Breakdown එකට කලින් Shang-chi ගැන කියල ඉන්නම්කො.
![]() |
Shang-chi in Comics |
Shang-chi AKA Master of Kung -fu කියන්නේ මාවල් එකේ ඉන්න top martial artist ල list එකේ පළවෙනියට ඉන්න චරිතය. ඕකේ දෙවෙනියට ඉන්නේ Iron Fist. මුලින්ම එලියට එන්නේ 1973 ආපු Special Marvel Edition #15 කොමික් එකෙන්.
![]() |
Special Marvel Edition (1971) #15 |
චරිතේ නිර්මාණය වෙන්නේ Jim Starlin අතින්, චිත්‍ර අදින්නේ Steve Englehart.
![]() |
Jim Starlin and Steve Englehart. |
Shang-chi ගේ තාත්ත Fu Manchu. මෙයා Ra’s Al Ghul ගේ මාවල් වර්ෂන් එක වගේ.
![]() |
Fu Manchu in Marvel Comics |
මෙයාට ඕනේ වෙනවා ජීවත්වෙන අවියක් හදන්න. ඒ තමන්ගේ හතුරන්ව ඉවරකරන්න. ඔය හින්ද තමයි Shang-chi මාෂල් ආට් ඉගෙන ගන්නේ. කොහොමහරි තමන්ගේ පලවෙනි මෙහෙයුමේදීම Shang-chi දැනගන්නවා තමන්ගේ තාත්තගේ ඇත්ත ස්වරුපය. ඊට පස්සේ එයා MI6 එකත් එක්ක එකතුවෙලා තාත්තට විරුද්ධව සටන් කරනවා. දැනට මේ ටික ඇති. Shang-chi ගැන මම වෙනම ලිපියක් ගේන්නම්. එතකොට මේ 10 rings ගැන කියන්න ඕනේ. 10 rings කියන්නේ එකිනෙකට වෙනස් බල තියෙන මුදු දහයක්. 10 rings කියල වෙනම සංවිධානයකුත් තියෙනවා. MCU එකට අද ඊයේ ආපු එකක් නෙවේ ඕක iron man 1 වෙනි ෆිල්ම් එකේ ඉදන්ම පෙන්නුවා. Photo ටිකක් දාන්නම්. හැබැයි Teaser එකේ තිබ්බ හැටියට 10 rings වල MCU version එක වෙනස් වගේ. ඕක ගැන මට පොඩි තියරියක් තියෙනවා ඉස්සරහට යද්දී කියන්නම්. එහෙනම් යමු ට්‍රේලර් එක පැත්තට.
මුලින්ම කියන්න ඕනේ වචනයේ පරිසමාප්තයෙන්ම ටීසර් එකක්. කතාව ගැන මෙලෝ අදහසක් ගන්න බෑ. ඒවගේම තනිකරම Chinese වයිබ් එකක් තිබ්බේ. මාවල් ලෝගෝ එක අයින් කරානම් ඕක ජැකී චෑන්ගේ ෆිල්ම් එකක ට්‍රේලර් එකක්මයි. මියුසික් එහෙම පට්ට. ටාගට් තියෙන්නේ කරපු audience එක හොදටම අල්ලගෙන තියෙනවා. මොකද ඕක ගොඩක් චීන, ජපන් ෆෑන්බේස් වලට හදපු එකක්නේ. උන් trailer එකක බලාපොරොත්තු වෙන දේවල් අඩු නැතිව තිබ්බ. ඇක්ෂන් සීන් එහෙම classic Chinese ෆිල්ම් එකක විදිටම තිබ්බ. කොහොමත් මාවල්ල දන්නවා දැන් බලුබෙට්ටට අයිසින් කරලා දුන්නත් mcu fanbase එක ඇවිස්සෙනව කියල. දැන් උන්ට තියෙන්නේ අනිත් රටවල්වල fanbase අල්ලන එක.
