වවුල් පූස් ආදරය | THE BATMAN - The Bat & The Cat Trailer Breakdown

THE BATMAN - The Bat & The Cat Trailer Breakdown

හෝ හෝ යාලුවනේ !!!! අවුරුද්ද ඉවර වෙන්නත් කලින් WB ලා සැපක් දුන්න නේත.IMDb එකේ Most Anticipated Movie Of 2022 විදිහට නම් කරපු The Batman Film එකේ අලුත්ම Trailer එකක් Release කලානේ.ඒකෙ බ්‍රේක්ඩවුන් එක තමා මේ.වැඩ කන්දරාවක් අස්සෙ මේ ලියන්නෙ Hype එක නිසාම.ඒ නිසා වැරදි තිබ්බොත් ගනන් ගන්නෙපා.

මේ ෆිල්ම් එකට පට්ට Hype එකක් තියෙනවා.ඒක අමුතුවෙන් කියන්න ඕන්නැනෙ.2022 අවුරුද්දෙ Comic Based Content සෑහෙන්න ප්‍රමාණයක් එන්න තියෙනවා.ඒව අස්සෙ Movie Universe එකකට සම්බන්ද නැති, අලුත්ම Cast එකක් ඉන්න මේ වගේ Standalone Film එකකට මෙච්චර Hype එකක් තියෙනව කියන්නෙ ඉතින් හිතාගන්න පුලුවන් නේ.Batman කියන්නේ කොමික් ඉතිහාසයේ ඉන්න Greatest ම Heroes ලගෙන් Top Place එකක් දිනා ගත්ත කෙනෙක් කියල මේකෙන්ම ඔප්පු වෙනවා.ඉතින් Batman Fans ලගෙ Expectations ඉක්මවා යන තරමට මේ ෆිල්ම් එක තියෙයි කියලා Trailers වලින් බැලු බැල්මට පේනවා.ඒ වගේම මැට් ස' ගොඩක් Comic Reference මේක අස්සෙ ඔබල තියෙනවා.මේ සමහර ඒව ගැන අපි අපේ FB Page එකේ ( Comic Paradise By RWC ) දාලා තියෙන්නේ.ඉතින් මේ අලුත් Trailer එකේ ඒ වගේ දේවල් තියේද කියලා බලමු.

Trailer එක මුලින්ම පටන් ගන්නෙ බැටා Batmobile එක Start කරන තැනින්.ආයෙ ඉතින් පට්ටම Badass Vehicle එකක්.කතා දෙකක් නැ.Tank Type එකට වඩා Modified Muscle Car Type එකේ එකක්.බැටා මුල් කාලෙ මේ Type එකේ Batmobile එකක් තමා පාවිච්චි කලේ.Just Perfect.


ඊට පස්සෙ පෙන්නනවා Mayor ගේ Funeral එක.ගෑනු කෙනෙක් ඇවිල්ලා Bruce ගෙන් අහනවා,

People Keep Telling Me You Are Unavailable...You Know You Really Could Be Doing More For This City...Your Family Has A History Of Philanthropy...But As Far As I Can Tell You Are Not Doing Anything


