Prime Video Presents India!!!
ඉන්දියන් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලොකුම දවසක්!! නෙට්ෆ්ලික්සලගෙ ටුඩුම්, ඩිස්නිලගෙ ඩිස්නි+ ඩේ එක එහෙම දන්නවා,ඇතිනෙ හැමෝම. Prime Video Presents India කියන්නෙ ඇමසන්ලගෙ අලුත්ම ඉන්දියන් කන්ටෙන්ට් ගැන අනව්න්ස්මන්ට් දෙන ඉවෙන්ට් එක. හින්දි, තෙලිගු, දෙමල භාශා ත්‍රිත්වයෙන්ම අලුත් ප්‍රොජෙක්ට්ස් 40කට වඩා අද මේ ඉවෙන්ට් එකේදි අනව්න්ස් කරා. මේවා මේ දෙකයි පනහෙ ප්‍රොජෙක්ට් නෙවේ ඈ 😂 ඔක්කොම බිග් බජට්, ටොප් ක්ලාස් ඇක්ටර්ස්ලා එක්ක කරන ප්‍රොජෙක්ට්ස්. ඒ වගේම ඇමසන්ලගෙ සුපර් හිට් සීරීස් ගොඩක් අද අලුත් සීසන් එකකට රිනීව් කරා. ඔයා ටෲ ඉන්දියන් ෆිල්ම්/සීරීස් ෆෑන් කෙනෙක්නම් ඒ ටික දැක්ක ගමන් උන් හිටි තැන් අමතක වෙයි. Mark my words 😌 පර්සනලි මම අනිත් ස්ට්‍රීමින් සර්විස්වලින් කරපු හැම ඉවෙන්ට් එකකටම වඩා මේකට සැටිස්. ඇයි කියලා කියවන් යද්දි තේරෙයි.
ඉවෙන්ට් එකේ අනව්න්ස්මන්ට් ටික කියන්න කලින් තව පොඩි සෑඩ් නිව්ස් එකකුත් කියන්න තියනවා. මතක ඇතිනෙ පහුගිය දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ ලොකු පසුබෑමක් දකින්න ලැබුන කියලා. මේ නිසාම නෙට්ෆ්ලික්ස්ලා එයාලගෙ ගොඩක් ඔරිජිනල් කන්ටෙන්ට්ස් අඩු කරන්න තීරනය කරලා තියනවා. කියන්න කනගාටුයි මිත්‍රවරුනී නෙට්ෆ්ලික්ස්ලා එයාලගෙ ඔරිජිනල් ඉන්දියන් ප්‍රොජෙක්ට්ස් 90%ක්ම අයින් කරලා. 😣 නෙට්ෆ්ලික්ස් කියන්නෙ ඉන්දියන් වෙබ් සීරීස්වලට මුල් ගල තියපු ආයතනය. Sacred games, Betaal, Delhi Crimes වගේ සුපර් හිට් වෙබ් සීරීස් ඔක්කොම නෙට්ෆ්ලික්ස්ලගෙ. මේක එයාලා ගත්තු ලොකුම වැරදි තීරනයක් කියලා ලගදිම බලාගන්න පුලුවන් වෙයි. සෑඩ් නිව්ස් එකත් එක්කම හැපි නිව්ස් එකකුත් තියේ 😁 ඇමසන් එකෙන් Ajay Devgn FFilms, Dharma Productions, Excel Entertainment ඇන්ඩ් Yash Raj Films කම්පැනි එක්ක ඩීල් ගහලා. ලගදිම මේ කම්පැනීස් ඔක්කොගෙම ෆිල්ම්ස් ඇමසන් වැටෙයි. ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියන කෙනෙක් දන්නවා මේ ප්‍රඩක්ශන් කම්පැනීස් ටික කොච්චර මොන වගේ දැවැන්ත වැඩද කරලා තියෙන්නෙ කියලා.
යමු එහෙනම් කෙලින්ම අනව්න්ස්මන්ට් ටිකට...
ඉවෙන්ට් එක හොස්ට් කරේ කරන් ජොහාර්.
Jubliee කියලා ෆික්ශනල් පීරියඩ් සීරීස් එකක් අනව්න්ස් කරා. මේකෙ ප්ලොට් එක 90sවල බොලිවුඩ් එක ගැන කියලා තමයි සදහන් වෙන්නෙ.
Family Man බලලා තියනවද? ඇමසන්ලගෙ ෆේමස්ම සීරීස් එක මේක. Manoj Bajpaee තමයි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ. බලලා නැත්නම් අනිවා බලන්න. One of the best...මේකත් තව සීසන් එකකට රිනීව් කලා.
ඇමසන්ලගෙ සුපිරිම ත්‍රිලර් ඩ්‍රාමා එකක් වෙන Mirzapur සීසන් 3වලට රිනීව් කලා. පන්කජ් ත්‍රිපති තමා ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ.
