ගෝතම් හෙවනැලි | Beware The Court Of Owls (DC Uprising #5 )

DC Uprising #5: The Court Of Owls


Hello There Fellow Geeks ✌️ ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් Uprising Article එකක් ගේන්න හිතුවා.මම මගෙ අන්තිම ආටිකල් එකෙ පොරොන්දු වුනේ Zatanna ගැන ගේනවා කියලා.මම මේ Uprising Articles පටන් ගත්තේ DCU Movie Universe එකට අලුතෙන් සෙට් වෙන Characters වල Comic වටපිටාව පැහැදිලි කරන්න.හැබැයි මේක මට ටිකකට නතර කරන්න වුනා මොකද WB එකෙ පරිපාලනය වෙනස් වෙලා DCU එකම කණපිට ගහපු නිසා 😅 ඉතින් මම Zatanna ගැන ලියන එක Postpone කරල ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලල තිබ්බ Infamous Batman Villain ලා වෙන "Court Of Owls" 🦉 ලා ගැන ලියන්න හිතුවා.

වැඩි කතා නැතුව එහෙනම් දැන් Article එකට බහිමු 😉

 "Beware The Court of Owls, that watches all the time, ruling Gotham from a shadowed perch, behind granite and lime. They watch you at your hearth, they watch you in your bed, speak not a whispered word of them, or they'll send the Talon for your head"    

කියෙව්වද ? ☝️ කයෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන් කියවන්න.මොකද Court Of Owls ලා ගැන ලොකු අවබෝධයක් මේ Poem එකෙන් ගන්න පුලුවන්.මේ Poem එක ගෝතම් වල අය එයාලගෙ ලමයිට පොඩි කාලෙ කියල දෙන Poem එකක්.මේකෙ කියන විදිහට මෙයාලා Gotham පාලනය කරනවා හෙවනැලි වල හැන්ගිලා.ඒ වගේම එයාලා හැම කෙනෙක් දිහාම ගොඩක් විමසිල්ලෙන් බලන් ඉන්නවා.එයාලගෙ පැවැත්ම ගැන කවුරුහරි දැනගත්තොත් ඒ කෙනාට පණ පිටින් ඉන්න වෙන්නෙත් නෑ 🥶 ඉතින් මේක පොඩි ලමයින්ව බය කරන්න කිව්ව කතාවක් වගේ පෙනුනට මේ Court Of Owls ලා ඇත්තටම Exist වෙනව කියලා Batman ට දැනගන්න හම්බුනා.

Scott Snyder ගෙ Batman New 52 Run එකෙ Court Of Owls / Night Of Owls කියන Comic Vol වලින් තමා මේ Villainල සෙට් එක මුලින්ම කරලියට එන්නෙ.මෙයාලා ආපු ගමන් Batman ගෙ Dangerous ම Villain අතරින් උඩම තැනක් ගන්න පුලුවන් වෙනවා.බැට්මෑන් කියන්නෙ කෙනෙක්ට සප්‍රයිස් කරන්න පුලුවන් චරිතයක් නෙමෙ.ඒ වගේම Villain කෙනෙක්ට ලේසියෙන් පරද්දන්න පුලුවන් චරිතෙකුත් නෙමෙ.ඉතින් මෙහෙම කෙනාව සප්‍රයිස් කරලා පරද්දල දැම්මම ආයෙ ඉතින් අහන්න දෙයක් නැ අනිවා ෆෑන්ස්ලා අතරෙ හිට් එකක් වෙනවා 😅

