ඔයා කවදා හරි නොකරපු වැරැද්දකට දඩුවම් විදලා තියනවද? තමන් වැරදි නැති උනත් තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරගන්න බැරි උනාම මාරම අසරනකමක් දැනෙනවා නේද? ඔය වගේ පොඩි හරි අත්දැකීමක් ඔයාටත් නැති වෙන්න බෑ. ඔය වගේ සිදුවීමක් තියන ලස්සන Kdrama එකක් ගැන තමයි අද කියන්න යන්නෙ. වොන් බිලියන 20ක් වගේ යට කරලා හදපු මේ High Budget Kdrama එක නමින් One Ordinary Day. Criminal Justice කියන British Limited Series එකේ රීමේක් එකක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නෙ.
Criminal Justice |
මේ Kdrama එකට IMDB 8.6ක අගයක් ලැබිලා තියනවා.😻 Criminal Justice Series එකට ලැබිලා තියන IMDB අගය 7.7ක්. රීමේක් එකක් උනාට ප්‍රඩක්ශන් කොලිටි එකවත්, කතාවෙ හරයටවත්, ගුණාත්මකභාවයටවත් කිසිම අව්ලක් වෙලා නෑ කියලා පැහැදිලියිනෙ. Original Content එක හෑල්ලු කරලා කතා කරනවා නෙවෙයි මේ. මොකද මාත් Criminal Justice බලලා නෑ මේ ලිපිය ලියනකොටත්. ඒක බලපු කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න සීරීස් එක කොහොමද කියලා. මේ Kdrama එකක් අයිති වෙන්නෙ Crime, Thriller, Legal Drama කියන කැටගරීස්වලට. ත්‍රිලර් සීරීස් හොයන අයටනම් මේක පට්ටම සීරීස් එකක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියන්නම්.😌
මුලින්ම කතා කරලා ඉමු මේකෙ Cast එක ගැන. ප්‍රධාන චරිතයෙන් එකතු වෙන්නෙ Kim Soo-hyun.
Kim Soo-hyun |
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්. පොරට තාම වයස අවුරුදු 33යි. ඒ වගේම පොර තමා දැනට කොරියාවෙ ඉන්න Highest-paid Kdrama Actor. කොල්ලා මේ වෙනකොට එක එපිසොඩ් එකකට අය කරන මුදල ආසන්න වශයෙන් US$ 440,000 විතර වෙනවා. හිතාගනින්කො ඉතින් ඉස්සරහට කොහොම ගමනක් යයිද කියලා. ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ උනු My Love From The Star Kdrama එකේ හිටියෙ මෙයා තමයි. ඊලගට ඉන්නවා Cha Seung-won.
Cha Seung-won |
මෙයාව නම් වැඩිය දන්නෙ නෑ Kdrama බලන්නෙ නැති අය. පට්ටම Underrated චරිතාංග නලුවෙක්. මේ දෙන්නව තමයි කතාවෙ ගොඩක්ම ෆෝකස් වෙන්නෙ. තව Kingdom බලපු අයට හුරු පුරුදු එක්කෙනෙකුත් ඉන්නවා. බලන්නකො මීටර් වෙයිද කියලා.😁
මේ Kdrama එකේදි Kim Soo-hyunව Kim Hyun-soo කියන හයිස්කූල් ස්ටුඩන්ට් විදිහට බලාගන්න පුලුවන්. පොරට දවසක් යාලුවො එක්ක පාර්ටි එකක් සෙට් වෙනවා. මේකට යන්න විදිහක් නැතිව ඉද්දි Kimට මතක් වෙනවා තාත්තගෙ වන්ඩිය ගැන. මේක ටැක්සි එකක්. ඉතින් මේක ඩ්‍රයිව් කරන් ඉස්සරහට යද්දි වැරදීමකින් ටැක්සි එකට කෙල්ලෙක් නගිනවා. කෙල්ලත් පට්ටම කියුට් නිසා Kimට ආපහු එයාව වාහනෙන් බස්සන්න හිතෙන්නෑ.
