ටයිටන්ස් සීසන් 03 ටීසර් එකේ විස්තර - Titans Season 3 Teaser Breakdown


ටයිටන්ස් සීසන් 3 එකෙ පොඩි ටීසර් එකක් රිලීස් වුනා.ඉතින් ඒකෙ තිබ්බ Details ගැන පොඩි විස්තරයක් තමා මේ දාන්න යන්නෙ.



ටීසර් එක පටන් ගන්නෙ ගෝතම් නගරයෙන්.කොහොමද ඒ ගෝතම් කියන්නෙ ? මොකද පිටිපස්සෙ අපිට අහසෙ Iconic Batsignal එක දිස්වෙනව බලාගන්න පුලුවන් 😍 ඒ වගේම මේ ශොට් එකෙ හිම වැටෙනව බලාගන්නත් පුලුවන්.ඉතින් මේක Winter කාලෙ වෙන සීනෙකක් කියල හිතන්න පුලුවන්.



ඊට පස්සෙ ශොට් එකෙ පෙන්නනවා ජේසන් අතෑරල දාපු Carnival ( කිව්වට Amusement Park එකක් වගෙ ) එකක් වගෙ තැනකට ඇතුල් වෙනවා.මේක ජෝකර්ගෙ Secret Hideout එක වෙන්න ඕනෙ.කොමික් වලත් ජෝකර් ගොඩක්ගෙ ප්‍රසිද්ධම Hideout එකක් තමා ගෝතම්වල මේ අතෑරල දාපු කානිවල් එක.



ඉතින් ජේසන් ඇතුල් වෙද්දිම දකිනවා කණුවකට ගැටගහල ඉන්න Security කෙනෙක්ව.ඒත් Security කෙනෙක් මොකද අතෑරල දාපු කානිවල් එකක කරන්නෙ ? 🧐 සමහරවිට ජෝකර් මෙයාව වෙන කොහෙන් හරි කිඩ්නැප් කරල කානිවල් එකට ගෙනාවද දන්නැ.නැත්තන් සමහරවිට මේ කානිවල් එක බලාගන්න කෙනාද දන්නෙත් නෑ.මේ කානිවල් එක බලාගන්න කෙනා කියල හිතමු එතකොට ජෝකර් පොරට Laughing Gas එක ගහල මරල දාලා ( Laughing Gas එකෙ Effect එකක් නිසා තමා කට අර විදිහට වෙනස් වෙලා තියෙන්නෙ ) ඒත් ජේසන් මේක දන්නෙ කොහොමද ? මේක උගුලක් කියල බැලූ බැල්මට පේනවා.කොමික් වලත් ජෝකර් මේ වගෙ උගුලක් අටෝනවා.ඒ ජේසන්ගෙ අම්මව පාවිච්චි කරලා.කොමික් වලත් ජේසන් තනියම ජෝකර්ට Face කරන්න යනව.ඉතින් මට හිතෙන විදිහට මෙතනත් ඒ වගේම දෙයක් තමා වෙන්නෙ.ටීසර් එකෙ මැදකදි පෙන්නනවා ජේසන් Phone එක කනේ තියාගෙන අඩ අඩ ඉන්නව.ඉතින් මට හිතෙන විදිහට මේ ජේසන් කතා කරන්නෙ එයාගෙ Biological අම්මත් එක්ක.කොමික් වල බැට්මෑන් ට ජේසන්ව හම්බෙන්නෙ අනාතයෙක් විදිහට ඒත් පොර පස්සෙ දැනගන්නවා එයාගෙ Biological අම්මා වෙන රටක ජීවත් වෙනවා කියල.ඉතින් ඔය විදිහට ගිහින් අන්තිමට එයාගෙ අම්මා ජේසන්ට ද්‍රෝහි වෙලා එයාව ජෝකර්ට පාවා දෙනව.එතනින් පස්සෙ වෙන සීන් එක හැමෝම දන්නව ඇති නෙ ( දන්නෙ නැත්තන් Under The Red Hood බලන්න 😁 ) ඉතින් සමහරවිට ජෝකර් ජේසන්ගෙ අම්මව කිඩ්නැප් කරල ජේසන්ට මෙහෙම කතා කරල අර අතෑරල තියෙන කානිවල් එකට ගෙන්නගන්නව ඇති.