ඕක කියන වෙලේ Batman Penguin Car Chase එකත් පෙන්නනවා.කලින් ට්‍රේලර් දෙකෙත් මේ Car Chase එක දැක්කා.හැබැයි මෙතන Extended Scenes වගයක් පෙන්නුවා.බැටා පෙන්ගුවින්ව Chase කරන්න උමගක වගේ.වටේම වාහන තියෙනව පෙන්නනවා.බැටා ටිකක් පරිස්සමට තමා එලවන්නෙ.කලින් ඒවල වගෙ කඩාගෙන බිදගෙන යන්නැ.ඔතන Open Road එකට ආවම පෙන්නනවා පෙන්ගුවින් ට්‍රැක පැනල වගේ Batmobile එකට වෙඩි තියෙනවා.හැබැයි බැට්මොබිල් එක Bulletproof නිසා Kes Na.පස්සෙ පෙන්නන විදිහට පෙන්ගුවින්ගෙයි බැටාගෙයි මේ සීනෙක නිසා Container එකක් පෙරලෙනවා.ඒක පෙරලෙන තැන උඩ Board එකෙ ගහල තියෙනවා Gotham Docks, Robinson Bridge කියලා.මුල් ට්‍රේලර් එකෙ මතක ඇති බැටා පෙන්ගුවින්ව Investigate කරනවා.ඒ Gotham Docs ලග.ඉතින් මේ ඒකට පස්සෙ Scene එක වෙන්න පුලුවන්.Container එක වැටුනයි පස්සෙ තමා බැටාට යකා නැගලා Turbo Booster ටික දාලා අද්දල ගිහින් පෙන්ගුවින් ගෙ කාර් එකෙ හප්පන්නෙ.එතනට පස්සෙ තමා පට්ට Tracking Shot එකක් පෙන්නන්නෙ.බැටා කාර් එක නවත්තන ගමන් පෙන්ගුවින්ගෙ කාර් එක රෝල් වෙලා යන තැන.ඒ Scene එකනම් පට්ට.

පස්සෙ Bruce නිකන් කිණ්ඩියට වගෙ හිනා වෙනව පෙන්නනවා.


ඒ අර ගෑනු කෙනාගෙ නොදන්නකමට වෙන්න ඕනෙ.Bruce කියන්නෙ එයාගෙ සතුට, සල්ලි, හැගීම් සේරම වගේ ගෝතම් වෙනුවෙන් කැප කරන කෙනෙක්.ඒ බැට්මෑන් විදිහට.ඒම කෙනෙක්ට "ඔයා මේ නගරෙ වෙනුවෙන් මුකුත් කරන්නැ" කියල කිව්ව්ම හිනා වෙන්නැතුව වෙන මොනා කරන්නද.

( මේ ගෑනු කෙනානම් සමහරවිට Next Mayor Candidate වෙන්න පුලුවන්...ට්‍රේලර් එකෙ අන්තිම හරියෙදි Riddler ගෙ Goons ලා හිටන් ඉන්න තැන Billboard එකේ Change For Gotham කියල ගහපු තැන තියෙන Photo එකේ ඉන්න කෙනා මෙයා වෙන්න පුලුවන් )


ඔතන පෙන්නන Scenes වලින් එක තැනක පෙන්නනවා බෲස් වැස්සෙ Hood එකකුත් දාගෙන Crowd එකක් මැද්දෙන් ඇවිදන් එනවා.මේ වගේම සීන් එකක් Batman Year One කොමික් එකෙත් තියෙනවා.මැට් ස' එකපාරක් ඒ පැනල් එක දාලා Batman ගෙ Birthday එකට Wish කරල තිබ්බා.ඒ වගේම Year One එක මේ ෆිල්ම් එකට Base කර ගත්ත කියලත් කිව්වා.


ඊට පස්සෙ කියනවා Riddler is Asking For You කියලා.ට්‍රේලර් තුනෙන්ම පෙන්නපු දෙයක් තමා මේක.රිඩ්ලර් බැට්මෑන් ගෙ අවධානය ගන්න තමා මේ සේරම කරන්නේ.පේනවිදිහට බැටාට රිඩ්ලර්ගේ Secret Layer එක ( හෝ එකක් ) හම්බෙලා.මෙතන Gotham වල Map එකක් තියෙනවා.මැද්දෙන් A Real Change කියල ගහල තියෙනවා.කලින් කිව්ව මතක ඇති Riddler ගෙ Goons ලා හිටන් ඉන්න Billboard එකෙත් Change For Gotham කියල ගහල තියෙනව කියල.ඉතින් සමහරවිට රිඩ්ලර් එයාව මරල දාන්න ඇති.ඒ Mayor Candidate කරනව කිව්ව වෙනසට වඩා ලොකු, ඇත්ත වෙනසක් ගෝතම් වෙනුවෙන් කරන්න රිඩ්ලර් අදහස් කරනව වෙන්න පුලුවන්.


