අද නම් ගෙනාවෙ අපේ පොටර්හෙඩ් ලට ගොඩක් වැදගත් වෙන ලිපියක්. අපි මේ ලිපියෙන් කතාකරන්න හිතුවේ මේ හැරී පොටර් මූවී වල සැඟවිලා තිබුන ඩීටේල්ස් ගැන.
ඇත්තටම ඔය ගොඩක් මේ වගේ ඩීටේල්ස් ගැන කතා වෙන්නෙ මාවල් ඩීසී වගේ ලොකු යුනිවර්ස් වල. ඒක නිසාම වෙබ් සයිට් වලින් හොයලා හොයලා ඔන්න ගෙනාව හැරී පොටර් මූවි එකෙත් මේ වගේ සැගවුනු විස්තර. පැය ගාණක් ගියා මේක ලියන්න. ඔයාලට ගිහින් බලන්න වෙබ් සයිට් වල ලින්ක් ලිපියේ අන්තිමට දාන්නම්. ඉතින් එහෙනම් පල්ලෙහායින් ෆොටෝ එක්කම පැහැදිලි කරලා දාලා තියෙන්නෙ. කියවගෙනම යන්න. ✌
ඔන්න ඉස්සෙල්ලම 😂මේ ඉන්නෙ අපේ හැරී පොටර් කතාවෙ ඉන්න හරි ප්‍රසිද්ද, ලස්සන (එහෙම හිතන් ඉන්න) චරිතයක්. සරලවම පඩ ශෝ කාරයෙක්. ඉතින් මේ ෆොටෝ එකේ ඔයාලට පේනවා ඇති මෙයාගෙ සෝබනේ කොච්චර ද කියනවා නම් විග් එකක් පවා මෙයා යූස් කරනවා.
ඔයාලට මතකද ඩෙත්ලි හැලෝස් කතාව්ර හමයිනිගෙ මුලදි තිබුන කොන්ඩෙ දිගයි අන්තිමට තිබ්බ කොන්ඩෙ දිගයි ගැන. ඔයාලා ඒක නෝටිස් කලාද? ඩිරෙක්ටර් මහත්තයා හැරීලා කොච්චර කාලයක් හැංගිලා හිටියද කියල පෙන්නලා තියෙන්නෙ මෙන්න මේ හමයිනිගෙ කොන්ඩෙන් . මේ විදියට හමයිනිගෙ කොන්ඩෙ නම් ඒකට කාලයක් යනවා. ඒ කාලෙ ගැන අපිට ඒකෙන් දල අදහසක් ගන්න පුලුවන්.
මෙන්න ඉන්නවා පොටර්හෙඩ්ලගෙ ආසම කැරැක්ට එක. වොල්ඩමොට්ට වඩා මෙයාට ආසයි මම හිතන්නෙ අපේ කොල්ලො කෙල්ලො ටික. වොල්ඩමොට් වයි බෙලාට්‍රික්ස් වයි මෙයාවයි එක කාමරේකට දාලා අපිට බුලට් දෙකක් දාපු තුවක්කුවක් දුනොත් මෙයාට දෙපාරක් වෙඩි තියන්න තරම් අපි මෙයාට ආදරෙයි. ඉතින් මේ ඩීටේල් එක මෙහෙමයි. අම්බ්රිජ්ගේ පරිපාලන බලය වැඩි වෙන්න වෙන්න අම්බ්රිජ්ගේ ඇඳුමේ පාට තද වෙනවා. ෆිල්ම එක ආයෙ බැලුවොත් ඔයාට මේක නෝටිස්වෙයි.
සීරියස් බ්ලැක්. හැරී පොටර්ගෙ ඇපකාර පියා. ඉතින් ඔයාලට මතක ඇති එයා ප්රිසනර් ඔෆ් ද අස්කබාන් එකේ අන්තිමට හැරීගෙ පපුවට අත තියලා කියනවා අපි ආදරේ කරන අය හැම තිස්සෙම මෙතනින් හොයාගන්න පුලුවන් කියලා. ඒකම සිරියස් ආයෙ ඩෙත්ලි හැලෝස් එකෙත් ඒ විදියටම කරනවා රිසරක්ශන් ස්ටෝන් එක හැරී අතට ගන්න වෙලාවෙ.
