House of the Dragon Teaser Breakdown
යෝ යෝ යෝ, ආවා /// ලෝකයක් බලාගෙන හිටපු හවුස් ඔෆ් ද ඩ්‍රැගන් සීරීස් එකේ වීඩියෝ ක්ලිප් එකක් ඔන්න ආවා. අමෝ /// ඒම්ක... ජාතික හයිප් එකක් ජාත්‍යන්තර විදියෙන් හදන්ඩ එක ෆස්ට් ලුක් ඉමේජ් එකක් ඇති කියලා මං හවුස් ඔෆ් ද ඩ්‍රැගන් ගැන කරපු පළවෙනි යූටූබ් වීඩියෝ එකේ කිව්වා මතකයිනෙ, බොරු නම් ඔය අන්තිමට ආපු ටීසර් එක තියෙනවා HBO Max ඔෆීශියල් පෙස්බුක් පේජ් එකේ, ආන් ඒකෙ ශෙයාස් ගාන බලන්ඩ... මාවල් ෆිල්ම් එකක ට්‍රේලර් එකක් ඇරෙන්ඩ එහෙම ශෙයාස් මේ ළඟ කාලෙදි දැක්කෙම නෑ මං නම්... පැය හතෙන් ශෙයාස් ලක්ශෙ පැන්නුවා... වීව්ස් එහෙම නෙවෙයි ශෙයාස් ඈ 🔥🐉
ඉතින් ඔන්න බඩු ආවා ලස්සනට ඊයෙ හවස 3.30ට වගේ මතක විදියට, ටීසර් එක එනකොට මං හිටියෙ සනිඳුලගෙ ගෙදර. අපි දෙන්නා එකට ඔහොම හයිප් එකේ තියෙන එකක ට්‍රේලර් එකක් බැලුවෙ අවුරුදු ගානකට පස්සෙ. අන්තිමට බැලුවෙ කැප්ටන් මාවල් මැඩම්ගෙ ට්‍රේලර් එක... ඒ 2018 අන්තිම කාලෙ... කෝමහරි ඒ ආම්තල් එකත් ගන්ඩ පුලුවන් උනා කාලෙකට පස්සෙ... සහ මේ ටීසර් එක ආවෙ දෙලොවටම නැති වෙලාවක. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට ට්‍රේලර්ස් එන්නෙ අපේ හවස 6.30න් පස්සෙ. ඒ කියන්නෙ ඇමෙරිකාවේ උදේ වෙලාව. ඔය ආවෙ ඇමෙරිකාවේ මහ පාන්දර වෙලාවක් එහෙට. කෝමහරි මරු ස්ප්‍රයිස් එක උදේ නැගිටලා නොටිපිකේසන් එනකොට ඒම, මේ සැම්ප ලෝම්කේහ්හ් 🙊❤🔥🐉
හරි මේකෙ මං කෙටියෙන් බ්‍රේක්ඩවුන් එක කරලා දාන්නම්, මොකද යූටූබ් චැනල් එකේ වීඩියෝ එකක් වෙනම ගේනවා මං. ඒකෙ ලොකුවට විස්තර කරලා කියන්නම්, මේ ටිකේ ලැප් එක ලෙප්ට් වෙලා තියෙන්නෙ මගෙ. ඒක නිසා ඒ වීඩියෝ එක චුට්ටක් දවස් පරක්කු වෙයි... ඒකට සමාව බාජනේකට දාන ගමන් යමු බ්‍රේක්ඩවුන් එකට...
ආ ඊට කලින් ඔයාලා මං කරපු අපේ හවුස් ඔෆ් ද ඩ්‍රැගන් පළවෙනි වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්ඩ ඈ... මේ ලිපිය කියවන්ඩ කලින් බලන්ඩ පුලුවන් නම් තමයි හොඳම. මේක කියෝලා ඉවර වෙලා හරි බලන්ඩ. මොකද ඒකෙ කියලා තියෙනවා මාර විස්තර කන්දරාවක්, එතකොට මේ ලිපිය තේරුං ගන්ඩ, ආයෙ ට්‍රේලර් එක තේරුම් ගන්ඩ අම්බානකට වැදගත් ඒ වීඩියෝ එක... ලිපියේ අන්තිමට දාන්නම් ඒ වීඩියෝ එකත්... හරි ඔන්න යමු ඩැම් අපි බ්‍රේක්ඩවුන් එකට...
