පාපතරයෙකුගේ පාපොච්ඡාරණය | Anatomy of a Scandal Overview



සාම්ප්‍රධායික CGI ගොඩවල් පුරවලා හදන සීරිස් වලින් එහාට ගිහිල්ලා වෙනස්ම ආරක concepts තියෙන සීරිස් හොයන ෆෑන්බේස් එකට පහුගිය අවුරුදු 3 කියන්නෙ හරිම වාසනාවන්ත කාලයක්. මොකද Hulu, Amazon Prime, Apple TV වගේ ස්ට්‍රීමින් සර්විස් වලින් මේ කාලෙ සුපිරිම වැඩ ටිකක් එලියට දැම්ම. අපි ආසාවෙන් බලපු Severance, Only Murders in the Building, Suspicion  කියන්නෙ මේවට උදාහරණ කීපයක්. ඔය ගොඩට අලුතෙන්ම එකතු වුණ සීරිස් එක තමා Anatomy of a Scandal කියලා කියන්නෙ.

James Whitehouse කියලා කියන්නෙ UK වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා මෙයාගෙ තරුණ කාලෙ ඉඳන්ම ඉන්න හොඳ බඩියා. මේ දෙන්න හොඳම යාලුවෝ. තේරෙනව ඇතිනෙ ජේම්ස් කියන්නෙ කොච්චර බලයක් තියෙන කැරැක්ටර් එකක්ද කියලා. ඒ වගේම ලස්සන Marriage Life එකක් ගත කරන කෙනෙක් තමා ජේම්ස් කියන්නෙ. මේ අතරෙ තමා ජේම්ස් සහ එයාගෙ Parliament Researcher විදිහට වැඩකරන Olivia Lytton කියන කාන්තාව අතරෙ අනියම් සම්බන්ධයක් පටන්ගන්නෙ. මේකෙන් තමන්ගෙ පවුල් ජීවිතයට වෙන හානිය ගැන හිතලා ජේම්ස් තීරණය කරන ඒ වෙනකොටත් මාස 05 තිස්සෙ ඇදිලා ගියපු සම්බන්ධය නවත්තල දාන්න.

හැබැයි දැන් තමා ඇත්තටම ප්‍රශ්ණ පටන්ගන්නේ. ඔලීවියා දූෂණ චෝදනාවක් එල්ල කරනවා සම්බන්ධය නවත්තලා ටික දවසකට පස්සේ ජේම්ස් එයාව දූෂණය කරා කියල. ඔතනින් එහාට මොනවද වෙන්නේ කියල දැනගන්නනම් එපිසෝඩ් හයක් තියෙන මේ සීරිස් එක බලන්නම වෙනවා.  

මේක Mini Series එකක්. ඒ කිව්වෙ මේ එපිසෝඩ් 06 න් මේ සිරිස් එක ඉවරයි. එපිසෝඩ් එකක රන්ටයිම් එක විනාඩි 45 වගේ තමා තියෙන්නෙ.

මේකෙ ස්ටෝරිය දැක්කම කට්ටියකට දැනටම වැඩේ එපාවෙන්න ඇති. මොකද එහෙම හිතෙන තරමට අපේ අය හොඳටම කරලනේ තියෙන්නෙ. මහ පාරෙ දූෂණය කරත් ඒක දවස් දෙකෙන් මීම් එකක් වෙනවා සතියක් යනකොට ලංකාවෙ උන්ට ඒක ආතල් එකක් වෙනවා 😒 Case closed ✌ එහෙම රටක මිනිස්සුන්ට මේව එපාවෙන එක අහන්න දෙයක් නෙවේ.