මතකනෙ හැරී සහ ඕඩර් එකේ කට්ටිය හොග්වාට්ස් වලට එන තැන. මෙතනදි ස්නේප් සහ මැගෝනිගල් අතර සටනක් ඇති වෙනවා. බැලූ බැල්මට පේන්නෙ ස්නේප් මැගෝනිගල්ගෙ පහර වැලැක්වුවා වගේ කියලා. ඒත් හොදට බලන්න ස්නේප් කරන්නෙ මැගෝනිගල්ගෙ ස්පෙල් එක තමන්ගෙ පිටිපස්සෙ ඉන්න ඩෙත් ඊටර්ස්ලා දෙන්නට හරවලා යවන එක. පට්ට චරිතෙ නේද? 🔥
හෝලි ශිට්!!!!!!! wtf is this????? මේකෙදි මේ ක්‍රෙඩිට් සීන් එකේදි ඔයාලට පේනවා ඇති වම් කොනේ තියෙන අඩි සලකුනු හතර. ඒ ඉන්න දෙන්නා නිකන් මොකක් හරි ප්‍රයිවට් වැඩක් කරනවා වගේ නේද? ෆිල්ම් ප්ලොට් අදාල නැති උනත් ෆන් ෆැක්ට් එකක් තමා මේක.
මතකනේ කලින් කිව්වා ස්නේප් කලේ පිටිපස්සෙ ඉදපු ඩෙත් ඊටර්ස්ලට ඇටෑක් කරපු එක කියලා. ඒ ඇටෑක් කරලා එයා එතනින් පැනලා යනවා. එයා යන්නෙ අර වැටුනු ඩෙත් ඊටර්ස්ලා දෙන්න ඉන්න තැන් දෙකට ගිහිල්ලා. ඉතින් ඇයි ඒ? වෙන මොකටවත් නෙවේ. ඒ දෙන්නගෙ යශ්ටි දෙක ගන්න එක තමා ස්නේප් ඒ කලේ. 🔥
ඕ!!!!! මෙන්න ස්පෙලින්ග්ස් මිස්ටේක් එකක්. මේකෙදි Albus කියන එක වෙනුවට Elbus කියල තමයි ඒ කාඩ් එකේ තියෙන්නෙ. මතකනේ හැරී අර කෝච්චියෙදි චොකලට් ගෙම්බා ඇරලා බලන එක. මේක නම් ඉතින් ස්පෙලින්ග්ස් මිස්ටේක් එකක් කියලා තමා හිතන්න වෙන්නෙ.
ආ මෙන්න තියෙනවා හොදම ඩේටේල් එකක්. මතකනේ නෙවිල්ට මතක බෝලෙ හම්බෙලා ඒ ඇතුලෙ දුම රතු පාට වෙන තැන. නෙවිල් කියන්නෙ මට අමතක උනේ මොකක්ද කිලා මතක නෑ කියලා. පොඩි කාලෙ මාර විදියට හිතුවා මේ යකාට මොකක්ද අමතක උනේ කියලා. ඒ වෙන මොකවත් නෙවේ මිනිහගෙ ලෝගුව. හොදට බලන්න අනිත් අය ඔක්කොම ලෝගුව දාගෙන ඉන්නෙ. ඒත් නෙවිල් ලෝගුව දාගෙන නෑ.
මතකද හාෆ් බ්ලඩ් ප්‍රින්ස් කතාවේදී ඩම්බල්ඩෝ යනව වොල්ඩමෝට් (ටොම්) ව හම්බෙන්න එයා ඉන්න අනාත නිවාසෙට. ඉතින් මේ ටොම් ගාව තියෙන ෆොටෝ එකක් තමයි උඩ ෆොටෝ එකේ තියෙන්නෙ. ඒ වගේම ඒ තැනම තමයි වොල්ඩමෝට් ගෙ හෝක්රක්ස් එකක් උන ස්ලිදරින් ලොකට් එක හංගලා තිබ්බ තැන.
මේක නම් ටිකක් ලස්සන ඩීටේල් එකක්. පලවෙනි ෆිල්ම් එකේදි හැරීව වඩාගෙන එයාලගෙ පුංචිලාගෙ ගෙදරට අරන් යන්නෙත් හැග්රිඩ් ඒ වගේම අන්තිම ෆිල්ම් එකේ වොල්ඩමෝට් හැරීව කැලේදි මැරුවට පස්සෙ හැග්රිඩ්ම තමයි හැරීව උස්සගෙන හොග්වාට්ස් වලට ගේන්නෙත්. මේක ජේ.කේ.රෝලිං මුල ඉදන්ම ප්ලෑන් කරපු දෙයක් කියලත් කියලා තියෙනව.