Anyway ඒක නෙමෙ ලොකුම දේ.මෙතන Map එකේ Lights වගයක් Flicker වෙනව පෙන්නනවා.පස්සෙ Shot එකක පෙන්නනවා ගෝතම් වල තැන් වගයක් පුපුරල වතුරෙන් යට වෙනවා.


මේ Riddler ගෝතම් වල Sins වතුරෙන් හෝදනවා වගෙ දෙයක් Symbolize කරනව වෙන්න පුලුවන්.ඒ වගේම Riddler මේක ගැන හෝඩුවාවක් දුන්න වුනත් බැටාට මේක නවත්තන්න බැරි වුනා කියලා පේනවා.මේක Batman Zero Year එකටත් ටිකක් සමානයි.Batman ගෙ Origin එක ටිකක් වෙනස් කරපු කොමික් එකක් තමා Zero Year එක.මේකෙ ඉන්නෙ ලොකු Experience එකක් නැති තරුණ බැට්මෑන් කෙනෙක් ඒ වගේම මේකෙ Main Villain වෙන්නෙත් Riddler.මේ කොමික් එකේදි Riddler City Wide Blackout එකක් කරනවා Special Device එකක් පාවිච්චි කරලා.මේකෙන් එයාට ගෝතම් වල Electronic Devices පාලනය කරන්නත් පුලුවන් වෙනවා.මේ නිසා ගෝතම් Stone Age එකට යනවා.කොහොමහරි GCPD එක ආයෙ Current එක දෙනව ගෝතම් වලට ඒ නිසා රිඩ්ලර් එයා ලග තිබ්බ Explosives වලින් ගෝතම් වල වතුර Store කරල තිබ්බ Reservoirs වගයක් පුපුරවලා ගෝතම් වතුරෙන් යට කරනවා.මැට් ස' Straight Outta Comics සීනෙකෙ Wagay.


ඊට පස්සෙ පෙන්නනවා Riddler බැට්මෑන් ට Face Time කරනවා.මුල් ට්‍රේලර් එකෙ මතකද Mayor ගෙ Funeral එකට බෝම්බයක් බැදගත්ත කෙනෙක් එනවා අතේ Phone එකකුත් Tape කරල.මේ එයා.එයාගෙ Phone එකෙන් තමා මෙතන Riddler බැට්මෑන් ව Contact කරගන්නෙ.මෙතන බැටා තමා Call එක Answer කරන්නෙත්.හැබැයි ඒකනෙමෙ සුපිරිම වැඩේ.Batman එකෙ Japanese ට්‍රේලර් එකක් රිලිස් කරල තිබ්බා.මේකෙ Mayor ගෙ Funeral එකේ Car එකක් ක්‍රැශ් වෙන තැන Scene වගයක් තිබ්බා.මෙතන බෲස් Balcony එක දිහා බලද්දි බැල්කනියෙ කෙනෙක් හිටන් ඉන්නව පෙන්නනවා.හැබැයි මෙයා අනිත් මිනිස්සු වගේ Panic වෙලා නැ.Calm වෙලා ඉන්නෙ.කෙලින්ම බෲස් දිහා බලන් ඉන්නේ.


ඉතින් මේ ඉන්නෙ Riddler කියල හිතන්න පුලුවන්.හැබැයි ඔයිට ටික වෙලාවකට පස්සෙ රිඩ්ලර් Video Call එකක් ගන්නවා බැට්මෑන් ට.මේක Pre Recorded කියල කියන්න බැ. Video Call එකක් කියල තමා පේන්නෙ.එතකොට රිඩ්ලර්ල දෙන්නෙක් ඉන්නවද ??