ජේසන් මේ Security දිහා බලාගෙන ඉද්දි පිටිපස්සෙන් හිනාවක් ඇහෙනවා ( ටිකක් Chilling හිනාවක් ඒකනම් 😦 ) ඒත් මට හිතෙන විදිහට මේ ජෝකර් නෙමෙ.ජේසන්ට පිටි පස්සෙ තියෙනව අර සල්ලි දැම්මම වැඩ කරන මැශින් එකක් ( කානිවල් වල ඕව තියෙනවනෙ ) මට හිතෙන්නෙ මේ ඒක තමා එකපාරට ඔන් වෙන්නෙ.මොකද ජේසන් බය වෙලා හැරෙද්දි එයාගෙ මූණට කහපාට එලියක් පරාවර්තනය වෙනව.ඉතින් ඒක මේ මැශින් එකෙන් එන එලිය වෙන්න පුලුවන්.අනික ජෝකර් එකපාරට එහෙක කඩාපනින්නැ.ඔහොම ටිකක් මුලින්ම බය කරනවා.



ඊට පස්සෙ පෙන්නවා ගෝතම් නගරෙ 😁🔥



ඒ වගේම මොකක් හරි Crime Place එකකුත් ඒක දිහා බලාගෙන ඉන්න අපෙ නයිට්වින්ග් කොලුවවත් පෙන්නනවා.මේ Crime Place එකේ පොලිස් කාර් වගේම Media එකෙනුත් ඇවිල්ල කියල බලාගන්න පුලුවන්.මෙතන පොලිස්කාරයො ටික එක පැත්තකට එයාලගෙ Guns Aim කරන් ඉන්නව බලාගන්න පුලුවන්.ඉතින් මට හිතෙන විදිහට මේ ජේසන්ගෙ සීනෙක නෙමෙ.වෙන Crime Scene එකක්.සමහරවිට Hostage Situation එකක් වෙන්නත් පුලුවන්.ඉතින් සමහරවිට නයිට්වින්ග් මේකට මැදිහත් වෙයි.ම

මේ සීන් එක යද්දි Background එකෙන් ඇහෙනවා "This Is Gotham...City Breeds Special Class Of Criminals...People Die Here" කියලා.ඉතින් මට හිතෙන විදිහට මෙතන වෙන්නෙ මෙහෙම සීනෙකක්.ජේසන් ජෝකර් අතින් මැරෙනව ඇති නැත්තන් පොර අතුරුදන් වෙනව ඇති.ඉතින් මේක බෲස්ට දරාගන්න බැරුව එක්කො බැට්මෑන් Mantle එක අතාරිනව ඇති නැත්තන් ගෝතම් වලින් ටික කාලයකට ඈත් වෙනව ඇති.ඉතින් බැට්මෑන් නැති අතරේ ගෝතම් ආරක්ශා කරන වගකීම බෲස් නයිට්වින්ග්ටයි ටයිටන්ස් ලටයි භාර දෙනව ඇති.ටයිටන්ස්ලා ගෝතම්වලට ආවම නයිට්වින්ග් මුලින්ම දෙන Warning එක ඔය උඩ කිව්ව වාක්‍ය වෙන්න පුලුවන්.ඒ වගේම ගෝතම්වල ඉන්න විලන්ලා ගැනත් කියල තියෙනවා City Breeds Special Class Of Criminal කියලා.ඉතින් ගෝතම් වල ඉන්න විලන්ලා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.පෘථිවියේ වෙන කොහෙවත් නැති දරුණු ලෙවල් එකෙ විලන්ලා තමා ගෝතම් වල ඉන්නෙ.ඒ වගේම ආයෙ කියනවා People Die Here කියල.ඉතින් මේ කියන්නෙ ජේසන් ගැන වෙන්න පුලුවන්.



ඊට පස්සෙ ශොට් එකෙන් අපිට ටයිටන්ස්ලව පෙන්නනවා🔥 Beast Boy , Super Boy , Krypto The Super Dog , Nightwing & Starfire 🔥 ඊට පස්සෙ අපිට හෑන්ක් ( Hawk ) සහ ඩෝව්න් ( Dove ) ගෙ ශොට්ස් වගයක් පෙන්නනවා.සමහරවිට මෙයාලත් සීසන් එක මැදදි ටයිටන්ස්ලට සෙට් වෙයි.ඒ වගේම ටයිටන්ස්ලා Batsignal එක එයාලගෙම Titan Signal එකක් විදිහට Replace කරනවා.මොකද ගෝතම් වල බැට්මෑන් නැති නිසා.මේක ටීසර් එකෙ තිබ්බෙ නැ ඒත් Behind The Scenes වල තිබ්බා Batsignal එකෙ බැට්මෑන් ගෙ ලෝගො එක වෙනුවට ලොකු "T" අකුරක් දාලා තියෙනව.ඉතින් මේ ටයිටන්ස් සිග්නල් එක කියල තමා ගොඩක් අය කියන්නෙ.



