Blade Runner: Black Lotus ඇනිමේටඩ් සිරීස් එකෙහි ප්‍රධාන චරිතයට Jessica Henwick සම්බන්ධ වෙයි


ලොවපුරා ජනප්‍රිය වුන විශිෂ්ඨ සයන්ස් ෆික්ෂන්
Blade Runner සිනමාපට ද්විතය පාදක කරගෙන නිර්මාණය වෙන Blade Runner : Black Lotus ඇනිමේ කතා මාලාවේ Elle නමැති ප්‍රධාන චරිතය සඳහා හඬ කැවීම සඳහා Jessica Henwick සම්බන්ධ වෙලා තියෙනවා.

 

Jessica Henwick

 

Rick and Morty ඇනිමේෂන් කතා මාලාව නිර්මාණය කල Adult Swim කේබල් නෙට්වර්ක් එකෙන් තමා මේ සිරීස් එක එලියට එන්නේ, ඒ කියන්නේ මේ සිරීස් එක ජපන් සහ ඉන්ග්ලිස් වර්ෂන් දෙකෙන්ම එනවා. ඉන්ග්ලිස් වර්ෂන් එක රිලීස් කරන්නේ Adults Swim කේබල් නෙට්වර්ක් එක හරහා.

Shinji Aramaki සහ Kenji Kamiyama දෙදෙනා මේ සිරීස් එකේ සම්පූර්ණ එපිසෝඩ් දහතුනම අධ්‍යක්ෂණය කරනවා. Alcon Entertainment සහ Sola Digital Arts Animation Studio ආයතන තමා මේ ඇනිමේ සිරීස් එක නිශ්පාදනය කරන්නේ.

 

Black Lotus ඇනිමේ කතා මාලාවේ First Look එකක්

 

ජෙසිකා හෙන්වික්ට අමතරව මෙම සිරීස් එකට ඇමරිකානු සහ ජපන් නළු නිළියන් තම සම හඬ දායකත්වය ලබාදෙනවා. Arisa Shida, Will Yun Lee, Shinshu Fuji, Samira Wiley, Takako Honda, Brian Cox, Wes Bentley, Josh Duhamel, Barkhad Abdi සහ Peyton List යන අය ඒ අතරින් කිහිප දෙනෙක්.


ඒ වගේම මේ සිරීස් එකේ පලවෙනි First Look ටීසර් එකක් ලබන ජූලි 23 වෙනිදා නිකුත් කරන බවද නිවේදනය කරලා තියෙනවා.
 
(Source : Adult Swim)
Post a Comment (0)
Previous Post Next Post