P.I. Meena කියලා ක්‍රයිම් මිස්ට්‍රි සීරීස් එකක් අනව්න්ස් කරා. ෆීමේල් ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් ගැනලු සීරීස් එකේ තියෙන්නෙ.
Shehar Laklot කියලා neo noir සීරීස් එකක් අනව්න්ස් කරා. නොකරපු වැරැද්දක් වෙනුවෙන් තමන්ගෙ ඉනසන් එක පෲ කරන්න ට්‍රයි කරන කෙනෙක් ගැනලු සීරීස් එකේ තියෙන්නෙ.
Naga Chaitanyaව දන්නවනෙ? තෙලිගු සිනමාවෙ සාර්ථකම නලුවෙක්. බොසාගෙ සුපර්නැචුරල් හොරර් සීරීස් එකක් අනව්න්ස් කරා. නම Dhootha.
Sweet Karem Coffie කියලා ටැමිල් සීරීස් එකක් අනව්න්ස් කරා. මේ සීරීස් එක රෝඩ්ට්‍රිප් එකක් ගැනලු බේස් වෙලා තියෙන්නෙ.
Suzhal The Vortex නමින් සයිෆයි මිස්ට්‍රි සීරීස් එකක් අනව්න්ස් කරා. පොඩි ටව්න් එකක සිද්ද වෙන මිසින් කේස් වගයක්ලු මේ සීරීස් එකේදි අපිට බලාගන්න පුලුවන්.
Vadhandhi කියලා ත්‍රිලර් සීරීස් එකක් අනව්න්ස් කරා. තරුනියක් ඝාතනය කරන සිද්දි මාලාවක් වටේලු සීරීස් එක බේස් වෙන්නෙ.
ඉන්දියාවෙ ටොප් ඇක්‍ටර් කෙනෙක් වෙන ආර්‍යා ප්‍රධාන චරිතයෙන් එකතු වෙන හොරර් සීරීස් එකක් අනව්න්ස් කරා. මේක ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉන්දියාවෙ ෆස්ට් එවර් ග්‍රැෆික් නවල් බේස්ඩ් සීරීස් එක තමයි මේක. නම The Village.
Modern Love නමින් දෙමල, තෙලිගු, හින්දි භාශා තුනෙන්ම සීරීස් තුනක් අනව්න්ස් කරා.
මීට ටික කාලෙකට කලින් ආක්ශේ සහ ජැක්ලීන් ප්‍රධාන චරිතවලින් එකතු වෙන රාම් සේතු මූවි එක අනව්න්ස් කරා. අද ඉවෙන්ට් එකේදි මේ මූවි එකේ ෆස්ට් ලුක් එකක් රිලීස් කරා.
විද්‍යා බාලන් ප්‍රධාන චරිතයෙන් එකතු වෙන Neeyat ක්‍රයිම් මූවි එක අනව්න්ස් කරා. මේකෙ ප්ලොට් එක විදිහට බිලියනෙයර් කෙනෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකක සිද්ද වෙන මර්ඩර් එකක් solve කරන විදිහ අපිට බලාගන්න පුලුවන්ලු.
මතකද අවුරුදු කීපෙකට කලින් Breath Into The Shadows නමින් සීරීස් එකක් නිකුත් උනා? ප්‍රධාන චරිතයෙන් එකතු උනේ බොලිවුඩ් සුපිරි නලු අභිශේක් බච්චන්. මේක එදාමෙදාතුර ඉන්දියන් රූපවාහිනී කතාමාලා ඉතිහාසයේ හොදම සීරීස් එකක් විදිහටයි සැලකෙන්නෙ. මේ සුපර්හිට් එක සීසන් 2වල රිනීව් කරා. තවත් ට්විස්‍ට් සහ මයින්ඩ්ගේම් ගොඩක් එක්ක පට්ටම ත්‍රිලින් රයිඩ් එකක් යන්න ලෑස්ති වෙන්න එහෙනම්.😻
මතකද ඇමසන්ලගෙ ෆස්ට් එවර් ඉන්දියන් වෙබ් සීරීස් එක? නමින් Made In Heaven. මේ සීරීස් එකත් සීසන් 2වලට රිනීව් කරා.
ඉන්දියානු සිනමාවට කොච්චර හොද නිර්මාන තිබුනත් බය නැතුව මාස්ටර්පීස් කියන්න පුලුවන් නිර්මාන බොහොම පොඩ්ඩයි තියෙන්නෙ. Paatal Lok කියන්නෙ ඒ අතලොස්සෙන් එකක්. මේ මාස්ටර්පීස් එකත් සීසන් 2වලට රිනීව් කලා.
Adhura කියලා සුපර්නැචුරල් ත්‍රිලර් එකක් අනව්න්ස් කරා. බෝර්ඩින් ස්කූල් එකක සිදුවෙන සුපර්නැචුරල් සිද්දිදාමයක්ලු කතාවට බේස් වෙන්නෙ.
