හායි ගායිස්.. වෙල්කම් ටු Review Who Cares..!
Spider-Man: No Way Home පලවෙනි පූර්ව ප්රචාරක පටයෙ බ්‍රේක්ඩවුන් එක අරගෙන ඇවිල්ල තියෙන්නෙ. එහෙනම් වැඩි කතාවක් නැතුව යමු බ්‍රේක්ඩවුන් එකට.
වෙනද වගේ පත හෑල්ලක් වෙන එකක් නෑ මේක. ඒකට Cori. ඒකට පොඩි හේතුවක් තියෙනවා.
මේ ටික අපි දන්නවනෙ ටීසර් එකෙන් පස්සෙ. පීටර් එයා ස්පයිඩි කියන එක අමතක කරවන්නඩොකා ලව්ව තොයිලයක් නටෝනව. ඒකට කෙලවෙලා තමා මේ මල්ටිවර්ස් එක නාදසලං වෙලා තියෙන්නෙ. මේකෙදි ඩොකා #Warning 😂 (සාකැසම් එක තේරුන උන් ඉඩ තියෙන කොනක් බලල සෙට් වෙන්න😁) එකක් දෙනවා Spell එකට කෙලිය නිසා දැන් අනිත් යුනිවර්ස් වල ඉන්න විලන් ලා එක්ක සටනකට ලෑස්ති වෙන්න කියලා.
ඒකත් එක්කම අපිට පෙන්නනවා William Dafoe ගෙ Green Goblin ව. මෙයා Hudson Bridge එක ගාවින් මතුවෙලා පිස්සුවක් කෙලිනවා වගෙයි පේන්නෙ. හැබැයි Sam Raimi ගෙ ට්රිලෝජියේදි මෙයා මැරුණ. එතකොට මැරුණ එකා කොහොමද ආයෙත් ආවෙ ? ඕකට හේතුව ඉස්සරහට ට්‍රේලර් එකේම කියනවා. මට හිතෙන්නෙ පීටර් පාලමට යන්නෙ ගොබ්ලින් ව අල්ලන්න. හැබැයි එතකොට ගොබ්ලිනා සීන් එකෙන් කැපිලා. පාලම උඩට යන පීටර් ට හම්බවෙන්නෙ Dr.Octopus ව.
මේ තියෙන්නෙ අලුතෙන් හදපු Magic Suit එක. මේක දාගන්නෙ ඇයි කියල ඉස්සරහට කියන්නම්. සමහර අය කිව්ව මේක Black Suit එක කියලා. හැබැයි මේ ඒක නෙවේ. කොමික් වලදිනම් වෙනොම් ව නැති උනාට පස්සෙත් පීටර් කළු පාට සූට් එකක් අඳිනවා. ගොඩක් වෙලාවට දරුණුට ගේමක් සෙට් උනොත් තමා අඳින්නෙ. (Aunt May ට වෙඩි තියපු එකට පලිගන්න කිංපින් ට ගහන්න අරගෙන යන්නෙ බ්ලැක් සූට් එක).
මෙතන හොඳට බැලුවොත් පෙනෙයි ඔක්ටපස්ගේ අඩුවල රතු පාට ඩිසයින් එකක් තියෙනව කියලා. මට හිතෙන්නෙ මිනිහා අය සූට් එකේ නැනෝ අංශු උරාගෙන. ඒකට පැහැදිපි වෙනවා ඉනිහ පීටර් ව අල්ලගෙන ඉන්න තැන. ඩොකාගෙ Tentacle එක පීටර්ගෙ මූණ දිහාට එද්දි මාස්ක් එක නිකන්ම අයින් වෙනවා. ඒ කියන්නෙ මූ සූට් එකත් එක්ක Connect වෙනවා. ඕක නිසා වෙන්න ඇති අලුතෙන් සූට් එකක් හදන්නෙ. ඒ වගේම ට්‍රේලර් එකේ මෙතනදි ස්පයිඩිගෙ මාස්ක් එකේ තිබුන නැනෝ පාටිකල්ස් ටික ස්පයිඩිගෙ පපුවෙ ගැලවිලා තියෙන කොටස වහනවා බලාගන්නත් පුලුවන්. ඔතනම තමා ඩොකා මුලින්ම ටෝබි ගැන Reference එක දෙන්නෙ. "You are not Peter Parker" කියනවනම් ඉතින් අනිවා මූ හිතල තියෙන්නෙ ටෝබි ගැන. (ඒනම් එකක් Done. Checked ✔)
මේ ඔක්ටපස්ව හිර කරල තියෙන්නෙ Sanctum Sanctorum එකේ බේස්මන්ට් එකේ කියල තමා කියන්නෙ. So Let’s Move on with that One.