Court Of Owls ල ගැන කිව්වොත් ගෝතම් වල ඉන්න Money & Power කියන දේවල් දෙක තියෙන සල්ලිකාරයන්ගෙන් තමා මේ Court එක නිර්මාණය වෙලා තියෙන්නෙ.මෙයාලා Centuries ගාණක් කාටවත් නොදැනෙන්න්න Gotham පාලනය කරන් ඇවිල්ල තියෙනවා.මෙයාල ගැන විස්තරයක් දන්න කවුරුත් ඉතුරු වෙලා නෑ.මොකද මෙයාලගෙ පොඩි Info Leak එකක් හරි වුනොත් ඒ වෙලාවෙම ඒ අදාල කෙනාව Eliminate කරල දානවා.මේ නිසාම මෙයාල ගැන Mention වෙන්නෙ Nursery Rhyme වල විතරයි කියල කියන්නෙ.මේ Court එකෙ කිසිම කෙනෙක් එකිනෙකාව අදුරන්නැ.සේරම වගෙ Owl Shape Mask එකක් දාගෙන තමන්ගෙ Identity එක හන්ගන් තමා ඉන්නෙ.ඒ වගේම මෙයාලගෙ Orders පිළිපදින වෙනම Assassins ලා වගයක් ඉන්නවා "Talons" කියලා.මේ Talons ල කියන්නෙ වෙනම Underground Facility එකක ඉන්න Assassins ලා වගයක්.මෙයාලා උඩට එන්නෙ Court එක Order කලොත් විතරයි.Court එකෙ Orders අකුරටම පිලිපදින්න මේ Talons ල බැදිල ඉන්නවා.මෙයාලා Zombies ල වගේ.Impossible Injuries වලින් Heal වෙන්න මෙයාලට පුලුවන්.

Anyway බෲස්ට මේ Court Of Owls ල ගැන දැනගන්න හම්බෙන්නෙ එයාට Talon කෙනෙක් Attack කරපු වෙලෙ.බෲස් ගෝතම් නගරය Rebuild කරල Reshape කරන්න යන එක Court එකෙ ප්ලෑන් වලට බාධාවක් වෙන නිසා එයාලා Talon කෙනෙක්ව එවනවා බෲස්ව Eliminate කරන්න.හැබැයි මෙයාලා දන්නෙ නැ බෲස් කියන්නෙ බැට්මෑන් කියලා.ඉතින් මේකෙන් පස්සෙ තමා බැට්මෑන් මේ Case එක Investigate කරන්න ගන්නෙ.මෙතන තමා බැට්මෑන් සප්‍රයිස් වෙන්නෙ 😅 බැට්මෑන් එයාගෙ Investigate එක හරහා දැනගන්නවා මේ Secret Society එකෙ Headquarters "Alan Wayne Foundation" එකෙන් ඉදිකරපු හැම බිල්ඩිමකම වගේ තියෙනවා කියලා.ඒ කියන්නෙ Court එක මෙච්චර කල් බෲස්ට අතේ දුරෙන් ඉදල තියෙන්නෙ 😮 මේ එක Headquarter එකක බැට්මෑන් ට ටැලන් කෙනෙක් Attack කරනවා.මෙයාල මෙතන එයාලගෙ Recently පාවිච්චි කරපු Base එක විනාශ කරනවා බැට්මෑන් එක්ක.කොහොමහරි බැට්මෑන් ඒකෙන් බේරිලා Alan Wayne ගෙ Body එක හම්බෙච්ච Sewer එකට යද්දි Talon කෙනෙක් මෙයාට Attack කරලා එයාව Abduct කරනවා.

 බෲස්ට ආයෙ සිහිය එද්දි එයා හිටියෙ ලොකු වංකගිරියක.මෙතන Court එකෙන් මෙයාව සතියක් හිරකරල තියෙනව කෑම නැතුව.මේ ලොකු වංකගිරියෙ තියෙන්නෙ Court එකෙන් මරල දාපු හැම කෙනෙක්ගෙම කතාව.මෙතන ඇලන් වේන්ගෙ කතාවත් තියෙනවා.ඒ වගේම බෲස්ට එයාගෙ කතාවත් හම්බෙනවා.කොහොමහරි මෙතන Talon කෙනෙක් බෲස්ට ඇටෑක් කරත් එයාගෙ අන්තිම ශක්තිය පාවිච්චි කරල එතනින් බේරෙන්න බෲස්ට පුලුවන් වෙනවා.මෙතන බෲස් එයාලගෙන් පලිගන්නත් පොරොන්දු වෙනවා.

තමන්ගෙ Plan එකට අනුව වැඩෙ වෙච්ච නැති නිසා Court එක එයාලගෙ Full Force එක Unleash කරනවා.ඒ බැට්මෑන් ඇතුලු එයාගෙ Allies ලව මරල Gotham Retake කරන්න.මේකට තමා "Night Of Owls" Event එක කියලා කියන්නෙ.Court එක එයාලගෙ Talons ලව එයාලා තෝරගත්ත Targets වගයක් Eliminate කරන්න යවනවා.මෙයාලව ගෝතම් සහ Court එක අතර තියෙන බාධක විදිහට තමා මෙයාලා සලකන්නෙ.