මේක මීටර් වුනාද ? දැනට බැට්මෑන් ට්‍රේලර්ස් 3 ක් දාලා තියෙනවා.Poster සෙට් එකකුත් දාලා තියෙනවා.හැබැයි මේ එකකවත් අපිට Edward Nigma ව බලාගන්න හම්බුනේ නැ.හිටියෙ Riddler විතරයි.Edward ව තැන් දෙකක පෙන්නනවා දෙවෙනි ට්‍රේලර් එකෙ.ඒත් ඒ තැන් දෙකෙම මූණ හරියට පෙන්නන්නෙ නැ.සමහරවිට මේ සේරම කරන්නෙ Riddler ගෙ Goons ලා වෙන්න පුලුවන්.Edward තිරය පිටිපස්සෙ ඉදන් මේ සේරම මෙහෙයවනවා වෙන්නත් පුලුවන්.නැත්තන් Edward ට වඩා කෙනෙක් ඉන්නව වෙන්නත් පුලුවන්.

මේ Video Call එක ගන්න තැන Riddler ගෙ Symbol එක දැක ගන්න පුලුවන්.Comic වල වගෙ "?" ලකුණ ටිකක් වෙනස් කරලා තමා ෆිල්ම් එකේ තියෙන්නෙ.


ඊට පස්සෙ රිඩ්ලර් බැටාගෙ අවධානය ගන්න කරපු දේවල් වගයක් පෙන්නනවා.


පස්සෙ තමා Bat Cat ප්‍රේම වෘතාන්තය පෙන්නන්නෙ.Bat Cat කියන්නෙ කොමික් වල ඉන්න පට්ටම Couple එකක්.මේ දෙන්නගෙ Chemistry එකනම් ඉතින් ආයෙ කියල වැඩක් නැ.කොමික් කියවපු අයනම් දන්නවා ඇති.මේ දෙන්නගෙ Anniversary Special එකක් ආවා.ඒකෙ නමත් Bat Cat.කැමති කට්ටිය කියවල බලන්න.මේ දෙන්නගෙ සම්බන්දය ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්.


Anyway මෙතන Selina කියනවා Riddler's Latest. It's All About The Waynes කියලා.රිඩ්ලර්ගෙ Main Mission එක වෙන්නෙ Wayne Family එකෙ Corruptions Reveal කරන එක වෙන්න පුලුවන්.

ඊට පස්සෙ Shirtless Bruce Wayne ව පෙන්නනවා.පොර පට්ටට ඇග හදන් තියෙනව කියල පේනවා.පැටින්සන්ට ඇග නැ බැට්මෑන් ට සෙට් නැ කිව්ව උන් Left.


සෙලීන බැටාව එයාගෙ ගෙදර එක්කන් ගිහින් වගේ.සෙලීන කියන්නෙ පූසො එක්කම ජීවත් වෙන කෙනෙක් ( නමෙ හැටියට වැඩත් තියෙන්න එපැයි ) මෙතන බැටා පූසො ටික දැකල කියනවා You Got A Lot Of Cats කියලා.පස්සෙ Selina කියනවා I Have A Thing About Strays කියලා.මේක ටිකක් බැටාටත් අදාලයි වගේ.ඩික්, ජේසන් වගේ Batfamily එකෙ ගොඩක් අය Strays ලා.


A Bat & Cat. It Got A Nice Ring To It. 

Yes, It Does. 


ඇල්ෆ්‍රඩ් A New Friend Of Yours කියල අහද්දි බෲස් I'm Not Sure කියල තියෙනවා.පේන විදිහට බෲස්ට Sure නැ වගේ සෙලින Friend කෙනෙක්ද Enemy කෙනෙක්ද කියලා.ඒ වගේම ඇල්ෆ්‍රඩ් පිටිපස්සෙ තියෙන Screen එකේ Selina ගෙ Photo එකක් තියෙනවා.බැටා සෙලීන ගැන හොදට Research කරල වගේ.


පස්සෙ පෙන්නනවා Sniper එකක් අතේ තියන් ඉන්න Riddler ව.පොර අර මම උඩ කිව්ව Mayor Candidate ව මරන්න උත්සාහ කරනව වෙන්න පුලුවන්.