අඩෝ මේ නෙඩ් අතේ තියන් ඉන්නෙ Cross bow එකක් නෙද? ඒකෙන් මුනා කරන්නත ?😂
ෆිල්ම් බලන පොඩි එකෙක් උනත් දන්නව මේ මොකද්ද කියල. Statue Of Liberty එක ඔය. (ලෝක විනාසයක් කියපු ගමන් ඕක විනාස කරන එකනෙ කරන්නෙ). පිලිමෙ තිබ්බ ගිණි සිළුව වෙනුවට මෙයාල කැපාගෙ ශීල්ඩ් එක replace කරන්න වගේ යන්නෙ. එතකොට කැප් මැරිලද දන්නෙ නෑ.
මේ ලයිට් කණුවලට දැල් දදා යන්නෙ Electro ව අල්ලන්න වෙන්න ඇති.
මේ ශොට් එකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා.
1. පලවෙනි දේ Magic Suit එක. මට හිතෙන්නෙ මේ සූට් එක හදල තියෙන්නෙ අනිත් යුනිවර්ස් වලින් පනින විලන්ලව අල්ලල Sanctum Sanctorum එකේ Cell වලට යවන්න වෙන්න ඇති. එහෙමත් නැත්තම් මේ සූට් එක Electro ටම කියල වෙනම ඩිසයින් කරපු එකක්. Iron Suit එක ඇදන් මිනිහ ගාවට යන්න බෑනෙ.
2. මෙතන Electro ගෙ Lightning එක කහ පාටයි. මිනිහා නිල් පාටයි. මේකෙන් පොඩි නිගමනේකට එන්න පුළුවන් මේ යුනිවර්ස් එකට ඇවිල්ල විදුලිය උරාගන්න එකෙන් Electro ට මොනව හරි වෙනවා කියල. ඒක එහෙමනම් ෆිල්ම් එකේදි Electro ගෙ ලුක් එක වෙනස් වෙන්න හේතුව පැහැදිලි වෙනවා.
මේ කැලෑවක් වගේ තැන වෙන්න ඕනෙ Electro මුලින්ම මතු වෙන්නෙ.
Oh No Its J.J Freaking Jameson. 😶 මිනිහා Bugle එකත් අරගෙනම ඇවිල්ලා වගේ. කාටද ටෝබිගෙ ෆිල්ම් එක මතක් උනේ.
මං හිතන්නෙ මේක තමා ට්‍රේලර් එකේ තිබ්බ ලොකුම Reveal එක. මේ යුනිවර්ස් එකට ආපු අයට ආපහු යන්න බෑ ගියොත් එයාල මැරෙනවා. ඩොකා දන්නව වෙන්න ඕනෙ මේක. ඒකනෙ I’m Sorry කියන්නෙ. පීටර් ට ඔක්ටපස් වෙන්න ඇති පොඩි එකෝ මෙහෙම කෙලියක් තියෙනව කියල කියන්නෙ. ඩොකා ගාව තියෙන පෙට්ටිය මුන්ව ආය යවන්න හදල ඇත්තෙ. කොහොම හරි පීටර් කොලුව පෙට්ටිය ගල් කරන්න වගේ යන්නෙ. ( ඒ කිව්වෙ 404 Not Found කරෝනවා)
මේ කාන්තාරයක් පෙන්නන්නෙ Sandman එන තැන වෙන්න ඕනෙ. මේක වෙනකොට ඩොකා ස්පයිඩි එක්ක වලියක් දාගෙන ඉවරයි. ස්පයිඩිගෙ හොඳ හිත හින්ද මේ පාරත් ඉල්ලන් කයි වගේ.
ආ මේ තියෙන්නෙ බඩු. මෙතන හොඳටම පේනව ඔක්ටපස් නැනෝ අංශු උරාගන්නව කියලා.