හැබැයි අපි හිතන දේශපාලනය සහ ඇත්තටම දේශපාලනය කියන්නෙ දෙකක්. ලංකාවෙ වගේ God Level එකේ ඉන්න දේශපාලකයෝ නෙවේ UK වල ඉන්නෙ. මේක බලනකොට ඔය කතාව ලස්සනට තේරෙයි. පාර්ලිමේන්තු සභිකයෙක් උනාට ජේම්ස් කියන්නෙ හරිම සරල මනුස්සයෙක්. අපි 8-5 ජොබ් එකක් කරනව වගේ තමා මනුස්සයගෙ ජොබ් එකත්. ඉන්නෙ සාමාන්‍ය ගේක. යන්නෙ කැබ් එකකින්. සරලවම කිව්වොත් සාමාන්‍යෙන් මනුස්සයෙක් කරන වැඩ ටික ඒ විදිහටම කරනවා. ගෙදර උයන වැඩේ පවා කරනව ඈ. ඔන්න ඔහොම තමා හිරු නොබසින අධිරාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජීවත්වෙන්නෙ. එතකොට දශක හතක් තිස්සෙ ලෝකෙ දුප්පත්ම රටක ඉන්න අපි දශක හතක් තිස්සේ මොනවද කරන්නේ කියලා හිතලා බලන්න. (හිතලා හොඳම සිංදුවට කතිරේ කෙලල තව තවත් යූස් වෙන්න) තවත් ඕනෙනම් ඔය දූශණ චෝදනාව එල්ල වුනාම ආණ්ඩුවෙන් ඕකට Respond කරන හැටිත් බලන්න. ඒ කරලා කල්පනා කරන්න එක්තරා රටක මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර වැඩකාරකමට හිටපු ළමයෙක් අභිරහස් විදිහට මැරුනම ඒ රටේ නීතිය ක්‍රියාත්මක උනේ කොහොමද කියලත්. කාර් පර්මිට් එකට වැඩවර්ජනය කරලා කෑගහන ඒ අහවල් රටේ එකෙක් පාරට බැස්සෙ නෑ ඒ ළමයට සාධාරණය ඉල්ලලා. 😒 මම කියන්නේ ඒ අහවල් රටේ මිනිස්සුන්ට කෙලවුනා හොඳටම මදි. තව වෙන්න තිබ්බේ. 😏

මේ සීරිස් එක අයිතිවෙන්නෙ Psychological Thriller Tategory එකට. මේ කැගරියේ ෆිල්ම් බලන අය දන්නවා මේව කොච්චර Mind Blowing ද කියලා. මේකත් ඒ වගේම තමා. එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට වැඩේ ඉන්ට්‍රෙන්ටින් වේගෙන යනවා. තව ශෝක් Symbolism එකකුත් තියෙනවා. පොඩි ළමයෙකුට උනත් තේරෙන එකක්. හැබැයි ඒක කතාවත් එක්ක ගලපලා තියෙන විදිහ මාරම Creative. කැමරාව ඇලකරලා දෙන Symbolism. 😏

 


අනිත් එක තමා මේකෙ ඉන්න කාස්ට් එක. සෑහෙන පර්ෆෙක්ට් කාස්‍ට් එකක් තමා අරන් තියෙන්නෙ.සේරම ඉන්නෙ බිග් ප්‍රොජෙක්ට්ස් වල හිටියත් හොලිවුඩ් වල වැඩිය කතාබහට ලක්වෙන්නෙ නැති චරිත. හැබැයි සෑහෙන ටැලන්ටඩ් අය. දැන් බලමු මේකෙ ඉන්න කුපිරිම කාස්ට් එක කවුද කියලා.

 

Rupert Friend as James Whitehouse


රුපට් එහෙමත් නැත්තම හැමෝම දන්න Hitman Aජම්ත 47 තමා  අපේ කතා නායකයා James Whitehouse ගෙ කැරැක්ටර් එක කරන්නෙ. චරිතයට කරන්න පුළුවන් උපරිමය කරල තියෙනවා. වැඩියෙ පේන්න ඉන්නෙ කෙනෙක් නොවුනට සෑහෙන Energy එකකින් රඟපාන්න පුළුවන් කෙනෙක් තමා රුපට් කියන්නෙ. ඒක හොඳටම තේරෙයි මේක බලාගෙන යනකොට. ඕඩියන්ස් එකට කැරැක්ටර් එක ඇතුලෙ තියෙන Crisis එක හොඳටම ෆීල් කරන්න පුළුවන්.

