Thor: Love and Thunder ගැන Waititi ගේ අදහස

 


Thor 4 වෙනි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ Thor 3 ඒ කියන්නේ Thor:Ragnorak ඩිරෙක්ට් කරපු Taika Waititi මයි කියලා ගොඩක් අය දන්න කාරණයක්.MCU Phase 04 එකේ ෆිල්ම් ගොඩක ප්ලොට් එක ගැන සමහර තොරතුරු මේ වෙනකොටත් Marvel ෆෑන්ස්ලට ලැබිලා තිබුණත් Thor 4 ඒ කියන්නේ Thor:Love and Thunder කතාවේ තොරතුරු  එළියට දීලම නැති තරම්.ඒ නිසා ගොඩක් දුරට කාස්ටින් වලින් විතරක් අපිට ප්ලොට් එක ගැන හිතන්න වෙලා තියෙනවා.ඒත් Taika Waititi ෆිල්ම් එකේ යම් කාරණා ගැන කීප විටක් ම කතා කරලා තියෙනවා.සති කිහිපයකට කලින් Waititi කියලා තිබ්බේ ෆිල්ම් එක Ragnorak එකට වඩා විහිළු තියෙන නැත්නම් jokes තියෙන ෆිල්ම් එකක් කියලා.ළඟදී Empire Magazine එකත් එක්ක තිබුණ ඉන්ටර්වීව් එකක දී Waititi එයාගේ Thor:Love and Thunder ගැන තවත් අදහස් කියලා තිබ්බා.


Taika Waititi

Waititi කියලා තියෙන්නේ මේ ෆිල්ම් එක Ragnorak එකට වඩා වෙනස් ෆිල්ම් එකක් වෙයි කියලා.කොටින්ම Ragnorak එකට වඩා පිස්සුවක් වෙයිනු.ඒ වගේම ෆිල්ම් එකේ වඩාත් සංවේදි දේවල් තියෙනවා කියලත් Waititi කියලා තියෙනවා.ඒ වගේම අපි දැනටමත් දැනගෙන ඉන්න විදිහට Thor 4 එකට Matt Damon ත් එකතු වෙනවා කියලා Waititi කන්ෆර්ම් කරලා තියෙනවා.ඒ අනුව Thor 4 එකේ Oscar සම්මාන ලබාගත්තු 5 දෙනෙක් ඉන්නවා.ඒ Taika Waititi,Natalie Portman,Matt Damon,Christian Bale සහ Russel Crowe.මෙච්චර Oscar සම්මාන තියෙන පිරිසක් එකතු වෙලා කරන එකම MCU ෆිල්ම් එක මේක වෙන්න පුළුවන්.මේ ගැන Taika Waititi එයාගේ අදහස් කියපු විදිහ පහළින් බලාගන්න පුළුවන්.


"It's very different from Ragnarok. It's crazier. I'll tell you what's different. There'll be far more emotion in this film.


And a lot more love. And a lot more thunder. And a lot more Thor, if you've seen the photos.


We've got five Oscar-winners in [Love and Thunder]. And I'm including myself in that list. Me, Matt Damon, Russell [Crowe], Christian [Bale], Natalie [Portman]."

Set photos from Thor:Love and Thunder


Thor:Love and Thunder එකට Chris Hemsworth එකතු වීමත් සමඟ MCU වල එක චරිතයක් වෙනුවෙන් standalone ෆිල්ම් 4 ක් හැදුණු එකම සුපර්හීරෝ බවට Thor පත්වෙනවා.වැදගත් ම දේ මේ standalone ෆිල්ම් 4 පුරාම Thor ගේ පවර්ස්,ඇබිලිටීස් සහ චරිත ලක්ෂණ වෙනස් වෙන ආකාරය අපිට හොඳින් බලාගන්න පුළුවන් වෙන එකයි.

Thor from Thor:Ragnorak


(Source -Screen Rant)

Post a Comment (0)
Previous Post Next Post