අඩෝ Electro ගෙ ලුක් එකනම් සික් ඈ.🔥🔥🙏 අමු ඇකියුරේට් පොර. මිනිහා වෙනස් උනේ අර කලින් කලින් කීව හේතුව නිසා වෙන්න ඇති. නැත්තම් මේ මිනිහ දාගෙන ඉන්න සූට් එකේ කේස් එකක්. පොරගෙ මාස්ට් එක ඒමත් ඇකියුරේට් වගේ තියෙනවා.
හැබැ්‍ි ඔතන තව කොස්සක් තියෙනවා. ඇයි මේ මිනිහා ඔක්ටපස්ට ගහන්නෙ. මට හිතෙන විදිහට ඔක්ටපස් සහ ස්පයිඩි දෙන්න එනම ප්ලෑනක් ගහල එක වැඩ වගේ. මෙතන මල්ටිවර්ස් කතන්දරේ තේරෙන්නෙ බුවාට විතරයි නේ.
ග්‍රීන් ගොබ්ලින්ගෙ සම්පූර්ණ ලුක් එකක් බලාගන්න පුළුවන්. Raimi ගෙ එකේ සූට් එකම උනාට ටිකක් විතර ලුක් එක advance කරල වගේ. ගොබ්ලින් ෆිල්ම් එකේ අන්තිමට වගේ වලියට සෙට් වෙයි.
එතකොට මේ අළුත් ගොබ්ලින් කූද??
මට හිතෙන්නෙ මේ ඉන්නෙ හැරි ඔස්බෝන් කියලා. අන්තිම වලියට මිනිහා සෙට් වෙයි වගේ. අමහර අය කියනවා මේ හොබ්ගොබ්ලින් කියලත්. හැබැයි අච්චර කේස් අස්සෙ ඒ යකාව ඩිවලොප් කරන්නෙ කොහොමද දන්නෙ නෑ. හැබැයි Drones Use කරන්නෙනම් හැරී. ඒ වගේම තමයි හොබ්ගොබ්ලින් ගේ පෙනුම ඔයිට වඩා වෙනස්. (කොමික් වලදි ස්පයිඩි හැරී ගෙ ග්‍රීන් ගොබ්ලින්ව පැරැද්දුවට පස්සෙ මිනිහා Kindred කියල විලන් කෙනෙක් වෙනවා). සමහරවිට මෙතන ඉන්නෙ මාස්ක් එක ගැලවුනු ග්‍රීන් ගොබ්ලින්ම වෙන්නත් පුලුවන්. මාස්ක් එක වැටුන නිසා ග්ලාස් දෙක දාලා. ඒම හිතන්නත් පොඩ්ඩක් අමාරුයි වගේ. බලමුකො අපි.
මේ DODC කියල ඇවිල්ල තියෙන්නෙ Damage Control එක. හැපීව Arrest කරන්නෙ උන් වගේ.
ලයිව් ඇක්ශන් ෆිල්ම් එකක පලවෙනි වතාවට විලන්ල තුන් දෙනෙක් එකම ශොට් එකේ බලාගන්න පුළුවන්. අන්න ඒකට තමා #රසය කියන්නෙ. ටීසර් එකෙන් ගෙස් කරා වගේම Lizard බොසා ඉන්න නෙහ්!
MJ මැරෙන ඒ දුක ආයෙත් බලාගන්න වෙයිද යාලුවනේ! 😥 (In my Dark Mind : Die Bitch😂😂)
ආ වැඩේ හරි ගිහිල්ල වගේ. ඒ පාර මුළු යුනිවර්ස් පිටින් එකතු වෙනවා. ඩොකාටවත් මේක නවත්තගන්න බෑ කියන්නෙ ඉතින් වැඩේ බරපතලයි සහෝදරවරුනි. මේක නිසා වෙන්න ඇති අපි වෙනොම්, මෝබියස් ට්‍රේලර් වල ටොමාගෙ ස්පයිඩි ගැන Easter Egg දැක්කෙ. ඩොකා කරන්නෙ මොකක් උනත් ඒකෙන් යුනිවර්ස් ටික එකක් වෙයි වගේ.
දැනට මේ දුන්න ඩීටේල් වලින් අපිට ප්ලොට් එක ගැන හරියට අදහසක් ගන්න පුළුවන්.
