Annyeonghasibnikka
ඔන්න අදත් ආවේ 2021 ආපු තවත් South Korean drama review එකක් අරන්. Drama එක තමයි "Beyond Evil" , මේ show එක Crime/Thriller/Drama එකක්.Drama එක release වෙන්නෙ JTBC network එකෙන්, JTBC එක කියන්නෙ nevertheless, itawon class, Law School, Sisyphus: The Myth and The World Of Married වගේ සැහෙන්න big kdrama release වුන network එකක්. Drama එක 19 February 2021 - 10 April 2021 වෙනකන් aired වුනා. ඔක්කොම episode 16 යක් තියනවා සහා මේක direct කරන්නෙ සහ plot writer තමයි Kim Su-jin .
Beyond Evil කියන්නෙ thriling ride එකක් තනිකරම. South Korean drama industry එක කියන්නෙ සැහෙන්න ලොකු comunity එකක් ඉන්න දෙයක් නේ ඔක ඇතුලේ තියනවා විවිධ kdrama, crime, thriller ගත්තහමත් වෙනස් වෙනස් prespective වලින් යන story තියනවා. ඔය drama හැම එකක්ම වගේ පට්ට ඒත් "masterpiece" level එකේ තියන drama තියෙන්නෙ සැහෙන්න පොඩ්ඩයි. Tell Me What You Saw, Mouse, Vincenzo, World of Married etc... Beyond Evil කියන්නෙත් ඔය ගොඩට දාන්න පුලුවන් masterpiece level එහෙක තියන drama එකක්. Series එක ගැන මන් plot එක මොකක්ද කියලම (spoil වෙන්නෙ නැති වෙන්න)පටන් ගන්නම්.
|Plot|
Drama එක fouces කරන්නෙ වෙනස්ම විදහට හිතන fearless policeman ලා දෙන්නෙක් ගැන,Lee Dong-sik and Han Joo-won කියන manyang police station එකේ ඉන්න මේ policeman ලා දෙන්නා තමයි කතාවේ main characters දෙක. manyang කියන small town එකේ mysteries විදහට serial killings වගයක් වෙන්න පටන් ගන්නවා.lee dong sik and han joo කියන දෙන්නා තමන්ගෙ උපරිමෙටම law එක break කරලා හරි culprit ව අල්ලගන්න තමා මේ දෙන්නට ඔනි.same serial killer lee dong-sik ගේ sister Yu-Yeon ව මරනවා අවුරුදු 20 කට කලින්.ඔකේ main suspect විදහට arest කරන්නෙ dong-sik ව නමුත් evidence මදි නිසා dong-sik ව නිදහස් කරනවා.realse කරාට වැඩක් නැ එක පාරක් murder suspect කෙනෙක් උනා කියන්නෙ එතන ඉදන් මිනිස්සු හිතන්නෙ එ මනුස්සයා inocent උනත් murder කියලා.dong-sik ට වෙන්නෙත් ඔය දේම තමයි.but අවුරුදු 20 කට පස්සෙ dong-sik කියන්නෙ Detective කෙනෙක්,normal detective කෙනෙක් නෙවෙයි වෙනස්ම විදිහේ crazy personality එකක් තියන ඩයල් එකක්.පස්සෙ මෙයා එනවා තමන්ගෙ home town එකේ Manyang Police Substation එකේ inspector කෙනෙක් විදහට. එතකොටම තමයි අපේ දෙවෙනි main character එක inspector Han Joo-won එන්නෙ lee dong-sik ගේ patner විදහට.