මේකෙ අමුම කෙටියෙන් කිව්වොත් වෙන්නෙ ටාගේරියන් හවුස් එක තියෙන්නෙ, ආන් ඒකෙ ඇතුලෙ උන් උන්ම අයන් ත්‍රෝන් එකට කෙලගන්න එක (රජකමට කෙලගන්නෝ උන් උන්ම) හැබැයි ඕකෙ තියෙනවා ජාතික කතාවක් මාර විදියට විස්තර කරන්න පුලුවන් විදියෙ... ඉතින් ඒවා කුපිරියටම බලාගන්න පුලුවන් වෙයි අපිට මේ සීරීස් එකෙන්... මේ ටාගේරියන්ස්ලා කෙලගත්ත එකට කියන්නෙ The Dance of The Dragons (ද ඩාන්ඩ් ඔෆ් ද ඩ්‍රැගන්ස්) කියලා 🔥🐉
සීරීස් එකේ තියෙන්නෙ අපි දන්න, අපි බලපු ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාව තියෙන්නෙ, ආන් ඒකට අවුරුදු 200කට කලින් උන දේවල් ගැන.... මකරු ඒම ඉම්නෝ මේකෙ... ම්ම්ම් මකරු 17ක් ඉන්නවා කියලා කියන්නෙ සීරීස් එකේ... රසය දෙයි දොඹෙන් යන්ඩම ට්‍රේලර් එකකින් ඒම ඉස්සරහට...
දෙයක් කියන්ඩෝනෙ දැන්මම, ගේම් ඔෆ් ත්‍රෝන්ස් නොබලා මේ සීරීස් එක බලනවා වගේ අමු කුණුහරප වැඩ නම් කරන්ඩ එපා ඈ... ඇත්තටම තේරුමක් නෑ ඒක. රටේ නැති තවුසන් ටෝක් ඉශූ කරන්ඩ එපා එහෙම කිව්වම ඒක මේකට සම්බන්ධ නෑ කියලා අරකයි මේකයි කියලා... බැලුවට අපිට නං ගැටලුවක් නෑ. හැබැයි අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් හදපු හයිප් එක නිකන් ඇඟට ආවා වගේ පෙන්නන්ඩ හදන්ඩ නම් එපා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නොබලා ඔයා මේ හවුස් ඔෆ් ද ඩ්‍රැගන් සීරීස් එක බලලා විතරක් ඒ හයිප් එක ඇඟට ගන්ඩ තියා ඒ හයිප් එක හීනෙන් වත් ඉමැජින් කරගන්න බෑ ඔයාට... පිළිගන්ඩ කැමති නැති උනත් ඒක තමයි ඇත්ත කතාව :3 එපිසෝඩ් 72ද කොහෙදනෙ තියෙන්නෙ. හරියට බැලුවොත් උපරිම දවස් 10ක්, සති දෙකක් යයි බලන්ඩ... ඔයා ළඟ නැත්තං අපේ බර්නින් අවුට්ලට් ශොප් එකේ බ්ලූරේ වලින්ම සීරීස් එක කම්ප්ලීට් තියෙනවා 0767883137ට වට්සැප් මැසෙජ් එකක් හරි නෝමල් කෝල් එකක් හරි දීලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් නෙවෙයි ඕනිම ටීවී සීරීස් එකක් ෆිල්ම් එකක් ගෙදෙට්ටම ගෙන්න ගන්නත් පුලුවන් ❤🔥🐉
හරි යමු මුලම ශොට් එකට ටීසර් එකේ, ලෙජන්ඩරි HBO ලෝගෝ එක එක ඩේමෝන් ටාගේරියන් බිංගෙයක් වගේ එකකින් පන්දමක් අරන් යනවා...