පීටර්ගෙ වැඩ නිසා Spell එක අවුල් යන එකෙන් අනිත් යුනිවර්ස් වල ඉන්න විලන් ල මේකට එනවා. ඒ එන්නෙ ස්පයිඩි නිසා මැරෙන්න නියමිත වෙලා හිටපු උන්. මොක උනත් මේ ඉන්නෙ ලෝක අමාරුකාරයො නිආ ඩොකා හදන්නෙ මුන්ව ආයෙම හිටපු තැනටම තැපැල් කරල යවන්න. හැබැයි මේකෙන් ඒ විලන්ලා මැරෙනවා. ඒක නිසා ටොමා හදන්නෙ ඩොකාගෙ වැඩේ කඩාකප්පල් කරන ගමන් මේ විලන්ල ටිකව අල්ලගන්න (ස්පයිඩිගෙ මම ආසම දෙයක් මේ හතුරද මිතුරද අදාල නෑ ඕනෙ වෙලාවක බලන්නෙ උදව් කරන්න.) මේකට ඔක්ටපස් එහෙමත් උදව් කරනව ඇති. මේකට මිනිහට තියෙන ප්ලෑන් එක මොකද්ද දන්නෙ නෑ තවම.
මෙතනින් එහාට කියන්න යන්නෙ ස්ලෝ මෝශන් බලද්දි දැකපු සහ වෙනත් ට්‍රේලරේ සම්බන්ද කරුණු කිහිපයක් ගැන.
උඩ පොටෝ එකේ පේනවනේ ස්පයිඩි විලන්ලා තුන්දෙනෙක් දිහාවට පනිනව. ඒ උනාට එතන ඉන්න විලන්ලගෙන් එක්කෙනයි ස්පයිඩි දිහාවට පනින්නෙ. අනිත් අය ඒ ඒ අයගෙ ඉස්සරහ තියෙන දේකට තමයි අවධනය දෙන්නෙ. ඒ වගේම මේකෙ බ්‍රසීලියන් ට්‍රේලර් එකේ තිබුනා ඔය ලිසාර්ඩ් පනිද්දි ලිසාර්ඩ් ට විසිවෙලා යන්න පාරක් වදින සීන් එකක්. ඒ කියන්නෙ ගහන කෙනෙක් නෑ. හරියට ඉන්විසිබල් කෙනෙක් ඇවිල්ලා ලිසාර්ඩ් ට ගහලා ගියා වගේ. ජෝන් සීනා ඒම ආවද දන්නෑ. ගොඩක් දුරට ඇන්ඩෲ වයි ටෝබි වයි ඔය ශොට් එකෙන් අයින් කරලා තමයි ට්‍රේලර් එකට දාන්න ඇත්තෙ.
මේ ශොට් එකේදි පේනවා ඇති ස්පයිඩි ගෙ පපුව හරියෙ මොකක් හරි පොටෝ එකක් තියෙනවා. මේ තියෙන්නෙ MJ ගෙ ෆොටෝ එකක් වගේ පේන්නෙ. හැබැයි Kristen Dunsed ගෙ Mary Jane ලුක් එකකුත් තියෙනවා. අනේ මන්තා ඉතින්.
ඒ වගේම මේ MJ වැටෙන ශොට් එකේදි ස්පයිඩිගෙ අත හරියට ඇන්ඩෲ ස්පයිඩිගෙ අත වගේ. සමහරවිට නොවෙන්නත් පුලුවන් ඉතින්. කෝමද නිකන් ඇන්ඩෲ ඇවිල්ලා MJ ව බේරගත්තොත් ඒම. හැබැයි ඒම උනොත් ඒම ඇන්ඩෲගෙ ස්පයිඩිට කරන පට්ට සාදාරණයක්.
ඊළගට මේ MJ ව ස්පයිඩි උස්සගෙන සබ් වේ එකකින් වගේ යන ශොට් එකේදි කලු පාට තීන්ත වලින් පූසෙක්ගෙ වගේ රූපයක් පේනවා දැක්කද? සමහරවිට මේක Black Cat රෙෆරන්ස් එකක් වෙන්න ඇති. මෝබියස් ට්‍රේලර් එකේදිත් Black Cat මෙන්ශන් උනා මතක ඇතිනේ. ඒ වගේම කලින් ටීසර් එකෙත් රෙෆරන්ස් එකක් තිබ්බා වගේ මතකයි.