අවුරුදු 20 කට කලින් හිටපු serial killer අවුරුදු ගානකට පස්සෙ ආයිත් apear වෙන්න පටන්නෙත් ඔය එක්කම තමා.ඔය දෙවල් වෙනවත් එක්කම මේ දෙන්නට දෙන්නා සැක කරන්න පටන් ගන්නවා.han joo-won හිතන්නෙ dong-sik තමා culprit කියලා.එකත් එක්කම තමන්ගෙ වටේ ඉන්න හැම කෙනාමවත් සැකකරන්න ගන්නවා කවුද murder ?කවුද monster අපි අතරේ ඉන්න?serial killer කියන්නෙ තමන් ලගම ඉන්න කෙනෙක්ද?Lee Dong-sik කියන්නෙ serial killer ද?dong-sik ගේ sister ට මොකක්ද වුනේ ඇත්තටම?ඔය ඔක්කොම ගැන දැනගන්න ඔනිනම් Beyond Evil Drama එක බලන්න. හරි plot එක ගැන මන් spoiler free විදහට පුලුවන් තරම් කෙටියෙන් කිව්වා.මන් උඩදි කිව්වනේ beyond evil කියන්නෙ masterpiece level එකේ වැඩක් කියලා.දැන් බලමු "Beyond Evil" masterpiece එකක් වෙන්න හොදම reason ටික. |Best Character Portrayals|
Best script එකක් එක්ක cast එක අපිව disappointe කරන්නෙ නැ පොඩ්ඩක් වත්,මේකේ ඉන්න cast එක චරිත වලට දෙනවා වෙනස්ම ලස්සනක්.කතාවේ ඉන්න main characters දේක dong sik and han ju දෙන්නට දෙන්නා outwit කරන දිහා බලන් ඉන්න ආස හිතෙනවා.Lee Dong-sik ගැන කිව්වොත් මන් හිතන්නෙ කතාවේ ඉන්න best ම චරිතය.කතාවේ ඉස්සරහට යනකොට අපිට හිතෙනවා sister ගේ disappearance එකට මෙයා ඇත්තටම සම්බනදයිද?මුද මෙතන ඉන්නෙ monster?කියන qution එක එනවා ඔකේ ඉස්සරහට යන්න යන්න,සැහෙන්න unpredictable character එකක්.මෙයාගේ character එකේ තියන ස්පෙශල් දේ තමයි layers ගොඩක් තියන චරිතයක් අපිට හිතාගන්න බැ ඇත්තටම Lee Dong-sik කියන්නෙ කවුද කියන එක.drama එකේ මැදක් යනකන්ම අපිට බලගන්න ලැබෙන්නෙ නැ මෙයාගේ true self එක මොකක්ද කියලා. lee dong-sik කියනවා එක තැනකදි,"To Catch These Monsters,We Must Become Monsters.Theres No Other Way."
dong-sik කියන්නෙ තනිකරම crazy police officer කෙනෙක්.ඔය character එකේ තියන තවත් සුපිරම දෙයක් තියනවා "Laugh" එක.නිකන් joker වගේ මු සමහර වෙලාවට.හැබැයි ඔක නිකන්ම ආතල් එකට දෙන laugh එකක් නෙවෙයි,ඔය laugh එකෙනුත් වෙනස්ම motive එකක්,dong-sik ගේ චරිතයේ තියන වෙනස්ම පැත්තක් සහා personality එකක් පෙන්නන හදනවා ඔය dong-sik ගේ laugh එකෙන්. main characters දෙක අතරේ යනවා මරු conversations ටිකක් කතාව ඉස්සරහට යනවත් එක්කම.dong-sik ව්තරක් නෙවෙයි ඉන්න අනිත් character එක hann-joo ටත් හොද character bulidup එකක් දෙනවා series එකේ අවසාන හරියට එනකොට.amazing performance එකක් දෙනවා main characters දෙක කතාව පුරාවටම.