මතකද ගොබ්ලට් ඔෆ් ෆයර් කතාවෙදී හැරී ඩම්බල්ඩෝගෙ ඔෆිස් එකේදි පෙන්සීව් එකට ඔලුව දාලා බලනවා. එතනදි අර නඩු විභාගෙක ඩම්බල්ඩෝගෙ මතකයක් එහෙම හැරීට පේන්නෙ. මේ තියෙන්නෙ එන්න එතන වෙන සීන් එකක්. මෙතනදි අපිට ඩෙත්ලි හැලෝස් ලාංඡනේ හා සමාන දෙයක් දැකගන්න ලැබෙනවා. උඩ පින්තූරේ ඒක මාක් කරලම තියෙනවා.
මතකද හොග්වාට්ස් වලට හැරීව හැග්රිඩ් උස්සගෙන එන වෙලාවෙ හැරී මැරුනේ නෑ කියල පෙන්නමින් හැරී නැගිටින තැන. එතනදි ජෝජ් වීස්ලි හිනා වෙලා තමන්ගෙ එහා පැත්ත බලනවා. ඇයි ඒ? තමන්ගෙ නිවුන් සහෝදරයා එක්ක සතුට බෙදාගන්න. ඒත් නෑ ඒ වෙද්දි ෆ්‍රෙඩ් වීස්ලි මැරිලා. සෑඩ් ෆැක්ට්.
මතකනේ කතාව පටන් ගනිද්දි වෝනර් බ්‍රෝස් ලෝගෝ එක වැටෙන තැන හැම ෆිල්ම් එකේම වගේ. මුලින්ම කතාව යන්නෙ පොඩි ළමයින්ට ගොතපු සුරන්ගනා කතාවක් වගේ. ඒත් එන්න එන්නම කතාව ඒ විදියෙ එකක් නෙවෙයි කියලා ඔප්පු උනා. අන්තිමට ප්ලොට් ට්විස්ට් එකක් එහෙම දීලා ඉවර කරපු කතාව පොඩි ළමයෙක්ට එහෙම ආවට ගියාට තේරුම් ගන්න පුලුවන් කතාවක් නෙවෙයි කියලා ඔයාලටත් තේරෙන්න ඇති. ඉතින් මේ ලෝගෝ එකේ තියේ ආලෝකමත් බව අඩු කරලා ඩාක් ගතිය වැඩි කරලා පෙන්නලා තියෙන්නෙ මේ චිත්‍රපටියේ බැරෑරුම් කම.
ඔන්න ෆන් ෆැක්ට් එකක්. මේ ඇවිල්ලා ගොබ්ලට් ඔෆ් ෆයර් එකේ ක්‍රෙඩිට් සීන් එක. ඉතින් මෙයාලා කියනවා මේ චිත්‍රපටිය නිශ්පාදනයේදි කිසිම මකරෙක්ට හානියක් කරල නෑයි කියලා. ඇත්ත වෙන්න ඇති ඉතින්.
මෙන්න චුට්ටක් පනිමු රාමුවෙන් පිට. Fantastic Beasts කියන්නෙ හැරී පොටර් යුනිවර්ස් එකේම කතාවක්. හැරී පොටර් කතාවට ප්‍රීක්වල් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති ඔය රවුම් කරලා තියෙන ටික එකතු ඩෙත්ලි හැලෝස් ලෝගෝ එක හදාගන්න පුලුවන් කියලා
කලින් කිව්ව කතාව මතකනෙ Fantastic Beasts එක. මේ ෆැන්ටාස්ටික් බීස්ට් එකේ ඉන්න ප්‍රදාන චරිතෙ තමා නිව්ට් ස්කැමැන්ඩර්. ඉතින් ඔයාලට පේනවා ඇති ප්රිසනර් ඔෆ් ද අස්කබාන් කතාවෙදි මේ මැප් එකේ නිව්ට් ව පෙන්නනවාම් සමහරවිට ඩම්බල්ඩෝව හම්බෙන්න ආවා වෙන්න පුලුවන් නැත්තන් ඒ කාලෙ හොග්වාට්ස් වල ඉන්න තමන්ගෙ මුණුපුරා වන රොල්ෆ් ස්කැමැන්ඩර් ගෙ වැඩකට ආවා වෙන්නත් පුලුවන්.
හැරී පොටර් ප්රිසනර් ඔෆ් ද අස්කබාන් එකේදි හැරී ගෙදරත් එක්ක වලියක් එහෙම දාගෙන නවාතැනකට යනවා කියලා මතකනේ අර තට්ටු දෙකේ බස් එකේ ඒම ( ඒකෙ ඩ්‍රයිවරයා නම් ලංකාවෙ එකෙක්ද කොහෙද) ඉතින් මේ හැරී යන ප්ලේස් එකේ ඉන්න කෙනෙක් කියවන පොත මොකක්ද බලන්නකෝ. A brief History of time. Stephen Hawking ලිව්ව පොතක්.