හරි මුලින්ම පෙන්නන්නේ ශැන්ග් ශී ව train කරපු තැන. මේක ශැන්ග් ශී ආපහු තාත්ත ගාවට ආපු තැන වෙන්න ඕනේ. පොරගේ emotions එහෙම හෙන අවුල් එතන. ආය ඔතන මාවල් ලෝගෝ එක වැටෙන තැන. මෙච්චර කාලෙකට ආපු හැම මාවල් ට්‍රේලර් එකකම ලෝගෝ එකිනෙකට වෙනස් විදහට තමයි ආවේ. ඒ වුනාට මේකේ තිබ්බේ classic මාවල් ලෝගෝ එක. ඒකනම් ටිකක් අවුල්.තාම ඉතින් ටීසර් නේ. බලමු ට්‍රේලර් එක එද්දී ඔව්ව හදල ගනී.
හරි ඊට පස්සේ පෙන්නන්නේ ශැන්ග් ශීගේ flashback වගයක්. මෙතන ශැන්ග් ශීව ට්‍රේන් කරන්නේ Death Dealer. චරිතේ කරන නළුවා ගැන නම් තාම කියලා නෑ.
ශැන්ග් ශීගේ තාත්තට වැඩ කරනවා වගෙයි පේන්නේ. ආයේ සටනකදී සතුරගේ aim කරන්න ඕනේ තැන් ටික තියෙන පින්තුරයක් ගහල තියෙනවා බිත්තියේ.. MCU එකේදී නම් තාත්ත මැන්ඩරින් කියලයි කියන්නේ. චරිත දෙක එකට එකතු කරලා ගෙනෙයි. ෆයිගි බොස්ට ඔව්ව ලොකුවැඩ නෙවේ.
ඊට පස්සේ ශැන්ග් ශීට අවුරුදු දහයක් පාඩුවේ ඉන්න දුන්න කියල කියනවා. ඔතන පෙන්නන ෂොට් වලින්නම් පේන්නේ ශැන්ග් සාමාන්‍ය ජිවිතයක් ගතකරනවා කියලා. මේ ෂොට් වල ඉන්නව Awkwafina කියන නිළිය. චරිතේ නම කේටි. ශැන්ග් පාඩුවේ හිටපු අවුරුදු දහයෙ මුණගැහිලා වගේ දෙන්න. ආයේ දෙන්න පාටියකට ගිහින් සින්දු කියනව පෙන්නන්නේ, ඔය දෙන්න කියන්නේ A whole new world සින්දුව. ශැන්ග් ශීගේ ජිවිතේ ගැන වෙන්න ඕනේ ඔය tease කළේ. තව ඔතන push ups ගහන scene එකේ Kung Fu hustle කියන ෆිල්ම් එකේ පෝස්ටර් එකක් තියෙනවා.
ඔය ෆිල්ම් එකේ ප්‍රධාන නළුවත් වළලු දාගෙන ඉන්නවා අත් දෙකේ.
![]() |
Chiu Chi Ling in Kung Fu hustle |
ආය අපිට තවත් mcu trio එකක් පෙන්නනවා. ඔතන ඉන්නවා Ronnie Chang කියන නළුවා. පොර comedy actor කෙනෙක්ලු. ඒකනම් හරියටම දන්නේ නෑ. මොකද මන් කොමඩි බලන්නෙම නෑ.
ඔතනින් පස්සේ ආපහු flashback වගයක් යනවා. මෙතන ශැන්ග් ශීගේ තාත්ත වළලු වගයක් දාගෙන ඉන්නවා පෙන්නනව.
පේන හැටියට මේක Ten rings වල MCU වර්ෂන් එක වගේ. මට හිතෙන්නේනම් ඕක 10 rings වගේ පේන්න හදපු High tech weapon එකක්. ඇත්තම rings ටික පස්සේ එයි ලොකු කතන්දරයක් ගිහිල්ල. තව Iron Fist TV Series ඒකට පොඩි reference එකක් තිබ්බ ඔතන. ඔයාලට මතකනම් Iron fist ව train කරද්දීත් මුලින්ම පෙන්නුවේ පිටට පොල්ලකින් ගහනවා.
