙂

Seo Yeon කියන ගෑනු ලමයට දවසක් කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නෙ ඒ ගෙදරම මීට අවුරුදු ගානකට කලින් ජීවත් උනු කෙල්ලෙක්ගෙන්. ටිපිකල් ෆැන්ටසි ටයිප් කියලා හිතෙයි මුලින්ම. Film එකේ බාගයක් බලන්නකො. ඊට පස්සෙ ඇවිත් පුලුවන්නම් සිමෙන්ට් එකක් දාගෙන පලයන් මේකත් කොරියන් මල් කතාවක් කියලා 😂 අන්තිමට තියන Plot Twist එකත් 👌 Speechless මචන් ඒකටනම්. මට අනුවනම් Korean Moviesවලින් ඒ Twist එක Second වෙන්නෙ Oldboy එකේ Twist එකට විතරයි. 


Train To Busan (2016) - Horror/ Action



Korean Zombie Movies නම් වෙනම Level එකක තියෙන්නෙ සගෝ 😋 මේක බලලා නැතත් කොහෙන් හරි ඇහිලවත් ඇති. IMDB 7.6ක් සහ Rotten Tomatoes 94%ක අගයක් ලබාගෙන තියනවා. Yeon Sang Ho තමයි Movie එකේ Director.

Seok woo එයාගෙ දුවත් එක්ක තමන්ගෙ බිරිද හමුවීමට යාමට KTX කියන Train එකට නගිනවා. මේ Train එකටම Zombie කෙනෙක් Bite කරපු කෙල්ලෙකුත් නගිනවා. 🙂 මේක අනිත් Zombie Movies වගේ නෙවෙයි ගොඩක් සංවේදී Movie එකක්. තමන්ගෙ පව්ලෙ අයව ආරක්ශා කරන්න මිනිස්සු කොච්චර කැපකිරීම් කරනවද කියලා මාරම Emotional විදිහට පෙන්නලා තියනවා.



2020දි මේකට Peninsula නමින් Sequel එකක් ආවා. ඇත්තම කිව්වොත් ඒක Sequel වගේම නම් නෙවේ. Standalone Sequel එකක් කියමුකො. මේකෙ සිදුවීම් වෙන්නෙ කොරියාවෙ Zombie Outbreak එකෙන් අවුරුදු 4ක පස්සෙ. මේක Heist මූවි එකක්. මටත් වෙන්න ඇතිනෙ Zack ස'ගෙ Film එකක්.


Rampant (2018) - Action/ Horror



මේකත් Zombie Movie එකක්. Kingdom බලලා ඇති කියලා හිතනවා. සේම් ස්ටෝරි එක දේකේම යන්නෙ. Chinaවල පදිංචි වෙලා හිටපු Crown Prince ආපහු තමන්ගෙ රටට එද්දි හැම තැනම Virus එකක් පැතිරිලා. මේක අස්සෙ Crown එකත් රජතුමාගෙන් අතෑරිලා තියෙන්නෙ. තමන්ගෙ Crown එකත් ආපහු අරගෙන රටත් බේරගන්න විදිහ තමා Movie එකේ Plot එක වෙන්නෙ.

IMDB 6.3ක් සහ Rotten Tomatoes 62%ක් ලබාගෙන තියනවා. Ratings ටිකක් අඩුයි කියලා නොබලා ඉන්න එපා ❤️‍🔥



#Alive (2020) - Thriller/ Drama/ Horror



මේකත් Zombie තමයි ඉතින්. Film එක කොච්චර පට්ටද කිව්වොත් Hollywood Remake එකකුත් හැදුනා. Tyler Posey තමයි ඒකෙ Main Charactor එක කරන්නෙ. ❤️


මේවගෙන් ලොකු ලොකු Action Scenes බලාපොරොත්තු වෙන්න එපා ඈ. මේ Movie එකෙන් 80%ක්ම තියෙන්නෙ Apartment Room එකක් ඇතුලෙ වෙන සිදුවීම් කිහිපයක්. Action Side එකට වඩා ලොකුවට ෆෝකස් කරලා තියෙන්නෙ මනුස්සයෙක් තනි වෙලා ගොඩක් කල් හිටියොත් ඒ මනුස්සයට කොහොම ඒ දේ ෆීල් වෙයිද කියන එක. වෙනස්ම කන්සෙප්ට් එකක් ඉතින්. ඔයා කවදම හරි එක දවසක්වත් කිසිම කෙනෙකුගෙ ආශ්‍රයක් නැතුව තනිවෙලා ඉදලා තියනවද??? ඒ Experience එක විදගන්න මේක බලලම. මේ Movie එක IMDB 6.3ක් සහ Rotten Tomatoes 88%ක් ලබාගෙන තියනවා. 

මේ ලිස්ට් එකට තව Films ගොඩක් ඇඩ් කරන්න පුලුවන්. ලිපිය දික් වෙනවා විතරයි බොරුවට. Snowpiercer, The Handmaiden, Along With Gods, Psychokinesis, The Outlaws, Seobok, The Witch, Space Sweepwrs, Minari, The Villainess, Lucid Dream, The Thieves. ඔය ටිකත් Highly Recommended. FB එකේ කාලෙ කනවට වඩා ඕවගෙන් දෙක තුනක් හරි බලන එක වටිනවා. ඉතින්....ගිහින් එන්නම් මේ වගේ තවත් ලිපියකින්.  ❤️

2 Comments

  1. Old boy ehema, Vengeance nm vengeance✋🏼💥

    ReplyDelete
  2. ඒක පහරක් ජෝ ����❤

    ReplyDelete
Post a Comment
Previous Post Next Post