මෙතන බැට්මෑන් ගෙ Allies ලට ගොඩ දෙනෙක්ව බේරගන්න පුලුවන් වුනත් සමහර අයව බේරගන්න වෙන්නැ.Technically මේක පරාජයක් විදිහට තමා පේන්නෙ.මේ Event එකෙන් පස්සෙ Court එක තීරණය කරනවා "Gray Son" ව Recruit කරන්න.

*මේ Gray Son කියන්නෙ කවුද කියල දැනගන්න අපිට යන්න වෙනව William Cobb කියන Talon ගෙ අතීතෙට.William කියන්නෙ Dick ගෙ Ancestor කෙනෙක්.William Cobb ගෙයි Ameilia Crowne ගෙයි පුතාට තමා මේ Gray Son කියන්නෙ.William Court එකට එකතු වුනාම එයාගෙ පුතාව රහසෙන් Raise කරනව Hayley's Circus එකෙ.මේ Gray Son තමා Jon Grayson ගෙ තාත්තා වෙන්නෙ.Jon Grayson ගෙ පුතා තමා ඩික්.ඉතින් මේ Gray Son කියන Title එක ඔහොම්මම පාස් වෙලා අන්තිමට ඩික්ට ඇවිල්ල තියෙනවා.

කොහොමහරි බෲස් ඩික්ව එයාගෙ යටතට ගත්ත නිසා Court එකට එයාලගෙ Gray Son ව හම්බවෙන්නැ.මේ නිසා Court එක ආයෙ ඩික්ව එයාල යටතට ගන්න හදනවා.ඩික්ගෙ අවධානෙ ගන්න මෙයාලා We Are Robin කියන Teenage Collective එකත් එක්ක War එකක් පටන් ගන්නවා.

Batman Endgame කොමික් එකේදි බෲස් ට එයාගෙ මතකෙ නැති වෙලා එයා බැට්මෑන් කියන එක අමතක වෙනවා.මේ නිසා ගෝතම් වලට බැට්මෑන් කෙනෙක් නැති වෙනවා.ජිම් ගෝර්ඩන් Batman Mantle එක භාරගත්තත් බෲස් තරම් හොද බැට්මෑන් කෙනෙක් වෙන්න බැරි වෙනවා.මේ නිසා ගෝතම් වල අපරාධ වැඩි වෙනවා.මේක බලන් ඉන්න ගෝතම් වල Teenagers ල ටිකක් තමා මේ "We Are Robin" කියන Team එක පටන් ගන්නෙ.මෙයාලා Batman ගෙ Sidekick "Robin" ගෙන් Inspire වෙච්ච අය.කොහොමහරි මෙයාලා එක්ක Court එක යුද්දයක් පටන් ගන්නවා.මේකට ඩික් වගේම ජේසන්, ටිම් & ඩේමියනුත් සම්බන්ද වෙනවා.මේ නිසාම මේ Event එකට කියන්නෙ Robin War කියලා.Bat Bros ලා 4 දෙනා එකට වැඩ කරන පට්ට Rare Moment එකක් මේ 😉

මෙතන Court එකට ඩික්ව එයාලගෙ Gray Son කරගන්න පුලුවන් වෙනවා.ඒ ඩේමියන් ව Hostage කෙනෙක් විදිහට පාවිච්චි කරලා.ඩික් Court එකට Join වුනාම දැනගන්නවා මෙයාලා ගෝතම් වලට විතරක් පොදු කට්ටියක් නෙමෙ කියලා.මේ Court Of Owls Branches හැම රටකම / නගරයකම වගේ තියෙනව කියන එකත් මේ හැම එකක්ම "Parliment Of Owls" කියන Secret Society එකෙ Branches කියන එකත් ඩික්ට දැනගන්න හම්බෙනවා.