![]() |
Young Danny Rand (Iron Fist) Training |
තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔතන fight club එක තියෙනවනේ. ඔය Madripoor වෙන්න පුළුවන්. මොකද අර Shang-chi ෂර්ට් එකක් නැතුව ඉන්න scene එකේ වම්පැත්තේ පොඩි සලකුණක් තියෙනා මැද තරුවක් තියෙන.
හරියට බැලුවොත් පෙනෙයි ඔතන තියෙන්නේ අඩසදක් එක්ක තියෙන තරුවක්. ඕක තමයි Madripoor වල සලකුණ. Falcon And The Wintersoldier එකේ කන්ටේනර් පෙට්ටියක තිබ්බ ඕක. ආය Madripoor වල තිබ්බ කාරෙකක නම්බර්ප්ලේට් එකෙත් ඕක තිබ්බ.
![]() |
Falcon And The Winter Soldier |
හරි ඊළගට පෙන්නන්නේ Shang-chi ආපහු ගෙදර එනවා කියල. ඔතන Helipad එකෙත් 10 rings logo එක තියෙනවා බලාගන්න පුළුවන්.
හෙන ලොකු fortress එකක් වගේ 10 rings organization එකට තියෙන්නේ. Anti-aircraft guns පවා තියෙනවා. ආයේ ඔතන පිටිපස්සෙන් Xialing කියන චරිතේ බලාගන්න පුළුවන්. Shang-chi ගේ සහෝදරියක් කියල තමා කියන්නේ. තව ඉන්නවා Razor Fist. Razor Fist කියන්නේ Shang-chi ගේ විලන් කෙනෙක්. දැනට කොමික් වල Razor Fist ල තුන්දෙනෙක් ඉදල තියෙනවා.( William Young, Douglas Scott, William Scott ). පේනහැටියට Shang-chi ගේ තාත්තට වැඩ කරනවා වගේ. Fight club එකට එද්දිත් මිනිහ 10 rings logo එක තියාගෙන හිටිය.
ඊට පස්සේ ancient war එකක් පෙන්න්නනවා.
මේක 10 rings වල legend එකට සම්බන්ධ දෙයක් වෙන්න ඕනේ. ඔතන ඉන්නව අමුතු කොටියෝ වගේ සත්තු දෙන්නෙක්. මුන්ට කියන්නේ Foo Dogs ල කියල. චීන සංස්කෘතියට සම්භන්ධයි මුන්. චීන වැසියෝ විශ්වාස කරනවා තමන්ගේ මියගිය මුතුන්මිත්තන්ගේ ආත්ම මේ සත්වයින් ආරක්ෂා කරනවා කියල.
එතකොට අර වතුර එකක තිබ්බ අමුතු shot එක.
මේක 10 rings වල speed controlling ability එක use කරන තැනක් වෙන්න ඕනේ. මෙතන පැත්තකින් ගෑනු කෙනෙකුගේ පින්තුරයක් ඉස්සරහ ඉටිපන්දම් තියල තියෙනවා. Shang-chi ගේ අම්ම වෙන්න ඕනේ මේ. Shang-chi සහ එයාගේ සහෝදරිය දෙන්නම කොලපාට මාලයක් දාගෙන ඉන්නවා පෙන්නුවා මුල ඉදන්ම. ඒකත් අම්මගෙන් ලැබුන දෙයක් වෙන්නැති.
ඔන්න ඊළගට සාමාන්‍යයෙන් Chinese trailer එකක තියෙන type එකේ fight scene එකක්.
