MCU වල අළුත්ම ෆිල්ම් එක වෙන Black Widow ලොව පුරා තිරගත වීම ගිය සිකුරාදා ආරම්භ වුණා. එදාම Disney+ ස්ට්‍රීමින් සර්විස් එකටත් ෆිල්ම් එක රිලීස් වුණා. අවුරුදු දෙකකට පස්සේ තියටර්ස් වලට ආපු පළවෙනි MCU ෆිල්ම් එක තමයි Black Widow කියන්නේ. ඒකට උපරිම සාධාරණයක් කරන්න Marvel ෆෑන්ස්ල ට මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා. Disney ආයතනය ටිකකට කලින් අනවුන්ස් කරලා තියෙනවා වීකෙන්ඩ් එකේ මේ වෙනකොට Black Widow ෆිල්ම් එක ලොවපුරා රිලීස් කිරීමෙන් පස්සේ ඩොලර් මිලියන 215 ක ආදායමක් ලබලා තියෙනවා කියලා. මේක කොවිඩ් පැන්ඩමික් කාලේ ඕපනින් වීකෙන්ඩ් එකේ ෆිල්ම් එකක් ලබපු ඉහළම ආදායම වෙනවා.
![]() |
According to Yelena,Natasha is a total poser |
ඇමෙරිකාව තුළ පමණක් ඒ කියන්නේ ඩොමස්ටිකලි ෆිල්ම් එක ඩොලර් මිලියන 80 ක ආදායමක් ලබලා තියෙනවා. ඉන්ටර්නැෂනලි ඩොලර් මිලියන 78 ක සහ Disney+ හරහා ස්ට්‍රීම් කිරීමෙන් ඩොලර් මිලියන 60 ක ආදායමක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. මේ ඩොලර් මිලියන 80 ක ඩොමස්ටික් ආදායම 2019 රිලීස් වුණ Star Wars:The Rise of Skywalker ෆිල්ම් එකෙන් පස්සේ ෆිල්ම් එකක් ඩොමස්ටිකලි ඕපනින් වීකෙන්ඩ් එකක ලබපු ඉහළම ආදායම වෙනවා. මීට කලින් ඒ වාර්තාව තිබ්බේ Fast9 වල ඩොලර් මිලියන 70 ආදායමට. ඒ වගේම MCU වල Black Panther සහ Captain Marvel ෆිල්ම් වලට පස්සේ සුපර්හීරෝ ඔරිජින් ස්ටෝරි එකක ලබපු ඉහළම ඕපනින් ඩොමස්ටික් ආදායමත් Black Widow ෆිල්ම් එක ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. කලින් Black Widow ප්‍රීවීව් ආදායම ගැන තිබ්බ නිව්ස් එකේ කිව්වා වගේම Black Widow ෆිල්ම් එකට තියෙන්නේ MCU එකේ කලින් ෆිල්ම් එක්ක රේස් එකක් විතරයි. වඩාත් වැදගත් දේ හැමෝම හිතන් හිටපු Cinema is Dead කියන සංකල්පය බොරුවක් කරලා Cinema is Back කියන තැනට එන්න සිදුවෙලා තියෙන එකයි.
![]() |
Black Widow is now on Theaters and Disney+ |
(Source - Comic Book)