මෙතන මතකනේ හැරී ඉස්සෙල්ලම ස්නිච් බෝලයක් දකින තැන. ඔව් අර චූටි වේගවත් බෝලෙ තමා. ඉට්ජි දක්ශ පලපුරුදු ක්‍රීඩකයෙක් වගේම ඒ වෙද්දි ක්විඩිච් කැප්ටනුත් වෙච්ච ඔලිවර් වුඩ් මේ ස්නිච් එක අතාරින වෙලාවෙ වුඩ් ටත් කලින් හැරී ස්නිච් එක තියෙන තැන හොයාගන්නවා. වුඩ් තාම හියනවා වෙන කොහෙවත් බලන්. ඉතින් මේකෙන් හැරීගෙ දක්ශතාවය තේරුම් ගන්න පුලුවන්.
ආ මෙන්න ආයෙත් ඉන්නවා ලොක්හාට් ස'. ඉතින් මෙයාට මොකද උනේ කියලා පොඩි හින්ට් එකක් අපිට ඒ ෆිල්ම් එක අවසානයේ දෙනවා. මෙයා මේ ඉන්නෙ ඉස්පිරිතාලෙක අන්දන ඇදුම් ඇදන් වගේ නේද? ඔව් මෙයා ඉන්නෙ මායාකාරයන්ගෙ ඉස්පිරිතාලක් වන St.Mungo's වල. මතක අමතක නිසා ඉස්පිරිතාලෙට දාලා මිනිහාව.
ඩඩ්ලිගෙ පරණ ඉස්කෝල යුනිෆෝම් ඩයි කරන එක තමයි මේ ෆොටෝ එකේ මේ පෙටූනියා පුංචි අම්මා කරන්නෙ. ඒ වෙන මොකටවත් නෙවේ. හැරීට අදින්න දෙන්න ඉස්කෝලෙ යන්න. මේක පොතේ තිබිලා හැලුන සීන් එකක් කියලා හිතුවට මේ සීන් එක ෆිල්ම් එකෙත් තියෙනවා.
මෙතන ඔයාලට මතක ඇති හැරී ඉස්සෙල්ලම හොවා ගියපු දවසෙ එයාගෙ කැලැල රිදෙන්න ගන්නවා. හැරී හිතන්නේ ස්නේප් එයා දිහා බලන් ඉදපු එකෙයි ඒකෙයි සම්බන්දයක් තියෙනවා කියලා. ඒත් ඇත්තටම හැරී දිහා බලන් ඉදලා තියෙන්නෙ ක්විරල්ගෙ තලප්පාවෙන් වැහිලා හිටපු වොල්ඩමෝට්. මෙතනදි පොඩි අවුලක් නිසා වගේ ක්විරල්ගෙ කොන්ඩෙ පොඩ්ඩක් පේනවා වගේ ගතියක් තියෙනවා සමහරවිට වොල්ඩමෝට් රැවුල වවන් හිටියද දන්නෙ නෑ.
මතකනේ ඩම්බල්ඩෝගෙ පස්වඩ් එම. චේම්බර් ඔෆ් සීක්රට් එකේදි මේක මැගෝනිගල් කියනව. ශර්බට් ලෙමන්. ඔය ලෙමන් වලට එහෙම අපේ ඩම්බල්ඩෝ හරි ආසයිනේ. ඒ වගේම අපිට හාෆ් බ්ලඩ් ප්‍රින්ස් එකෙදී ඩම්බල්ඩෝගෙ මේසෙ උඩ තියෙන ශර්බට් ලෙමන් කියල පැණිරස ආහාරය දකින්නට ලැබෙනවා
මේකත් වෙන්නෙ ප්රිසනර් ඔෆ් ද අස්කබාන් එකේ හැරී ගෙදර එක්ක වලියක් දාගෙන අලුත් නවාතැනට යන තැනදි. මෙතන ඔය මේසෙ ළග ඉන්න වේටට් බෝතලයක් අතුරුදන් කරන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. හොදට බලන්න.