කොහොමහරි මේ ගෑල්ලමයා Kimට Invite කරනවා තමන්ගෙ ගෙදරට එන්න කියලා. මේ දෙන්නා ඩ්‍රග්ස් අරන් පොඩි ගේම්ස් දෙක තුනකුත් ප්ලේ කරලා අන්තිමට ඩිස්ටි ඩිඩිං එහෙමත් කරනවා.🥲 මෙතනින් තමා කොල්ලට කෙලවෙන්නෙ (As always 🙂💔) ඩ්‍රග්ස්වල සැර බැහැලා ඇහැරිලා බලද්දි අර කෙල්ලව ඇදේම මරලා දාලා. ඇහැරිලා බලද්දි පැය දෙක තුනකුට කලින් සෙක්ස් කරපු කෙල්ල ඇදේ මැරිලා ඉද්දි කොහොමද කියලා නිකමට ඉමැජින් කර ගනින්කො. කොල්ලත් හොදටම බය වෙලා ආපහු ගෙදර යන්ඩ ට්‍රයි කරද්දි කරුමෙට පොලිසියට මාට්ටු වෙනවා. මූ ඩ්‍රග්ස් අරන් ඉන්නෙ ඈ.. අමතක කරන්න එපා. ඊට පස්සෙ ඩෙඩ් බොඩි එකත් හොයා ගත්තම මේ වැරැද්ද තනිකරම පැටවෙන්නෙ Kimට. මෙයාගෙ අවාසියට සාක්ශි ගොඩක් එහෙමත් හම්බෙනවා. පොර කොහොම හරි තමන්ගෙ නඩුව ඉවර වෙනකන් Prison එකට යවනවා. Kimගේ ලෝයර් විදිහට Shin Joong-han ඉදිරිපත් වෙනවා.
මෙතන ඉදන් තමයි සිරාම කතාවට එන්ටර් වෙන්නෙ. ඔයාලා One Ordinary Day බලන්න කලින් My Love From The Star, It's Okay To Not Be Okay වගේ Kdrama බලලා තියන තියනවනම් ඒක ගොඩක් වටිනවා.
My Love From The Star |
It's Okay To Not Be Okay |
මොකද Kim Soo-hyunගෙ මේ Kdrama එකේ ඇක්ටින් සිරාම විදිහට ෆීල් වෙන්න කොල්ලගෙ පරන කන්ටෙන්ට් දෙක තුනක්වත් බලලා ඉන්න ඕනෙ. Kim Soo-hyunගෙ ෆේශල් එක්ස්ප්‍රෙශන් එහෙම නෙක්ස්ට් ලෙවල්.😻 කිසිම ඩව්ට් එකක් නෑ ඒ ගැන. Kim Soo-hyunට මෙච්චර කල් සීනී බෝල චරිත කරනවා කියලා කියපු අයට හොදට අත දිග ඇරලා කනේ පාරක් දීලා තියනවා.😂 කතාව බලන් යද්දි අපිට හිතෙන තැන් තියනවා Kimද සිරාවටම මේ Murder එක කරේ කියලා. අපිට විතරක් නෙවේ සමහර වෙලාවට Kimට තමන් ගැනම සැක හිතෙනවා තමන් මේ දේ කරාද කියලා. ඒක තමයි මන් උඩදි කිව්වෙ මේක Thriller Series හොයන අයට පට්ට කියලා. ඒ වගේම මේකෙදි Kimට හම්බෙන Character Buildup එක. ඒක ලියනවනම් ලියන්න පුලුවන් පැය ගානක්. Simply පොඩි Example එකක් ගමුකො. ප්‍රිසන් එක කියන්නෙ වෙනම ලෝකයක්. මොන ලෝකෙ හෝ වේවා ප්‍රභලයා දුබලයව පාගගෙන උඩට එන එකනෙ සිද්ධ වෙන්නෙ. මේ දේ ප්‍රිසන් එක ඇතුලෙදිත් පොදුයි. Kim ප්‍රිසන් එක ඇතුලට ගියාම පට්ටම විදිහට Bully වෙනවා. මේ දේවල් හරහා ගිහින් Kim කොහොමද ප්‍රිසන් ලයිෆ් එකට හුරු වෙන්නෙ කියලා සුපිරියට බලාගන්න පුලුවන් අපිට. මේ Kdrama එක බලන් යද්දි 7th Episode එකේදි එහෙම පට්ටම Wow Moment එකක් සෙට් වෙනවා. කොල්ලා ප්‍රිසන් එකට හුරු වෙන අතරෙදි Shin එලියෙ ඉදන් Kimගෙ නිර්දෝශීබව ඔප්පු කරන්න හදන විදිහ එපිසොඩ් 8ක් පුරාවට අපිට බලාගන්න පුලුවන්. 💥
මේ සීරීස් එක ඉවර වෙන්නෙත් Season 2 එකකට පොඩි හින්ට් එකක් ඉතුරු කරලා. Kdrama බලන අයට හුරුපුරුදු ගෑල්ලමයෙක්ගෙ කැමියො එකකුත් අන්තිමට බලාගන්න පුලුවන්.😁
හැමදාමත් කියනවා වගේ Kdrama එකක් කියලා නොබලා ඉන්න එපා. Specially ඔයාට හරිම Thriller රස විදින්න ඕනෙ නම් Korean Content ට්‍රයි කරන්නම වෙනවා. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු ❤️

සුපිරි කතාවක්
ReplyDeleteGammac thama komlo 🙂❤️
ReplyDelete