බැටා Night Light ( එකක් වෙන්න ඕනෙ ) එකකින් හෝඩුවා වගයක් හොයනව වගේ.කොමික් වල මේ වගේ ගොඩක් සීන් බලාගන්න පුලුවන්.



Batman Bat Signal එක ලග හිටන් ඉන්න Shot එකක් ඊලග Scene එකෙන් පෙන්නනවා.මෙතන Cinematography ඒම ආයෙ කියල වැඩක් නැ.Wallpaper Material.


පස්සෙ පෙන්නනවා Gotham City එක.මේකනම් Arkham Series එකේ Gotham City එක වගේමයි.


ආයෙත් Funeral Scene එක ( වෙන්න ඕනෙ ) පෙන්නනවා.මෙතන Riddler ගෙ Supporters ලා Riddler ව Follow කරන අය රැස් වෙලා ඉන්නව පෙන්නනවා.Joker 2019 Film එකේදි වගේ මේකෙත් මිනිස්සු Villain කෙනෙක්ව Idolize කරනව වගේ.


GCPD එක Riddler ව Arrest කරන තැන ඊලගට පෙන්නනවා.මෙතන බැටත් ඉන්නව පෙන්නනවා.පේන විදිහට මේක Joint Operation එකක් වගේ.මෙතන Riddler කියනවා You Are Part Of This Too කියලා පස්සෙ බැටා අහනවා How Am I Part Of This කියලා.පස්සෙ රිඩ්ලර් උත්තර දෙනවා Oh You Are Really Not As Smart As I Thought You Were...Bruce Wayne කියලා.මෙතන රිඩ්ලර් කතා කරන්නෙ බැටාටද බෲස්ටද කියල පැහැදිලි නැ හරියට.

Gordon & Batman කොහෙ හරි Investigate කරනව පෙන්නනවා.මේ කොහෙද කියල පැහැදිලි නැ.රිඩ්ලර් ගෙ Hints සේරම මේකට Point වෙලා තියෙනව වගේ.මෙතන තියෙන දොරෙ "Where It All Began" කියල කොල පාටින් ලියල තියෙනවා.ඉතින් මේ කොහෙද කියල හරියට පැහැදිලි නැ.සමහරවිට රිඩ්ලර්ගේ Origin එකට අදාල Key Point එකක් වෙන්න පුලුවන්.


පස්සෙ බෲස් ඇල්ෆ්‍රඩ් ට කියනවා එයා අවුරුදු ගාණක් බෘස්ට බොරු කලා කියලා.පස්සෙ ඇල්ෆ්‍රඩ් කියනවා You Are Still A Wayne කියලා.මේ කියන්නෙ මොකක්ද කියල හරියට පැහැදිලි නැ.මොකක් වුනත් බැටාව Core එකටම Shake කරපු රහසක් වෙන්න ඕනෙ.මෙතන බෲස් ඉන්නෙ නිකන් සේරම එපා වෙලා වගේ.පස්සෙ බෲස්ගෙ ඇස් වල කදුලු තියෙන Shot එකකුත් පෙන්නනවා.ඉතින් මේ රහස නිසා බෲස්ට මෙහෙම වුනා කියල හිතන්න පුලුවන්.

පස්සෙ පෙන්නනවා ගෝඩන්ට කලින් හිටපු Commissioner බැටාව Doubt කරන තැනක්.රිඩ්ලර්ගෙ මැසෙජ් සේරම බැටාට නිසා මේවට බැටත් සම්බන්දයි කියල හිතනව වෙන්න ඕන.හැබැයි මෙතන ගෝඩන් බැටාව Defend කරනවා පෙන්නනවා.කොහොමහරි GCPD එක බැටාගෙ පස්සෙ පන්නන සීනෙකක් පෙන්නනවා.මෙතන බැටාගෙ Graplin Gun එක එයාගෙ Wrist එකෙන් කෙලින්ම අතට එනවා.Utility Belt එකෙන් ගන්නවට වඩා මේක Fast වගේම Practical වගේ.



