Marvel Infinity #04
කාලෙකට පස්සේ තමා මේ මාවල් කැරැක්ටර් එකක් ගැන ලියන්න ගත්තේ. පොඩි පොඩි හේතු කීපයක් නිසා අතෑරලාම දාපු ලිපි සෙට් එක ආපහු පටන්ගන්න තමයි මේ ලකලැහැස්ති වෙන්නේ.
මාවල් සමාගම MCU phase 05 එක පටන්ගන්න ලෑස්තිවෙලා ඉන්නේ Ant-Man & Wasp: Quantamania ෆිල්ම් එකෙන්. සෑහෙන්න කාලෙකට කලින් (අවුරුද්දකටත් වඩා බොහොම වැඩි) ශූටිනුත් ඉවරකරපු මේ ෆිල්ම් එක ලබන මාසේ 17 රිලීස් වෙනවා. මාවල්ලා කියන හැටියට මේ ෆිල්ම් එකෙන් අපිට ඊලඟ MCU big bad වෙන Kang the Conqueror වත් බලාගන්න පුළුවන් වගේම ඊලඟට එන්න තියෙන Secret Wars එකටත් කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒක නීසා අද ලිපිය අරන් ආවෙ Ant-Man ගැන.
ඔක්කටම කලින් කියන්න ඕනෙ MCU එකේ සහ කොමික්වල ඉන්න Ant-Man කියන්නෙ දෙන්නෙක්. කොමික්වල ඉන්න ඔරිජිනල් Ant-Man තමා Dr.Hank Pym. මෙයා මාවල් කොමික්ස්වල ඉන්න ජීනියස්ම අයගෙනුත් එක්කෙනෙක්. කොමික්වලදි Ultron AI එක පවා මෙයාගෙ නිර්මාණයක්. අල්ට්රෝන් කියන්නේ ඇවෙන්ජර්ස්ලට හිටපු කරදරකාරම විලන්ස්ලගෙන් එක්කෙනෙක්. ඒකෙන්ම හිතාගන්න මෙයා කොච්චර ජීනියස් කෙනෙක්ද කියලා.
කලින් කිව්වත් වගේ හෑන්ක්ස් කියන්නෙ ජීනියස් කෙනෙක් වගේම සයන්ටිස්ට් කෙනෙක්. මෙයා අලුත්ම particle එකක් නිර්මාණය කරනවා. මේකට නම තියන්නෙ Pym Particles කියලා. මේ Pym Particles වලට පුලුවන් ජීවී හෝ අජීවී ඕනෙඅ දෙයක molecular structure එක වෙනස් කරන්න. මේක ටෙස්ට් කරන පලවෙනි පාර ඈන්ක් පොඩිවෙලා කූඹි වගයක් මෙයාට ඇටෑක් කරනවා. මේක නිසා මෙයා හෙල්මට් එකක් නිර්මාණය කරනවා කූඹිත් එක්ක communicate කරන්න. ඕක තමා කොමික්වල Ant-Man ඔරිජින් එක. හීරෝ කෙනෙක් උනාට පස්සෙ හෑන්ක් හල්ක්, තෝර්, අයන් මෑන් සහ Wasp (හෑන්ක්ගෙ gf) එක්ක එකතුවෙලා පලවෙනි ඇවෙන්ජර්ස් ටීම් එක හදනවා. මේ කට්ටියම තමා පස්සෙ කාලෙක අයිස් යට හිරවෙලා ඉන්න Captain America වත් හොයාගන්නෙ.
ඒත් හෑන්ක් Pym Particles එක්ක කරන පරීක්ශණ දිගටම කරගෙන යනවා. මේ පරීක්ශණ වලදි එයා තේරුම් ගන්නවා Pym Particles වලින් තමන්ට විශාල වෙන්නත් පුළුවන් කියලා. මේකෙන් පස්සෙ හෑන්ක් Ant-Man නම අතෑරලා Giant-Man කියන හීරෝ වෙනවා.