මේ Parliament Of Owls කියන්නෙ Bat God "Barbatos" ට Worship කරපු Tribe එකකින් පැවතගෙන එන කට්ටියක්.මෙයාලගෙ ඇත්ත Mission එක වෙන්නෙ අනාවැකියක කියල තියෙන Wayne House එකෙ Bat Persona එකක් Mantle එකක් විදිහට පාවිච්චි කරන කෙනාට Dark Multiverse එකෙන් Originate වෙච්ච 5 Metal එයාගෙ ලේ වලට Inject කරන එක 

*කියන විදිහට ඔය අනාවැකිය හැදෙන්නෙ Final Crisis එකේදි බැට්මෑන් ඩාක්සෙයිඩ් නිසා අතීතෙට ගිය සීන් එකෙන්.එතනදි Barbatos බැටාව දැකලා එයාව පාවිච්චි කරල පෘථිවිය අල්ලගන්න උත්සාහ කලා කියලා තමා කියන්නෙ.

කොහොමහරි මේ Wayne ට 5 Metal Inject කලාම Barbatos ආයෙ Return වෙනව වගේම එයාගෙ Side එකෙ ඉදන් මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් කියලා තමා මේ Parliament Of Owls එක හිතන් ඉන්නෙ.මෙයාලට මේක කරන්න පුලුවන් වෙනවා මේ නිසා තමා DC Metal Event එකත් සිද්ද වෙන්නෙ.හැබැයි එයාල හිතපු විදිහට නම් වැඩෙ වෙන්නැ.මේ Parliament Of Owls එකම Batman Who Laughs ගෙ Robins ලා විනාශ කරල දානවා.

මේ Parliament එක සම්පුර්ණයෙන්ම විනාශ කරල දාන්න Nightwing ට පුලුවන් වෙනවා.ඒ Raptor කියල තව Talon කෙනෙක්ගෙ උදව්වෙන්.මේ නිසා Parliament එක ලෝකෙටම Reveal වෙනව වගේම එයාලව International Authorities ලා Hunt කරනවා.ඒ වගේම Nightwing ත් Spyral Organization එකෙ සහය එක්ක මෙයාලව Hunt කරනවා (Spyral කියන්නෙ UN Covert Operations Agency එකක්)

ඔන්න එහෙනම් ප්‍රෙන්ඩ්ස් පොරොන්දු වුන විදිහට Court Of Owls ගැන සූටි ආටිකල් එකක් දුන්නා 😅 මෙයාලා ගැන වැඩි විස්තරයක් හොයා ගන්න නැ Appearance වැඩිය නැති නිසා.මෙයාල ගැන දැනගන්න ආසනම Batman: Court Of Owls / Night Of Owls , Robin War වගෙ කොමික් කියවන්න.තව මතක විදිහට Talon කියලා වෙනම රන් එකක් තියෙනවා.Batman vs Robin Animated Movie එකෙත් Villain ල විදිහට ඉන්නෙ මේ Court Of Owls ලම තමා.

ඒ වගේම ඊලගට ඕන Article එක මොකක්ද කියලා ඔයාම කියන්න.අපේ Comic Paradise Whatsapp Group📱 එකෙ මම Poll එකක් දාන්නම් Option 4 ක් විතර දීලා ඒවලින් තමන්ට කැමති එක Select කරන්න 😙 වැඩිම Votes තියෙන Topic එක ගැන ආටිකල් එකක් ලියලා සයිට් එකෙ දානවා 😉

එහෙනම් ආයෙ මේ වගේ ආටිකල් එකකින් හම්බෙමු ✌️


Comic Paradise Whatsapp Group📱

https://chat.whatsapp.com/Gva07RWH9x8HzaDDlmdlD2


DC Uprising ආටිකල් සීරීස් එකේ Black Adam ගැන දාපු ආටිකල් එක 👇

https://www.reviewwhocares.lk/2021/08/black-adam-dc-uprising-01.html


DC Uprising ආටිකල් සීරීස් එකේ Val-Zod Superman ගැන දාපු ආටිකල් එක 👇

https://www.reviewwhocares.lk/2021/09/hbo-max-val-zod-superman-dc-uprising-2.html


DC Uprising ආටිකල් සීරීස් එකේ Blue Beetle ගැන දාපු ආටිකල් එක 👇https://www.reviewwhocares.lk/2021/09/blue-beetle-dc-uprising-3.html

Post a Comment (0)
Previous Post Next Post