ඔයාලට පේනවා ඇති මේ ලුසියස් මැල්ෆෝයිගෙ බෙල්ලෙ අංකයක් වගේ එකක් ගහලා තියෙනවා. ඒ තමයි අස්කබාන් වල සිරකරු අංකය. ඉතින් ඔයාලට මතක නම් ඕඩර් ඔෆ් ද ෆීනික්ස් එකේ අන්තිමට වලියක් එහෙම යන්නෙ හැරීලා ඇතුලු කට්ටිය එක්ක වොල්ඩමොට්ගෙ ඩෙත්ඊටර්ස්ලා. එතනදි මේ ලුසියස් ඇතුලු තව ඩෙත්ඊටර්ලා කට්ටියක්ව අල්ලගෙන අස්කබාන් වලට දානවා. මේක පොතේ පැහැදිලිව තියෙනවා. පස්සෙ වොල්ඩමෝට් අස්කබාන් වලින් ඩෙත්ඊටර් ලාටික එහෙම පන්නලා ඉතුම් ඔය බෙල්ලෙ තියෙන්නෙ ලුසියස්ව අස්කබාන් වකට දාද්දි බෙල්ලෙ ගහපු සිරකාර අංකය.
ලතින් භාෂාවේදී මේ 'Lupine' කියන වචනෙ 'Lupus' කියන වචනෙන් ආපු එකක්. ඒකෙ තේරුම තමා 'wolf' හෙවත් වෘකයා කියන එක. ඉතින් ලූපින්ගෙ නමේම එයා වෙයාවුල්ෆ් කෙනෙක් කියන එකට හින්ට් එකක් දීලා තියෙනවා අපේ ජේ.කේ.රෝලිං නැන්දා.
හැටී පොටර් හාෆ් බ්ලඩ් ප්‍රින්ස් කතාව තප්පර 10කට විතරක් අර උඩ පොටෝ එකේ ඉන්න ළමයම තමයි ඩෙත්ලි හැලෝස් පාට් 2 එකේ අන්තිමට හැරීගෙ පුතෙක් වෙච්ච ඇල්බස් සෙවරස් පොටර් ට රඟපාන්නෙත්. ඔය උඩ සීන් එක තියෙන්නෙ හාෆ් බ්ලඩ් ප්‍රින්ස් සීන් එක මුලම හරියෙ. ආයෙ බලන්නකෝ.
මතකද Ministry of Magic වලට යන්න ගහන පොඩි පාස්වඩ් පින් එක. 6-2-4-4-2 මේන් මේ අංක මගින් පරණ බටන් ෆෝන් එකකින් අපිට Magic කියන වචනෙ ටයිප් කරගන්න පුලුවන්. මේවා ගොඩක් හිතලා කතාව ඇතුලට දාන ඩීටේල්ස්.
ඔයාලා සමහර වුට දන්නවත් ඇති Cheerio කියන සීරියල් එක. අර ඕට්ස් වගේම තමයි. ඒකෙ විසාඩින් වර්ල්ස් වර්ශන් එකක් අපිට මේකෙදි දැකගන්න පුලුවන් වෙනවා. හොදට බලන්නකො.
ඉතින් ඔන්න අන්තිම වශයෙන් මේ ඩීටේල් එකෙන් ලිපිය ඉවර කරමු. මතකනේ මුලදිම හැරී තමන්ගෙ පුංචි අම්මලා එක්ක සත්තු වත්ත බලන්න යන එක. සත්තු වත්තෙ සර්පයෝ ඉන්න තැනින් මේ එලියට එන ඉස්කෝලෙක ළමයි ඇදන් ඉන්න ඇදුමෙ පාට කොළ නේද? මෙතනින් ස්ලිදරින් නිවාසෙත් සර්පයන් අතරත් තියෙන සම්බන්දෙ ගැන පොඩි ඉගියක් දෙනවා. මොකද ස්ලිදරින් නිවාසෙ පාටත් කොළ පාට.
ඉතින් මෙතනින් මන් ලිපිය ඉවර කරනවා. වෙනත් ලිපියකින් හමුවෙමු.
පට්ට කරුණු ටිකක් දැනගත්තා 🔥
ReplyDeleteඕය Deatail මම කලින් ඉඳන් දැනන් හිටියා 100 පාරකට වැඩිය ඕවා බලපු නිසා ඒත් මේ ආපහු කියවන්න තරම් මම Poter Universe එකට ආදරෙයි. සිරස Harry Potter පෙන්නපු හැම සැරේ ම එකක් නෑර බලපු ඔක්කෝම එකට ආපු CD එකක් හම්පඩ වෙනකන් පට්ට ගහපු ඒ අතීතය අඳටත් ඕක ඇහෙද්දීත් ආසයි. වැඩ අස්සේ Harry Potter ගැන මතක් කරන්නවත් කැමති නෑ ඔක්කෝම නවත්තලා බලනවා ඒ තරම් පිස්සුවක් මේ පේනවනේ මම Article එක හොඳයි නොකියා මගේ Potter පිස්සුව හින්දා දිගටම කොටනවා miss you Harry Potter I am one of the Potter head
ReplyDeleteනියම Article එක No word