ඊට පස්සෙ පෙන්නනවා කහපාට Liquid එකක් වගෙ දෙයක් ඒ වගේම කවුරු හරි මේක පාවිච්චි කරනවා ( සමහරවිට ජේසන් වෙන්න ඇති ) මේක පාවිච්චි කරද්දි ඇස් කහපාට වෙනවා පේනව.මට හිතෙන විදිහට මේ Scarecrow ගෙ Fear Toxin එක.ටීසර් එකෙ මැදකදි අපිට Scarecrow වත් පෙන්නනවා.ඒත් මේ ඉන්නෙ Jonathan Crane.පේන විදිහට නම් ඉන්නෙ ආකම් වල.සමහරවිට සීරිස් එකෙ පොරව Scarecrow විදිහට බලාගන්න ලැබෙයි.ඉතින් මේ Fear Toxin එක පාවිච්චි කරන කෙනාට එයාගෙ Worst Fear එක පේනවා.බැට්මෑන් එහෙමනම් මේවට Immune වෙලා ඉන්නෙ.ඒත් මේක ජේසන්වගෙ අයට බලපානවා.සමහරවිට පොර රෙඩ් හුඩ් වගෙ පිස්සු නටන්නෙ මේ Fear Toxin එක නිසාද දන්නෙත් නැ.ඒ වගේම අලුත් සීසන් එකෙ රෙඩ් හුඩ් & Scarecrow, Titans ලට විරුද්ධව ටීම් අප් වෙනව කියලත් තිබ්බා.



ඊට පස්සෙ පෙන්නනවා අර අතෑරල දාපු කානිවල් එක.මෙතන කවුරු හරි කෙනෙක් බිම වැටිල ඉන්න කෙනෙක්ට ගහනවා බලාගන්න පුලුවන්.ඉතින් මේ බිම වැටිල ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ ජේසන්.ඔය ජෝකර් තමා පොරට Crowbar එකකින් ගහන්නෙ.කොමික් එකේනම් Crowbar එකෙන් ගහලා බෝම්බෙකින් පුපුරවනවා.මේකෙනම් මොනා කරයිද දන්නැ.



ඊට පස්සෙ අපිට පෙන්නනවා First Ever Live Action Red Hood ව 😍🔥 පොර Gun එකක් තියන් තමා ඉන්නෙ.Under The Redhood Animation එක බලපු අයට මේ සීන් එක මතක ඇති.මේ තමා ජේසන් ගෝතම්වල Underworld එකෙ පාලනය තමන් යටතට ගන්න තැන.ටීසර් එකෙ ටිකක් ඉස්සරහට වෙන්න තියෙනවා කට්ටියට් මේසයක් වටෙ ඉදන් ඉන්නව තව කට්ටියක් කොතන හරි උඩකට වෙඩි තියෙනවා.ඉතින් මේ සීනෙක මේ විදිහටම ඇනිමේශන් එකෙත් තිබ්බා 😍 ඔය මේසෙ ඉදන් ඉන්නෙ Blackmask ට වැඩ කරන Mob Boss ලයි Drug / Arm Dealers ලයි.ඉතින් රෙඩ් හුඩ් මෙතනට ඇවිත් Underworld එක එයාගෙ යටතට ගන්නව.රෙඩ් හුඩ් මෙතන Drugs ඩීල් කරන එක නවත්තන්නෙ නැ.ඒත් එක නීතියක් දානවා.ඒ Drugs පොඩි ලමයින්ට විකුණන්න එපා කියල.එහෙම කලොත් මරනවා කියලා.ඉතින් සීරිස් එකෙත් මේ සීනෙක මේ විදිහටම බලාගන්න ලැබෙයි 🔥 ජේසන් රෙඩ් හුඩ් වෙන්න හේතුවක් නම් තාම දන්නැ න හරියට.කොමික් වලනම් ජේසන් ආයෙ Resurrection වුනාම දැනගන්නවා බැට්මෑන් ජෝකර්ට මුකුත් කරල නැ කියල ඉතින් පොර බැටාගෙ පලිගන්න තමා රෙඩ් හුඩ් වෙන්නෙ ( බැටාගෙන් සහ ජෝකර් ගෙන් ) ඇත්තම කිව්වොත් ජෝකර් ජේසන්ව මැරුවම බැටා ජෝකර්ව මරන්න බලාගෙන හොයන් යනවා.පොර ජෝකර් ව හොයාගත්තම දැනගන්නවා පොර වෙන රටක Ambassador කෙනෙක් එහෙමත් නැත්තන් තානාපති කෙනෙක් වෙලා කියලා ( ලොකු ලොක්කන්ව Blackmail කරලා ) ඉතින් බැට්මෑන් ජෝකර්ට අතක් හරි තිබ්බොත් යුද්දයක් පවා ඇති වෙන්න තිබ්බා.ඒකනිසාමයි බැටාට ජෝකර්ට මුකුත් කරන්න බැරි වුනේ.



