අවුරුදු දෙකකට වැඩි කාලයකට පස්සේ ඊයේ රෑ ඇමෙරිකාවේ තියටර්ස් වලට රිලීස් වුණ පළවෙනි MCU ෆිල්ම් එක වෙන Black Widow ෆිල්ම් එක මේ වනවිට ඩොලර් මිලියන 13.2 ක ආදායමක් ලබාගෙන තියෙනවා.මේ ලැබුණු ආදායම ෆිල්ම් එකේ preview ආදායමට එකතු වෙනවා.මේක කොවිඩ් පැන්ඩමික් කාලේ ෆිල්ම් එකක් රිලීස් වුණ පළමු දවසේ ඇමෙරිකාවේ තියටර්ස් වලින් ලබපු ඉහළම preview ආදායම වෙනවා.මීට කලින් ඒ වාර්තාව තිබුණේ Fast9 ෆිල්ම් එකට.ඒ ඩොලර් මිලියන 7.1 ක්.Black Widow ෆිල්ම් එක Fast9 වගේ දෙගුණයක පමණ ආදායමක් වාර්තාගත කරලා තියෙනවා.
![]() |
Black Widow now showing in theaters and Disney + |
Preview ආදායම කියන්නේ මේකයි.Black Widow ෆිල්ම් එක ඇමෙරිකාවට රිලීස් කරාට සමහර රටවල් වලට තාම රිලීස් කරලා නෑ.තවත් සමහර රටවල් වලට ඇමෙරිකාවට ත් කලින් රිලීස් කරලා තියෙනවා.UK සහ France වලට බදාදා රිලීස් කරලා ඩොලර් මිලියන 5 ක ආදායමක් ලබලා තියෙනවා.ඊයෙම තව රටවල් 30 කට රිලීස් කරලා ඩොලර් මිලියන 22.4 ක ආදායමක් ලැබිලා තියෙනවා.සිකුරාදා වෙනකොට ඒ කියන්නේ අද,ලෝකේ තවත් ගොඩක් රටවල් වල තියටර්ස් 4100 ක ට වඩා ගාණක Black Widow ප්‍රීමියර් වෙනවා.මේකෙදි කරන්නේ අද ඉඳන් ලෝකේ ඔෆීසියල් විදිහට රිලීස් වෙනකොට මේ වීකෙන්ඩ් එකේ ලැබෙන බොක්ස් ඔෆිස් ආදායම ට ඊයේ රෑ ඇමෙරිකානු තියටර්ස් වලින් ලබපු ආදායමත් එකතු කරන එකයි.ඒ කියන්නේ මේ preview ආදායම බොක්ස් ඔෆිස් ආදායමක් විදිහට පිළිගන්නේ මේ වික්එන්ඩ් එකේ ලෝකේ හැම රටම ලබපු ආදායමට එකතු කරලා.
![]() |
Scarlet Johansson as Black Widow |
ඒ වගේම පළමු දවසේ Black Widow ලබපු preview ආදායම Fast9 පරාද කරා වගේම පැන්ඩමික් එකට කලින් MCU එකේම සමහර ෆිල්ම්ස් ඇමෙරිකාවේ ඕපනින් ඩේ එකේ ලබපු preview ආදායමට ළං කරන්නත් සමහර ඒවාට වඩා අදායමක් ලබන්නත් පුළුවන් වෙලා තියෙනවා.එහෙම වෙන Marvel ෆිල්ම්ස් ලබපු preview ආදායම් සහ මුළු ඕපනින් ආදායම් කිහිපයක් පහළින් තියෙනවා.
Spider-Man: Homecoming ( $15.4 million preview සහ $117 million ඕපනින්); Thor: Ragnorok ($14.5 million, $123 million); Ant-Man & The Wasp ($11.5 million, $76 million);Venom($10 million,$80 million)
හිතාගන්න පුළුවන් නේ Black Widow ෆිල්ම් එක කොච්චර සාර්ථක ද කියලා.ඒ අනුව ගොඩක් වෙලාවට Black Widow ෆිල්ම් එක මේ වීක්එන්ඩ් එකේ preview ආදායම ත් එක්ක $80M - $100M ක පමණ ඩොමස්ටික් ඒ කියන්නේ ඇමෙරිකාව තුළ පමණක් ආදායමක් ලබාගන්න පුළුවන් වේවි කියලා කියනවා.Fast9 එකේ ඒ වගේ ලබපු ආදායම $70M.කොහොමහරි MCU ලා ආයෙත් එයාලගේ බොක්ස් ඔෆිස් රේස් එක පටන් අරන් තියෙනවා Black Widow ෆිල්ම් එකෙන්.එයාලට තරඟයක් තියෙන්නේ එයාලගේම පරණ ෆිල්ම් එක්කයි.ඒ වගේම ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ අද Disney+ ස්ට්‍රීමින් සර්විස් එකට ද Black Widow ෆිල්ම් එක රිලීස් වුණා.ස්ට්‍රීමින් සර්විස් වලින් බලන්න පුළුවන් කමක් තියෙද්දී මිනිස්සු ආයේත් ඉස්සර වගේම තියටර්ස් වලට යන එක නම් ලොකු සතුටක්.මෙහෙත් ළඟදිම තියටර්ස් ඕපන් කරන කතාවක් යනවා.එහෙම වුණොත් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලලා Black Widow එකේ බොක්ස් ඔෆිස් වාර්තාවට එකතු වෙන්න බලන්ඩ යන අපිටත් පුළුවන්.
![]() |
Black Widow official poster |
( Source - The Hollywood Reporter)