Beyond Evil drama එක බලන්න ආස හිතෙන්නෙ සහා series එක තනි සුපිරයක් වෙන්න ලොකුම reason එකක් තමයි main characters දෙකේ performance එක. |The people of Manyang|
මන් උඩදි කතාකරේ main characters දෙක ගැන විතරනේ.දැන් හිතන්න පුලුවන් මේකේ main characters දෙක විතරද හොද,ඉන්න side characters වැඩක් නැද්ද කියලා.ඇත්තටම එහෙම නෙවෙයි drams එකේ ඉන්න side characters පවා කතාවට සැහෙන්න important. Nam Sang Bae, Park Jeong Je, Yoo Jae Yi, Oh Ji Hoon කියන ඔය කට්ටියම කතාවේ ඉන්න core characters.එ වගේම තමා මේකේ තියෙන්නෙ male lead දෙකක් වුනාට ඉන්න අනිත් characters ignore කරන්නෙ නැ.dong-sik වටේ ඉන්න යාලුවෝ හැම කෙනටම තියනවා රහසක් සහා වැදගත්ම දේ ඔය ඔක්කොම දෙවල් එකිනෙකට connected.කතාවේ ඉන්න චරිත වලින් පෙන්නනවා power එක වෙනුවෙන් මනුස්සයෙක්ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද තමන්ගෙ personal දෙවල් ලබාගන්න මනුස්සයෙක් කොච්චර දුරක් යයිද කියන එක ගැන.important ම දෙයක් තමා ඔකේ ඉන්න චරිත සැහෙන්න realstic,ඔකෙන් අදහස් කරේ මන් ඔය චරිත representative කරන්නෙ odinary මිනිස්සුන්ව අපිට එදිනෙදා ජිවිතෙදි මුනගැහෙන.තමන් කරන පොඩි mistake එහෙකින් පවා වෙනකෙනේකුගේ life එහෙකට එ පොඩි දෙය කොච්චර ලොකු impact එකක් වෙන්න පුලුවන්ද කියන එක වගේ දෙවල් මරු එකට තියනවා series එකේ.ඔය ඔක්කොම දෙවල් එක්ක dong-sik වටේ ඉන්න කට්ටිය ඇතුලේ මාරම bonde එකක් තියනවා කොච්චර suspicious උනත්.towen එකේ මොන දෙයක් වුනත් එකිනෙකාව protect කරගන්නවා මේ සෙට් එක,lee dong-sik ට තියනවා සැහෙන්න deep frindship එකක් family එකක් විදහට එයාගේ පොඩි කාලේ හිටපු යාලුවෝ එක්ක.ඔය හෙතුව නිසාම තමා අපිට drama එකේ ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියන එක predict කරන්න අමාරු.|Excellent Writing Story|
Beyond evil කියන්නෙ good example එකක්,simple concept එකක් use කරලා ඒක top notch storyline එකක් විදහට එනකන්ම ගේන්නෙ කොහොමද කියන එකට."සමහරු හිතන්න පුලුවන් plot එක කියෙව්වට පස්සෙ මේක නිකන්ම නිකන් normal story එකක්නෙ,police officers දෙන්නෙක් team up වෙලා crime එකක් slove කරන එකනේ යන්නෙ".ඔය වගේ common story යක් කියලනේ හිතන්නෙ.Simple story concept එකක් තිබිලත් beyond evil drama එක top drama එකක් වෙන්න ලොකුම හෙතුව තමයි characters සහා එයාලගෙ narratives ලියලා තියන විදිහ.මේ කතාවේ writer ට පුලුවන් වෙලා තියනවා characters වල realstic picture එකක් draw කරන්න.කුතුහලය දනවන ඉස්සරහට මොකක් වෙයිද කියන feeling එක දෙන්න පුලුවන් වෙලා තියනවා series එක ලියලා තියන විදහ නිසා.Beyond evil එකේ well place flashbacks ටිකක් තියනවා,එක පාර කතාව පටන් ගත්ත ගමන් characters වල backstory පෙන්නන්නෙ නැ අවශ්‍ය තැනදි ගානට දානවා අපිට ඔය තැනදි දකින්න ඔනි flashbacks scene ටික විතරක්,කතාව ඉස්සරහට යනවත් එක්කම හැම character එහෙකම එයාලටම වෙන්වුන backstroy එකක් තියනවා කලින් කිව්වා වගේ ඔවා පට්ටෙටම connect කරලා තියනවා.ඔක බලනකොට ammt මු තමා ඩයල් එක කියලා හිතනකොටම,twist එකක් දෙනවා.impressive දේ තමා මේකේ එක twist එකක් නෙවෙයි තියෙන්නෙ episode 15 ට යනකන්ම twist තුන හතරක් දෙනවා අපි හිතන් හිටිය දෙවල් ඔක්කොම වෙනස් වෙන්න,එ වගේම තමා twist දුන්නා කියලා නැ plot holes හොයන්න නැති තරම්.එ තරමට careful වෙලා තමා drama එක ඉස්සරහට අරන් යන්නෙ. Series එකේ තියන dialog ස්පෙශලි mc ලා දෙන්නා වැඩිය කතා නොකරට ,conversation එකක් යනවෙලාවට තියන dialog simple එවා එහෙමත් නෙවෙයි. law,justice,evil කියන්නෙ මොකක්ද කියන එක වගේ දෙවල් බලාගන්න පුලුවන්.කතාව මුලින්ම slow එකේ පටන් අරන් ඉස්සරහට යනවත් එක්කම ගානට pace එකට එනවා.ඔය ටිකම ඇති beyond evil drama එක බලන්න impressive විදහට ලියලා තියන characters movements,expressions,actions. කියන දෙවල් දිහා බැලුවහම හිතාගන්න පුලුවන් මේ අය ගන්න decisions වලට හෙතුව.