ඊට පස්සෙ පෙන්නනවා බෲස්ව පොර ටිකක් අවුලෙන් වගෙ තමා ඉන්නෙ (Ofcourse He is, He Is Batman) සමහරවිට බෲස් ජේසන්ගෙ මරණෙ ගැන දැනගන්න ඇත්තෙ මේ වෙලාවෙ.



ඊට පස්සෙ පෙන්නනවා ජෝකර් ජේසන්ට ගහපු Crowbar එක වේන් මැනර් එක ඇතුලෙ තියෙනවා.මේකෙ තාමත් ලේ පැල්ලම් තියෙනව දකින්න පුලුවන්.මේක වේන් මැනර් එක කිව්වෙ කලින් බෲස් හිටියෙත් ඒ වගේම තැනක ඉතින් මේ වේන් මැනර් එක තමා.ඒත් Crowbar එක තියෙන ශොට් එකෙ ඉන්නෙ බෲස් නෙමෙ ඩික්.සමහරවිට මේ බෲස් ගෝතම් දාලා ගියයින් පස්සෙ වෙච්ව් සිද්දියක් වෙන්න පුලුවන්.රෙඩ් හුඩ් දන්නවා වේන් මැනර් එක ගැන හැම දෙයක්ම ඉතින් පොරට Crowbar එකක් මැනර් එක් ඇතුලෙන් දාන එක මහ දෙයක් නෙමෙ.සමහරවිට ජේසන් ඩික්ට Clues දෙනව ඇති තමන් තමා රෙඩ් හුඩ් කියලා.




පස්සෙ පෙන්නනවා ඩික් Batcave එක ඇතුලෙ ඉන්නවා.උඩින් වවූල්ලු එහෙම පියාඹනවා.මේ බැට්කේව් එකම තමා අපිට සීසන් 1 අන්තිම එපියෙත් පෙන්නුවෙ.



හෑන්ක්වත් බලාගන්න පුලුවන්.පොර නම් අවුලෙන් වගෙ ඉන්නෙ.ඩයල් එක ආයෙ ඩ්‍රග්ස් වලට Addict වෙලාවත්ද කියල හිතෙනවා.මොකද හෑන්ක් ලග දැන් ඩොවුනුත් නෑ.



ඒ වගේම කවුරුහරි කෙනෙක් Knife එකක් වගේ එකක් තියන් ඉන්නව පෙන්නනවා.මේ පිහියෙ ලේ එහෙමත් ගෑවිලා තියෙනව.මේ කවුද කියලනම් කියන්න දන්නැ.



ගාර් බැට්කේව් එකෙ ( වෙන්න ඕනෙ ) ඉන්න ශොට් එකක් පෙන්නනවා.ඉතින් අපිට හිතන්න පුලුවන් ටයිටන්ස්ලා බැට්කේව් එක එයාලගෙ Base Of Operation එක කරන් ඉන්නෙ කියලා.



ස්ටාෆයර් ව පෙන්නනවා ඊලග එකෙ.මෙතනනම් එයා එයාගෙ Sister Blackfire එක්ක මොකක් හරි වලියක වගෙ ඉන්නෙ.



අපිට සුපර්බෝයි කෝනර්වත් බලාගන්න පුලුවන්.පොරවටේ නිකන් ගිනිගන්නව වගෙ.නැත්තන් සමහරවිට මේ Fear Toxin එක වෙන්නත් පුලුවන්.පොර ටිකක් බය වෙලා වගෙ ඉන්නෙ.



ඉතින් අන්තිමට පෙන්නනවා නයිට්වින්ග් එයාගෙ Electric Escrima Sticks වලින් Villain ල වගයකට ගහනවා.



ටීසර් එක ඉවර වෙන්නෙ Titans කියල Title Card එක රතුපාටින් දාලා.ලාවට ජෝකර්ගෙ හිනාවකුත් ඈතින් ඇහෙනවා.

මේක Stream වෙන්නෙ අගෝස්තු 12.මුල් එපි 3 එදාම දාලා පස්සෙ සතියකට එක එපිය ගානෙ දානවා.

ඉතින් ටිසර් එකෙ කතාව ඉවරයි.මේකෙ මොනා හරි වැරදි තියෙනවනම් ගනන් ගන්න එපා 😉 ආයෙම මේ වගෙ එකකින් හම්බෙමු එහෙනම් 😁🔥


You Can't Stop Crime That's What You Never Understood.I'm Controlling It.You Wanna Rule Them By Fear But What Do You Do With The Ones Who Aren't Afraid ? I'm Doing What You Won't.I'm Taking Them Out

- Jason Todd -


ලිපි නිර්මාණය හා අදහස - ශෙහාන් පෙරේරා


Titans Season 3 Official Teaser




Post a Comment (0)
Previous Post Next Post