බැටා සෙලීනට Don't Throw Your Life Away කියල කියන Scene එක ඊලගට පෙන්නනවා.පේන විදිහට බැටා සෙලීනව හොද පාරට ගන්න හදනව වගේ.හැබැයි මෙතන සෙලීන කියනව Don't Worry Honey I Got Nine Of 'em කියලා.

මේ ට්‍රේලර් එකෙත් රිඩ්ලර් බැටාට Riddle එකක් දෙනවා.ඒ,


"It Can Be Cruel, Poetic Or Blind. But When It's Denied, It's Your Violence You May Find."


මේක Riddle එකක් වුනාට රිඩ්ලර් ගෙ Motivation එක මේකෙ හැන්ගිල තියෙනව වෙන්න පුලුවන්.රිඩ්ලර් මෙතන කියන්නෙ Justice ගැන ( බැටා මේකට උත්තරේ දෙනවා ) පේනවිදිහට රිඩ්ලර්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.මෙතන Justice ගැන කියන්න පාවිච්චි කරනවා Cruel , Poetic & Blind කියන වචන තුන.පස්සෙ කියනවා Justice Deny කලොත් ඒක Violence වලට Lead කරනවා කියලා.ඉතින් සමහරවිට රිඩ්ලර් මේ දේවල් කරන්න හේතු වෙන්නෙ අතීතෙදි එයාට Justice Deny වෙච්චි නිසා වෙන්න පුලුවන්.එහෙම වුනේ Wayne ලගෙ බලපෑමක් නිසා වෙන්න පුලුවන්.

මේ Riddle එක අහන්නෙ Mayor ගෙ Funeral එකට Car එකත් Crash කරන් ආපු කෙනා හරහා වෙන්න ඕනෙ.මෙතන මේ රිඩ්ල් එකට උත්තර දෙනව වුනත් කලින් ට්‍රේලර් වල පෙන්නුවා මේ බෝම්බෙ පිපිරෙනවා කියලා.එතකොට "Justice" කියන උත්තරේ වැරදිද ? නැත්තන් රිඩ්ලර් එයාගෙ වචනේ වෙනස් කරන කෙනෙක්ද ?? මේවට උත්තර දැනගන්න ෆිල්ම් එක එනකම්ම ඉන්න වෙනවා.

ඊට පස්සෙ පට්ට Fight Sequence වගයක් පෙන්නනවා.Come On Vengeance Let's Have Some Fun කියාගෙන කැට්වුමන් බැටත් එක්ක එකතු වෙලා Fight කරන සීනෙකක් පෙන්නනවා.මේවනම් Arkham Series එකේ Fight Scene වගේමයි.පට්ටම Perfect.මෙතන Selina "Come On Vengeance" කියල බැටාට කියන්නෙ සෙලීන දන්නව වෙන්න ඕන බැටා I'm Vengeance කියල කියනව කියලා.සමහරවිට බැටා හැමතිස්සෙම මේක කියනව වෙන්න පුලුවන්.කොමික් වල ගොඩක් කියන්නෙ I'm Batman කියලනෙ.නැත්තන් I Am Vengeance, I Am Night, I Am Batman කියලා.මේ වගේ බැටා මේ ෆිල්ම් එකේ I'm Vengeance කියල හැමතිස්සෙම වගෙ කියනවද දන්නැ.ඕක නැත්තන් සමහරවිට අර Goonsලත් එක්ක බැටාගෙ ෆයිට් එක සෙලීන බලන් හිටිය වෙන්න පුලුවන්.ඉතින් එතන ඒ කියන එක ඇහිල මෙයා බැටාට Come On Vengeance කිව්වද දන්නෙ නැ. 