මේ ඩේමෝන් ටාගේරියන් කියන්නෙ කවුද කියලා අපේ යූටූබ් වීඩියෝ එකේ කියලා තියෙන්නෙ, ඒක නිසා මං ඒක ගැන මෙතන කියන්නෙ නෑ ඔයාලා ඒ වීඩියෝ එක බලන්ඩ... සහ මේ තියෙන නම් හරියටම උච්චාරණය කරන්නෙ කොහොමද කියලා අපිට සීරීස් එක ආවම තමයි බලාගන්න වෙන්නෙ. එතකන් යූටූබ් එකේ ඉන්ටර්නෙට් එකේ තියෙන විදියට අපි නම් ටික කියමු මේ චරිත වල... සමහර අය ඩේමෝන්ට ඩේමන් කියලත් කියනවා... ඒම ඩාන් වෙන තැන් ඩූන් වෙන තැන් තියෙනවා... දැනට වැඩිය හිතන්ඩ එපා ඒක. විස්තර සහ චරිත වලට විතරක් අවදානය දෙන්න ❤
(හිස් කබල) |
ඊට පස්සෙ මකරෙක්ගෙ හිස් කබලක් බලාගන්න පුලුවන් වෙනවා... මේ බැලේරියන් මකරා වෙන්ඩ පුලුවන්. බලමු සීරීස් එක ආවම...
(ඔටෝ හයිටවර්) |
ඊට පස්සෙ ඔන්න හෑන්ඩ් ඔෆ් ද කින්ග් විදියට ඉන්න ඔටෝ හයිටවර් බලාගන්න පුලුවන්. පේනවනෙ අයිටම් එක එහෙම ඇඳුමෙ තියෙන... ඕවා ඉතින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් නොබලපු උන්ග්ට මැජික් :3
පළවෙනි විසේරිස් ටාගේරියන් රජතුමා එයාගෙන් පස්සෙ අයන් ත්‍රෝන් එකේ ඉඳගන්ඩ, ඒ කියන්නෙ ඊළඟට රජකමට නම් කරන්නෙ එයාගෙ දුව රෙනේරා ටාගේරියන්ව. ඒ පොරට පුතාලා ඉඳලා නෑ පළවෙනි කසාදෙන්... පස්සෙ කාලෙක විසේරිස් ටාගේරියන් රජතුමාගෙ වයිෆ් මැරුනට පස්සෙ පොර උඩ කිව්ව ඔටෝ හයිටවර්ගෙ දුව වෙන ඇලිසන්ට් හයිටවර්ව බඳිනවා. එයාගෙන් විසේරිස් ටාගේරියන් රජතුමාට පුතෙක් ලැබුනත් විසේරිස් ටාගේරියන් රජතුමා කලින් විදියටම රෙනේරා ටාගේරියන්වමයි ඊළඟට රජකමට නම් කරන්නෙ... ඔන්න ඕක තමයි ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන් නැත්තං එකළ ටාගේරියන්ස්ලගෙ සිංහාසන කෙලියට මග පෑදෙන්නෙ...
ඔන්න අපිට ටීසර් එකේ ඊළඟට විසේරිස් ටාගේරියන් රජතුමා අයන් ත්‍රෝන් එකේ මකරාරූඩව වැජඹෙනවා බලාගන්න පුලුවන්. (සිංහාරූඩව එක මකරාරූඩව කියලා කිව්වෙ, තේරුනානෙ???) පිම්සු හැදෙන කඩුවකුත් තියෙනවා බලාගන්න පුලුවන් පොරට... කඩුව ගැන කකතා කරමු වීඩියෝ එකෙන්...
ඊට පස්සෙ "තරුණ රෙනේරා ටාගේරියන්" කුමරිය බලාගන්න පුලුවන් අපිට...
ආයෙ "මැදිවියේ රෙනේරා ටාගේරියන්" සහ ඩේමෝන් ටාගේරියන් බලාගන්න පුලුවන් අපිට
ඊට පස්සෙ කුපිරිම ටාගේරියන් ආමර් එකක් එක්ක ඩයල් දෙකක් කෙලගන්න ෆයිට් එකක කුපිරිම ශොට් එක්ක බලාගන්න පුලුවන් වෙනවා...
ඊළඟට කෝලිස් වැලේරියොන් බලාගන්න පුලුවන්. පොර ගැන යූටූබ් වීඩියෝ එකේ තව විස්තර මං කියන්නම්..