|The OST|
VIDEO
මන් කලිනුත් කියලා තියනවා නේ kdrama එහෙක තියන unique ම දෙයක් තමයි ost(orginal sound tracks) කියන්නෙ.අනිත් tv series වල නැති unique ගතියක් තියනවා korean ost වල.ඒකට ලොකුම හෙතුව තමා series එකෙන් එකට තියෙන්නෙ orginal ost එ කතවට අදාල.drama එකේ genare එක අනුව ඔය ost වල තියන vibe එක වෙනස් වෙනවා.beyond evil drama එකෙත් ඔය unique ගතිය දිලා තියනවා amazing ost ගොඩක් එක්ක.සාමාන්‍යයෙන් thriller series එකක් උනාම ඔනි dark,crime atmospheric එක තියන music නේ.drama එකේ තියන හොදම ost එක තමා Choi Baek Ho’s “That Night” කියන song එක.ඔකේ තියනවා පට්ටම ගතියක් loneliness, weariness, and fear + crime,thriller ඔය vibe එක සුපිරයටම තියනවා,the nights ost එකේ.අනිත් එක තමා "Timeless Song by BIBI" ඔකනම් ගහලා තියෙන්නෙම lee dong-sik වෙනුවෙන් මයි.මාරම ලස්සන song එකක්.ඔකෙන් කියවෙන්නෙ ගොඩක්ම dong-sik එයාගේ sister ව හොයගන්න කරන struggle එක ගැන.kdrama එහෙක මන් දැකපු ලස්සනම ost ටිකක් තියනවා beyond evil south korean drama එකේ.
Well මන් කියන්න ඔනි හැමදෙයක්ම වගේ කියලා ඉවරයි Beyond Evil Drama එක ගැන.තව කියන්න ගියොත් show එකේ තියන interesting ගතිය නැති වෙනවා.spoil වෙන්න මුකුත් මන් උඩදි කියලා නැ පුලුවන් තරම් අඩුවෙන් කිව්වේ series එකේ වෙන දෙවල් ගැන.කියන විදහට beyond evil drama එක inspire කරන් තියෙන්නෙ,දැනට ලොකේ තියන හොදම thriller moives වලින් එකක් විදහට සැලකෙන memories of murder moive එකෙන්. Beyond Evil drama එකෙන් overall දෙන message එකක් තියනවා,ඔතන serial killer ටත් වඩා බය වෙන්න ඔනි power එක තියන මිනිස්සුන්ට.බලය නිසා ඔනිම දෙයක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා කියන එක සහා greed එක නිසා ගොඩක් මිනිස්සු වෙනස් වෙන්න පුලුවන් වගේම තමන් කරන mistakes වහන්න ගිහින් පස්සෙ එවා නිසා විදින්න වෙන consequences වල තරම කොච්චරක්ද කියන එක beyond evil drama එකෙන් සුපිරයටම පෙන්නනවා.
Beyond Evil කියන්නෙ masterpiece Korean Drama එකක් සහා මන් බලපු drama අතරින් බලපු best ම korean drama එකක්.try කරලා බලන්න ඔයලාත් perfect characters, plot, story එකක් තියන පට්ටම South Korean drama එකක් තමයි "Beyond Evil" කියන්නෙ.
Sayonara, Minna-san...
VIDEO
නෙට්ෆ්ලික්ස් එකෙන් තවත් කොරියන් සුපිරියක් | My Name Korean Drama Overview 👇