ඕක වර්තමාන කාලේ වෙනදෙයක් වෙන්න ඕනේ. මොකද Shang-chi ගේ තාත්ත ඔය ඇදන් ඉන්නේ සාමාන්‍ය ඇදුමක්. සිද්ධිය ඒක නෙමේ. ඔතන වෙස්මූනක් දාගෙන ඉන්න ගෑනුකෙනා ලිස්සල යන තැන අර පසුබිමෙන් play වෙන්නේ “You woke up the dragon” කියන කොටස. සමහරවිට fing fan foom, 10 rings වල ආරක්ෂකයා විදිහට ඉදි ඕකේ. නැත්තම් shao lao ට දීපු reference එකක් වෙන්නත් පුළුවන්. ඒවගේම ඊට පස්සේ තියෙන war scene එකේ පොඩි මකරු වගයක් බලාගන්න පුළුවන්. එතන ඉන්න ring ආරක්ශාකරනවා කියල හිතන්න පුලුවන් කට්ටියගෙත් සලකුණ වෙන්නනෙත් මකරෙක්.
ඊට පස්සේ පෙන්නනවා Shang-chi එයාගේ තාත්ත එකක වලියක් යනවා.
අර යුද්ධේ යන තැන වෙන්න ඕනේ මේ. මොකද පිටිපස්සෙන් කට්ටිය සැරටම ගහගන්නවා පෙන්නනවා. Shang-chi ගේ අතේ තියෙන්නෙත් අර කට්ටිය අතේ තිබ්බ staff එකක්මයි. සමහර විට තාත්ත Shang-chi ව 10 rings හොයන්න යවල ඒවා හම්බුනාට පස්සේ rings ටික තාත්තට නොදී එව්වා ආරක්ෂා කරන්න ගිහින් අන්තිමට Father vs Son වලියක් යයි.
ඔන්න ඊට පස්සේ යන car chase එකේදී Shang-chi ඉන්න කාර් එකේ Fist කියල ටැටූ එකක් තියෙනවා. කොහොමත් iron fist MCU එකේ ඉන්නවනේ. ඒවගේම අර Shang-chi එයාගේ සහෝදරිය එක්ක fight එකක් යන තැන මුලින් පෙන්නන fight club එක වෙන්න ඕනේ. මොකද මිනිස්සු එහෙම බලාගෙන ඉන්නවා උඩ ඉදන්. තව ඊට පස්සේ එන war scene එකනම් වෙන තැනක සිද්ධ වෙන දෙයක් වෙන්න ඕනේ. මොකද location එහෙම කලින්ට වඩා වෙනස්.
Shang-chi fighting skills හොදටම පෙන්නන තැනක් තියෙනවා ඊට පස්සේ. අර ඩබලකට පයින් ගහන්නේ ඔතන වම්පැත්තේ එකාව බලන්නකෝ. මුල් පාර කාල ඇතුලට එබිච්ච කම්මුල ආපහු හැදෙන්නත් කලින් තමා ඊලග පාර වදින්නේ.
ඊට පස්සේ title card එක වැටෙනවා. ඕකෙත් මකරෙක්ව බලාගන්න පුළුවනි.
ඔන්න breakdown එක ඉවරයි. මං කිව්වනේ iron fist MCU එකේ ඉන්නවා කියල. මං එහෙම කිව්වේ මොකද කෙලින්ම නොකිව්වට Netflix Marvel series ටික ඔක්කොම MCU එක ඇතුලේ වුන දේවල්. Jessica Jones series එකේ Avengers tower එක තිබ්බ. Daredevil season 01 එකේ දෙබසක් තිබ්බ “ maybe he used an ironsuit or a magic hammer “ කියල. Luke Cage එකෙත් Ironman ට reference එකක් තිබ්බ. ඒ කියන්නේ මේ චරිත ඔක්කොම ඉස්සරහට MCU එකට එයි.
මේකෙදි සමහර විට Iron fist ඉදි. මොකද season 02 එකේදි Dany යනවනේ Iron Fist ගැන හොයන්න. දෙක connect වෙයි.