 

Sienna Miller as Sophie Whitehouse


ජේම්ස් ගෙ වයිෆ්ගෙ කැරැක්ටර් එක තමා සියෙනා කරන්නෙ. සීරිස් එකේ Mainly ම ෆෝකස් වෙන්නෙ මේ දෙන්නගෙ කසාද ජීවිතය. දාහක් ප්‍රශ්ණ මැද මේක හරි ලස්සනට ගලාගෙන යනවා. සාමන්‍යෙන් මේ වගේ ප්‍රශ්ණෙකදි වයිෆ් කෙනෙක් හැසිරෙන හැටියට නෙවේ සොෆී හැසිරෙන්නෙ. මොන කුණුකතාව කිව්වත් මහත්තයා ගැන හොඳ විශ්වාසෙකින් ඉන්න මාරම Supportive කෙනෙක්. (fiction නිසා හොඳයි). Main Story එක හැටියට Trial එක යනකොට Sub Story එකක් හැටියට මේ දෙන්නගෙ තරුණ කාලෙ කතාවක් වෙනම Flash Backs වලින් පෙන්නනවා. මෑත කාලෙ මම සීරිස් එකකින් දැකපු සාර්ථකම විදිහට බිල්ඩ් අප් කරපු කැරැක්ටර් එකක් තමා මේ. Sophie ගෙ තරුණ කාලෙ කැරැක්ටර් එක කරන්නෙ Eternals ෆිල්ම් එකෙ සුළු චරිතෙකට හිටපු Hannah Dodd.

 

Michelle Dockery as Kate Woodcroft


මිෂෙල් ඉන්නෙ Olivia ගෙ ලෝයර්ගෙ කැරැක්ටර් එකට. මෙයා ක්‍රිස් එවන්ස් එක්ක රඟපාපු Defending Jacob සීරිස් එක බලල ඇතිනෙ. (නැත්තම් අනිවා බලන්න. Mind blowing කියන එකේ උපරිමයට ගියපු සීරිස් එකක්). ඕන ඒ වගේම සුපිරි වැඩකට තමා ආයෙ අතගහල තියෙන්නෙ. ජේකොබ්ගෙ අම්මා වගේම සාධාරණය පැත්තට කතාකරන කැරැක්ටර් එකක් තමා මේකෙත් කරන්නෙ. ඇපල් එකෙන් ආව දක්ශයෙක්.

 

Naomi Scott as Olivia Lytton  


නයෝමිව නොදන්න කෙනෙක් නෑනේ. නයෝමිගෙ ප්‍රසිද්ධම ෆිල්ම් එක තමා Aladdin කියන්නෙ. මේකෙ නයෝමි කරපු කැරැක්ටර් එකට මිශ්‍ර ප්‍රතිචාරයක් තමා හම්බුනේ. කොටසක් හොඳටම හොඳයි කියද්දි තවත් කොටසක් නයෝමිගෙ ඇක්ටින් හරි නෑ කිව්ව. මෙයාගෙ අනිත් ෆිල්ම් වලටත් ඒ සෙතේම තමා. හැබැයි මේකෙනම් ඇඬෙන්නම කැරැක්ටර් එක කරලා තියෙනවා. ඇලඩින් බලපු අයට හිතෙයි මෙච්චර කල් ෆීල්ඩ් එකේ ඉඳලත් මුන් මොනවද කරලා තියෙන්නෙ කියලා. ඒ තරමට පර්ෆෙක්ට් ඇක්ට් එකක් තමා නයෝමිගේ තියෙන්නෙ. මේ සීරිස් එකේ ඉන්න ගොඩක් ඇක්ටර්ස්ලා එහෙමයි. දැන් තමා Colours  පෙන්නන්න අරන් තියෙන්න. ඉස්සරහට හොඳ හොඳ වැඩ ටිකක් අලාගන්න පුළුවන් වෙයි.

මෑතකාලෙ හොලිවුඩ් දිහා බලනකොට කොට තේරෙන දෙයක් තමා ලොකු ලොකු ෆ්‍රැන්චයිස් වලට කොටුවෙලා හිටපු ඇක්ටර්ස් ල ඒවගෙන් ෆෑන්බේස් හදාගෙන දැන් මේ වගේ සීරිස් වලින් ටැලන්ට් එක පෙන්නන්න පටන්ගෙන තියෙන්නෙ කියලා. ඕකට හොඳම උදාහරණයක් තමා Sebastian Stan. MCU එකේ අවුරුදු 07 විතර පල්වෙලා දැන් තමා ටැලන්ට් එකෙන් වැඩගන්න පටන්ගෙන තියෙන්නෙ.