හැබැයි දිගටම කරන පර්රික්ශණ නිසා හෑන්ක්ට Schizophrenia කියන තත්වය හැදෙනවා (ඕකට සිංහලෙන් කියන්නෙ භින්නොද්මාදය වගෙ නමක්. ගූගල් කරලා බලන්න). ඔතනින් තමා හෑන්ක්ගෙ Yellowjacket කියන පර්සනැලිටි එක හැදෙන්නෙ (කලින් කිව්වනෙ කොමික් වෙනස් කියලා 🙌). මේ Yellowjacket කියන පර්සනැලිටි එක නිසා හෑන්ක් ගොඩක් abusive වෙනවා. පස්සෙ Ant-Man සූට් එක අතෑරලා Yellowjacket කියල වෙනම සූට් එකක් පවා හදාගන්නවා.
ඔතනින් පස්සෙ තමා අපි දන්න ස්කොට් ලෑන්ග් කියන කෙනා Ant-Man වෙන්නෙ. මෙයා ජොබ්ස් ගොඩක් කරල හරියන්නෙ නැති නිසා හොරකමට යොමුවෙච්ච කෙනෙක්. මේ හොරකමක් අතරතුරදි ස්කොට්ව පොලීසියට අහුවෙලා හිරේ යනවා. මේ නිසා ස්කොට්ගෙ වයිෆ් පෙගී මෙයාව දික්කසාද කරනවා. හිරෙන් එලියට ආවට පස්සෙ මෙයා Stark Industries වල ජොබ් එකක් කරනවා. හැබැයි මේ කාලෙම ස්කොට්ගෙ දුව කැසීට heart condition එකක් හැදෙනවා. මේකට surgery එක කරන්න පුළුවන් එකම ඩොක්ටර්ව Cross Tech Enterprises එකේ CEO Darron Cross පැහැරගන්න නිසා ස්කොට් ආපහු පරණ පුරුදු රස්සාවටම වැටෙනවා. හෑන්ක් යූස් කරපු පරණ Ant-Man සූට් එකක් හොරකම් කරන ස්කොට් ඒක වැඩකරන හැටි තනියෙන් ඉගෙනගෙන ඩැරන් ගාව ඉන්න ඩොක්ටර්ව බේරගන්නවා. (විශේෂයෙන් කියන්න ඕනෙ MCU එකේ Yellowjacket උනාට කොමික්වල ඩැරන් ක්රොස් කියන්නෙ හදවතට යූස් කරන pacemaker එකක් නිසා ශර්රිරය විකෘති වෙලා සහ heart condition එකක් තියෙන කෙනෙක්. (Quantamania එකේදි මෙයා M.O.D.O.K විදිහට බලාගන්න පුළුවන්)
මේකෙන් පස්සෙ තමන් කරපු දේ නීතිවිරෝධී නිසා ස්කොට් පොලීසියට බාරවෙනවා. හැබැයි සූට් එක හොරකම් කරපු විදිහ ගැන impress වෙන නිසා සහ හොඳ හේතුවක් තිබ්බ නිසා. හෑන්ක් ස්කොට්ට දිගටම Ant-Man වෙන්න කියලා කියනවා. ඔහොම තමා ස්කොට් ලෑන්ග් කියන කෙනා ඊලඟ Ant-Man වෙන්නේ. (Earth’s Mightiest Heroes ඇනිමේශන් සීරිස් එක බැලුවානම් ඒකෙත් තියෙන්නෙ මේ වගේම ඔරිජින් එකක්.)
හීරෝ කෙනෙක් උනාට පස්සෙ ස්කොට් ඇවෙන්ජර්ස්ලා එක්කත් එකතුවෙනවා වගේම කාලයන් Fantastic Four එකේ සාමජිකයෙකුත් වෙනවා. මෙතනදි රීඩ් තමයි ස්කොට්ට කියන්නෙ එයාගෙ තැන ගන්න කියලා.
පස්සෙ කාලෙක Scarlet Witch ගෙ මොලේ අවුල්වෙලා Avengers Mansion එකට ඇටෑක් කරන නිසා ස්කොට් මැරෙනවා. මේව වෙන්නෙ Avengers : Disassembled කොමික් එකේදි.
