ඒත් ෆාස්ට් 9 තාම නෑ
![]() |
(Image - Vetbossel) |
සිනමා ශාලා නැවත විවෘත කිරීමට අවසර ලැබීමත් සමග ප්‍රධාන පෙලේ ඔන්ලයින් ටිකට් බුකින් වෙබ් අඩවි සියල්ලම පාහේ අපිට බුක් කරන්න පහසුකම් සළසලා දීලා තියෙනවා... නමුත් අද (15) වන විටත් බ්ලැක් විඩෝ සහ ස්පේජ් ජෑම්, නෝබඩි සහ හේමාල්ගේ කලම්බො යන සිනමා පට පමණයි තිරගත වෙනවා කියලා ඉහත වෙබ් අඩවි හරහා බලාගන්න පුලුවන් වෙන්නේ...
මේ වෙනකොට ලෝකෙම නම්බර් #01 ෆිල්ම එක වෙන ෆාස්ට් 9 එක තවම ලංකාවෙ තියටර්ස් වලට ඇවිල්ලා නෑ... තියටර්ස් අරින්න අවසර ලැබුන පසුගිය 10 වෙනිදා ඉඳන් අද (15) වෙනකොටත් ෆාස්ට් 9 ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා කියන්නෙ ලංකාවට යුනිවර්සල් ෆිල්ම් ගෙන්වන ආයතන වල කාර්‍යක්ශමතාවය පිළිවබඳ ගැටලුවක් පැන නගිනවා මේ වෙලාවේ... සහ අනෙකුත් ෆිල්ම් ගෙන්වීම වෙනුවෙන් ඒ ඒ ෆිල්ම් ගෙන්වන ආයතන වලට සහ සිනමා ශාලා වලට අපගේ ස්තූතියත් ලැබෙනවා...
අපි පහුගිය 10 වෙනිදා තියටර්ස් අරින නිව්ස් එකේ කිව්ව විදියට හෙට සිකුරාදා (16) සහ අනිද්දා (17) වන විට ලංකාවේ සිනමා ශාලා බොහෝමයක් විවෘත වෙනවා කියලා බුකින් වෙබ් අඩවි වලට ගියාම අපිට බලාගන්න පුලුවන්... ඉතින් තමන්ගෙ පරිස්සම ගැන සැළකිලිමත් වෙන්න ඔයාට පුලුවන්නම් ඔයත් ගිහින් බිග් ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එක ගන්න... නිකරුනේ ලැප් වලින් පෝන් වලින් හුන්ඩු ස්ක්‍රීන් එකක බලනවට වඩා බිග් ස්ක්‍රීන් වල බලන්ඩ එන ෆිල්ම් බිග් ස්කීන් එකකම සවුන්ඩ්ස් එක්ක බලලා ඒ ආතල් එක ගන්න...
ෆාස්ට් 9 එන දවස මේකට පස්සෙ වැටෙන නිව්ස් එකේ තියෙනවා... ආ ඒක... https://reviewwhocares.blogspot.com/2021/07/f9.html
Django project with source code
ReplyDelete