කොහොමත් ඊළඟ අවුරුදු 05 ඇතුලත RDJ ල, ස්කාර්ලට් ජොහැන්සන් වගේ චරිත දැන් හොලිවුඩ් වල ඉන්න තත්වෙන් පහලට වැටෙනවා. මොකද ෆෑන්බේස් කැරකෙන්නෙ අර පැත්තට. මිනිස්සු Ironman ව උනත් බදාගෙන ඉන්න කාලයක් තියෙනවා.

ලිපිය ඉවරකරන්න කලින් පොඩි අවවාදයක් දෙන්නම් මේ සිරීස් එක බලල ඉවරවෙනකම් මේකෙ ඉන්න කිසිම කැරැක්ටර් එකක් ගැන Judge කරන්න යන්න එපා. මොකද හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට.

එහෙනම් බලන්න, සප්‍රයිස් වෙන්න, ෆීල් කරන්න 😁

6 Comments

  1. ඔක්කොටම කලින් දැනගන්න Michelle Dockery කියන්නේ ඇපල් එකෙන් ආව කෙනෙක් නෙවෙයි ඈ. එය ෆේමස් උනේ Downton Abbey සීරිස් එකේ ලේඩි මේරි විදිහට. ලංකාවේ ප්රසිද්ධ නැති එකෙන් කියන්නෑ එයා ලෝකේ අනික් මිනිස්සුත් දන්නේ නැ කියල. අනික් එක්කෙනා ස්කාර්ලට් ජොහැන්සන් mcu ලබ්බ නැති උනා කියල ටැලන්ට් ඒක නැති වෙන්නෑ. lost in translation, girl in pearl ear rings, marriage story, එහෙම බලල ජජ කරන්න එයාව.

    ReplyDelete
    Replies
    1. mun kamathi na ban MCU ekata.ekayi mw

      Delete
    2. ආටිකල් එක ලියලා තියෙන්නේ සිංහලෙන් ලංකාවේ මිනිස්සුන්ට. එතකොට ඒකේ කියන ඒවා කියන්නේ සිංහල තේරෙන ලංකාවේ මිනිස්සුන්ට.

      Delete
    3. mr. sanindu යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තරෙයක්නේ. ඔයාල කියල තියෙන්නේ Michelle Dockery ඇපල් එකෙන් ආව දක්ෂයෙක් කියල. ලංකාවේ මිනිස්සු දන්නේ එකෙන් උනාට එයාව ලෝකේ මිනිස්සු දන්නේ මන් කිව එකෙන්. එහෙනම නං කියන්න ඕන අපි දන්නේ defending jacob එකෙන් කියල.

      Delete
  2. RWC එකේ දැන් ආටිකල් වර්ග දෙකයි තියෙන්නෙ. එකක MCU එකට හොඳ කියනව, අනික්වල බයිනව. MCU ගාවන්නෙ නැති ඒව නැතිද මන්ද . ඉස්සර ඉඳන් ඔයාලව ෆලෝ කරන කෙනෙක් විදියට කියන්නෙ ඒක හරි කැතයි අප්ප!

    ReplyDelete
    Replies
    1. මුලු ආටිකල් එකම කියෙව්වට පස්සෙත් අහු වෙන්නේ මාර්වල් කැල්ල විතරනම් ඒක අපේ නෙමේ උබගෙ ප්‍රශ්නයක් මචං. හද පෙන්නුවාම ඇගිල්ල ඇදේ හොයන එක නවත්තහන්. ඒම ඇගිල්ලේ ඇද හොයන්න ගිහින් තමා 2019 කිරිබත් කාලා රතිඤ්ඤා දාලා ගෙනාව එකා පිස්සෙක් කියලා දැන් තේරිලා තියෙන්නේ...

      Delete
Post a Comment
Previous Post Next Post