Jee Karda නමින් සීරීස් එකක් අනව්න්ස් කරා. තමන්නා ඉන්නවා කාස්ට් එකේ. චයිල්ඩ්හුඩ් ෆ්‍රෙන්ඩ්ලා හත්දෙනෙක් තරුන වයසට ආපුහාම වෙන සිදුවීම් කිහිපයක්ලු මේ සීරීස් එකේ ඇතුලත් වෙන්නෙ.
Bambai Meri Jaan කියලා ක්‍රයිම් සීරීස් එකක් අනව්න්ස් කරා. පොලිස් ඔෆිසර් කෙනෙක් එයාගෙ ෆැමිලි එක බේරගන්න ස්ට්‍රගල් කරන විදිහලු සීරීස් එකේ අන්තර්ගත වෙන්නෙ.
Dancing On The Grave නමින් ටෲ ස්ටෝරි එකකින් බේස් වෙන ක්‍රයිම් ස්‍රීස් එකක් අනව්න්ස් කරා. මේ සීරීස් එකේ ක්‍රයිම් සීන්වල රියල් ෆුටේජ්ස් පවා අපිට බලාගන්න පුලුවන්ලු.
Majaa Maa නමින් කොමඩි මූවි එකක් අනව්න්ස් කරා. අම්මෙක් තමන්ගෙ පුතාගෙ මැරේජ් එක ප්ලෑන් කරන විදිහ මූවි එකෙන් බලාගන්න පුලුවන්.
Ammu කියලා මිස්ට්‍රි මූවි එකක් අනව්න්ස් කරා. Abuse ගැන මූවි එකක් කියලා තමයි සදහන් වෙන්නෙ.
Call Me Bae නමින් ඩ්‍රාමා සීරීස් එකක් අනව්න්ස් කරා. Billionaire Fashionista කෙනෙක් ගැනලු ප්ලොට් එක බේස් වෙලා තියෙන්නෙ.
ටෲ ස්ටෝරි එකකින් බේස් වෙන Aye Matan Mere Watan සීරීස් එක අනව්න්ස් කරා.
India Love Project රොමෑන්ස් සීරීස් එක අනව්න්ස් කරා. ඉන්දියාවෙ ප්ලේසස් කිහිපයක ලව් ස්ටෝරීස් කිහිපක් ගැන සීරීස් එකේ පෙන්නනවලු.
මුලින්ම කිව්වා වගේ මේ වෙද්දි ඇමසන්ලා ඉන්දියාවෙ ලොකුම ෆිල්ම් ප්‍රඩක්ශන් කම්පැනි සේරම එක්ක වගේ ඩීල් ගහලා තියෙන්නෙ. මේ කම්පැනීස්වල ෆිල්ම්ස් 3-5 අතර ප්‍රමානයක පෝස්ට් තියටරිකල් රිලීස් රයිට්ස් මේ ඩීල්ස් නිසා ඇමසන්ලට ලැබෙනවා.
Dharma Production
- Jug Jug Jeeyo
- Govinda Nam Mera
- Rocky Our Rani Ki Prem Kahani
Ajay Devgan FFilms
- Runway 34
- Thank God
- Drishyam 2
- Bhola
Yash Raj Films
- Jayeshbhai Jordaar
- Prithviraj
- Tiger 3
- Pathaan
- Shamshera
Excel Entertainment
- Phone Bhoot
- Yudra
- Fukrey 3
- Jee Le Zara
- Kho Gaye Hain Hum Kahan
මේ සේරම බොලිවුඩ්වල බිග් ප්‍රොජෙක්ට්ස්. මුලු ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියම ඇමසන්ලා අල්ලගන්න යන පාටක් තමයි පේන්න තියෙන්නෙ.
ඉවෙන්ට් එක අන්තිමට කොප්වර්ස් එකේ පලවෙනි සීරීස් එක වෙන Indian Police Force සීරීස් එකේ පැනල් එක තිබුනා. රෝහිත් ශෙට්ටි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා දෙදෙනාම මේ පැනල් එකට සහභාගී වුනා.
නෙට්ෆ්ලික්ස් එක ටිකෙන් ටික ඉන්දියන් සිනමාවෙන් අයින් වෙද්දි ඇමසන්ලා මේ ගහන ගේම නම් පට්ටම. අද අනව්න්ස් කරපු ප්‍රොජෙක්ට් සේරමත් උඩ කියලා නෑ. තව ඩොකියුමන්ට්‍රි එහෙම කීපයක්ම තිබුනා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නෙ ඉදිරි අවුරුදු පහටලු. ඔතනින් පහක් හෝ හයක් වගේ සුලු ප්‍රමානයක් තමයි අපිට මේ අවුරුද්දෙ බලාගන්න වෙන්නෙ.