ඔතන Penguin ගෙ Iceberg Lounge එක පෙන්නනවා.කලින් ට්‍රේලර් එකෙ අපි දැක්කෙ සෙලීනවනේ.මේකෙ අපි දකිනවා සෙලීනව Follow කරන බෲස්ව.පොරගෙ ඇස් වටේ කලු පාට ගාලා තියෙනවා.ඒ කියන්නෙ බෲස් ටිකකට කලින් බැට් සූට් එක දාගෙන තමා ඉදල තියෙන්නෙ.සමහරවිට සෙලීනයි බෲසුයි Batman Catwoman විදිහට Lounge එකට ඇවිල්ලා ආයෙ බැට්මෑන් සෙලීන විදිහට සේප් එකේ මාරු වෙලා ගියාද දන්නෑ.සෙලීන Wig එකක් දාගෙන ඉන්න ඕනෙ අනිත් අයට එයාව අදුරගන්න බැරි වෙන්න ඕනෙ.

අන්තිමට පෙන්නන Fight එකනම් මම කලින් කිව්ව Candidate ව මරන්න හදන තැන වගේ.Riddler ගෙ Goons ලා සෙට් එකක්ම ඉන්නව පෙන්නනවා.මේ හැමෝම රිඩ්ලර් වගේ වෙස් වලාගෙන ඉන්නෙ.ඒක නිසා හරි කෙනා කවුද කියල හොයා ගන්න බැ වගේ.මෙයාලා ලග Short Range Weapons නෑ වගේ.Long Range Weapon වගේ තියෙන්නෙ.Snipers වෙන්න ඕනෙ ( මේක හරියටම Sure නැ.වෙන Weapon එකක් වෙන්නත් පුලුවන් ) Slow Motion බැලුවොත් තේරෙයි එක පාර එක Bullet එකයි Shoot වෙන්නේ.පස්සෙ ටිකක් වෙලා යනවා අනිත් Bullet එක Load කරන්න.හැබැයි මෙතන එක Goon කෙනෙක්ට වඩා ඉන්නවා.දෙන්නෙක් Snipers ලා විදිහට බිම දිගා වෙලයි හිටියේ.


පේන විදිහට එතන Multiple Targets ඉදල තියෙනවා වගේ.බැටා කොහොමහරි ස්නයිපර් එකක් පාවිච්චි කරලමයි අනිත් උන්ට කෙලින්නේ ( So Much For Not Using Guns ) මෙතන Catwoman ඒමත් බැටාට උදව් කරනව වගේ Goons ලව පරද්දන්න.දුමක් මැද්දෙන් Goons ලට කෙලින තැනනම් ආයෙ Beyond Badass ආ.මේකනම් ආයෙ ඉතින් Groundbreaking Movie එකක් වෙනවා.ඒක Sure.

Trailer එක ඉවර වෙන්නෙ Release Date එකත් එක්ක.මේකෙ යටින් Symbols වගයක් තියෙනවා.මේක Riddle එකක් වෙන්න පුලුවන්.Code එක Crack කරල Riddle එක හොයා ගත්ත කෙනෙක් ඉන්නවනම් සිමෙන්ට් පාරක් දාම්න.

ට්‍රේලර්ස් තුන බැලු බැල්මට පේනව Film එක Perfect කියලා.Score එකේ ඉදන් Cinematography, Color Palette භාවිතය, Acting, Directing Style මේ සේරම පට්ට.බැට්මෑන් ෆිල්ම් එකකට සෙට් වෙන්න Dark Tone එකෙන් ගැම්මට හදල තියෙනවා.මේකට 2022 Best Movie එක වෙන්න Potential එක තියෙනවා.

Batman එකේ Theories, වැදගත් Facts, ෆිල්ම් එකට කලින් බලන්න ඕන ඒව වගේ ඒව සේරම දාපු ආටිකල් එකක් ගේන්න හිතන් ඉන්නව ෆිල්ම් එක Release වෙන්න කලින්.ඒකෙන් හම්බෙමු එහෙනම්.මේකෙ Miss වෙච්චි මොනා හරි දේවල් තියෙනවනම් ඒවත් සිමෙන්ට් පාරක් දාන්න.


ՏᎻᎬᎻᎪΝ ️️🦇️ #CapedCrusader


THE BATMAN - The Bat and The Cat Trailer

Post a Comment (0)
Previous Post Next Post