(කෝලිස් වැලේරියෝන්) |
සහ ඔය "වැලේරියන්", "වැලේරියොන්", සහ "වැලේරියා" කියලා කියන්නෙ මොනාද කියලා වෙන වෙනම පැහැදිලි කරලා ඒ වීඩියෝ එකේ මං කියන්නම්....
ඊළඟ කෝලිස්ගෙ පුතා ලෙනෝර් වැලේරියොන් සහ වයිෆ් රේනීස් ටාගේරියන්ව බලාගන්න පුලුවන්. රේනීස් ටාගේරියන් ඇවිල්ලා ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් මහත්තයො 🔥🐉 ලෙනෝර් වැලේරියෝන් ඇවිල්ලා සීන් එකේ ඉන්නෙ පොර කොම්ලන්ට කැමති ඩෑල් එකක්.
(කෝලිස්, පුතා ලෙනෝර් සහ වයිෆ් රේනීස්) |
ඊළඟට මිසාරියාව බලාගන්න පුලුවන් අපිට මේ ඇවිල්ලා ඩේමෝන් ටාගේරියන්ගෙ හොර සොම්ට් එකක් 😁 අනියම් සීන් කෝන් එකක් අනේ 😁✌️
(මිසාරියා) |
ඊළඟට ඇලිසන්ට් හයිටවර් අහට්ට වෙයන් මෙහෙට්ට වෙයාන් කියලා "වැලේරියන් ඩැගර් එකක්" අරන් දුවන් එනවා.
ඊළඟට ලේනෝර් කඩු පයිට් එකක ඉන්න සොට් එකක් බලාගන්නත් පුලුවන් වෙනවා අපිට... ඊළඟට කුපිරිම සොට් එක...
අම්මෝ මයිල් ඉස්මෛල් වෙලා පිස්සු කොර වෙලා අමු හයිප් එකක් හැදෙනවා මචං හැදිල්ලක්ක් වැඩක් නෑ කතා කරලා ඈ... ඒ හයිප් එක ගන්ඩ ඒ ආතල් එකේ ඉන්ඩම ඕනි ඉතින්... ඕන් ඔව්වා තමයි කෙටියෙන් ආපු ටීසර් කෑල්ලෙ විස්තර. තව තියෙනවා. එව්වා වීඩියෝ එකෙන් කියන්නම් මං. අර කලින් කරපු වීඩියෝ එක තියෙනවා යටම ඒකත් බලන්ඩ...
ඔය පෙස්බුක් එකේ මෝඩයන්ට බයින්ඩ ඒම දේවල් නෑ සාමාන්‍යයෙන් මේ වගේ ලෙජන්ඩරි සීරීස් වලට එනකොට. මොකද උන්ග් දන්නෑ මේ සීරීස් වල විස්තර :3 නම් ගම් රජ පවුල් අරවා මේවා කොච්චර නම් විස්තර තියෙනවද. ඉතින් ඔය රැල්ලට අරකෙ සීසන් 8 අව්ල් කිය කිය පෙස්බුක් එකේ වැලෙන්ඩ විතරයි දන්නෙ... ඒකත් රැල්ලට. ඔය සමහර හාල්පාරුවො ඉන්නවා ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ සීසන් 8 වෙනි එක විතරක් එහෙම බලපු උන්ග්.... උන්ග් තමයි ඔය කියන්නෙ සීරීස් එක අව්ල් එහෙම කියලා... හෙන ආතල් ඉතින් අහිංසක ජීවිත දකිනකොට... පව් හැබැයි :3
ඒනම් කොම්ලෝ කෙම්ලෝ අම්පි කැපුනා... හෙන කාලෙකට පස්සෙ ලිපියක් මොනාහරි ලිව්වෙ, හේතුව මේ මගෙ ආසම සීරීස් එකේ ප්‍රීක්වල් සීරීස් එක නිසා... ඒනම් යට වීඩියෝ එක බලම්ඩ. අලුත් හවුස් ඔෆ් ද ඩ්‍රැගන් යූටූබ් වීඩියෝ එකෙන් අපි හම්බෙමු...... එතකන්....
"Dracarys" 🔥🐉
Valar Mogulysss 😍
ReplyDelete