එතකොට මේ තියෙන Number Plate එක. මේකෙ තියෙන්නෙ නම් ASM - 8183 කියලා. මේකෙන් හරියටම කියන්නෙ මොකක්ද කියලා නම් දන්නෙ නෑ. සමහරවිට 1981-1983 වෙනකල් විකාශය උන Spider man and His Amazing Friends කියන ඇනිමේශන් සීරීස් එක රීප්රසන්ට් කලා වෙන්න පුලුවන්. ඒම නැත්තන් 1983 අගෝස්තු වල ආපු Amazing Spider Man Comic ඉශූ එක වෙන්න පුලුවන්. ඉශූ එකේ කවරෙ තියෙන්නෙ Return of Mary Jane Watson කියලා. තව A Major Turning Point in the life of Spider Man කියලත් සඳහන් වෙනවා. ඒකත් ඇත්තනේ ඉතින්. ලොකු ටර්නින් පොයින්ට් එකක් තමයි මේකත්. මේක නම් ට්විටර් එකේ තිබිලා හම්බුන තියරි එකක්.
එතකොට Scooby-Doo රෙෆරන්ස් එක ගැන කියනව නම් මෙහෙමයි. ඕක අර මතකනේ භූතයෝ 13 දෙනෙක් අල්ලලා පෙට්ටියට දාන සීන් එක. ඒකෙ ඉන්නෙ Vincent Van Ghoul කියලා මැජිකල් පොරක්. ඩොකාගෙන් පොරව රෙෆරන්ස් කරා වෙන්න පුලුවන්. එතකොට ඒ ටීම් එකේ හිටියා හය දෙනෙක්. වින්සන්ට්, ස්කුබි, ශැගී, ඩැෆ්නි, සිලිංබිලිං (Flim Flam) සහ ස්ක්රැපී තමයි හය දෙනා. ඒ ටීම් එකෙත් වින්සන්ට් ඒම ගේමට වැඩිය බහින්නෑ කියලා මතක ඇතිනේ. මේකෙත් ඩොකා ලොකුවට ෆිල්ම් එකේ ගේමකට බහින්නෙ නැතුව ඇති. එතකොට දැනට අපේ ටීම් එකේ ඉන්නවා හතරක්. පීටර්, MJ, නෙඩ්, ඩොකා.... තව දෙන්නෙක් අඩුයි නේ. බලමු මොකෝ වෙන්නෙ කියලා.
ඔන්න එහෙනම් හැමෝම දන්න විදියට Spider-Man: No Way Home ෆිල්ම් එකට ලංකාවේ එකම ප්‍රිමියර් ඉවෙන්ට් එක කරන්නේ අපි. දෙසැම්බර් 17 වෙනිදා මොරටුව මැක්ස් ලයිට් තියටර් එකේ තමයි ප්‍රිමියර් ඉවෙන්ට් එක තියෙන්නේ.. හැමෝම දන්නවානේ Godzilla vs. Kong එකට අපි කරපු ප්‍රිමියර් එක.
Godzilla vs. Kong එකට අපි කරපු ප්‍රිමියර් එක |
ඊටත් වඩා සුපිරියට මේක ඕර්ගනයිස් කරලා තියෙන්නේ. එදාට මුලු තියටර් එකම අපේ. පිටින් එන කිසිම කෙනෙක්ට ෆිල්ම් එක බලන්න බෑ. ෆිල්ම් එක ලෝකේ පුරා රිලීස් වෙන දවසේ ලංකාවේ පළවෙනිම ශෝ ටයිම් එකේ RWC කමියුනිටි එක විදියට බලලා සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගමු එදාට... එන්න කැමති අය පහල තියෙන ගූගල් ෆෝම් එක පුරෝලා ටච් එකේ ඉන්න 👇
https://forms.gle/VHkhRr7E8B15QTo66
තව සුලු මොහොතකින් බුකින් ඕපන් කරනවා. පුලුවන් ඉක්මනට ටිකට් වෙන් කරගන්න. දැනටම 400කට වඩා එනවා කියලා ෆෝම් එක ෆිල් කරලා ඉවරයි. එහෙනම් දෙසැම්බර් 17 වෙනිදට ලංකාවේ එකම No Way Home ප්‍රිමියර් එකදී සෙට් වෙමු ❤️
ඒනම් ඕක තමයි Spider Man No Way Home බ්‍රේක්ඩවුන් එක. ආයෙත් වෙන ලිපියකින් හම්බෙමු. ජය!!!
ලිපි නිර්මාණය හා අදහස - මලින්ද බණ්ඩාර, මිහිදු ශ්‍රී
Spider-Man: No Way Home ටීසර් ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/spider-man-no-way-home-teaser-trailer.html