මේ සිද්දි උනාට පස්සෙ ටික කාලයක් ගියාම Young Avengers ටීම් එක හැදෙනවා. මේ කාලෙදි තමා ස්කොට්ගෙ දුව කැසී ලෑන්ග් සුපර් හීරෝ කෙනෙක් වෙන්නේ. හැබැයි කැසී කියන්නෙ ටිකක් ස්පෙශල් කෙනෙක්. මෙයාගෙ Genes වල තියෙන වෙනසක් නිසා Pym Particles යූස් නොකරම molecular structure එක වෙනස් කරන්න පුළුවනි.
Young Avenger කෙනෙක් උනාට පස්සෙ කැසී Civil War එක කාලෙදි කැප්ටන් ඇමෙරිකාගෙ පැත්තට සටන් කරනවා. පෙගී සහ එයාගෙ bf මේකට විරුද්ධ වෙන නිසා මෙයා හොරෙන් තමා මේවට යන්නෙ. කැසීගෙ love interest එක වෙන්නෙ Kang the Conqueror ගෙ younger self එක වෙන Iron Lad. (Quantamania එකේදි කැසීවත් හිරෝ කෙනෙක් හැටියට බලාගන්න පුළුවන්. හැබැයි MCU එකේනම් කැසීව Stinger විදිහට introduce කරන්න ලෑස්ත්වෙන පාටක් තමා මටනම් පේන්නෙ. කොමික්වල කැසීගෙ Stature කියන නමින් තමා ඉන්නෙ. Stinger කියනේ එයාගෙ දෙවෙනි Alias එක.)
![]() |
Stature |
පස්සෙ කාලෙක ස්කොට් ආයෙමත් ජීවතුන් අතරට එනවා. (well you know no one stays dead in comics 😹)
මේ ආවට පස්සෙ ස්කොට් Stark Industries වල Head of Security වෙන්න ට්රයි කරනවා. මොකද ස්කොට් කියන්නෙ සල්ලි අතින් ගොඩක් හොඳ පසුබිමක් තියෙන කෙනෙක් නෙවේ. හැබැයි ටෝනි මේකට ඉඩදෙන්නෙ නෑ. මොකද ටෝනි විශ්වාසකරන්නෙ ස්කොට් එයාඅගෙ කම්පැනි එකට හරියන්නෑ කියලා (MCU එකේ සුදුහුණු ගෑවට කොමික්වල ටෝනි කියන්නෙ මහ අපතයෙක් කියලා කියන්න පුළුවන් චරිතයක්. මට පෞද්ගලිකව පේන්නම බැරි කොමික් කැරැක්ටර් එකක්. Civil War සහ 2009 Black Panther රන් එක කියෙව්වොත් ඒක හොඳටම තේරෙයි.😤) මේක නිසා ස්කොට් කරන්නෙ ලෝකෙ ටෙක් ජීනියස් කියල හිතන් ඉන්න ටෝනිගෙ එපාර්ට්මන්ට් එකට හොරෙන් පැනලා මිනිහගෙ private security system එක හැක් කරන එක. (යකාගෙ බඩුවක් ඉතින්😅)
එහෙනම් ඔය කියපු ටික අදට ඇතියි කියලා හිතනවා. Ant-Man ගැන තවත් දැනගන්න ආසනම් Nick Spencer ගෙ Ant-Man රන් එක කියවන්න කියලා යෝජනා කරනවා. මේක එන්නෙත් Ant-Man ෆිල්ම් එක ආපු 2015 අවුරුද්දෙමයි ගොඩක් හුරුපුරුදු කැරැක්ටර් එකක් නොවෙන නිසා මේක ලියලා තියෙන්නෙ Ant-Man කියන නමවත් අහලා නැති කෙනෙකුටත් තේරෙන විදිහට. සරලවම මාවල් කොමික්ස් කියවන්න ආසාවෙන් ඉන්න කෙනෙකුටත් හොඳ starting point එකක් තමා මේක.
ඊළඟ ලිපිය බොහෝදුරට Adam Warlock ගැන හෝ M.O.D.O.K ගැන වැටෙයි. අදට සමුගනිමු!
Supiri article eka majan 👍
ReplyDelete